IMG-LOGO

2024 අප්‍රේල් මස 27 වන සෙනසුරාදා


ගංවතුරට ආණ්ඩුවේ සුදානම මදි - බිමල් රත්නායක

(සුජිත් හේවාජුලිගේ සහ ආරියරත්න රණබාහු)
 
ගංවතුරට ආණ්ඩුවේ සුදානම ප්‍රමාණවත් නැතැයි ජවිපෙ මන්ත්‍රී බිමල් රත්නායක මහතා පාර්ලිමේන්තුවේදී අද (23) චෝදනා කළේය.

 
බිමල් රත්නායක මහතා මේ චෝදනා කළේ ජාතික පරිසර පනත යටතේ පැවති විවාදයේදීය.
 
බිමල් රත්නායක මහතා එහිදී  මෙසේද කීය
 
    ‘‘ගංවතුරට මුදල් වෙන් කරලා විතරක් මදී. ඒ බෙදන්නෙත් එයාලගේ පෞද්ගලික මුදල් නෙවෙයි. මහජනතාවගේ සල්ලියි.සල්ලි බෙදන්න කලින් තවත් කරන්න දේවල් තියනවා.
 
රත්නපුරය හැම වතාවයක්ම ගංවතුරකට ලක් වෙනවා.නමුත් ඒ ප්‍රදේශවල එක බෝට්ටුවක්වත් සුදානම් කරලා නෑ .ඉතිං මොකක්ද ආණ්ඩුවේ සුදානම.පරිසර නීති ගෙනාවාට වැඩැක් නැහැ. ඒවා හරියට ක්‍රියාත්මක නොවෙනවා නම් පරිසර නීති දුෂණයෙන් තොරව ක්‍රියාත්මක කිරීම නිවැරදි  දේශපාලනඥයින් රජයේ නිලධාරීන් අවශ්‍යයි.
 
ඇඹිලිපිටියේ කැලෑවේ අක්කර ගණන් සුද්ධ කරලා සෝලා චැනල් ගහනවා . හිටපු හමුදා ප්‍රධානීයෙක්ද ඊට සම්බන්ධයි.මේ ගැන හොයන්න.
 
විල්පත්තුව වනසන ජාතිවාදී දේශපාලනඥයින් ගැනත් සොයන්න. අවතැන්වු අයට ඉඩම් දෙන්න එපා කියලා කවුරුත් කියන්නේ නෑ.විල්පත්තුවේ අයට ඉඩම් ඕනෑ.නමුත් ඒ මුවාවෙන් වනාන්තර විනාශ කරන්න දෙන්න බැහැ.‘‘



අදහස් (12)

ගංවතුරට ආණ්ඩුවේ සුදානම මදි - බිමල් රත්නායක

Raveendra Wednesday, 23 May 2018 03:02 PM

මේ රතු මල්ලියේ ඔය කියන හැම ආණ්ඩුවම... සියඹලාණ්ඩුවම, පාණ්ඩුවම කිසිඳු කමකට නැති බඩගෝස්තරවාදීන් (ඔහෙලත් ඇතුළුව හොඳේ) බව ඔහෙලට ඉස්සෙල්ලා අපි දන්නවා. මේ අවස්ථාවේ රතුමල්ලිලා පුරුදු පරිදි "බොරදියේ කිඹුල්ලු බාන්නේ" නැතිව කරන උදවුවක් කරනවල මොකද රතු මල්ලිලා හඳෙන්ද ඇවිල්ල තියෙන්නේ? මේ අමාරුවේ වැටිලා ඉන්නේ රතුමල්ලිලාගේත්, අපේත්, අප සැමගේම සහෝදර පුරවැසියන්. ආණ්ඩුවේ අම්බරුවන් වගේම ඔහේලත් විපක්ෂයේද? මොකක්ද මගුලේ ඉන්න අම්බරුවන් නේද? ඉතින් මහජන බදුමුදල්වලින් වේල්තුනම පිනට ගිලින එකේ අඩුමතරමින් කන කෑමටවත් වැඩක් කරනවල වාචාලයින් වගේ නිතරම කියව කියව ඉන්නේ නැතිව...

:       756       312

ධනුෂ්කThursday, 24 May 2018 01:12 AM

සමහර අය අදහස් දාන්නේ ඊයේ ඉපදිලා වගේ. කිසි දෙයක් ගැන දැනුමක් අවබෝධයක්. ඉතිහාසයක් දන්නෑ. තමන් අකමැති නිසා බනිනවා.

