IMG-LOGO

2024 අප්‍රේල් මස 26 වන සිකුරාදා


’දළදා හාමුදුරුවා් ළඟ පාෙරොන්දු දෙන කෙනකුට ජනාධිපතිවරණයේ දී සහය දෙනවා’


විනීතා එම් ගමගේ
 
භික්ෂුන් වහන්සේලා විසින් මේ වනවිට සකස් කරමින් සිටින ප‍්‍රතිපත්ති ප‍්‍රකාශනය පිළිගන්නා බව දළදා හිමියන් ඉදිරිපිට දී එම ප‍්‍රකාශනයට අත තබා පොරොන්දු  වන අපේක්ෂකයකුට 2020 ජනාධිපතිවරණයේ දී සහය දෙන බව බොදුබල සේනා සංවිධානයේ මහ ලේකම් ගලගොඩඅත්තේ ඥානසාර හිමියෝ පැවැසූහ. 
 
එහෙත් කිසිදු දේශපාලකයකුට ඉදිරියේ දී සහය නොදෙන බව ද උන්වහන්සේ පැවැසූහ.
 
අපේ ජාතික වැඩපිළිවෙළ පිළිබඳ බෞද්ධ කොමිෂන්  සභාවේ තියෙන දේ ක‍්‍රියාත්මක කර බෞද්ධයාට සාධාරණය ඉටු කරන කෙනෙකුට සහය දෙනවා. සංගායනවාක් සඳහා මේ රටේ සම සඟරුවන පෙළ ගැස්සවීමත් කරන බවත් ඥානසාර හිමියෝ කීහ.
 
ඥානසාර හිමියෝ මේ අදහස් පළ කළේ රාජගිරිය පිහිටි සද්ධර්මරාජික විහාරස්ථානයේ දී පැවැත්වූ බොදුබල සේනාව සංවිධානයේ විශේෂ මාධ්‍ය හමුවේ දී ය. එහිදී තවදුරටත් අදහස් දැක්වූ උන්වහන්සේ මෙසේ ද  කීහ. 
 
අපට තියෙනවා ප‍්‍රශ්නයක්. ඒක අවුරුදු විස්සක් වෙන ප‍්‍රශ්නයක්. මින් ඉදිරියට නම්  වගකීමෙන් කියනවා අපි මේ රටේ දේශපාලකයෙක් විශ්වාස කරන්නෙත් නැහැ. මේ රටේ දේශපාලනය තුළ චීවරය විනාශ කරන්නවත් උන්ගේ වලව්වල වළං බාන්නවත් දෙන්නේ නැහැ. 
 
දේශපාලන කණ්නාඩි දාගෙන ඉන්න හාමුදුරුවරුත් වග කියන්න  ඕනෑ මේ උදාවෙලා තියෙන තත්තත්වයට. නීතිය සාමය කඩා වැටිලා. අපේ දේශපාලන ධාරවේ නායකයන්ට එහෙයියන් වුණ හාමුදුරුවරු වගකිව යුතුයි. අපට අවස්ථා දෙකකදී වැරදුනා. එකක් සංවිධානය දිය වුණත් අපේ සායම  ගියත් අපට රට වැදගත්  කියලා අපි 2015 දී තීන්දුවක් ගත්තා. අපි ඒ වෙලාවේ කිව්වා නායකයෙක් නැති රටක් හැදෙනවා කියලා. අපි කිව්වා වැරදිද? නායකෙයෝ ගොඩක් වුණාම මොකුත් කරන්න බැහැ. අඩුම ගානේ හොරකමක් වත් හරියට කර ගන්න බැහැ. 
 
එදා අපි මහින්ද රාජපක්ෂ මහත්තයා දිනවන්න කියලා එයාලගෙ වේදිකාවට නගින්නේ නැතිව කවුරුත් ඈත් වෙද්දී අපි පෙනී හිටියා. දැන් කියන්නේ අපි නිසාලූ පැරදුනේ. අවුරුදු හතලිස් ගණනක් හිටි මෛත‍්‍රීපාල මහත්තයා ආප්ප කාල පනින්නේ අපි හින්ද ලූ. එතකොට ත‍්‍රිවිධ හමුදාවේ ඡන්ද හම්බප වුණේ නැත්තේ අපි හින්දලූ. මේ පාඩම් අපට සොබාදහම කියාදෙන්නේ. මේ රටේ හාමුදුරුවරුන්ට අපි සාධාරණයක් ඉටු කළ යුතුයි.



