IMG-LOGO

2024 අප්‍රේල් මස 27 වන සෙනසුරාදා


දේශපාලන හෙංචයියෙක් නෙළුම් වැවේ ඉවුර හදන්න ගෙනා කොන්ක්‍රීට් ගල් සොරා ගනී

(කල්පිටිය පද්මා කුමාරී කංකානම්ගේ)
කල්පිටිය පොලිස් බල ප්‍රදේශයට අයත්, ඒත්තාල තාමරම්කුලම් හෙවත් නෙලුම් වැවේ ඉවුර ගොඩනැගීම පිණිස වැව් ඉවුරේ බා තිබූ කොන්ක්‍රීට් ගල් තොගයක් අද (15)  රාත්‍රී ලොරි රථයකින් පැමිණි කල්පිටිය ප්‍රාදේශීය සභාවේ එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රීවරයෙකුගේ ආධාරකරුවෙකු විසින් රැගෙන යාමත් සමග ගම්වාසීන් බලවත් සේ නොසන්සුන්තාවයට පත්ව තිබිණි.


ඔවුන් සියලුදෙනාම වැව් ඉවුරට රැස්ව, පොදු දේපල රැගෙන ගියායැයි කියන මන්ත්‍රීවරයාට එරෙහිව අවලාද නගමින් වහාම නීතිය ක්‍රියාත්මක කරන ලෙස ඉල්ලා සිටින ලදී. තත්වය සැළවීමත් සමග එම ස්ථානයට කල්පිටිය පොලිස් ස්ථානයේ නිලධාරීන්ද පැමිණ කොන්ක්‍රීට් ගල් සොරා සොයා මෙහෙයුමක් දියත් කරන ලදී. මෙසේ සොරා ගන්නා ලද එම කොන්ක්‍රීට් ගල් නව නිවාස තනන පාක්ෂිකයින්ගේ නිවෙස් අසල බානු, ඇසින් දුටු සාක්ෂිකරුවන්ද විය. ඔවුහු පොලිස් නිලධාරීන් කැටුව ගොස් එම ස්ථානයන් ද පෙන්වූහ.


ගම්වාසීන් විසින් කොන්ක්‍රීට් ගල් සොරකම පිළිබඳව කල්පිටිය පොලිසියේ පැමිණිල්ලක් දමා ඇති අතර කල්පිටි පොලිසිය ඉදිරි පරීක්ෂණ මෙහෙයවයි.

 



අදහස් (8)

දේශපාලන හෙංචයියෙක් නෙළුම් වැවේ ඉවුර හදන්න ගෙනා කොන්ක්‍රීට් ගල් සොරා ගනී

Perera Saturday, 15 September 2018 07:44 PM

මහා පරිමානේ හොරකම දූෂණ වංචා කොතනද එතන දේශපාලනයත් ගෑවී ඇත. ලංකාවේ අවාසනාවන්ත තත්වය මෙයයි...

:       0       40

හර්ෂ Saturday, 15 September 2018 11:43 PM

මහ අය කියල ඇති ආණ්ඩුවේ කාලේ ඉවරවෙන නිසා පුළුවන් තැනකින් පුළුවන් තරමක් හොරා කන්න කියලා......... ඒ අය ඒක කරල පෙන්නුවනේ මහ බැංකුව සුද්ධ කරලා.....දැන් ඉතින් පොඩි අයත් වැඩ පටන් අරගෙන...

:       52       137

සඳුන් Sunday, 16 September 2018 01:08 AM

මහ බැංකුව බිඳපු ලොක්කෙක් ගෙන්ම පොඩි උපදෙසක් ගත්තොත් හරි. ඔය අවුලක් නැතිව ලොක්කො ටික ඉන්නෙ.

:       69       136

M. A.. A. R. Fernando Sunday, 16 September 2018 04:04 AM

හොරුන් කවුරුන් වුවද හොරුන්ට විරුද්ධව නීතිය ක්‍රියාත්මක විය යුතු ය.

:       1       78

OMG Sunday, 16 September 2018 06:12 AM

ප්‍රනාන්දු මහතා - ඔබ නින්දෙන්ද? අවදිවෙන්න ඔබ සිහනයෙන් අදහස් ප්‍රකාශ කරනවා. මේවා සිහින පමණක් බව මතක තබා ගන්න.