:       0       0

sirimal Wednesday, 23 May 2018 03:22 PM

ඔබතුමන්ලා නම් ඕනෑම අවස්ථාවක ආණ්ඩුව කරන ඕනෑම දෙයක් හොඳ නරක නොසොයා විවේචනය කරන්න ඕනෑවටත් වැඩිය සුදානමෙන් තමයි ඉන්නේ. හැමදේකටම විවේචනය විතරයි. පිළියමක් කියන්න දන්නේ නෑ නේද?

:       214       111

Don Wednesday, 23 May 2018 03:49 PM

ඔහු රජයෙන් අහන්නේ හැමතිස්සෙම වහින කොට ජවිපය කළා වගේ ඉණ දක්වා ඇඳුම් අඳින්න කියලයි.

:       150       47

Kumar Wednesday, 23 May 2018 04:42 PM

කියව කියවා ඉන්නේ නැතුව ගිහිල්ලා උදව් කරන්නකෝ.

:       165       52

සතයපාල Wednesday, 23 May 2018 04:48 PM

වහල් මානසිකත්වයෙන් යුත් අයට ජ.වි.පෙ. කියන ඒවා තේරෙන්නේ නැහැ. විවේචනය විතරක් නොවේ ලංකාවේ විපතකදී මුලින්ම සහන සේවා කටයුතු සදහා ඉදිරියට එන්නේ ජ.වි.පෙ.ය. එය පසුගිය දසක දෙකක කාලයක සිට ඉතිහාසය සාක්ෂි දරනවා ඇත. ඒ විතරක් නොවේ ලංකාවට මෙවැනී ශෝචනීය ඉරණමකට මුහුණ දෙන්න වෙන බව අනාගත වාක්‍යයක් ලෙස කිවු එකම දේශපාලන ව්‍යාපාරයද ජ.වි.පෙ.ය 1982 ජ.වි.පෙ නිර්මාතෘ රෝහන විජේවීර "රට හදන්න අපේ ප්‍රතිපත්තී" යනුවෙන් පවත්වන ලද දේශනය අඩංගු පොත් පිංච හැකිනම් සොයා කියවා බලන්න. මධ්‍යම කඳුකරයේ තේ වගාව නිසා නාය යෑම්වලට ලක්වන බවටත් ලංකාවේ ගංවතුර පාලනය කල යුතු ආකාරය ගැනත් ඒ වගේම කෘෂි කර්මාන්තය හා කර්මාන්ත දියුණු කල යුතු ආකාරය ගැනත් අවධානය යොමු කරමින් කරන ලද ඒ දේශනය කියවු අයකුට අද ලංකාවට අත්වී තිබෙන ඉරණම ගැන පුදුම වෙන්න දෙයක් නැත.

:       1231       2131

සෙනෙවි Wednesday, 23 May 2018 05:53 PM

කුමාර් මහතානෙනි , ජවිපෙ මෙැවින් අවස්ථාවල තමන්ගේ හැකියාවටත් වඩා කැපවීමක් කර මිනිසුන්ට සහන සලසා ඇති බව දන්නො දනිති. ජවිපෙ අවංකව මිනිසුන්ට උදව් කලේය . ගාල්ලේ බස් නැවතුම හොඳම උදාහරනයයි.

:       849       1013

Saththaya Thursday, 24 May 2018 01:37 AM

ඔය බොරු කියවන වෙලාවේ, රටේ කෝටි ගණනින් හොරකම් කරපු සල්ලි ආපහු ලබාගන්නා ක්‍රමවේදය ඉක්මන් කරන පිළිවෙලකට සටන් කරන්න . මොකද ඔවුන් බලාගෙන ඉන්නේ ආණ්ඩුව පෙරළා ඒවා යට ගහන්න.

:       0       0

Bamunuarachchi Thursday, 24 May 2018 03:07 AM

ගංවතුරට නොවෙයි මේ ගොල්ලෝ කිසිම දෙකට සුදානම් නැහැ. එකම සුදානම ලෝකා දීමනාවවක් වැඩිකලොත් පැනලා එක ගන්න.

