IMG-LOGO

2024 අප්‍රේල් මස 26 වන සිකුරාදා


දුම්රිය ගාස්තු වැඩි කිරීම ප්‍රෝඩාවක්

(බිඟුන් මේනක ගමගේ)

දුම්රිය ගාස්තු වැඩි කළේ  15% කින් පමණක් යැයි පැවසීම ප්‍රෝඩාවක් යැයි ද දුම්රිය ගාස්තුවලට අදාළ දුර ප්‍රමාණ අඩු කිරීම මගින් එහි සැබෑ අගය 35 % ක් පමණ වන්නේ යැයි ද  දුම්රිය සේවය සුරැකීමේ සේවක මගී ව්‍යාපාරය චෝදනා කරයි.

අවම දුම්රිය ගාස්තුව වැඩි නොකරන බව කීවත් අදාළ ගෙවීමට නියමිත දුර අඩු කිරීම මගින් අවම ගාස්තුවේ ද වෙනසක් වී ඇතැයි ද මෙමගින් තනිකරම පාරිභෝගිකයන් රැවටීමට රජය කටයුතු කර ඇතැයි ද එම සංවිධානයේ කැඳවුම්කරු අඳුරත්විල චන්ද්‍රජෝති හිමියෝ නිවේදනයක් නිකුත් කරමින් පවසති.

දුම්රිය ගාස්තු වැඩිකිරීමට සිදුවන්නේ ඉන්ධන මිල වැඩිවීම නිසා නම් ආණ්ඩුව කළ යුත්තේ පොදු ප්‍රවාහන සේවාවන්ට සපයන ඉන්ධනවලට බදු සහනයක් ලබාදීම යැයි ද එම නිවේදනයේ සඳහන් වේ.

ගත වූ වසර හතරේදී පොදු ප්‍රවාහනයට වෙන් කළ මුදල සීයට පනහකින් කප්පාදු කර ඇතැයි ද ආණ්ඩුව එමගින් දුම්රිය සේවකයන් මෙන්ම දුම්රිය මගීන් ද අපහසුවට පත් කර ඇතැයි ද චන්ද්‍රජෝති හිමියෝ පවසති. 

සෑම පුරවැසියකුටම බදු ගොනුවක් විවෘත කර බදු පිට බදු ගසා සියලු අත්‍යවශ්‍ය භාණ්ඩ ඉහළ දැමූ මොහොතක දුම්රිය ගාස්තු ද වැඩිකිරීමෙන් පොදු ජනතාව කබලෙන් ලිපට වැටෙනු ඇති බවත් රජය මේ තීරණය ආපසු හැරවීමට කටයුතු කළ යුතු බවත් චන්ද්‍රජෝති හිමියෝ වැඩිදුරටත් පවසති.

පොදු ප්‍රවාහන සේවයක් වන දුම්රිය ලාභ ලැබීමේ ව්‍යාපාරයක් කරගත යුතු නැතැයි ද එය අද පාඩු ලබන තත්ත්වයට පත්ව ඇත්තේ රට කර වූ ආණ්ඩුවලම වැරදි ප්‍රතිපත්ති නිසා යැයි ද එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වේ. 



අදහස් (12)

දුම්රිය ගාස්තු වැඩි කිරීම ප්‍රෝඩාවක්

සතයපාල Monday, 01 October 2018 12:48 PM

දුම්රිය ගාස්තු වැඩි නොකර නොමිලේම යන්න දුන්නා නම් නරකද හාමුදුරුවනේ...?

:       308       327

AbiththayaaTuesday, 02 October 2018 02:51 AM

දුම්රිය සුරකින්නනම් කෞතුකාගාරයට දාලා තියාගන්න. එතකොට ධාවන වියදමත් යන්නේ නැහැ.

:       0       0

City Monday, 01 October 2018 12:52 PM

ස්ට්‍රයික් එක අතරේ යූනියන් එක තිබුණේ කොහිද?

:       3       37

සනත් Monday, 01 October 2018 05:14 PM

දුම්රියෙන් රජයට රුපියල් කෝටි 600 ක පාඩුවක් සිද්ධ වෙනවා. ගණන් හදලා බැලුවොත් එක මගියෙකුගෙ එක් ගමන් වාරයක් සදහා රුපියල් 50 කට වැඩි පාඩුවක් රජයට සිද්ධ වෙනවා. බලාගෙන යනකොට දුම්රියෙන් දිනපතා ගමන්කරන අයට මාසෙකට රුපියල් 1500ක දීමනාවක් රජයෙන් ලැබෙනවා.

