IMG-LOGO

2024 අප්‍රේල් මස 27 වන සෙනසුරාදා


නීතිය හා සාමය ඇමැති රංජිත් මද්දුමබණ්ඩාර

නීතිය හා සාමය ඇමැතිවරයා ලෙස රංජිත් මද්දුමබණ්ඩාර මහතා පත් කිරීමට  නියමිත බව දේශපාලන ආරංචි මාර්ග කියයි.

ඒ මහතා අද පෙරවරුවේ ජනාධිපතිවරයා ඉදිරියේ දිවුරුම් දෙනු ඇතැයි ද එම ආරංචි මාර්ග පවසයි.



අදහස් (43)

නීතිය හා සාමය ඇමැති රංජිත් මද්දුමබණ්ඩාර

ඩී. ජයදේව Thursday, 08 March 2018 04:07 AM

හරිම සෝක්!

:       283       435

SajithThursday, 08 March 2018 05:11 AM

රනිල් මහින්ද ඩීල් එක දිගටම යනවා. මෙයා මැතිවරණ ප්‍රතිපලයෙන්වත් පාඩමක් ඉගෙනගෙන නෑ වගේ.

:       102       581

Lahiru Thursday, 08 March 2018 04:11 AM

අනේ කෝ ෆොන්සේකා මහත්තය :(

:       1587       1900

kalani Thursday, 08 March 2018 04:19 AM

මද්දුම බංඩාරගෙ හිස දන්ගෙඩියට ?

:       49       109

PerakumThursday, 08 March 2018 04:46 AM

අයියන්ඩි බිය නොවන්න. මැරෙන හැටි මම පෙන්වන්නම්...!

:       2       114

Kamal Thursday, 08 March 2018 04:31 AM

රාජපක්ෂලා දිනුම්. රට පරාදයි.

:       3510       1725

janatha anuraThursday, 08 March 2018 06:40 AM

ඒ කියන්නේ කෝට් කාරයින් දිනුවාම රටම දිනුම් කියලද?

:       0       134

sas Thursday, 08 March 2018 04:31 AM

කිසිම වැඩකට නැති පත්කිරීමක්.

:       179       326

gunarathnaThursday, 08 March 2018 05:13 AM

හරිම වැදගත් පුද්ගලයෙක්.මම දන්නේ නැහැ මේ වෙඩේට සුදුසුද කියල.

:       49       68

Senaka Thursday, 08 March 2018 04:52 AM

අනේ කෝ අපේ පොන්සේකා අයියා.කට්ටියටම දෙන්නම් බැටේ කියල හිතාගෙන ඉන්න ඇති. දැන් ඉතින් රාජිත මහත්තයාගේ සිහිනයත් බොද උන නේද?.

:       1234       1226

එර්දි Thursday, 08 March 2018 05:04 AM

නොදකින්?නීතිය හා සාමය දෙන්න ඕන කොන්ද කෙලින් තියාගෙන වැඩ කරන්න පුලුවන් රට අස්ථාවර අවස්තාවලදී විධානය කරන්න පුලුවන් කෙනෙකුට.

:       222       535

sachith Thursday, 08 March 2018 05:11 AM

මේ තීරණයට ප්‍රධානම බලපෑම කරේ ස්වයංපෝෂිත සහෝදරයෙක් කියල නේද කියන්නේ?

:       3       131

padmini Thursday, 08 March 2018 05:15 AM

ලෝකයේ දුෂිතම රටවල් අතර පලවෙනි ස්ථානය ලැබෙන එක ස්ථිරයි, අනික ලංකාවේ ඉන්න මෝඩයින්ට මිට වඩා සාමයක් හෝ නීතියක් කුමටද?

:       4       401

palitha Thursday, 08 March 2018 05:16 AM

ලෝකෙන් උතුම් රට ලංකාවයි සිරි ලංකාවයි! එහි ජීවත් වෙන උන් පව්කාරයි!

