IMG-LOGO

2024 අප්‍රේල් මස 26 වන සිකුරාදා


ජනතාව ඉල්ලනවානම් වස වුණත් දෙනවා - ඇමැති හැරිසන්

දයාරත්න ඇඹෝගම

‘ජනතාව ඉල්ලන්නේ උඹලා අපිට වහ හරි දීලා අස්වැන්න වැඩි කරලා දෙන්න කියලා  නම් අපිට රජයක් විදියට ඒ තීන්දුවට යන්න වෙනවා.‘ යැයි ග්‍රාමීය ආර්ථික කටයුතු පිළිබද අමාත්‍යය පී.හැරිසන් මහතා පැවසීය.

ඇමැතිවරයා මේ බව ප්‍රකාශ කළේ ග්‍රාමීය ආර්ථික ප්‍රවර්ධන වැඩ සටහනේ ජීවනෝපාය සංවර්ධන ව්‍යාපෘතිය  යටතේ  තලාව ප්‍රාදේශීය  ලේකම් කාර්යාලයේ පැවති  භාණ්ඩ බෙදා දීමේ උත්සව සභාව අමතමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යයවරයා මෙසේද පැවසිය.

මේ රටේ තියෙන ලොකුම ප්‍රශ්නයක් තමයි වකුගඩු රෝගය. වකුගඩු රෝගයට විසඳුමක් හැටියට කාබනික පොහොර වලට ජනතාව යොමු කරන්නත්, රසායනික පොහොර ක්‍රමක්‍රමයෙන් අඩුකරන්නත්, වල් නාශක හා විෂ අධික කෘමිනාශක භාවිතය ක්‍රමයෙන් අඩු කරලා දේශීය වී වර්ග වලට ප්‍රමුඛස්ථානය දීලා කටයුතු කරන්නත් රජයක් හැටියට අපි ප්‍රථිපත්තිමය තීන්දුවක් ගත්තා.

ඒ තීන්දුවේ ප්‍රතිඵලයක් තමයි පහුගිය දිනවල තිබුණ ප්‍රාදේශීය සභා මැතිවරණයේදී අපි ගමට ගියහම "අපිට වැඩක් නෑ කාබනික පොහොර. අපිට පරණ විදිහටම පොහොර දෙන්න. වකුගඩු දියවෙලා නෙමෙයි  කුණු වෙලා ගියත් කමක් නෑ කියලා "ජනතාව ආණ්ඩුවට පණිවිඩයක් දුන්නා. ග්ලයිෆොසෙට් ගහපුවහම පැත්ත පළාතම ගිණි අඟුරු වෙලා යනවා. ඒ වල්නාශක නිසා මේ පළාතේ ලක්ෂයක් විතර වකුගඩු රෝගයට ගොදුරු වෙලා ඉන්නවා. හැබැයි මිනිස්සු ඒකට ප්‍රථිචාරය දුන්නා මේ ඡන්දයේදී  අපිට ග්ලයිෆොසෙට් දීපල්ලා කියලා. හදවත්  බොකු බඩවැල් කැවුතු දියවෙලා ගියත් කමක් නෑ, පොහොර හා වල් නාශක ගෙනල්ලා මේකට වත්කරපල්ලා, එහෙම වුණොත් තමයි අපි උඹලාට ඡන්දේ දෙන්නේ කියලා අපිට පාඩමක් ඉගැන්නුවා.

වකුගඩු රෝගයට අපේ දරුවෝ ගොදුරු වෙනවා, අපිත් මැරිලා යනවා කියන එකට උත්තරයක් සපයන්න ගියපුවහම කෘෂිකාර්මික දිස්ත්‍රික්ක වල ඔක්කොම අපිට පාඩමක් කියලා දුන්නා. එහෙම නම් අපි තීන්දු කෙරුවා ලබන යලේ ඉඳන් රුපියල් 500 ගානේ රසායනික පොහොර දෙන්න. ( උත්සව සභාවේ සිටි පිරිස අත්පොළ සන් දුන්හ.) මේක මම කිව්වම අප්පුඩි ගැහුවාට වැඩක් නෑ, මේකේ ප්‍රථිපලය භයානකයි. තාවකාලිකව පොඩි සතුටක් තියෙයි, කණගාටුයි කියන්න අනුරාධපුරයේ ලක්ෂයක් වකුගඩු රෝගයෙන් පෙළෙනවා.