:       0       0

kalani Thursday, 24 May 2018 03:34 AM

බිමල් රත්නායක මන්ත්‍රීතුමාගේ ප්‍රකාශය නිර්ධය ලෙස සරදමට ලක් කිරීමට පෙර ඔවුන්ගේ සක්‍රිය දේශපාලන හැසිරීම අධ්‍යනය කරන්න. ආපදා කළමනාකරණය පිලිබඳ අපි ප්‍රාමාණිකයෝ නොවෙමු.මේ වනවිට වෙසක්,පොසොන් මෙන් ගංවතුර ගැලීම සාමාන්‍යකරණය වී තිබේ.මුළු දිවයිනම වසා ගනිමින් ගංවතුර ගලත්දී රජයක් කුමක් කරන්න දැයි කෙනෙක් අසති. " චීනයේ අදෝනාව " නමින් හැඳින් වූ කහ ගංගාවෙන් සිදුවන මහා විපත අවම කරගෙන තිබේ. යම් යම් ප්‍රදේශ යටවන්නේ ඇයිදැයි සොයාබලා එම විෂය පිලිබඳ ප්‍රාමානිකයින්ගෙන් උපදෙස් ලබා, වැසි නැති කාලවල ජලය බැසයාමට අවහිර වන බාධක ඉවත් කල නොහැකිද? මෙවැනි අඩුපාඩුකම් පෙන්වාදීම විපක්ෂයේ වගකීම ඉටුකිරීමක මිස කයිවාරු ගැසීමක් නොවේ. එසේම මෙවන් අවස්ථාවල සක්‍රියව ජනතාව සමග එකතුවන එකම දේශපාලන පක්ෂයද ජවිපෙ පමණක් බව අපි දනිමු. සුනාමි ව්‍යසනයේදී මුහුදුබඩ දුම්රිය මාර්ගය සම්පුර්ණයෙන් ප්‍රතිසංස්කරණය කලේ ජවිපෙ බව මතක් කරමි.

:       0       0

prakaash Thursday, 24 May 2018 03:49 AM

සුදානමක් කොහෙත්ම කොහෙත්ම නැහැ .ජනාධිපති කියන්නේ ගංවතුර යනු සංවර්ධනය කියලයි.

:       14       0

ravi Thursday, 24 May 2018 05:38 AM

බොරුවට කියව ..කියවා ඔහේ මුල්ලකට වෙලා ඉන්නවා .

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

’’බාල බෙහෙත් හොරු කවුද’’: විශේෂ හෙළිදරව්වක් එන සතියේ
2024 අප්‍රේල් මස 27 137 0

බාල ඖෂධ ජාවාරම, ප්‍රමිතියෙන් තොර බෙහෙත් මිලදී ගැනීම, ඒවාට සම්බන්ධවූ පිරිස් සහ ඊට අදාල තවත් වැදගත් ආන්දෝලනාත්මක කරුණු ගණනාවක් හෙළිදරව් කෙරෙන පරිපූර්


තැනින් තැනට අදත් වැස්ස
2024 අප්‍රේල් මස 27 67 0

බස්නාහිර, සබරගමුව, මධ්‍යම, දකුණ, වයඹ සහ ඌව පළාත්වලට පස්වරු 2.00 පමණ පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.


හරක්කටාට අවශ්‍ය දේ ලිඛිතව ඉල්ලන්න කියයි
2024 අප්‍රේල් මස 26 1153 0

සංවිධානාත්මක අපරාධකරුවකු හා ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු බව කියන නඳුන් චින්තක වික්‍රමරත්න හෙවත් හරක් කටාට අවශ්‍ය කරන සියලු ඉල්ලීම් ලිඛිතව ත්‍


කෙත් ඇළට වැටුණු දරුවා කිලෝ මීටර් දෙකක් ගසාන යයි
2024 අප්‍රේල් මස 26 2024 0

පොළොන්නරුව වැලිකන්ද සිංහපුර ප්‍රදේශයේ 26 වෙනිදා දහවල් 11 ට පමණ, ඉසඩ්. ඩී. ප්‍රධාන ඇලෙන් ගලා බසින කෙත් ඇළට වැටුණු අවුරුදු දෙකක පිරිමි දරුවෙකු කිලෝමීටර් දෙක


සුන්බුන් වූ ගාසාව සුද්ද කරන්න ට්‍රාක් 100 වසර 14ක් යාවි
2024 අප්‍රේල් මස 26 2279 1

ඊශ්‍රායල හමුදා ප්‍රහාර හේතුවෙන් ගාසා තීරයේ ගොඩ ගැසුණු සුන්බුන් ඉවත් කිරීම සඳහා ට්‍රක් රථ 100ක් භාවිත කළහොත් ඒ සඳහා වසර 14 ක කාලයක් ගත වෙනු ඇතැයි එක්සත් ජා


මෛත්‍රී පාස්කු විවාදය මඟ හරි
2024 අප්‍රේල් මස 26 1141 2

පාස්කු ඉරු දින ප්‍රහාරය පිළිබඳ විවාදයේදී හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා අදහස් දැක්වීමට නියමිතව තිබුණත් ඔහු කිසිදු අදහස් දැක්වීමක් නොකිරීම


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 345 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1734 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1571 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site