:       74       0

liyanage Sunday, 16 September 2018 06:22 AM

මෙය තමයි දැන් රට තුල විය යුත්තේ, මහජනයා, වන අප විමසිල්ලෙන් සිටිය යුතු කාලය ඇවිත් ..සෑම තරාතිරමක අය.. නිලදරුවන්, පරිපාලන සේවයේ නිලදරුවන් .. අප ආරක්ෂක සේවෙයේ නිලදරුවන්, සිවිල් සංවිධාන , අපගේ උගත් නීති මහත් වරුන් , අප සෑම එක වෙලා ..පාට පක්ෂ , ගැන නොසිතා ..කවුද ..මහජන දේපල හොරකම් කරන්නේ .....නිතිය ක්‍රියාත්මක ...කලයුතුයි ..එය රට දියුණුව ට හේතුවන්නක් ...

:       0       21

nuwan Sunday, 16 September 2018 06:47 AM

මගේ මතෘභූමිය විනාශ කලේ මේ දේශපාලකයෝ මිස වෙන කව්රුත් නෙමේ.

:       0       13

රවින් Sunday, 16 September 2018 08:10 AM

දේශපාලුවයි උගේ හෙන්චයවයි කුදලා ගෙන ඇවිල්ල උන්ගේ කරපිටින්ම ගෙනිච්ච ගල් ටික නැවත ගෙනල්ල දැම්මුවනම් වැඩේ ගොඩින් බේරිලා............

:       0       1

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

හරක්කටාට අවශ්‍ය දේ ලිඛිතව ඉල්ලන්න කියයි
2024 අප්‍රේල් මස 26 484 0

සංවිධානාත්මක අපරාධකරුවකු හා ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු බව කියන නඳුන් චින්තක වික්‍රමරත්න හෙවත් හරක් කටාට අවශ්‍ය කරන සියලු ඉල්ලීම් ලිඛිතව ත්‍


කෙත් ඇළට වැටුණු දරුවා කිලෝ මීටර් දෙකක් ගසාන යයි
2024 අප්‍රේල් මස 26 952 0

පොළොන්නරුව වැලිකන්ද සිංහපුර ප්‍රදේශයේ 26 වෙනිදා දහවල් 11 ට පමණ, ඉසඩ්. ඩී. ප්‍රධාන ඇලෙන් ගලා බසින කෙත් ඇළට වැටුණු අවුරුදු දෙකක පිරිමි දරුවෙකු කිලෝමීටර් දෙක


සුන්බුන් වූ ගාසාව සුද්ද කරන්න ට්‍රාක් 100 වසර 14ක් යාවි
2024 අප්‍රේල් මස 26 1123 1

ඊශ්‍රායල හමුදා ප්‍රහාර හේතුවෙන් ගාසා තීරයේ ගොඩ ගැසුණු සුන්බුන් ඉවත් කිරීම සඳහා ට්‍රක් රථ 100ක් භාවිත කළහොත් ඒ සඳහා වසර 14 ක කාලයක් ගත වෙනු ඇතැයි එක්සත් ජා


මෛත්‍රී පාස්කු විවාදය මඟ හරි
2024 අප්‍රේල් මස 26 643 2

පාස්කු ඉරු දින ප්‍රහාරය පිළිබඳ විවාදයේදී හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා අදහස් දැක්වීමට නියමිතව තිබුණත් ඔහු කිසිදු අදහස් දැක්වීමක් නොකිරීම


වෛද්‍ය ශිෂ්‍ය ශිෂ්‍යාවෝ ඉටිපන්දම් දල්වා විරෝධයේ
2024 අප්‍රේල් මස 26 635 2

කොළඹ වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක්‍රියාකාරී සංගමය වෛද්‍ය පීඨ ශිෂ්‍ය ශිෂ්‍යාවන් මුහුණදී සිටින ගැටලු සහ පෞද්ගලික වෛද්‍ය පීඨ ස්ථාපිත කිරීමට ආණ්ඩුව ගෙන යන වැඩපිළ


ඇමෙරිකා කෘෂි උප ලේකම් ජනපති හමුවෙයි
2024 අප්‍රේල් මස 26 217 0

ඇමෙරිකා එක්සත් ජනපද කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ (USDA) වෙළෙඳ සහ විදේශ කෘෂිකාර්මික කටයුතු පිළිබඳ උප ලේකම් ඇලෙක්සිස් ටේලර් (Alexis Taylor) මහත්මිය සහ ජනාධිපති රනිල් ව


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 343 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1730 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1568 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site