IMG-LOGO

2024 අප්‍රේල් මස 27 වන සෙනසුරාදා


නවක වදය නිසා වසර දෙකකදී සිසුන් 1989ක් සරසවි හැර ගිහින්

(ඩයනා උදයංගනී)
ජ්‍යෙෂ්ඨ සිසුන් විසින් නවක වදයේ මුවාවෙන් සිදුකරන ශාරීරික හා ලිංගික අපයෝජන හේතුවෙන් ඉකුත් වසර දෙකක කාලයේදී සිසුන් 1989  දෙනෙක් විශ්ව විද්‍යාල හැරගොස් ඇතැයි විශ්ව විද්‍යාල ආරංචි මාර්ග පවසයි.
 
ඇතැම් විට එම සංඛ්‍යාව ඊට වඩා වැඩි විය හැකි බවත්, මේ හේතුවෙන් සිය දිවි නසාගැනීම් ඇතුළු මරණ ද 16ක් වාර්තා වී ඇති බවත් එම ආරංචි මාර්ග සදහන් කරයි.

 අලූතින් විශ්ව විද්‍යාල වෙත පැමිණෙන සිසුන්ට හා සිසුවියන්ට ජ්‍යෙෂ්ඨ සිසුන් ශාරීරිකව හා ලිංගිකව අපයෝජනයන්ට ලක්කරමින් නින්දා සහ හිරිහැර කිරීමේ තත්ත්වය දරුණු අතට හැරෙමින් පවතින බවත්, එය අර්බුදකාරී වාතාවරණයකට පත්ව ඇති බවත් වාර්තා වේ.

 එමෙන්ම නවක වදය හේතුවෙන් රාජ්‍ය විශ්ව විද්‍යාලවල හා උසස් අධ්‍යාපන ආයතනවල බොහෝ සිසුන් ශාරීරික,  මානසික හා ලිංගික වධහිංසාවන්ට ලක්වන අතර එමගින් සිය දිවි නසාගැනීම්, තුවාල, මානසික අවපීඩනය මෙන්ම වෙනත් මානසික ආබාධයන්ට ද ලක්වන බවත් ආරංචි මාර්ග සදහන් කරයි.



අදහස් (17)

නවක වදය නිසා වසර දෙකකදී සිසුන් 1989ක් සරසවි හැර ගිහින්

Wimal Ratnayaka Sunday, 04 August 2019 05:29 PM

මේවා ගැන කතා කරන්න කව්රුත් නැහැ. ජවිපය මොකද සද්ද නැත්තේ?

:       0       11

Raveendra Sunday, 04 August 2019 05:38 PM

ඇත්තටම අප දින කීපයකට පෙර දැක්ක අන්තර් ජාලයේ රුහුණු විශ්ව විද්‍යාලයේ අහිංසක දරුවෙකුගේ ඉතාම දුක්මුසු පුවතක්. ඔහුගේ ආදරණිය අම්මාද සිත් වේදනාවෙන් මිය පරලොව යාම ඉතාම කණගාටු දායකයි. එතරම් ම්ලේච්ඡයන් අප සියල්ලන්ගේම බදු මුදල්වලින් නිදහස් අධ්‍යාපනය ලබමින් එලෙස හැසිරීම කිසිවෙකු අනුමත කරන්නේ නම් ඔහු හෝ ඇය කිනම් හෝ මානසික රෝගියෙක් බවට.... අප පාලන අධිකාරියෙන් ඉල්ලා සිටින්නේ විශ්වවිද්‍යාලවල කිසිදු ශිෂ්‍ය නායකයෙකුට මෙසේ හැසිරීමට ඉඩදිය යුතු නැති බවට.... එසේ හැසිරෙන සියලුම අන්තරේ අන්දරේලාට 88/89 මෙන් ඇඩ්රස් නැතිවෙන්නම දිය යුතු බවටයි. එය පවක් නොව අප සමාජයට කරන මහඟු සේවයකි. අහිංසක නවක වදයන් හෝ මොනයම් හෝ නවකවදයන් උසස් අධ්‍යාපන ආයතන වලින් තුරන් කළ යුතුයි.

