IMG-LOGO

2024 මැයි මස 08 වන බදාදා


ඝාතන කුමන්ත්‍රණය ගැන පොලිස් කොමිසමේ ලේකම්ගෙනුත් ප්‍රශ්න කරයි

තරිඳු ජයවර්ධන
 
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ඝාතනය කිරීමට කුමන්ත්‍රණය කළැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශනය කරන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අද (05) ජාතික පොලිස් කොමිෂන් සභාවේ ලේකම්   ඩී එම් සමන් දිසානායක මහතා කැඳවා ප්‍රකාශයක් සටහන් කර ගත් බව එහි ආරංචි මාර්ග කියයි.

 
සමන් දිසානායක මහතා අද (05) දහවල් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඉදිරියේ පෙනී සිටි අතර එහි මිනීමැරුම් විමර්ශන අංශයේ නිලධාරීන් පැය තුනකට ආසන්න කාලයක් ඒ මහතාගෙන් ප්‍රශ්න කර ප්‍රකාශ සටහන් කර ගත්තේය.
 
ත්‍රස්ත විමර්ශන අංශය භාරව සිටි නියෝජ්‍ය පොලිස්පති නාලක ද සිල්වා මහතා ජාතික පොලිස් කොමිෂන් සභාවේ නිලධාරියකුට එරෙහිව කළැයි කියන ප්‍රකාශයක් ද දූෂණ විරෝධී බලකාය නම් සංවිධානයේ නාමල් කුමාර මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ලබා දුන් හඬපටවල තිබී ඇති  බවත්, රහස් පොලිසිය ඒ ගැන පොලිස් කොමිසමේ ලේකම්වරයාගෙන් ප්‍රශ්න කළ බවත් ආරංචි මාර්ග සඳහන් කරයි.
 
ජාතික පොලිස් කොමිසමේ ලේකම්වරයා සඳහන් කර ඇත්තේ තමා නාලක සිල්වා මහතා සමඟ කිසිම පුද්ගලික අමනාපයක් නැති බවයි. නාලක සිල්වා මහතාගේ අධ්‍යාපන සුදුසුකම් සම්බන්ධයෙන් පොලිස් නිලධාරීන් පිරිසක් පැමිණිල්ලක් කළ බවත්, ඒ සම්බන්ධයෙන් පොලිස් කොමිෂන් සභාවෙන් විමර්ශනයක් ආරම්භ කර ඇති බවත් සමන් දිසානායක මහතා ප්‍රකාශ කළ බව රහස් පොලිස් ආරංචි මාර්ග සඳහන් කරයි. නියෝජ්‍ය පොලිස්පතිවරයා තමන්ට හෝ කොමිසමට එරෙහිව කටයුතු කරන ලෙස උපදෙස් දී ඇත්තේ ඇයිදැයි තමා නොදන්නා බව ද ලේකම්වරයා ප්‍රකාශ කර තිබේ.
 
මෙම විමර්ශනයට අදාළව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අද (05) වන විට ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන් දෙදෙනකු ඇතුළු විශාල පිරිසකගෙන් ප්‍රකාශ සටහන් කරගෙන තිබේ.



අදහස් (4)

ඝාතන කුමන්ත්‍රණය ගැන පොලිස් කොමිසමේ ලේකම්ගෙනුත් ප්‍රශ්න කරයි

OMG Friday, 05 October 2018 05:12 PM

මෙගා නාට්‍ය කොටස් වශයෙන් පලවෙනවා.

:       0       41

Chanak Los angelesFriday, 05 October 2018 09:05 PM

මම නම් කියන්නේ ජනතාව මේවා ගැන හිත හිත දුක්වෙන්නේ නැහැ. මොවුන් මේවා ජනතාවට බලෙන් ඇඟට පටවලා රටේ ප්‍රශ්න අමතක කරවන්න වෙහෙස දරනවා

:       0       6

Chanak Los angeles Friday, 05 October 2018 08:59 PM

අපිට නම් මේ දේවල් වලට වඩා වටින්නේ මුදල් ඒකකය කඩා වැටෙමින් ජනයාට විඳින්න වෙන පීඩාව පිළිබඳව සිතීමයි

:       0       8

Hafeel Saturday, 06 October 2018 11:30 AM

මේකත් අර විජය කළාගේ පරීක්ෂණ වගේ නොවේවා.

:       0       14

ඔබේ අදහස් එවන්න

මහ පුවරුව

මන්නා රමේෂ් ඩුබායිවලින් කොළඹට
2024 මැයි මස 07 6429 8

සංවිධානාත්මක අපරාධ කල්ලි නායකයකු මෙන්ම මිනීමැරුම් කීපයක් සදහා චෝදනා ලබා සිටින රමේෂ් ප්‍රියජනක නොහොත් ’’ මන්නා රමේෂ් ’’ නැමැති අය අද දින අලුයම ඩුබායි


ගුවන්තොටේ කලබල කළ තරුණයා පොලීසියට කැඳවලා
2024 මැයි මස 06 4720 31

කටුනායක ගුවන් තොටුපොළ තුළ වීසා නිකුත් කිරීම සහ ඒ සදහා මුදල් අය කර ගැනීම ඉන්දීය ග්ලෝබල් වී.එෆ්.එස්.සමාගමට පැවරීමට එරෙහිව අදහස් ප්‍රකාශ කළ නීතීඥ සදරු කුම


ප්‍රාණ ඇපයට ගත් දරු දෙදෙනා පැය නවයකට පසු බේරා ගැනෙති
2024 මැයි මස 06 4902 0

හංවැල්ල ජල්තර රාජ්‍ය සේවක නිවාස සංකීර්ණයේ පදිංචිව සිටි තම බිරිය ඝාතනය සදහා ඊයේ (05) දින සවස අත් බෝම්බයක් රැගෙන පැමිණි නීත්‍යානුකූල සැමියා බව කියන පුද්ගල


බෝම්බයක් රැගෙන දරු දෙදෙනකු ප්‍රාණ ඇපයට ගනී
2024 මැයි මස 05 2428 1

හංවැල්ල ජල්තර රාජ්‍ය සේවක නිවාස සංකීර්ණයේ පදිංචිව සිටි තම බිරිය ඝාතනය සදහා අත් බෝම්බයක් රැගෙන පැමිණි සැමියා බව කියන පුද්ගලයකු කුඩා දරුවන් දෙදෙනකු ප්


ක්‍රිකට් ක්‍රීඩක ගාස්තු ඉහළ නංවයි
2024 මැයි මස 05 2976 3

ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩකයන්ගේ ගෙවීම් සියයට 100 කින් ඉහළ නැංවීමට ශ්‍රි ලංකා ක්‍රිකට් ආයතනය තීරණ කර තිබේ.


බළන්ගොඩ හදිසි මරණවලින් සියයට 70ක් හෘදයා බාධ
2024 මැයි මස 04 2292 5

බලන්ගොඩ ප්‍රදේශයේ ඉකුත් මාස තුනක කාලය තුළ සිදු කළ හදිසි මරණ පරික්ෂණ වලදිි වයස අවුරුදු 30 -50 අතර මරණවලින් සියයට හැත්තැවක පමණ ප්‍රමාණයක් හෘදයාබාධ හේතුවෙන


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 546 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1999 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1774 4
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site