IMG-LOGO

2024 අප්‍රේල් මස 27 වන සෙනසුරාදා


ඩොලරය 166 පනී

(හර්ෂණ  තුෂාර සිල්වා)

 
මේ සතියේ අඛණ්ඩව දෙවැනි දිනටත් ඇමෙරිකා එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව තවදුරටත් පහත වැටෙමින් ඩොලරයකට ගෙවන රුපියල් ප‍්‍රමාණය අද (18) 166.64ක් දක්වා ඉහළ ගියේය. 
 
ශ්‍රී ලංකා ඉතිහාසයේ පළමු වරට රුපියලට සාපේක්ෂව ඇමෙරිකා එක්සත් ජනපද ඩොලරයේ අගය අද (18) එලෙස 166 සීමාව ඉක්මවූ අතර ශ‍්‍රී ලංකා මහ බැංකු- දත්තවලට අනුව මේ වසරේ ජනවාරි 1 වැනිදා සිට සැප්තැම්බර් 14 වැනිදා දක්වා කාලයේදී එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල සියයට 6.1කින් අවප‍්‍රමාණය වී තිබේ. 
 
ශ්‍රී ලංකා මහ බැංකුව දෛනිකව නිකුත් කරන විනිමය අනුපාතික අනුව අද(18) රුපියලට සාපේක්ෂව එක්සත් ජනපදයේ ඩොලරයේ විකුණුම් මිල 166.64ක් ලෙසත් ගැනුම් මිල 163.10 ලෙසත් සටහන්ව තිබිණි.
 
බලපත‍්‍ර ලාභී වාණිජ බැංකු අද(18) නිකුත් කළ විනිමය අනුපාතිකවලට අනුව බැංකු කිහිපයකම රුපියලට සාපේක්ෂව ඩොලරයේ විකුණුම් මිල 168 ඉක්මවා තිබිණි.
 
රුපියලට සාපේක්ෂව ඩොලරයේ විකුණුම් මිල එච්.එස්.බී.සී. බැංකුවේ 169.25ක් ලෙස සටහන්ව තිබූ අතර කොමර්ෂල් බැංකුවේ සහ මහජන බැංකුවේ පිළිවෙළින් 168.25ක් හා 168.03ක් ලෙස සටහන්ව තිබිණි. 
 
රුපියලට සාපේක්ෂව ඩොලරයේ විකුණුම් මිල ලංකා බැංකුවේ 167.15ක් ලෙසත් සම්පත් බැංකුවේ 167ක් ලෙසත් සටහන්ව තිබිණි. එන්.ඞී.බී. සහ එන්.එස්.බී බැංකුවල රුපියලට සාපේක්ෂව ඩොලරයේ විකුණුම් මිල පිළිවෙළින් 167.25ක් ලෙසත් 167.41ක් ලෙසත් සටහන්ව තිබිණි.
 
මේ වසර ආරම්භ වන විට එක්සත් ජනපද ඩොලරයකට ගෙවන රුපියල් ප‍්‍රමාණය 155.23ක් විය. 
 
මෙරට දේශපාලනයේ තිබෙන අස්ථාවරත්වයට අමතරව විශේෂයෙන්ම ඇමෙරිකා එක්සත් ජනපදයේ අභ්‍යන්තර ප‍්‍රතිපත්ති තීරණ, ඇමෙරිකා එක්සත් ජනපදය සහ චීනය අතර තිබෙන වෙළෙඳ යුද්ධය, තුර්කි මහ බැංකුව පොළී අනුපාත ඉහළ දැමීමට ගන්නා ලද තීරණය ආදී ගෝලීය සාධක රැුසක් රුපියල මේ ආකාරයෙන් අවප‍්‍රමාණය වීමට හේතු වී තිබේ.
 
ආසියානු කලාපය ඇතුළුව නැගී එන වෙළෙඳපොළවල මූල්‍ය ඒකක පසුගිය සමයේදී දිගින් දිගටම අවප‍්‍රමාණය වූ අතර ඉන් වැඩි බලපෑමකට ලක්වූයේ ඉන්දීය රුපියලයි. පසුගිය සති කිහිපයක කාලයේදී ඉන්දීය රුපියල වාර්තාගත අන්දමින් පහළ වැටිණි. කෙසේ නමුත් ඉන්දීය රජයේ මැදිහත් වීමත් සමඟ ඉන්දීය රුපියල තරමක ස්ථාවරත්වයක් පෙන්නුම් කරන ලද අතර ඉන්දීය රුපියලට සාපේක්ෂව ඇමෙරිකා එක්සත් ජනපද ඩොලරයේ අගය අද (18) 72.40ක් ලෙස සටහන්ව තිබිණි. 
 
දේශීය වාණිජ බැංකු වුවමනාව ඉක්වමින් එක්සත් ජනපද ඩොලර් එක්රැුස් කිරීම නිසා පසුගිය දිනවල රුපියලේ අගය අනවශ්‍ය පරිදි අඩු වැඩි වූ බව ශ්‍රී ලංකා මහ බැංකුවේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා ‘ලංකදීප’යට ඉකුත් දා පැවැසීය.
 
මේ අතර මේ මාසයේදී රුපියල සියයට 2.4කින් ද මේ වසරේ ගත වූ කාලයේදී සියයට 7.7කින් ද දුර්වල වී ඇතැයි රොයිටර් පුවත් සේවය අද (18) වාර්තා කර තිබිණි.  
 