අදහස් (15)

’දළදා හාමුදුරුවා් ළඟ පාෙරොන්දු දෙන කෙනකුට ජනාධිපතිවරණයේ දී සහය දෙනවා’

sirimal Tuesday, 26 June 2018 12:43 PM

ඔය දැන් නියත විවරනයක්ම ලැබිලා තියෙන්නේ අපේ හාමුදුරුවනේ. තවත් මොනවද ආයේ "පොරොන්දු දෙන්න" තියෙන්නේ.

:       0       0

සතයපාල Tuesday, 26 June 2018 12:54 PM

ඉල්ලන් කාලා දැන් නාහෙන් අඞලා වැඩක් නැහැ. කොහොම උනත් 2015 දී මහින්දට සාහය දෙන්න ගත්ත තීරණය හොද එකක්.

:       10       1

Ranasigha Tuesday, 26 June 2018 01:00 PM

මාකදුරේ ධනුෂ්ක කාට හරි සහය දෙනවා කීවොත් මොකද වෙන්නේ.

:       1       2

d.upul Tuesday, 26 June 2018 01:07 PM

ඔබවහන්සේ එයාව විශ්වාස කළාට අපිනම් විශ්වාස කරන්නේ නැහැ. දළදා වහන්සේවත් විකුණයි අන්තිමේදී.

:       9       1

පසන් සාරංග Tuesday, 26 June 2018 01:48 PM

දේවෝ වස්සතු කාලේන - සස්ස සම්පත්ති හෝතු ච ඵීතෝ භවතු ලෝකෝ ච - රාජා භවතු ධම්මිකෝ

:       1       106

Chanak Los angeles Tuesday, 26 June 2018 07:58 PM

කූඩැල්ලව මෙට්ටේ තියන්න බැහැලු..

:       0       1

[email protected] Tuesday, 26 June 2018 10:16 PM

කාටවත් සහායක් දෙන්නේ නැතුව ආගම ධර්මයේ යෙදුන නම් වඩා හොඳ නේද?

:       0       1

Bamunuarachchi Wednesday, 27 June 2018 12:12 AM

අපේ හාමුදුරුවනේ එහෙම කලත් දේසපාලකයන් විස්වාස කොරන්නෙපා මු වාසියට දළදා වහන්සේත් විකුණාවී.

:       0       1

Chanak Los angelesThursday, 28 June 2018 03:41 AM

මේ සේනාව රටට දායාද කර ඔක්සිජන් සැපයු නායකයෝම අන්තිමේදී කීවා ඔවුන්ව පරාජය වෙන්න එක ප්‍රධාන හේතුවක් මේ සංවිධානයේ ක්‍රියාවන් නිසා කියලා අපි කොහොම අමතක කරන්නද ?

:       0       0

Sugeeshwara Wednesday, 27 June 2018 12:34 AM

මේ උදවියත් එක්ක ගොහින් පොරොන්දු දෙන අපේක්ෂකයන්ට දෙවියන්ගේම පිහිටයි. සියදිවි හානි කර ගැනීමම තමයි.

:       0       0

සමන් Wednesday, 27 June 2018 02:18 AM

ඔය මොනවත් රටට අවශ්‍ය නැහැ... මේ රටේ ධර්ම සංගායනාවක් පැවැත්විය යුතුයි... එයින් පසු දුසිලු භික්ෂුන් නිකම්ම ශාසනයෙන් එළියට විසිවේවි. සිල්වත් සුපෙක්ෂාකාමි නියම බුද්ධ පුත්‍රයින් කීප නමක් පමණක් රටේ ඉතිරිවේවි !!!

