(යක්කලමුල්ල විශේෂ ජේ.කේ.එල් චාමින්ද උණවටුණ ඩි.ජි සුගතපාල)
දෙවුන්දර දේවාලයේ ඇසළ පෙරහර නරඹා යලි නිවස බලා යමින් සිටි එකම පවුලේ පස්දෙනෙකු ගමන්ගත් ත්‍රි රෝද රථයක් ඊයේ (27) රාත්‍රි 11.30 පමණ දැඩැල්ල ප්‍රදේශයේ දි මාර්ගයෙන් ඉවතට පැන ගල්වැටියක වැදිමෙන් වු අනතුරකින් ත්‍රි රෝද රථයේ ගමන්ගත් දස හැවිරිදි වියේ පසුවු දැරියක් මියගොස් තවත් තිදෙනෙකු තුවාල ලබා කරාපිටිය ශික්ෂණ රෝහලට ඇතුලත්කොට ඇති බැව් ගාල්ල පොලිසිය කියයි.
ගාල්ල කොළඹ ප්‍රධාන මාර්ගයේ දඩැල්ල ප්‍රදේශයේ දි වු මෙම අනතුරෙන් මියගොස් ඇත්තේ දිනිති විදුසාරි දිදුලතා (10) නැමති මෙවර පහවසර ශිෂ්‍යත්ව විභාගයට පෙනීසිටීමට නියමිතව සිටි දැරියකි. මෙකී ත්‍රිරෝද රථය පදවා ඇත්තේ මියගිය දැරියගේ පියාවන අතර ඔහු තම බිරිද හා දරු තිදෙනා සමග ත්‍රි රෝද රථයෙන් දෙවුන්දර දේවාලයේ පැවති ඇසළ පෙරහැර නැරඹිමට ගොස් තිබේ. පෙරහැර නරඹා යලි නිවස බලා එමින් සිටියදි මෙම අනතුරට ලක්ව ඇත. අනතුරෙන් තුවාල ලබා පියා මව හා පස්හැවිරිදි වියේ පසුවන පුතෙකු කරාපිටිය ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබයි. මොවුන් ගොනාපිනුවල ප්‍රදේශයේ පදිංචිකරුවෝ වෙති.
ත්‍රි රෝද රථය පැදවු මියගිය දැරියගේ පියාට නින්දයාම නිසා මෙම අනතුරවි ඇති බැව් පොලිසිය පවසයි. ත්‍රි රෝද රථය මාර්ගයෙන් ඉවතට පැන මිටර් 15ක් පමණ දුරට ඇදි ගොස් ගල්වැටියේ වැදි ඇති බවද පොලිසිය කියයි.ගාල්ල පොලිසිය අනතුර සම්බන්ද පරික්ෂණ පවත්වයි
පාර්ලිමේන්තු කටයුතු කාරක සභාවේ විශේෂ රැස්වීමක් අද (26) දහවල් 11ට කැඳවන බව නියෝජ්‍ය කතානායක රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවට නිවේදනය කළේය.
මාන්කුලම වසන්තනගර් හන්දියේදී අද (26) අලුයම ලොරි රථයක් සහ හමුදා ට්‍රක් රථයක් ගැටී සිදුවු අනතුරකින් යුද හමුදා සැරයන්වරයකු මිය ගොස් තවත් හමුදා සාමාජිකයන්
අධිකරණ නියෝගයකට අවනතව කටයුතු නොකර රාජ්‍ය නිලධාරීන්ට බාධා පමුණුවා, ඇමතිවරයකුගේ ලිපියක් පෙන්නමින් බලපෑම් කළේ යැයි රක්ෂිත බන්ධනාගාර ගතව සිටි ගුරු විද
හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවට අද ප්‍රකාශයක් කිරීමට නියමිතය.
වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා දේශපාලන කටයුතු සඳහා තරුණ සේවා සභාවේ දේපල යොදාගැනීම පිළිබඳ විමර්ශනයක් කරන ලෙස ඉල්ලා අල්ලස් හා දුෂණ කොමිෂන් සභ
යාපනය ප්‍රදේශයේ තරුණයන් හට අලෙවි කිරීම සදහා මත්පෙති සන්තකයේ තබාගෙන සිටි මහා පරිමාණ ජාවාරම් කරුවකු පොලිස් විශේෂ කාර්ය බලකායේ නිළධාරින් විසින් අත්අඩ
ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
ත්‍රි රෝද රථ අනතුරින් දැරියක මරුට