IMG-LOGO

2024 අප්‍රේල් මස 26 වන සිකුරාදා


‘දේශපාලනයේ කැත මජරකම විශ්වාසභංගයේදී පෙන්නුවා‘- අනුර කුමාර

(මුදිතා දයානන්ද)
          විශ්වාසභංග යෝජනාවලිය සම්බන්ධ ක‍්‍රියාවලියෙන් අපේ රටේ දේශපාලනයේ කැත මජරකම පෙන්නුවා යැයි ජනතා විමුක්ති පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත‍්‍රී අනුර කුමාර දිසානායක මහතා අද (05) පැවසීය.

          දිසානායක මහතා මෙසේ පැවසූයේ පැලවත්තේ පිහිටි ජනතා විමුක්ති පෙරමුණේ ප‍්‍රධාන කාර්යාලයේදි පැවති මාධ්‍ය හමුවකදීය. 
මෙහිදි තවදුරටත් අදහස් දැක්වු දිසානායක මහතා මෙසේද පැවසීය.

          ‘විශ්වාසභංග යෝජනාව කථානායකවරයාට භාරදීමේ සිට ඒ සම්බන්ධ ඡන්ද විමසීම දක්වා සිදුවු ක‍්‍රියාදාමය දිහා බැලූවාම අපේ රටේ දේශපාලනයේ කැත මජරකම හොඳටම පෙන්නුම් කරනවා. 

          විශ්වාසභංග යෝජනාවට අත්සන් කළ අය ඡන්දය දෙන්න එන්නේ නැහැ. විශ්වාසංගයට පක්ෂව අගමැතිට එරෙහිව දැඩි විවේචනයක් ගෙනාපු අය පක්ෂව ඡන්දය දෙන බවට මාධ්‍ය සාකච්ඡා පවා කළ අය අවසානයේ විශ්වාසභංගයට විරුද්ධව ඡන්දේ දෙනවා. විශ්වාසභංගය භාරදෙන්න පවා ආපු මහින්ද රාජපක්ෂ හෝ නාමල් රාජපක්ෂ හෝ විශ්වාසභංගය සම්බන්ධ විවාදයේදී එක වචනයක්වත් කතා කළේ නැහැ. අපි එදා සිටම කිව්වා විශ්වාසභංගයට පක්ෂව ඡන්දේ දෙනවා කියලා. කිව්වා වගේම දුන්නා. අපේ විවේචනයත් ඉදිරිපත් කළා. ඒ යෝජනාවේ අඩංගු නැති කරුණුත් අපි අපේ පැත්තෙන් ඉදිරිපත් කළා.

          මෛත‍්‍රීපාල සිරිසේන මහතා තමයි මේ විශ්වාසභංගය යෝජනාව ගෙන ඒමේ පුරෝගාමියා. නමුත් ඔහු අසමත් වුණා රටම කෙසේ වෙතත් අඩුම තරමින් තමන්ගේ පක්ෂයේ මන්ත‍්‍රීවරු ටිකවත් එක මතයකට ගේන්න. තමන්ගේ පක්ෂයවත් තමන්ට  ඕන ලෙස හසුරුවා ගන්න බැරි නායකයෙක් කොහොමද රටට නායකත්වය දෙන්නේ.‘ 

(ඡායාරූප -චතුර එස් කොඩිකාර)

 



අදහස් (19)

‘දේශපාලනයේ කැත මජරකම විශ්වාසභංගයේදී පෙන්නුවා‘- අනුර කුමාර

shan saudi Thursday, 05 April 2018 08:25 AM

එය එසේ කලේ කවුරුන්ද යන්න ජනතාව ඉදිරියේ නොපැලිකිව කියන්නේනම් ගොඩක් වටින්නේය

:       77       15

Sunil Thursday, 05 April 2018 08:28 AM

කැත මජරකම නැත්තේ ඔය සහෝදරයින්ට කඩේ යන කට්ටියගේ විතරද? පක්ෂව ඡන්දෙ දුන්න හැමෝම කැත මජරකම නැති අයද? අනේ සහෝදරයා, ගිය කලක හැටි!

:       392       345

නලින් Thursday, 05 April 2018 08:32 AM

මෙතුමාගෙ කාතව අහපුවම විශ්වාසභංගේ අගමැතිට විරුද්දව ගෙනාපු එකක්ද, මහින්දට විරුද්දව ගෙන්නපු එකක්ද කියලා හොයා ගන්න බැරිවුනා.

:       4       104

රනවි Thursday, 05 April 2018 08:38 AM

අපිත් හිතන් හිටියෙ ජවිපෙ රටට වැඩක් කරන්න සැබෑ උවමනාවක් තිබෙන පක්ෂයක් කියල දැන් බැලුවම මෙයාලත් නිකම්ම කයිවාරු විතරයි. රනිල් පරද්දන්න කලින් එතන තිබුන සැබෑ වුමනාව කාගෙද කියල හොයන් නැතුව විශ්වාසභංගයට පක්ෂව ඡන්දෙ දුන්නෙ මෙයාලත් මේවට හවුල් නිසා.ඒ කියන්නෙ මහින්දට කඩේ ගියා.