:       0       15

සනත් වීරකෝන් Sunday, 04 August 2019 06:45 PM

නවකවදය නවත්වන්න තියෙන එකම ක්‍රමය තමයි විශ්වවිද්‍යාලවල නේවාසික පහසුකම් පළමුවැනි වසරේ සිසුන්ට පමණක් සීමාකර ජේෂ්ඨ සිසුන්ට නේවාසිකාගාර අවුට් ඔෆ් බවුන්ඩ් කිරීම... මේ ක්‍රමයට හැර වෙන මොනම ක්‍රමයකින්වත් නවකවදය නතර කරන්න බැහැ.

:       0       9

Jaya Monday, 05 August 2019 01:43 AM

විශ්ව විද්‍යාලවල නවක වදය නිසා සිසුන් හැර යාම සත්‍යයක්. එහෙත් මෙතරම් ප්‍රමාණයක් විශ්ව විද්‍යාල හැර ගියේ නවක වදය නිසාම නොවෙයි. මේ රටේ අධ්‍යාපනය ලැබීමෙන් පලක් නොවෙන නිසයි. මොවුන්ගෙන් බහුතරක් විදේශ රටවල අධ්‍යාපනයට ගිහින් නැත්නම් වඩා වැඩි ඉල්ලුමක් ඇති පුද්ගලික ආයතනවල උසස් අධ්‍යාපනය හදාරනවා.

:       0       0

himal Monday, 05 August 2019 03:08 AM

මොකක්ද මේ ආරංචි මාර්ග කියන්නේ? මේක නිශ්චිතවම විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසමෙන් විමසා පළ කරන්න බැරිද? මොකද වාර්ෂිකව විශ්වවිද්‍යාල හැර යන හැම සිසුවාම නවක වදය නිසා නොවේ ‍රැකියා ලැබීම, විදේශ ගත වීම වැනි හේතුවලටත් විශ්වවිද්‍යාලය හැර යනවා.

:       12       13

sas Monday, 05 August 2019 03:11 AM

මේ තත්වයට සම්පුර්ණයෙන්ම වගකිව යුත්තේ විශ්වවිද්‍යාල වල උප කුලපතිවරුය.

:       0       10

lalithm Monday, 05 August 2019 03:17 AM

සමහර ආචාර්යවරුත් මේවට උදව් දෙනවා. නැතිනම් මෙච්චර දුරට යන්න ඉඩක් නැහැ.

:       0       12

df Monday, 05 August 2019 04:01 AM

සියලු නේවාසිකාගාර වසා දමා ඒ වෙනුවට සිසුන්ට මුදල් දෙන්න සිසිටිවී සවි කරන්න

:       5       87

Nirmal Monday, 05 August 2019 04:04 AM

උසස් තාක්ෂණික ඩිප්ලෝමා පාඨමාලාවක් සඳහා යාපනයට ගිය මගේ සොයුරාට දකුණේ සිසුන් කායිකව, මානසිකව මෙන්ම මුදල් ඉල්ලා කල නවක වධය නිසා ඔහු සති තුනකින් ආපසු ගෙදර පැමිණියා.

:       3       23

de silva berlin Monday, 05 August 2019 04:52 AM

මේ විකාර තිබෙන්නේ ලංකාවේ පමණි ,

:       3       8

Malinda Monday, 05 August 2019 05:41 AM

විශ්ව විද්‍යාල කඩ ඉම් ලකුණු ප්‍රකාශ කළ සැනින් මෙවැනි ප්‍රවෘත්ති පළවන අරුමය. මාධ්‍යායතන අපූරු හැසිරීමක නිරතවන බව පෙනේ.

:       10       12

Raveendra Monday, 05 August 2019 05:57 AM

විනයක් නැත්තේ කොතනද එතන පැවැත්මක් නොමැත.

:       0       11

sUMEDA Monday, 05 August 2019 06:31 AM

මහජනයා එක්වී , මේ පාපයෙන් අහිංසක ළමයිව බේරා ගත යුතුය. වදකයන්ට ගුටි පූජාවක් දිය යුතුය,

:       0       0

Ajantha Monday, 05 August 2019 06:38 AM

අපේ රටේ තවත් සෝචනීය පැතිකඩක් මේක. ලංකාවේ උගත් දක්ෂම ළමයි ටික ඉන්න තැනත් මෙහෙමනම් අපේ රටේ අනාගතේ ගැන හිතාගන්න පුලුවන්. රටේ ඉහල ඉදන් පහලටම ආකල්ප වල බරපතල කඩා වැටීමක් තියෙනවා. ඒවා යහපත් ලෙස සකස් කරන්න කාටවත් ඕනෙකමක් නැහැ.