 ග්ලයිෆොසෙට් තහනම් කරලා තිබුණා. තේ වතුවල, රබර් වතු වල , පොල්වතු වල ඉන්න මිනිස්සු හඬක් නැගුවා, ඒ පැත්තෙන් අපිට පණිවිඩයක් දුන්නා අපිට ග්ලයිෆොසෙට් දෙන්නේ නැත්තන් උඹලාට ජන්දෙත් නෑ කියලා..අපි මැරුණට කමක් නෑ , භාගෙට මැරුණත් කමක් නෑ, ග්ලයිෆොසෙට් දෙන්න කිව්වා.ඒ ක්‍රමයට යන්න ආණ්ඩුව තීන්දු කෙරුවා.ඒකට අපි ප්‍රතිචාර දක්වන කොට, ජනතාව ආරක්ෂා කරන කොට බෙහෙත් හේත් ටික දෙනකොට, පාසල් දරුවන් වකුගඩු රෝගයෙන් මුදවා ගන්න හැම පාසලකටම ජල ෆිල්ටරයක් හයි කරලා දරුවන් තමයි අපේ අනාගතය කියලා රැක ගන්න හදන කොට රජය හැටියට, ජනතාව ඒකට සූදානම් නැත්නම් අපිට කරන්න දෙයක් නෑ,ජනතාව ඉල්ලන්නේ උඹලා අපිට වහ හරි දීලා ගොයමේ අස්වැන්න ටිකක් වැඩි කරලා දෙන්න කියලා  නම් අපිට ඒ තීන්දුවට යන්න වෙනවා.‘ යැයි ද ඇමැතිවරයා කීවේය.

 

 



අදහස් (8)

ජනතාව ඉල්ලනවානම් වස වුණත් දෙනවා - ඇමැති හැරිසන්

Mahesh jayawickrama Thursday, 22 March 2018 11:39 AM

ඔව් ඉල්ලුවා නම් දිය යුතුමයි...........මෙහෙම මෝඩයන් ජීවත් වීමෙන් පලක් නැහැ....තමන්ගේ බඩ ගෝස්තරේ ගැන විතරක් හිතන මේ වගේ අය ඉන්නකල් කොහොමද රටක් දියුණු වෙන්නේ..............

:       0       0

රවින් Thursday, 22 March 2018 12:38 PM

මන්ත්‍රීවරු/ ඇමතිවරු එහෙම නොවේ කියන්න ඕනේ. අපේ සාක්කු පිරෙනවානම් අනික් එවුන්ට හෙනගහලා ගියත් කමක් නැහැ කියලයි.

:       0       0

Raveendra Thursday, 22 March 2018 01:05 PM

මේ අපේ බදුමුදල් වලින් "සැපවත් ජිවිත ගතකරන" මහජන නියෝජිතයන් කියන කතාද ? නැවතත් හිතන්න පාට කන්නාඩිවලින් මෙදෙස නොබලා මේ වගේ අයද අපගේ මහජන නියෝජිතයන් ?

:       0       0

hasantha Thursday, 22 March 2018 01:08 PM

මොන මෝඩ තීරණයක්ද මේ. ඡන්ද බලාගෙන වැරදි දේවල් කරන්න පුලුවන්ද?. ඊළගට ලෙඩ වෙන මිනිස්සුට බෙහෙත් කරන්න යන්නෙත් ජනතාවගේම මුදල් හා කාලය. අනාගත පරම්පරාව ඔබලාට සාප කරාවි. නුගත් මිනිස්සු පාර්ලිමේන්තුවට ඇරියම රටම විදවනවා.

:       0       0

casmir Thursday, 22 March 2018 01:25 PM

මේ වගේ නායකයෝ තමයි ලංකාවේ ඉන්නේ. හැමදාම කරන්නේ ඡන්ද ගන්ඩ රට ජාතිය ඔක්කොම නැතිකරනවා.

:       0       0

සතයපාල Thursday, 22 March 2018 01:30 PM

නායකයෝ කියන්නේ ජනතාවට ඉදිරියෙන් ඉන්න ජනතාවට මග පෙන්වන්න පුළුවන් දූරදර්ශී බුද්ධිමතුන් විය යුතුයි. නැතිව ජනතාව කියන කියන දෙය කරන්නයී ඉල්ලන ඉල්ලන දේවල් දෙන්න නම් නායකයෝ මොකටද ජනතාවටම තීන්දූ තීරණ අරන් ක්‍රියාත්ම කරන්න පුළුවන්නේ. ඔය ග්ලයිපෝසෙට් කරන්න ඉස්සර වෙලා මේ ගැන තවදුරටත් හොයා බලන්න තිබුණානේ. මේක නිසාමද වකුගඩු රෝගය හැදෙන්නේ නැත්නම් වෙනත් හේතුන් තිබෙනවාද. ඒ වගේම ග්ලයිපෝසෙට් තහනමෙන් කෘෂි කර්මාන්තයට බලපාන ආකාරය රටේ ආර්ථිකයට බලපාන ආකාරය හා ග්ලයිපෝසෙට් තහනම් කලවිට ඒ සදහා ඇති විකල්ප හා ඒවයේ සාර්ථක භාවය වැනි කරනූ. එහෙම නැතිව එක එක්කෙනාව සතුටු කරන්න රටේ ජාතික වැදගත් කමකින් යුත් ප්‍රශ්ණ සම්බන්ධයෙන් තීන්දු තීරන ගත්තම අන්තීමට රටම අනාත වෙනවා.