 
 
 
 



අදහස් (6)

ඩොලරය 166 පනී

indika Tuesday, 18 September 2018 09:53 AM

මම කියන්නේ මුලින්ම 200 පනින්නේ ඩොලර් එක. ඊට පස්සේ තමයි පෙට්‍රල් 200 පනින්නේ!!

:       0       0

Chanaka Tuesday, 18 September 2018 10:11 AM

මත්තල ගුවන් තොටුපොලයි, නකල්ස් කදු පන්තියයි, කොළඹ වරාය ඇතුළු තවත් අපේ වත්කම් ටිකක් විකුණමු.. එතකොට මේ මාසේ ඉවරවෙන්න කලින් රුපියල දෙසීයටම නග්ගත ඇහැකියි.

:       0       0

Thilina Tuesday, 18 September 2018 10:16 AM

මුළු රටක් කරගත්තු විනාසයක්. කිසිම සැලසුමක් නැතුව ඉබාගාතේ දුවන ආණ්ඩුවක්. ආර්ථිකය ක්‍රීඩාව සංස්කෘතිය සියල්ලම විනාශ කරමින් යන ගමනක්. ඔහොම යමු. සත්‍යපාලලා වගේ මිනිස්සු ඉන්නකම් මොන දේ කලත් තමන්ගේ පක්ෂේ නිසා හොඳයි

:       0       0

chathuri Tuesday, 18 September 2018 10:31 AM

රුපියල මෙතරම් බාල්දු වුනත් හදිසි රැස්වීම් පවත්වා කිසිම විසදුමක් හොයන්නේ නැහැ. ආණ්ඩුවේ කට්ටිය ජිවත් වෙන්නේ රුපියල අපේ නොවෙන ගානට

:       0       0

Bamunuarachchi Tuesday, 18 September 2018 11:54 AM

ක්‍රිකට ගහනකොට නම් කියන්න පුළුවන් පන්දුව හතරේ සීමාව කරා වේගයෙන් ඇදී යනවා කියලා. මේකෙදී රුපියල වේගයෙන් රටේ අගාදය කරා ඇදීයනවා කියලා කියමු.

:       0       0

OMG Tuesday, 18 September 2018 12:41 PM

"ඩබල් සෙන්චරියට" තව ටිකයි. ඔන්න ඊට වඩා අඩුවෙන් බැහැ හොදේ. ඔහොම යං. ඔහොම යං.

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

හරක්කටාට අවශ්‍ය දේ ලිඛිතව ඉල්ලන්න කියයි
2024 අප්‍රේල් මස 26 375 0

සංවිධානාත්මක අපරාධකරුවකු හා ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු බව කියන නඳුන් චින්තක වික්‍රමරත්න හෙවත් හරක් කටාට අවශ්‍ය කරන සියලු ඉල්ලීම් ලිඛිතව ත්‍


කෙත් ඇළට වැටුණු දරුවා කිලෝ මීටර් දෙකක් ගසාන යයි
2024 අප්‍රේල් මස 26 783 0

පොළොන්නරුව වැලිකන්ද සිංහපුර ප්‍රදේශයේ 26 වෙනිදා දහවල් 11 ට පමණ, ඉසඩ්. ඩී. ප්‍රධාන ඇලෙන් ගලා බසින කෙත් ඇළට වැටුණු අවුරුදු දෙකක පිරිමි දරුවෙකු කිලෝමීටර් දෙක


සුන්බුන් වූ ගාසාව සුද්ද කරන්න ට්‍රාක් 100 වසර 14ක් යාවි
2024 අප්‍රේල් මස 26 942 1

ඊශ්‍රායල හමුදා ප්‍රහාර හේතුවෙන් ගාසා තීරයේ ගොඩ ගැසුණු සුන්බුන් ඉවත් කිරීම සඳහා ට්‍රක් රථ 100ක් භාවිත කළහොත් ඒ සඳහා වසර 14 ක කාලයක් ගත වෙනු ඇතැයි එක්සත් ජා


මෛත්‍රී පාස්කු විවාදය මඟ හරි
2024 අප්‍රේල් මස 26 526 2

පාස්කු ඉරු දින ප්‍රහාරය පිළිබඳ විවාදයේදී හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා අදහස් දැක්වීමට නියමිතව තිබුණත් ඔහු කිසිදු අදහස් දැක්වීමක් නොකිරීම


වෛද්‍ය ශිෂ්‍ය ශිෂ්‍යාවෝ ඉටිපන්දම් දල්වා විරෝධයේ
2024 අප්‍රේල් මස 26 560 2

කොළඹ වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක්‍රියාකාරී සංගමය වෛද්‍ය පීඨ ශිෂ්‍ය ශිෂ්‍යාවන් මුහුණදී සිටින ගැටලු සහ පෞද්ගලික වෛද්‍ය පීඨ ස්ථාපිත කිරීමට ආණ්ඩුව ගෙන යන වැඩපිළ


ඇමෙරිකා කෘෂි උප ලේකම් ජනපති හමුවෙයි
2024 අප්‍රේල් මස 26 197 0

ඇමෙරිකා එක්සත් ජනපද කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ (USDA) වෙළෙඳ සහ විදේශ කෘෂිකාර්මික කටයුතු පිළිබඳ උප ලේකම් ඇලෙක්සිස් ටේලර් (Alexis Taylor) මහත්මිය සහ ජනාධිපති රනිල් ව


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 342 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1729 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1568 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site