:       2       369

ජගත් ලියනගේ Thursday, 08 March 2018 05:29 AM

අපේ රටට දෙයියන්ගේම පිහිටායි .

:       4       264

රජින්ද Thursday, 08 March 2018 05:39 AM

ඇති යාන්තන් හදවතයි මොළයයි දෙකෙන්ම වැඩ ගන්න පුළුවන් කෙනෙක්ට මේක දීපු එක.

:       621       513

MaheeThursday, 08 March 2018 12:55 PM

හොඳයි එහෙම එකක් තිබුණා නම් !!!

:       1       1

Thilina Thursday, 08 March 2018 05:56 AM

කට්ටිය විලාප දෙන්නේ තමන්ගේ දේශපාලන අරමුණු ඉටු කරගන්න බැරි වුන නිසා වෙන්න ඇති. කොහොම වුනත් මේ පුද්ගලයට කිසිම චෝදනාවක් එල්ල වූ අයෙක් නෙමෙයි.

:       0       0

ලෙස්ලි හර්බට් විජේසිංහ Thursday, 08 March 2018 06:13 AM

සේරමලා විහිළු සපයන්නෝ වෙලා......................

:       2       148

Citizen Thursday, 08 March 2018 06:42 AM

මේ රටේ මිනිස්සුන්ගේ අවාසනාව.. රාජපක්ෂලාගේ වාසනාව...

:       207       0

Chandra Thursday, 08 March 2018 06:45 AM

මේ රටට මොනවා වෙලාද කියලා කව්රුත් දන්නේ නැහැ. දූෂිත දේශයක් කියලානම් දැන් පැහැදිලියි. දූ දරුවන්ට යහපත් අනාගතයක් නැති බව ස්ථිරයි. ත්‍රස්තවාදයට වඩා හපන් බලලෝභය...

:       0       0

පිටිගල මිලානෝ Thursday, 08 March 2018 06:45 AM

නායකතුමා යූ.එන්.පී. වේගයෙන් ම සුපුරුදු ලෝක වාර්තාව කරා ගෙනයන බවක් මේ අවස්ථාවේ පෙනෙන්න තිබෙනවා. ඔහොම යං තව ටිකයි...!

:       0       0

කරුණාපාල Thursday, 08 March 2018 07:04 AM

තාමත් තහනම් වචනය "ෆොන්සේකා" මහත්තයනේ.

:       0       190

ROHAN DAYADARA paris Thursday, 08 March 2018 07:15 AM

ගරු ඇමති තුමනි විශාල අභියෝගයක්............ අලුතෙන් පත්වෙන නීතිය හා සාමය ඇමති තුමාගෙන් රටේ ජනතාව බලාපොරොත්තු වෙනවා ... ඇමති තුමාගෙන් බලාපොරොත්තු දොත්දරා දොරකඩටවී දෑස් දල්වා ඇසිපිය නොහෙලා ප්‍රර්ථනා පොදි බැදගෙන පෙරුම් පුරති .එය ඉටු නොවුනොත් ඉදිරි මැතිවරණයෙන් කතිරයෙන් ජනතාව පිළිතුරු දෙවි මදි නොකියන්න .