:       0       0

Saththaya Wednesday, 27 June 2018 02:58 AM

ඇයි මේ දේශපාලනය කරන්න යන්නේ ? එය බුදුන් දේශනා කරපු ධර්මයද ? සංග බේදය හොද දෙයක්ද ?

:       0       0

Saman Wednesday, 27 June 2018 04:14 AM

ඒ ගමන ' දළදා හාමුදුරුවො' මාර්කට් කරන්න ගත්තද ?

:       0       0

අමිලා Wednesday, 27 June 2018 05:48 AM

අප්පා ! ඔබ වහන්සෙ ආවොත් එයා පරාදයි. කාවහරි දිනවන්න ඕන නම් අනිත් පැත්තට වැඩ කරන්න.

:       0       0

sirimal Wednesday, 27 June 2018 07:44 AM

තවත් මක්කටෙයි පොරොන්දු දෙන්නේ. දැන් නියත විවරණ ලැබිලනේ තියෙන්නේ.

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

හරක්කටාට අවශ්‍ය දේ ලිඛිතව ඉල්ලන්න කියයි
2024 අප්‍රේල් මස 26 204 0

සංවිධානාත්මක අපරාධකරුවකු හා ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු බව කියන නඳුන් චින්තක වික්‍රමරත්න හෙවත් හරක් කටාට අවශ්‍ය කරන සියලු ඉල්ලීම් ලිඛිතව ත්‍


කෙත් ඇළට වැටුණු දරුවා කිලෝ මීටර් දෙකක් ගසාන යයි
2024 අප්‍රේල් මස 26 449 0

පොළොන්නරුව වැලිකන්ද සිංහපුර ප්‍රදේශයේ 26 වෙනිදා දහවල් 11 ට පමණ, ඉසඩ්. ඩී. ප්‍රධාන ඇලෙන් ගලා බසින කෙත් ඇළට වැටුණු අවුරුදු දෙකක පිරිමි දරුවෙකු කිලෝමීටර් දෙක


සුන්බුන් වූ ගාසාව සුද්ද කරන්න ට්‍රාක් 100 වසර 14ක් යාවි
2024 අප්‍රේල් මස 26 540 1

ඊශ්‍රායල හමුදා ප්‍රහාර හේතුවෙන් ගාසා තීරයේ ගොඩ ගැසුණු සුන්බුන් ඉවත් කිරීම සඳහා ට්‍රක් රථ 100ක් භාවිත කළහොත් ඒ සඳහා වසර 14 ක කාලයක් ගත වෙනු ඇතැයි එක්සත් ජා


මෛත්‍රී පාස්කු විවාදය මඟ හරි
2024 අප්‍රේල් මස 26 338 2

පාස්කු ඉරු දින ප්‍රහාරය පිළිබඳ විවාදයේදී හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා අදහස් දැක්වීමට නියමිතව තිබුණත් ඔහු කිසිදු අදහස් දැක්වීමක් නොකිරීම


වෛද්‍ය ශිෂ්‍ය ශිෂ්‍යාවෝ ඉටිපන්දම් දල්වා විරෝධයේ
2024 අප්‍රේල් මස 26 424 2

කොළඹ වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක්‍රියාකාරී සංගමය වෛද්‍ය පීඨ ශිෂ්‍ය ශිෂ්‍යාවන් මුහුණදී සිටින ගැටලු සහ පෞද්ගලික වෛද්‍ය පීඨ ස්ථාපිත කිරීමට ආණ්ඩුව ගෙන යන වැඩපිළ


ඇමෙරිකා කෘෂි උප ලේකම් ජනපති හමුවෙයි
2024 අප්‍රේල් මස 26 154 0

ඇමෙරිකා එක්සත් ජනපද කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ (USDA) වෙළෙඳ සහ විදේශ කෘෂිකාර්මික කටයුතු පිළිබඳ උප ලේකම් ඇලෙක්සිස් ටේලර් (Alexis Taylor) මහත්මිය සහ ජනාධිපති රනිල් ව


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 342 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1727 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1568 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site