:       211       18

VajiraThursday, 05 April 2018 11:14 AM

රනිල් පරද්දන්න කාටවත් සැබෑ උවමනාවක් තිබුනේ නෑ. මහින්දලට ඕන වුනේ රනිල්ගේ නායකත්වය තහවුරු කරලා දෙන්න. රනිල් අගමැතිකමේ ඉන්නකල් එයාලට කදරයක වෙන්නේ නැති බව මහින්ද දන්නවා.

:       74       1

DasaThursday, 05 April 2018 04:17 PM

බැරි වෙලාවත් ඕක දිනුවානම් වජිර ඔහොම කියන එකක් නැහැ. දැන් ඉතින් එහෙම හරි කියල හිත හදා ගමු.

:       0       0

Sanath Thursday, 05 April 2018 08:59 AM

දැන් මේ රටට ඇති එකම බලාපොරොත්තුව ඔබ පමණයි. 2020 ජනාධිපතිවරණයේදී ගෝඨාභයට පැරදවිය හැකි එකම පොදු අපේක්ෂකයා ඔබයි. සිංහල, දෙමල, මුස්ලිම් සැමගේ විශ්වාසය දිනාගත හැකි ඔබට පමණයි.

:       380       658

Vajira Thursday, 05 April 2018 08:59 AM

ජවිපෙ අයෙත් වතාවක් ඔප්පු කළා ඔවුන්ගේ දේශපාලන භාවිතාව කොයි තරම් බුද්ධිමත්ද කියලා. විමල්, ගම්මන්පිල බලාගෙන හිටියේ ජවිපෙ රනිල්ව ආරක්ෂා කරයි, ඊට පස්සේ දෙන්නම් ජවිපෙට බැටේ කියාලා.

:       106       402

Prabath Thursday, 05 April 2018 09:13 AM

අපෝ මෙයාගේ මේ කතා අහල දැන් ඇතිවෙලා තියෙන්නේ. මේ අය පහුගිය කැරලි ගණනාවකම කලේ රට අස්ථාවර කරන එකයි. දැන් බලන්න, පහුගිය ප්‍රාදේශීය සභා ඡන්දෙදි මේ අයට මොකද වුනේ.හැමදාම හිටපු තැනමනේ.

:       316       228

Suranga Thursday, 05 April 2018 09:14 AM

මම ජවිපෙ පාක්ෂිකයෙක් නෙවෙයි. ඒත් මේක මසුරන් කියමනක්...

:       1       305

කොඩ්ඩා Thursday, 05 April 2018 09:29 AM

කූඹියෝ බලපු නිසා හොඳයි, මේවා නාටක කියල දන්නවා

:       66       151

කොඩ්ඩා Thursday, 05 April 2018 09:34 AM

කූඹියෝ බලපු නිසා දන්නවා ඕවා නාටක කියලා. හැබැයි හිතුවට වඩා නියමෙට වුනා.

:       53       91

ගන්ධබ්බ Thursday, 05 April 2018 09:59 AM

සැබෑ ජයග‍්‍රහකයන් රාජපක්ෂවරුන්... ඔවුන්ට අවශ්‍ය දේ වුණා...

:       6       52

nimal Thursday, 05 April 2018 09:59 AM

සහෝදරයා අපේ රටේ ජනතාවත් ඔහොමයි. වංචා කලාට,හොරකම් කළාට,ස්ත්‍රී දූෂණ කලාට ,ජඩකම් කළාට ඒ අය ප්‍රතික්ෂේප කරනවාද? නැහනේ ජනතාව ඒවාට ආදරෙයි. ඉතින් ඒ අයගේ අපේක්ෂකයින් එහෙම හැසිරෙන එක වැරදිද? ඒක තමා ජනතා අපේක්ෂාව කියන්නේ. ඔයාලට ඡන්දේ දීලා රට සාධාරණ ක්‍රමේකට ගියොත් කොහොමද අපි අපේ ළමයින්ට කොහොම හරි රස්සා හොයලා දෙන්නේ. අඩු ගානේ ලොක්කන්ට පගාව දීලා වැඩක් කර ගන්න පුළුවන් ද? අඩු ගානේ සුදුස්සන්ව කපලා අපේ ළමයි ඉස්කෝලෙකට දාන්න පුළුවන් ද? අනේ නිකන් යන්න සහෝදරයා අපිට ඔය ප්‍රජාතන්ත්‍රවාදි ධනවාදි සමාජවාදි ඔය මොකවත් එපා. මේ යන විදිය හොදා.

:       1       247

නිමල් Thursday, 05 April 2018 10:13 AM

සහෝදරයා මක්සිම් ගෝර්කිගේ අම්මා නවකතාවේ පළමු පරිච්ඡේදය කියවන්න. මිනිස්සුන්ගේ සැබෑ ස්වරූපය ඔහොම තමයි. ජනතාව නිවැරදි මගට ගන්නා දැනුවත් කිරීම් නිසිලෙස නොකිරීම ගැන ඔබ සහ මම අපටම දොස් කියා ගනිමු. වරද අනෙකාගේ වූ විට ඔහුව වෙනස් කළ යුතුයි. එය අසීරුයි. වරද මගේ නම් වෙනස මා ළග නිසා වෙනස කළ හැකියි. මේ සිද්ධිය වරදක් එහිදී අප කළ වරද කුමක් ද? එය හදුනා ගත් විට නිවැරදි වීම පහසුයි.