:       19       138

RaveendraThursday, 08 March 2018 12:43 PM

රොහාන් දයාදර පැරිස් මයා වෙත, ඔබගේත්, මගේත්, අපගේත් බදුමුදල්වලින් වැටුප් සහ සියලු සහනදායක දීමනා ලබමින් (අනෙකුත් 224 දෙනාමෙන්) සතුටින් ජීවත් වන්නෙකු බැවින් "ගරු" යන වැදගත් වචනයට "නිගරු" නොකොට එම වචනය බාවිතා කිරීමෙන් "වලකින" ලෙස කාරුණිකව ඉල්ලා සිටින්නෙමු. තවද දියවන්නා ඔයේ කිසිවකු ගරු සේවයක් නොකරන බව අප සියල්ලෝම හොඳින් දන්නා කරුණකි. එබැවින් රටේ ප්‍රධානියාගේ සිට 225 වෙනියා දක්වා මෙම වැදගත් වචනය බාවිතා කිරීම "නුසුදුසු" මෙන්ම එය කිසිසේත්ම නොකළ යුතුය. ජනාදිපතිත්, අගමැතිත් අර ඇමතිත් මේ ඇමැතිත්, අර මන්ත්‍රීයත්.. ඔබෙත්, අපෙත් අහිංසක බදු මුදල්වලින් වැටුප් ලබන්නෝ බව ඔබ සැමට නැවත මතක් කිරීමට කැමැත්තෙමු.

:       0       117

Upul Thursday, 08 March 2018 07:26 AM

මෙි ආණ්ඩුව නිතිය හා සාමය රැකෙනවට කැමතිම නැහැ........... පාර්ලිමෙන්තුවෙි ඉන්න පතොල වගේ අය නිතිය හා සාමය ඇමති කරනවා. පොන්සේකා වගේ අරමුණක් සහිතව වැඩ කරන කරවන පුද්ගලයන්ව පැත්තකට දානවා. හොරැ රකින්න හොරැ උපක්‍රම හොයනවා. කවුරැවුනත් නිතිය හා සාමය ඇමතිකම ගන්න පුද්ගලයා දැනගන්න දැඩි තින්දු ගන්නා පුද්ගලයන්ට විරැද්ධවන සැම දෙනා ලගම වැරදි තිබෙන බව.

:       41       299

ajith Thursday, 08 March 2018 07:27 AM

කවුරු දැඟලුවත් කවුසරු බලයට ආවත් ලංකාවේ හොරු අල්ලන්නේ නෑ. මීට කලින් උනෙත් නෑ ඉස්සරහට වෙන්නෙත් නෑ.

:       5       383

Rochy Thursday, 08 March 2018 07:34 AM

මේ ලොක්කෝ දෙන්න පක්ෂ දෙකත් වනසලා ආණ්ඩුවටත් කෙළවා ගන්නවා. අනේ මෙහෙම මෝඩ කමක්. වැඩක් බාර දෙන්න ඕනෑ සුදුසු කෙනෙකුටයි. රාජපක්ෂල‍ාගේ මල්ල කරේ! ජනතාවට කොකා පෙන්නලා ලොක්කෝ දෙන්නා ඩීල් ගහල! ඉවරයි. කපෝති !

:       0       0

bandula Thursday, 08 March 2018 08:19 AM

ශල්‍ය ව‍ෛද්‍යවරයාගේ අත් බැඳලා , ඇටෙන්ඩන් කෙනෙක් සැත්කම් කරනවා වගේ වෙයිද?

:       1       275

Sunil Thursday, 08 March 2018 08:25 AM

එයාලගෙත් මෙයාලගෙත් ඇති වෙනසක් නැහැ. එයාල මේගොල්ලෝ රැක්කා මෙයාල අද ඒගොල්ලෝ රකිනවා. කවදාකවත් නීතිය සාමය බාර කරන්නේ නැහැ රැඩිකල් වාදියෙකුට. එහෙම උනොත් මේ දොගොල්ලන්ටම ප්‍රස්නයක් වෙන බව දෙගොල්ලොම දන්නවා. ඉතින් ඔහොම යමු, ෆයිල් ටික ඔහේ තිබුනාවේ හමස් පෙට්ටියේ. 2015 අපි රැවටුනාට මඩු වලිගෙන් තලාගන්න ඕනි අපිටමයි.

