IMG-LOGO

2024 අප්‍රේල් මස 27 වන සෙනසුරාදා


ජනපතිවරණය ආසන්නයේ දුන් රැකියා 7,000ක් අත්හිටුවයි

එක්සත් ජාතික පෙරමුණු ආණ්ඩුව ආරම්භ කළ සහන ණය වැඩසටහන්, රාජ්‍ය ආයතනවල සමාජ වගකීම් වැඩසටහන් සහ ජනාධිපතිවරණයට ආසන්න දිනවල දුන් රැකියා 7,000ක් අත්හිටුවීමට නව ආණ්ඩුව පියවර ගෙන ඇත.
 
ඒ අනුව නව භාණ්ඩාගාර ලේකම් එස්.ආර්. ආටිගල මහතා බැංකු, අමාත්‍යාංශ, දෙපාර්තමේන්තු සහ රාජ්‍ය ව්‍යවසායවලට මේ තීරණය චක්‍රලේඛ මගින් දැනුම් දී ඇත.

 එම ව්‍යාපෘති අතර ‘එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා’ වැඩසටහන සහ රාජ්‍ය බැංකු හරහා ක්‍රියාත්මක කළ සහන ණය වැඩසටහන් 11 ක් ද අත්හිටුවා තිබෙන අතර ණය වැඩසටහන් අත්හිටුවා ඇති බවත් අයඳුම්පත් සලකා බැලීම හා ඉදිරි පියවර ගැනීම අත්හිටුවා ඇති බවත් රාජ්‍ය බැංකු සඳහන් කළේය.

ව්‍යාපෘති නිලධාරීන්, කළමනාකරණ සේවා කාර්යමණ්ඩල සහ සංවර්ධන නිලධාරී තනතුරුවලට නව පත්වීම් නොකරන ලෙස මහ භාණ්ඩාගාරය රජයේ ආයතනවලට උපදෙස් දී තිබේ. ජනාධිපතිවරණය හේතුවෙන් එම පත්වීම තාවකාලිකව අත්හිටුවා තිබිණි.

 අමාත්‍යාංශ ලේකම්වරුන්ට, පළාත් සභාවල ප්‍රධාන ලේකම්වරුන්ට, දිස්ත්‍රික් ලේකම්වරුන්ට, දෙපාර්තමේන්තු ප්‍රධානීන්ට, සංස්ථා සභාපතිවරුන්ට සහ අදාළ නෛතික, බලයත් හා අධිකාරී මණ්ඩලවලට අදාළ චක්‍රලේඛ යවා තිබේ. නැවත දැනුම් දෙනතුරු නව පත්වීම් නොකරන ලෙසද උපදෙස් දී තිබේ.

මේ අනුව නව පත්වීම් 7,000කට ආසන්න සංඛ්‍යාවක් අත්හිටුවා ඇතැයි ද මහා භාණ්ඩාගාරයේ නිලධාරියෙක් පැවැසීය.

 

නැවත දැනුම් දෙනතුරු බඳවා ගැනීම් නොකරන ලෙස ද තවත් චක්‍රලේඛයකින් විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවට උපදෙස් දී තිබේ.
විභාග සහ සම්මුඛ පරීක්ෂණවලින් කළමනාකරණ සහායක තනතුරු සඳහා තෝරාගත් සියගණනකට මේ තත්ත්වය යටතේ කුමක්වේද යන්න ද අවිනිශ්චිත තත්ත්වයකට පත්ව ඇතැයි වාර්තාවේ.

 
ජේලර්, බන්ධනාගාර නියාමක/ නියාමකවරියන් සහ ආදී තනතුරුවලට කෙරුණු නව පත්වීම් 1,300ක් ද අත්හිටුවීමට බන්ධනාගාර දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබේ. ජනාධිපතිවරණයට පෙර එම තනතුරුවල පුරප්පාඩු සඳහා අයඳුම්පත් කැඳවා තිබේ.

රාජ්‍ය ව්‍යවසායවල සමාජ වගකීම් ක්‍රියාකාරකම් අත්හිටුවන්නැයි තවත් චක්‍රලේඛයක් යවමින් මහ භාණ්ඩාගාරය උපදෙස් දී තිබේ. රජයේ සංවර්ධන අරමුණු ළඟා කරගැනීම සඳහා කිසිදු පැහැදිලි අරමුණක් නොමැතිව රාජ්‍ය ව්‍යවසාය අනුග්‍රහ, පරිත්‍යාග සහ දැන්වීම් ආදිය ඇතුළුව සමාජ වගකීම් ක්‍රියාකාරකම් රැසක් ක්‍රියාත්මක කර ඇතැයි ද එම චක්‍රලේඛයේ සඳහන් වේ.
 