:       0       0

Bamunuarachchi Friday, 23 March 2018 05:58 AM

ඔව් මහත්තයෝ මේ යන විදිහට වැඩිකල් නොගොස් අපිට ඔබලාගෙන්ම වහ ඉල්ලාගෙන කන්න වෙනවා. පවුලම එකතුවෙලා අන්දරේ මතක් කරමින් උඹේ කටෙත් වස මග කටෙත් වස කියමින් අපි කන්නම්. එතරමට ජීවන වියදම දරා ගන්න බැහැ.

:       0       0

Bamunuarachchi Friday, 23 March 2018 02:27 PM

බන්දුල ගුණවර්ධන මහතාගේ 2500 කතාව වගේ හැරිසන් මහතා ජාතියට වහ දෙන කතාවත්... කැලෑ පත්තර ගහන කියවන කට්ටියට හරි වටිනවා. අපි නම් දන්නවා නියම කතාව මොකක්ද කියලා.. හැරිසන් මහතා අදහස් කළේ මොකක්ද කියලා..?

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

හරක්කටාට අවශ්‍ය දේ ලිඛිතව ඉල්ලන්න කියයි
2024 අප්‍රේල් මස 26 132 0

සංවිධානාත්මක අපරාධකරුවකු හා ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු බව කියන නඳුන් චින්තක වික්‍රමරත්න හෙවත් හරක් කටාට අවශ්‍ය කරන සියලු ඉල්ලීම් ලිඛිතව ත්‍


කෙත් ඇළට වැටුණු දරුවා කිලෝ මීටර් දෙකක් ගසාන යයි
2024 අප්‍රේල් මස 26 302 0

පොළොන්නරුව වැලිකන්ද සිංහපුර ප්‍රදේශයේ 26 වෙනිදා දහවල් 11 ට පමණ, ඉසඩ්. ඩී. ප්‍රධාන ඇලෙන් ගලා බසින කෙත් ඇළට වැටුණු අවුරුදු දෙකක පිරිමි දරුවෙකු කිලෝමීටර් දෙක


සුන්බුන් වූ ගාසාව සුද්ද කරන්න ට්‍රාක් 100 වසර 14ක් යාවි
2024 අප්‍රේල් මස 26 354 1

ඊශ්‍රායල හමුදා ප්‍රහාර හේතුවෙන් ගාසා තීරයේ ගොඩ ගැසුණු සුන්බුන් ඉවත් කිරීම සඳහා ට්‍රක් රථ 100ක් භාවිත කළහොත් ඒ සඳහා වසර 14 ක කාලයක් ගත වෙනු ඇතැයි එක්සත් ජා


මෛත්‍රී පාස්කු විවාදය මඟ හරි
2024 අප්‍රේල් මස 26 260 2

පාස්කු ඉරු දින ප්‍රහාරය පිළිබඳ විවාදයේදී හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා අදහස් දැක්වීමට නියමිතව තිබුණත් ඔහු කිසිදු අදහස් දැක්වීමක් නොකිරීම


වෛද්‍ය ශිෂ්‍ය ශිෂ්‍යාවෝ ඉටිපන්දම් දල්වා විරෝධයේ
2024 අප්‍රේල් මස 26 368 2

කොළඹ වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක්‍රියාකාරී සංගමය වෛද්‍ය පීඨ ශිෂ්‍ය ශිෂ්‍යාවන් මුහුණදී සිටින ගැටලු සහ පෞද්ගලික වෛද්‍ය පීඨ ස්ථාපිත කිරීමට ආණ්ඩුව ගෙන යන වැඩපිළ


ඇමෙරිකා කෘෂි උප ලේකම් ජනපති හමුවෙයි
2024 අප්‍රේල් මස 26 129 0

ඇමෙරිකා එක්සත් ජනපද කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ (USDA) වෙළෙඳ සහ විදේශ කෘෂිකාර්මික කටයුතු පිළිබඳ උප ලේකම් ඇලෙක්සිස් ටේලර් (Alexis Taylor) මහත්මිය සහ ජනාධිපති රනිල් ව


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 342 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1727 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1568 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site