:       0       326

Nana Thursday, 08 March 2018 08:46 AM

මේ ආණ්ඩුවේත් කාලය ඉවරයි.......... එකම එක බලාපොරොත්තුවක් විතරක් ඉතිරී

:       19       237

Prabath Thursday, 08 March 2018 09:12 AM

ඡන්දයෙන් ආණ්ඩුව මෙච්චර පරද්දල මහජනතාව ආණ්ඩුවට පාඩමක් ඉගැන්නුවා.එත් ආණ්ඩුව තවමත් මේ ගන්න තීරණ ලද බොලඳයි .මොකද ක්ෂණිකව 15% වැට් එක අයින් කරලා ඩොලරය අඩුකරලා බදු මිල අඩු නොකලොත් ආණ්ඩුවට ඊලග ඡන්දෙදි අන්ත පරාජයක් වෙනවා.මිනිසුන් අධික බඩු මිලෙන් හෙම්බත් වෙලා ඉන්න බව මේ නායකයෝ දෙන්නම දන්නේ නැහැ.

:       0       289

siri Thursday, 08 March 2018 09:38 AM

1970 වේ හිටන් ආණ්ඩු දැක්කා. 1977දී මට ඡන්දය දාන්න ලැබුණා. නමුත් 70වේ ඉඳන් 2015 වෙනකල් මෙහෙම ආණ්ඩුවක් නම් දැක්කේ නැහැ. එ්ත් 2015 වෙන් පසු මේ දක්වා ගෙවුණු අවුරුද් 3 වගේ පාණ්ඩුවක් {ආණ්ඩුවක්} නම් දැක්කේ නැහැ. පාලකයිනි, ඔබලාට මොලේ කළඳක් හරි තියේනම් නම්බු පිටින් ගෙදර යන්න. ඔය බටහිරට ආ වඩන පාලකයෝ.. ඒ රටවල නායකයෝ පිළිගත්තොත් අදම ඉල්ලා අස්වෙනවා. මෛත්‍රිට සහ රනිල්ට මම කරුණාවෙන් ඉල්ලීමක් කරනවා. රට කරන්න බැරි නම් ගෙදර යන්න කියලා. මේ ඉල්ලීම එක එක දේශපාලකයන් වෙනුවෙන් කරන ඉල්ලීමක් නොවේ. සදාචාරාත්මක කම නම් මෙවන් අවස්ථාවක තමුන්ගේ යුතුකම ඉටු කරන්න බැරි නම් ගෙදර යන එක... {මට හිතෙනවා "බීරි අලින්ට වීණා ගැයුවට වැඩක් නැහැ "කියලා...

:       0       297

RaveendraFriday, 09 March 2018 02:54 AM

siri මයා වෙත, ඔබගේ අදහස් ඉතාමත්ම නිවැරදිය. නමුත් අවාසනාවකට අප රටේ ජනාදිපති හෝ අගමැති මෙම අදහස් පිළිබද වැටහීමක් නොමැති බව ස්ථරය. මක්නිසාදයත් "බලය නමැති අවජාතක සත්වය ඉදිරියේ" තම භාෂාව කියවීම,ලිවිම තේරුම්ගැනීමේ දැනුම වැනි අංගවලින් "ශුන්‍ය" වීමය.මෙය මොවුන් දෙදෙනාට පමණක් සීමාවූ දෙයක් නොව විශේෂයෙන්ම අප රටේ පෙර සිටි සහ දැනට සිටින සෑම " දෙශාපාලුවකුටම " වැළදී තිබෙන අති බයංකාර ලෙඩකි. මෙම බයංකාර ලෙඩේ රුජු ප්‍රතිපල වනුයේ "බලය ලබාගැනීම" වෙනුවෙන් තමන්ව මෙලුවට බිහිකළ තම ආදරණිය අම්මව වුනත් පාවාදෙන්න පසුබට නොවීමය. එය දැනටමත් රටේ මුල් පුරවැසියාගේ සිට 225 වෙනියා දක්වා විහිදී අති බවට මනාව පිලිබිබුවේ.එබැවින් මොවුන් "වැසිකිලි" යාමටවත් තමන් සිටින පුටුවෙන් නැගිටීමට මැලිවන්නෝය.