 තවදුරටත් සමාජ වගකීම ක්‍රියාකාරකම් සිදුකළහොත් සහ උපදෙස් නොපිළිපදිමින් කටයුතු කළහොත් ප්‍රධාන ගිණුම්කරණ නිලධාරියා, කළමනාකරණ මණ්ඩලයේ සාමාජිකයන් සහ ප්‍රධාන විධායක නිලධාරීන්ට එරෙහිව පියවර ගන්නා බවත් එහි සඳහන් වේ.
 

රාජ්‍ය සේවකයන්ගේ සියලු විදෙස් සංචාර අත්හිටුවමින් ජනාධිපති ලේකම් කාර්යාලය ඉකුත් දා චක්‍රලේඛයක් නිකුත් කළ අතර පරිපාලන ක්‍රියාපටිපාටි දැඩිව අනුගමනය කළ යුතු යැයි ඒවා පසුව සංශෝධනය කෙරුණි.

 ඒ අනුව රාජ්‍ය නිලධාරීන්ට විදෙස් සංචාරවලට අදාළ සියලු ලියකියවිලි ඉදිරිපත් කිරීමෙන් පසුව සහ අදාළ දෙපාර්තමේන්තුවල අනුමැතිය ලැබීමෙන් පසු ඔවුන්ගේ උසස් අධ්‍යාපන කටයුතු හෝ අධ්‍යාපන සංචාරවල නිරත විය හැක.

 මේ අතර, පසුගිය ආණ්ඩුවේ ගම්පෙරළිය ග්‍රාමීය සංවර්ධන වැඩසටහන සහ එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා යන වැඩසටහන් නැවත විමසා බලමින් සිටින බවද භාණ්ඩාගාර නිලධාරීහු සඳහන් කළහ. එක්සත් ජාතික පෙරමුණු ආණ්ඩුව මෙම ව්‍යාපෘති සඳහා රුපියල් බිලියන 48.81ක මුදලක් වෙන් කර තිබිණි.

සන්ඬේ ටයිම්ස් ඇසුරිනි
 
055



අදහස් (8)

ජනපතිවරණය ආසන්නයේ දුන් රැකියා 7,000ක් අත්හිටුවයි

bw dayarathne Sunday, 24 November 2019 05:20 PM

ඔබට සතුටුයිද දැන්?

:       530       667

KumarSunday, 24 November 2019 06:01 PM

පන්දම් කාරයන් 7000ක් නේ?

:       1138       1070

Rasika PradeepMonday, 25 November 2019 04:17 AM

ගොඩක් සතුටුයි මහත්තයෝ. ඔය ඔක්කොම ඡන්දය බලොරෝත්තුවෙන් කරපු දේශපාලන පත්වීම් මිසක් සාදාරණ ක්‍රියාපටිපටියකට පුරප්පාඩු පදනම් කරගෙන සුදුසුකම් මත කරපු පත්වීම් විය නොහැකි. මෙවැනි පත්වීම් රටට බරක්. රට ආපස්සට යන්න, රජය සේවය අකාර්යක්ෂම වෙන්න බලපාන මුලිකම හේතුව මේක. අතිරික්ත සහ නුසුදුසු සේවකයන් පත්කිරීම වහාම නවතාලිය යුතුයි. ඒ හින්ද මේ තීරණය ගැන ගොඩාක් සතුටුයි.

:       295       272

NishanWednesday, 27 November 2019 10:25 PM

රස්සාවල් නැති කරන කොටස විතරද දැක්කේ? අර සහන පොලියට ණය දෙන වැඩසටහන් නවත්වන එක දැක්කේ නැතැයි? දේශීය ව්‍යවසායකත්වය දියුණු නෙවෙනවටත් ඉරිසියාද? ගිය ආණ්ඩුව ගත්ත 7000ක් එළියට දාලා මේ ආණ්ඩුවට කඩේ ගිය 7000කට ඒ රස්සා දෙයි. එළියට දාන්න හේතුව කියන්නේ මේක. එ්ත් ඇතුළට ගන්නේ හොරෙන් හේතුත් නැතුව...

:       0       0

Kumara Sunday, 24 November 2019 06:17 PM

අනිවාර්යයෙන් පන්දම් කාරයින්ගේ පන්‍දම නිමිය යුතුයි.. රට හදන අපේ ජනපති ගෝඨාබය මහතාට ජය වේවා!!! JVP අය දැන් රෙදි නැතිව එයි.

:       1040       606

sugath Sunday, 24 November 2019 11:12 PM

ඔය වැඩේ මීට පෙර තිබු හැම ආණ්ඩුවක්ම කරපු දෙයක්. නමුත්, විශේෂයෙන්ම තරුණ තරුණියන්ට රැකියා දිය යුතුයි. පසුගිය ආණ්ඩුවේ පන්දම් කාරයින්ට දුන් රැකියා අත්හිටවා, මේ ආණ්ඩුවේ පන්දම් කාරයින්ට රැකියා දීමයි ඊළඟට සිදුවන්නේ.

