( සමන් විජය බංඩාර)
වෑන් රියක් සමග දෙදරු පියකු(47) දින 5 ක් තිස්සේ අතුරුදහන් වී ඇතැයි කියමින් ඔහුගේ බිරිඳ හෙම්මාතගම පොලිසියට පැමිණිල්ලක් කළාය.
බටන්ගලවත්ත, ගිනිහප්පිටියේ පදිංචි වත්තේගෙදර උදයලත් ගාමිණි සේනාධීර නමැත්තා එසේ අතුරුදන්වී ඇති අතර ඔහු පසුගිය ජුලි 11 වැනිදා ඔහුගේ රුපියල් ලක්ෂ 26 ක් පමණ වටිනා වෑන් රියෙන් පිටත්ව ගොස් ඇතැයි ඔහුගේ බිරිඳ කියන්නීය.
ඔහු අතුරුදන්වූ දින සවස සිය වාහනය කෝපිවත්ත ප්‍රදේශයේ අයකුට විකුණා ඇතැයි ආරංචි වූ බවද එම වාහනය මිලදී ගත් බව කියන අය මුණගැසීමට ගිය බවද ඒ පිළිබඳ සැකයක් තමාට ඇති බවද ඇය පවසා සිටියාය.
හෙම්මාතගම පොලිසිය පවසන්නේ මේ සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වන බවත් අදාළ පුද්ගලයා අතුරුදන්වූ බව කියන දිනයේම ඔහුගේ නිවස ආසන්නයේ ජිවත් වු විවාහක කාන්තාවක් ද අතුරුදහන් වී තිබීම සම්බන්ධයෙන් සැකයක් පවතින බවයි.
අසල්වැසි කාන්තාව අතුරුදන්වීම සම්බන්ධයෙන් ද ඇගේ සැමියා හෙම්මාතගම පොලිසියට පැමිණිලි කර ඇතැයි කියති.
සංවිධානාත්මක අපරාධකරුවකු හා ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු බව කියන නඳුන් චින්තක වික්‍රමරත්න හෙවත් හරක් කටාට අවශ්‍ය කරන සියලු ඉල්ලීම් ලිඛිතව ත්
පොළොන්නරුව වැලිකන්ද සිංහපුර ප්‍රදේශයේ 26 වෙනිදා දහවල් 11 ට පමණ, ඉසඩ්. ඩී. ප්‍රධාන ඇලෙන් ගලා බසින කෙත් ඇළට වැටුණු අවුරුදු දෙකක පිරිමි දරුවෙකු කිලෝමීටර් දෙක
ඊශ්‍රායල හමුදා ප්‍රහාර හේතුවෙන් ගාසා තීරයේ ගොඩ ගැසුණු සුන්බුන් ඉවත් කිරීම සඳහා ට්‍රක් රථ 100ක් භාවිත කළහොත් ඒ සඳහා වසර 14 ක කාලයක් ගත වෙනු ඇතැයි එක්සත් ජා
පාස්කු ඉරු දින ප්‍රහාරය පිළිබඳ විවාදයේදී හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා අදහස් දැක්වීමට නියමිතව තිබුණත් ඔහු කිසිදු අදහස් දැක්වීමක් නොකිරීම
කොළඹ වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක්‍රියාකාරී සංගමය වෛද්‍ය පීඨ ශිෂ්‍ය ශිෂ්‍යාවන් මුහුණදී සිටින ගැටලු සහ පෞද්ගලික වෛද්‍ය පීඨ ස්ථාපිත කිරීමට ආණ්ඩුව ගෙන යන වැඩපිළ
ඇමෙරිකා එක්සත් ජනපද කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ (USDA) වෙළෙඳ සහ විදේශ කෘෂිකාර්මික කටයුතු පිළිබඳ උප ලේකම් ඇලෙක්සිස් ටේලර් (Alexis Taylor) මහත්මිය සහ ජනාධිපති රනිල් ව
ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
දෙදරු පියා වෑන් රියත් සමග අතුරුදන්
kithsiri Monday, 17 July 2017 03:17 AM
දෙයියෝ සාක්කි තීරයට දාන්න වෙන පුවතක් වගේ පෙන්නේ.