:       0       42

rohan Thursday, 08 March 2018 10:30 AM

මෙයාට හොඳ හරක් බලන රස්සාව..

:       1       50

sads Thursday, 08 March 2018 10:31 AM

මෛත්‍රිපාලගේ තවත් අනුවණ තීරණයක්...

:       1       94

Palitha Thursday, 08 March 2018 11:30 AM

මොවුන් දෙගොල්ලෝම සමගියෙන්, සහජීවනයෙන් හොරු ආරක්ෂා කරනවා. ඒකේ ආයි විවාදයක් නැහැ. මෙච්චර දේවල් වෙන එකේ, ඊළඟ පාර ජවිපය ට දෙනවා... ඡන්දෙ එකපාරක් හරි.. එක්කෝ හැදියව් නැතිනම් මැරියව් කියලා..

:       8       3

රෝහන Thursday, 08 March 2018 11:38 AM

සාමාන්‍ය බුද්ධියක් වත් නැහැ. මේ තනතුරට සුදුසු ෆොන්සේකා මහතා බව සාමාන්‍ය ජනතාවට වුවද තේරෙන දෙයක්... මොහු රටට නොවේ ආදරය කරන්නේ...

:       136       114

Jayantha kariyawasam Thursday, 08 March 2018 01:00 PM

ෆොන්සේකා තමයි නියම සුදුස්සා. ඔහුට දුන්නා නම් 2020 එජාප ජය නියතයි. රනිල්ගෙත්, මහින්දගෙත් වැඩ තමයි මේවා.. ෆොන්සේකාට ජය වේවා !!!

:       163       121

ROHAN DAYADARA paris Friday, 09 March 2018 03:05 AM

රවින්ද්‍ර මතිදුනි..... අපි යමෙකුට සම්ප්‍රධානුකුලව ගරුත්වය දුන්විට එය රැකීම ඔහුගේ හෝ අයගේ වගකීමයි .ඔබතුමා ඔබතුමාගේ ගරුත්වය මම මගේ ගරුත්වය රැකගමු . අවවාදයට වඩා ආදර්ශය උතුම් බව මෙනෙහි කරමි ස්තුතියි ...

:       0       0

RaveendraFriday, 09 March 2018 05:03 AM

ROHAN DAYADARA paris මයා වෙත, ඔබගේ අදහස්වලට හිස නමා ආචාර්ය කරන්නෙමු. අප හැදුන වැඩුන, ඉගෙනගත් පරිසරය තුල වැඩිහිටියන්හට නීතිගරුක පුරවසියන්හට, අවංක පුද්ගලයන්ට නිසි ගරුත්වය දීමට ගරුකිරීමට හොදින් කියාදී ඇත. එසේම අප පිදිය යුතු පුද්ගලයා පිදීමට ඉතාමත්ම හොදින් දන්නා අතර එසේ ක්‍රියා කිරීමටද පසුබට නොවන්නෝය. ඔබ සිටින රටේ මෙසේ දේශය පාලනය කරන දේශපාලන නිලධාරින්ට ආමන්ත්‍රණය කරන්නේද ?

:       0       0

ගලබොඩ අත්තේ චමින්ද Friday, 09 March 2018 03:42 AM

මේ තීරණය අරගෙන තියෙන්නේ ගොඩක් හිතලා. මොකද ෆොන්සේකාට මේ ඇමතිකම දුන්නනම් පහුගිය ආණ්ඩුවේ කුනුටික එලියට එනවා. එතකොට මේ ආණ්ඩුවේ ඉන්න ගෙම්බෝ ටිකත් මාට්ටු. නීතිය කෙසේවෙතත් ජනතාවගෙන් නිසි පිළිතුරු ලැබෙනවා. ඒක නිසා ආණ්ඩුවේ තියන කල්මැරීමේ කලාව අනුව මෙම තීරණය හරි. හැබැයි චන්දෙදි නිසි පිළිතුරු ලැබෙනවා ඒකාන්තයි.

