(රන්ජන් කටුගම්පළ සහ මනෝප‍්‍රිය ගුණසේකර)
හිටපු මන්ත‍්‍රී භාරත ලක්ෂ්මන් පේමචන්ද්‍ර මහතා ඇතුළු සිව්දෙනකු ඝාතනය කිරීමේ චෝදනාවට වරදකරුවන් වී මරණ දඬුවම නියම වු හිටපු පාර්ලිමේන්තු මන්ත‍්‍රී දුමින්ද සිල්වා ඇතුළු විත්තිකරුවන් විසින් මහාධිකරණ නඩු තීන්දුවට එරෙහිව ගොනු කළ අභියාචන පෙත්සම් ලබන මාර්තු 29 වැනිදා විභාග කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද (27) තීරණය කළේය.
හිටපු පාර්ලිමේන්තු මන්ත‍්‍රී දුමින්ද සිල්වා ඇතුළු විත්තිකරුවන් විසින් ගොනු කළ අභියාචන පෙත්සම් සළකා බැලූ අවස්ථාවේදී ඉදිරිපත් වු කරුණූ පිළිගත් පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල එලෙස නියම කළේය.
මෙම පෙත්සම් අගවිනිසුරු ප‍්‍රියසාද් ඩෙප්ල බුවනෙක අළුවිහාරේ ප‍්‍රියන්ත ජයවර්ධන, නලීන් පෙරේරා, සහ විජිත් මලල්ගොඩ යන ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ සලකා බැලේ.
හිටපු ඇමතිවරයකු වු භාරත ලකෂමන් පේ‍්‍රමචන්ද්‍ර, ජලාබ්දීන් මොහෙමෙඞ් අසීම්, මනිවෙල් කුමාරස්සාමි, සහ දමිත දර්ශන ජයතිලක නමැත්තන්ගේ මරණ සිදු කළ බවද රාජ්පුරගේ දමිත දර්ශණ ජයතිලක නමැත්තාට වෙඩි තබා මරා දැමීමට තැත් කරන ලදැයිද එදින ඡන්දදායකයින්ට ගිනි අවි පෙන්වා සාපරාධි ලෙස බියගැන්වීම පොදු අරමුණ කරගත් නීතී විරෝධි රුස්වීමක සාමාජිකයින් ලෙස කටයුතු කරමින් අංගොඩ රාහුල විද්‍යාල ඡන්ද මධ්‍යස්ථානයේ සිටි පිරිසට බලහත්කාරය හා ප‍්‍රචන්ඩත්වය යොදා කැරළි ගැසු බවටද, එහි රාජකාරියේ යෙදී සිටි දමිත් සුරංග නමැති පොලිස් නිලධාරියාගේ පපුවට පිස්තෝලයක් තබා තර්ජනය කළ බවටද නීතීපතිවරයා විසින් වැඩිදුරටත් චෝදනා නඟා තිබු අතර එම නඩුව විභාග කළ ත‍්‍රී පුද්ගල විනිසුරු මඩුල්ල 2015 සැප්තැම්බර් මස 08 වැනිදා විත්තිකරුවන්ට මරණීය දඬුවම් නියම කළේය.
බාල ඖෂධ ජාවාරම, ප්‍රමිතියෙන් තොර බෙහෙත් මිලදී ගැනීම, ඒවාට සම්බන්ධවූ පිරිස් සහ ඊට අදාල තවත් වැදගත් ආන්දෝලනාත්මක කරුණු ගණනාවක් හෙළිදරව් කෙරෙන පරිපූර්
බස්නාහිර, සබරගමුව, මධ්‍යම, දකුණ, වයඹ සහ ඌව පළාත්වලට පස්වරු 2.00 පමණ පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.
සංවිධානාත්මක අපරාධකරුවකු හා ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු බව කියන නඳුන් චින්තක වික්‍රමරත්න හෙවත් හරක් කටාට අවශ්‍ය කරන සියලු ඉල්ලීම් ලිඛිතව ත්
පොළොන්නරුව වැලිකන්ද සිංහපුර ප්‍රදේශයේ 26 වෙනිදා දහවල් 11 ට පමණ, ඉසඩ්. ඩී. ප්‍රධාන ඇලෙන් ගලා බසින කෙත් ඇළට වැටුණු අවුරුදු දෙකක පිරිමි දරුවෙකු කිලෝමීටර් දෙක
ඊශ්‍රායල හමුදා ප්‍රහාර හේතුවෙන් ගාසා තීරයේ ගොඩ ගැසුණු සුන්බුන් ඉවත් කිරීම සඳහා ට්‍රක් රථ 100ක් භාවිත කළහොත් ඒ සඳහා වසර 14 ක කාලයක් ගත වෙනු ඇතැයි එක්සත් ජා
පාස්කු ඉරු දින ප්‍රහාරය පිළිබඳ විවාදයේදී හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා අදහස් දැක්වීමට නියමිතව තිබුණත් ඔහු කිසිදු අදහස් දැක්වීමක් නොකිරීම
ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
දුමින්දගේ අභියාචනය කල් යයි
asa Monday, 27 November 2017 01:54 PM
අපේ රටේ දේශපාලනය අනුව දුමින්ද සිල්වා එලියට එනවා නියතයි.