:       502       251

chandana Monday, 25 November 2019 03:12 AM

මේ ක්‍රමය දැන්වත් නැවතුණොත් හොඳයි. මහින්දලා මේවා තොගපිටින් කළේ... එහෙම තෙල් සංස්ථාවේ රස්සාව ගත්තු අය මගේ අහළ පහළ. රස්සාව ගත්තා විතරක් නොවේ රස්සාවට යන්නේ නැතිව දේශපාලනය කළේ 10-15 කාලේ. මෙවරත් බැහැලම වැඩකළා පොහොට්ටුවට. නමුත් යහපාලනය ඒවා නැවැත්වුවේ නැහැ. ඒක වරදක්.. දැන් මිනිස්සු කතා කරන්නේ 2010-2015 කිසිම වරදක් නොවුණු විදිහට. හොරුන්ට දඬුවම් දුන්නේ නැති නිසානේ ගෙදර යන්න වුණේ..

:       188       486

sampath Wednesday, 27 November 2019 11:13 AM

මේ පත්වීම් දෙන්න... එ්ත් මේවට අභියාචනා හෝ විරෝධතා ඇත්නම් ඉදිරිපත් කිරීමට අනෙක් අයට කාලයක් ලබා දෙන්න. රාජ්‍ය සේවය දුවන්න පුරප්පාඩු පිරවිය යුතුයි. තරග විභාගවලින් ගෙනාපු අය නම් කමක් නැහැ.

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

හරක්කටාට අවශ්‍ය දේ ලිඛිතව ඉල්ලන්න කියයි
2024 අප්‍රේල් මස 26 244 0

සංවිධානාත්මක අපරාධකරුවකු හා ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු බව කියන නඳුන් චින්තක වික්‍රමරත්න හෙවත් හරක් කටාට අවශ්‍ය කරන සියලු ඉල්ලීම් ලිඛිතව ත්‍


කෙත් ඇළට වැටුණු දරුවා කිලෝ මීටර් දෙකක් ගසාන යයි
2024 අප්‍රේල් මස 26 522 0

පොළොන්නරුව වැලිකන්ද සිංහපුර ප්‍රදේශයේ 26 වෙනිදා දහවල් 11 ට පමණ, ඉසඩ්. ඩී. ප්‍රධාන ඇලෙන් ගලා බසින කෙත් ඇළට වැටුණු අවුරුදු දෙකක පිරිමි දරුවෙකු කිලෝමීටර් දෙක


සුන්බුන් වූ ගාසාව සුද්ද කරන්න ට්‍රාක් 100 වසර 14ක් යාවි
2024 අප්‍රේල් මස 26 633 1

ඊශ්‍රායල හමුදා ප්‍රහාර හේතුවෙන් ගාසා තීරයේ ගොඩ ගැසුණු සුන්බුන් ඉවත් කිරීම සඳහා ට්‍රක් රථ 100ක් භාවිත කළහොත් ඒ සඳහා වසර 14 ක කාලයක් ගත වෙනු ඇතැයි එක්සත් ජා


මෛත්‍රී පාස්කු විවාදය මඟ හරි
2024 අප්‍රේල් මස 26 377 2

පාස්කු ඉරු දින ප්‍රහාරය පිළිබඳ විවාදයේදී හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා අදහස් දැක්වීමට නියමිතව තිබුණත් ඔහු කිසිදු අදහස් දැක්වීමක් නොකිරීම


වෛද්‍ය ශිෂ්‍ය ශිෂ්‍යාවෝ ඉටිපන්දම් දල්වා විරෝධයේ
2024 අප්‍රේල් මස 26 455 2

කොළඹ වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක්‍රියාකාරී සංගමය වෛද්‍ය පීඨ ශිෂ්‍ය ශිෂ්‍යාවන් මුහුණදී සිටින ගැටලු සහ පෞද්ගලික වෛද්‍ය පීඨ ස්ථාපිත කිරීමට ආණ්ඩුව ගෙන යන වැඩපිළ


ඇමෙරිකා කෘෂි උප ලේකම් ජනපති හමුවෙයි
2024 අප්‍රේල් මස 26 164 0

ඇමෙරිකා එක්සත් ජනපද කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ (USDA) වෙළෙඳ සහ විදේශ කෘෂිකාර්මික කටයුතු පිළිබඳ උප ලේකම් ඇලෙක්සිස් ටේලර් (Alexis Taylor) මහත්මිය සහ ජනාධිපති රනිල් ව


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 342 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1727 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1568 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site