:       169       234

priyantha Tuesday, 02 October 2018 05:56 AM

ඒක ඇත්ත. සහන මිලකට දුම්රිය හෝ බස් රිය ටිකට් හෝ සීසන් දියයුත්තේ පාසල් සිසුන්ට පමණයි. දුම්රිය පාඩු ලබන අතරේ ලංකාවේ ජනතාවගෙන් සුළු පිරිසක් වන දුම්රිය මගීන්ට සහන මිලට යන්න දෙන්න ඕනේ නෑ. මේ දුම්රියේ පාඩුව කිසිමදිනයක දුම්රියේ නොයන රටේ විශාල පිරිසකට බදු වලින් ගෙවන්න වෙනවා.

:       0       0

බන්දුල Tuesday, 02 October 2018 12:43 AM

කිලෝමීටර් එක වෙනස්වුනේ නෑ, කිලෝ මීටරේට තියෙන මීටර් ගණනයි වෙනස්වුනේ , අවම ගාස්තුවත් අන්න ඒ වගෙයි වෙනස් වෙලා තියෙන්නේ, තේරුම් ගන්න

:       0       0

Jamal Tuesday, 02 October 2018 02:41 AM

කෝච්චියේ යන අයගේ ගාස්තුව කෝච්චියේ නොයන අයගෙන් අය කරන එක තමා දැන් කරන්නේ.

:       0       0

Sunil Tuesday, 02 October 2018 02:52 AM

අන් හැම දේකදිම මෙන් මෙතනත් රජය ජනතාව මුලා කළා. ජනතාව මේ ගෙවන්නේ ඇමතිවරු සහ මන්ත්‍රීවරු ගසා කෑම් වල පව්.

:       0       0

වීර Tuesday, 02 October 2018 03:54 AM

මොන බොරුද 15% දුම්රිය ගාස්තු මිල වැඩිකලා කියන්නේ.මම සැප්තැම්බර් මාසයේ සීසන් එකට ගෙව්වේ රු 720.00. ඔක්තෝම්බර් මාසයේ සීසන් එකට රු 1080.00 ගත්තා. 50% මිල වැඩි කරලා. 50% මිල වැඩි කරලා. මිල වැඩි වුන එක නෙමෙයි ප්‍රශ්නය. ඔය අපෙන් ගන්න මුදල් වලට මොනවද කරන්නේ කියන එකයි. අඩුම තරමේ එක අලුත් දුම්රියක් ගෙනත් දාල මිනිස්සු ඇටකටු කුඩු කරගෙන තෙරපිලා යන එකට සහනයක් දෙනවද. දුම්රිය නියමිත වෙලාවට ධාවනය කරන්න අලුත් සින්ග්නල් සිස්ටම් එකක් හදනවද.නැත්තම් අර ස්ට්‍රික් කර කර මිනිස්සු අමාරුවේදාන ජාතියට බරක් වෙච්ච නඩයට පඩි වැඩිකරනවද. සමහර දුම්රිය ස්ථානය අන්ධකාරයි. මිනිස්සු වැටි වැටි යන්නේ. ලයිට් එකක් දාන්න බැරිද මගීන් ගැන හිතල.

:       1       1

kusal Tuesday, 02 October 2018 04:01 AM

ලංකාවේ මිනිසුන්ට සහන තවදුරටත් ලබා නොදීම නුවනට හුරුවේ. සෑම දෙයක්ම දඩ මීමා කරගන්නවා

:       0       0

තව ගාස්තු වැඩි කල යුතුය Tuesday, 02 October 2018 04:17 AM

දුම්රිය ලාභ ලැබීමේ ව්‍යාපාරයක් කරගත යුතු නැතැයි චන්ද්‍රජෝති හිමියෝ කියයි. සියලු සේවා ලාබ ලැබිය යුතුය. එවිට සේවකයාට ආත්ම තෘප්තිය ලැබේ. එවිට රට දියුණු වේ. දුප්පතාට ආධාර දෙන්න. රජයේ සේවකයාට අඩුවට සීසන් දීම නවතා, අමතර ගමන් දීමනාවක් දෙන්න. තව ගාස්තු වැඩි කල යුතුය. සිසුවකු කාර්මික දෝෂය හදා තිබේ. අපේ දේ ගැන ආඩම්බර වන්න.