:       0       20

සශි Friday, 09 March 2018 06:18 AM

කෙසේ කොයි දේ උනත්, 2015 ජනවාරි, පොදු අපේක්ෂකයා විදියට ජනාධිපති කෙනෙක් පත් කරගත්තේ , මිනිසුන් දහසක් බලාපොරොත්තු තියාගෙන, රට වෙනස් අතකට ගෙනගොස්, මෙතෙක් තිබු දුෂණ වංචා නැති දියුණු රටක් කරවී කියා...නමුත් මේ ජනාධිපතුමා, දැන් මොනවද රටට කරන්නේ...

:       0       5

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

හරක්කටාට අවශ්‍ය දේ ලිඛිතව ඉල්ලන්න කියයි
2024 අප්‍රේල් මස 26 364 0

සංවිධානාත්මක අපරාධකරුවකු හා ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු බව කියන නඳුන් චින්තක වික්‍රමරත්න හෙවත් හරක් කටාට අවශ්‍ය කරන සියලු ඉල්ලීම් ලිඛිතව ත්‍


කෙත් ඇළට වැටුණු දරුවා කිලෝ මීටර් දෙකක් ගසාන යයි
2024 අප්‍රේල් මස 26 756 0

පොළොන්නරුව වැලිකන්ද සිංහපුර ප්‍රදේශයේ 26 වෙනිදා දහවල් 11 ට පමණ, ඉසඩ්. ඩී. ප්‍රධාන ඇලෙන් ගලා බසින කෙත් ඇළට වැටුණු අවුරුදු දෙකක පිරිමි දරුවෙකු කිලෝමීටර් දෙක


සුන්බුන් වූ ගාසාව සුද්ද කරන්න ට්‍රාක් 100 වසර 14ක් යාවි
2024 අප්‍රේල් මස 26 917 1

ඊශ්‍රායල හමුදා ප්‍රහාර හේතුවෙන් ගාසා තීරයේ ගොඩ ගැසුණු සුන්බුන් ඉවත් කිරීම සඳහා ට්‍රක් රථ 100ක් භාවිත කළහොත් ඒ සඳහා වසර 14 ක කාලයක් ගත වෙනු ඇතැයි එක්සත් ජා


මෛත්‍රී පාස්කු විවාදය මඟ හරි
2024 අප්‍රේල් මස 26 503 2

පාස්කු ඉරු දින ප්‍රහාරය පිළිබඳ විවාදයේදී හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා අදහස් දැක්වීමට නියමිතව තිබුණත් ඔහු කිසිදු අදහස් දැක්වීමක් නොකිරීම


වෛද්‍ය ශිෂ්‍ය ශිෂ්‍යාවෝ ඉටිපන්දම් දල්වා විරෝධයේ
2024 අප්‍රේල් මස 26 548 2

කොළඹ වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක්‍රියාකාරී සංගමය වෛද්‍ය පීඨ ශිෂ්‍ය ශිෂ්‍යාවන් මුහුණදී සිටින ගැටලු සහ පෞද්ගලික වෛද්‍ය පීඨ ස්ථාපිත කිරීමට ආණ්ඩුව ගෙන යන වැඩපිළ


ඇමෙරිකා කෘෂි උප ලේකම් ජනපති හමුවෙයි
2024 අප්‍රේල් මස 26 196 0

ඇමෙරිකා එක්සත් ජනපද කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ (USDA) වෙළෙඳ සහ විදේශ කෘෂිකාර්මික කටයුතු පිළිබඳ උප ලේකම් ඇලෙක්සිස් ටේලර් (Alexis Taylor) මහත්මිය සහ ජනාධිපති රනිල් ව


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 342 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1729 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1568 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site