:       0       0

sas Monday, 05 August 2019 06:40 AM

රවීන්ද්‍ර මහතා හරියට හරි.

:       0       0

සේන Monday, 05 August 2019 07:34 AM

දැන් අපේ විශ්ව විද්‍යාලවල ඇත්තේ නවක වදයක් නොව, මානසික රෝගීන්ගේ ක්‍රියාකාරකම්ය. අනුන්ට කායික, මානසික වද හිංසා පැමිණවීමත් නූගත් පාතාල ලෝකයේ කරන වැඩය. බුද්ධියක් තිබේ නම් සද්ධර්මය අසා ඇතිනම් මෙවැනි අඳබාල දේ සුදුකළ නොහැක. රට අරාජික බැවින් දුර්වල පාලකයින්ගෙන් කිසිවක් බලාපොරොත්තු විය නොහැක. හොඳ පාලකයෙක් ඇවිත් කෙක්කෙන් හෝ කොක්කෙන් මේ අමන වැඩ නතර කළ යුතුමයි. නැත්නම් රටේ අනාගතයම අඳුරු වේ..

:       0       5

janahitha Monday, 05 August 2019 11:47 AM

ශාරීරික, මානසික හිංසනය, නවක වදය නොවේ.. ඒවා අපරාධ වේ. එයට එරෙහි වන්න..

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

හරක්කටාට අවශ්‍ය දේ ලිඛිතව ඉල්ලන්න කියයි
2024 අප්‍රේල් මස 26 555 0

සංවිධානාත්මක අපරාධකරුවකු හා ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු බව කියන නඳුන් චින්තක වික්‍රමරත්න හෙවත් හරක් කටාට අවශ්‍ය කරන සියලු ඉල්ලීම් ලිඛිතව ත්‍


කෙත් ඇළට වැටුණු දරුවා කිලෝ මීටර් දෙකක් ගසාන යයි
2024 අප්‍රේල් මස 26 1052 0

පොළොන්නරුව වැලිකන්ද සිංහපුර ප්‍රදේශයේ 26 වෙනිදා දහවල් 11 ට පමණ, ඉසඩ්. ඩී. ප්‍රධාන ඇලෙන් ගලා බසින කෙත් ඇළට වැටුණු අවුරුදු දෙකක පිරිමි දරුවෙකු කිලෝමීටර් දෙක


සුන්බුන් වූ ගාසාව සුද්ද කරන්න ට්‍රාක් 100 වසර 14ක් යාවි
2024 අප්‍රේල් මස 26 1245 1

ඊශ්‍රායල හමුදා ප්‍රහාර හේතුවෙන් ගාසා තීරයේ ගොඩ ගැසුණු සුන්බුන් ඉවත් කිරීම සඳහා ට්‍රක් රථ 100ක් භාවිත කළහොත් ඒ සඳහා වසර 14 ක කාලයක් ගත වෙනු ඇතැයි එක්සත් ජා


මෛත්‍රී පාස්කු විවාදය මඟ හරි
2024 අප්‍රේල් මස 26 697 2

පාස්කු ඉරු දින ප්‍රහාරය පිළිබඳ විවාදයේදී හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා අදහස් දැක්වීමට නියමිතව තිබුණත් ඔහු කිසිදු අදහස් දැක්වීමක් නොකිරීම


වෛද්‍ය ශිෂ්‍ය ශිෂ්‍යාවෝ ඉටිපන්දම් දල්වා විරෝධයේ
2024 අප්‍රේල් මස 26 671 2

කොළඹ වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක්‍රියාකාරී සංගමය වෛද්‍ය පීඨ ශිෂ්‍ය ශිෂ්‍යාවන් මුහුණදී සිටින ගැටලු සහ පෞද්ගලික වෛද්‍ය පීඨ ස්ථාපිත කිරීමට ආණ්ඩුව ගෙන යන වැඩපිළ


ඇමෙරිකා කෘෂි උප ලේකම් ජනපති හමුවෙයි
2024 අප්‍රේල් මස 26 225 0

ඇමෙරිකා එක්සත් ජනපද කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ (USDA) වෙළෙඳ සහ විදේශ කෘෂිකාර්මික කටයුතු පිළිබඳ උප ලේකම් ඇලෙක්සිස් ටේලර් (Alexis Taylor) මහත්මිය සහ ජනාධිපති රනිල් ව


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 343 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1732 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1568 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site