:       0       28

Sathya Thursday, 05 April 2018 10:36 AM

මෙයාලත් කර ඇරගෙන හිටියේ හිටපු ජනාදිපති ඡන්දය දෙන්න ආවෙ නැති වුනාම උඩ පැන පැන මඩ ගහන්න. අන්තිමට ඇවිත් ඡන්දය දුන්නම දැන් කියනවා කතා කලේ නෑලු. කතා කලානම් කියාවි ඕනි හේතුව කිව්වේ නෑ කියල. අපි දන්නවා ඔබතුමාලත් අනිත් අයගේ රංගනවලට දෙවෙනි නෑ කියල.

:       2       135

jakal Thursday, 05 April 2018 10:43 AM

සනත්, හීනෙන් නැගිටින වෙලාව ඇවීත්

:       0       0

Sakwithi Thursday, 05 April 2018 12:49 PM

ඔබගේ කාලයේ තුල වැඩියෙන්ම විවේචනය කලේ මහින්දව මිසක් රනිල්ව නොවෙයි.

:       39       223

Sanjeewa Thursday, 05 April 2018 01:08 PM

මේ විශ්වාස භංගයේදී ඇත්තටම වාසි ගත්තෙ මහින්ද. මොකද මහින්ද දැනගෙන හිටියා රනිල්ට පක්ෂව සුලු පක්ෂ මන්ත්‍රි වරු සහාය දෙනවා කියල. ඒ නිසා මහින්දට ඕනේ වුනේ ශ්‍රිලනිපෙ පහුගිය ඡන්දේදී ලබා ගත් 12% ඔහුගේ පක්ෂයට ගන්න. ඒක විශ්වාස භංගයේදී කෙරුනා. ශ්‍රිලනිපය දෙකට බෙදුනා. එම නිසා මින් ඉදිරියට තියෙන ඡන්ද සියල්ල 53% වඩා මහින්දගෙ පෙරමුන ගන්නවා.

:       33       85

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

කෑ ගැහුවොත් සෙංකෝලය උස්සනවා
2024 අප්‍රේල් මස 26 11 0

’’කෑගහන්න එපා. වැඩිය කෑ ගැහුවොත් සෙංකෝලේ උස්සගෙන යනවා’’ යැයි ප්‍රාථමික කර්මාන්ත රාජ්‍ය අමාත්‍ය චාමර සම්පත් දසනායක මහතා පාර්ලිමේන්තුවේදී අද(26) තර්ජන


කොළඹ ප්‍රදේශ රැසකට පැය 14ක් ජලය අත්හිටුවයි
2024 අප්‍රේල් මස 26 93 0

කොළඹ දිස්ත්‍රික්කයේ ප්‍රදේශ රැසකට හෙට (27) පස්වරු 5.00 සිට අනිද්දා (28) පෙරවරු 7.00 දක්වා පැය 14 ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය


කොළඹ සරසවියේ විරෝධය වළකන ඉල්ලීම විසිවෙයි
2024 අප්‍රේල් මස 26 301 0

කොළඹ විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨ ශිෂ්‍ය සංගමය රජයට විරෝධය පළ කරමින් ලිප්ටන් වටරවූමේ සංවිධානය කරන විරෝධතා රැළිය වළක්වන තහනම් නියෝගයක් නිකුත් කරන්නැය


පාකිස්තාන යුවතියට ඉන්දියානුවකුගේ හදවතක්
2024 අප්‍රේල් මස 26 660 0

පාකිස්තාන 19 හැවිරිදි යුවතියකට ඉන්දීය ජාතිකයකුගේ හදවතක් සාර්ථකව බද්ධ කිරීමට චෙන්නායි වෛද්‍යවරුන් පිරිසක් සමත්වී තිබේ.


නොමිලේ දුන් හාල් මල්ල නරක්වෙලා‘යි පැමිණිල්ලක්
2024 අප්‍රේල් මස 26 497 0

රජය මගින් නොමිලේ ලබා දුන් හාල් ලබා ගත් හාලිඇල ප්‍රදේශයේ පුද්ගලයකු ට නරක්වු ආහාරයට ගැනීමට නුසුදුසු තත්ත්වයේ ඇති හාල් බෑගයක් ලැබුණු බව පවසමින් හාලිඇල ස


අපරාධ වලින් ඉපැයූ සල්ලි අය කර ගන්න නීති
2024 අප්‍රේල් මස 26 509 2

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග විස්තීරණ ණය පහසුකම ලබා ගැනීම සඳහා එළැඹ ඇති ගිවිසුම අනුව 2014 වර්ෂය වන විට වත්කම් අය කර ගැනීම සම්බන්ධයෙන් පරිපූර්ණ නීතියක් හ


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 338 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1720 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1560 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site