:       1       0

nalin Tuesday, 02 October 2018 05:47 AM

මේ සංවිධානය දුම්රිය සේවකයන්ට හරියට, පඩියට සරිලන ලෙස වැඩ කරන හැටි උගන්නන්න. එතකොට දුම්රිය සේවය සුරැකෙයි. නැත්නම් මේ අවුරුදු ගානකට පස්සේ වැඩි කරපු ගාන ගැන කතා කරලා වැඩක් වෙන්නේ නෑ. මේක වෙන්නම ඕන දෙයක්. නිකන් බොරු සංවිධානයක්. සහන දීල මේ රට ගොඩගන්න නම් බෑ. දැනටත් දුම්රිය දෙපාර්තමේන්තුවේ ඔක්කොමලා සහන තමයි ගන්නේ. ( වාඩි වෙලා නිකන් ඉඳලා පඩි ගැනීම.)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

හරක්කටාට අවශ්‍ය දේ ලිඛිතව ඉල්ලන්න කියයි
2024 අප්‍රේල් මස 26 144 0

සංවිධානාත්මක අපරාධකරුවකු හා ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු බව කියන නඳුන් චින්තක වික්‍රමරත්න හෙවත් හරක් කටාට අවශ්‍ය කරන සියලු ඉල්ලීම් ලිඛිතව ත්‍


කෙත් ඇළට වැටුණු දරුවා කිලෝ මීටර් දෙකක් ගසාන යයි
2024 අප්‍රේල් මස 26 322 0

පොළොන්නරුව වැලිකන්ද සිංහපුර ප්‍රදේශයේ 26 වෙනිදා දහවල් 11 ට පමණ, ඉසඩ්. ඩී. ප්‍රධාන ඇලෙන් ගලා බසින කෙත් ඇළට වැටුණු අවුරුදු දෙකක පිරිමි දරුවෙකු කිලෝමීටර් දෙක


සුන්බුන් වූ ගාසාව සුද්ද කරන්න ට්‍රාක් 100 වසර 14ක් යාවි
2024 අප්‍රේල් මස 26 375 1

ඊශ්‍රායල හමුදා ප්‍රහාර හේතුවෙන් ගාසා තීරයේ ගොඩ ගැසුණු සුන්බුන් ඉවත් කිරීම සඳහා ට්‍රක් රථ 100ක් භාවිත කළහොත් ඒ සඳහා වසර 14 ක කාලයක් ගත වෙනු ඇතැයි එක්සත් ජා


මෛත්‍රී පාස්කු විවාදය මඟ හරි
2024 අප්‍රේල් මස 26 270 2

පාස්කු ඉරු දින ප්‍රහාරය පිළිබඳ විවාදයේදී හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා අදහස් දැක්වීමට නියමිතව තිබුණත් ඔහු කිසිදු අදහස් දැක්වීමක් නොකිරීම


වෛද්‍ය ශිෂ්‍ය ශිෂ්‍යාවෝ ඉටිපන්දම් දල්වා විරෝධයේ
2024 අප්‍රේල් මස 26 379 2

කොළඹ වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක්‍රියාකාරී සංගමය වෛද්‍ය පීඨ ශිෂ්‍ය ශිෂ්‍යාවන් මුහුණදී සිටින ගැටලු සහ පෞද්ගලික වෛද්‍ය පීඨ ස්ථාපිත කිරීමට ආණ්ඩුව ගෙන යන වැඩපිළ


ඇමෙරිකා කෘෂි උප ලේකම් ජනපති හමුවෙයි
2024 අප්‍රේල් මස 26 135 0

ඇමෙරිකා එක්සත් ජනපද කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ (USDA) වෙළෙඳ සහ විදේශ කෘෂිකාර්මික කටයුතු පිළිබඳ උප ලේකම් ඇලෙක්සිස් ටේලර් (Alexis Taylor) මහත්මිය සහ ජනාධිපති රනිල් ව


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 342 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1727 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1568 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site