IMG-LOGO

2024 අප්‍රේල් මස 26 වන සිකුරාදා


ගොවිතැනට කැමති අයට විදෙස් සංචාර


 
විනීතා එම්  ගමගේ 
 
ගොවිතැන් කටයුතුවල යෙදෙන විවිධ තරාතිරම්වල අයගෙන් දක්ෂයින් තෝරා ඔවුන්ට විදෙස් සංචාර ඇතුළු  ත්‍යාග පිරිනැමීමට කෘෂිකර්ම අමාත්‍යංශය සැරසෙයි. 


හොඳම ගොවියා, හොඳම සිසුවා, හොඳම කෘෂිකර්ම නිලධාරියා, හොඳම ප‍්‍රාදේශීය නිලධාරියා ඇතුළු පිරිසක් තෝරා මෙම ත්‍යාග පිරිනැමිමට සුදානම් වන බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවැසීය. 


ඉදිරි වසරේ සිට මෙම තරඟ පැවැත්වීමට බලාපොරොත්තු වන බව ද අමාත්‍යවරයා කීය.


තරුණ පිරිස් ගොවිතැනින් ඈත් වීමේ ප‍්‍රවනතාවක්  පවතින බැවින් හා කෘෂිකර්මය කෙරෙහි ජනතාවගේ අවධානය වඩාත් ඇති කිරීමේ අරමුණින් මෙම වැඩපිළිවෙළ කි‍්‍රයාත්මක කරන බව අමරවීර මහතා පැවැසීය. 


අමාත්‍යවරයා මේ අදහස් පළ කළේ රජයේ ප‍්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ අද (7) පැවැති මාධ්‍ය හමුවක් අමතමිනි.



අදහස් (10)

ගොවිතැනට කැමති අයට විදෙස් සංචාර

Bamunuarachchi Thursday, 07 June 2018 10:13 AM

එකත් හරියට වෙළඳ ආයතනවලින් දෙන ලක්ෂ ගණන්වල තෑගී වගේ. ඒ තෑගී ලැබුණ කෙනෙක් නැහැනේ. මම දවසක් බැංකුවකින් ඇසුවා කාටද මේ තෑගී දැනට ලැබී තිබෙන්නේ කියලා. මිනිසුන්ව ගොනාට අන්දනවා.

:       0       14

Saththaya Thursday, 07 June 2018 10:28 AM

පාර්ලිමේන්තුවෙන් හොයා ගන්න පුළුවන් මේ වගේ දක්ෂතා තියෙන අයව . එහෙම වුනොත් රටට ඔවුන්ගෙන් විශාල සේවයක් වෙනවා.

:       0       304

L anura kumara Thursday, 07 June 2018 10:31 AM

මිනුසුන් දවසින් දවස ගොවිතැන අමතක කරන කලෙකදී මෙවැනි තීන්දුවක් ගැනීම ලොකු දෙයක් ඇමති තුමනි . මම හිතන්නේ වැළලුනු ගොවිතැන ඔබතුමාට ගොඩගන්න පුළුවන්

:       167       1

sam Thursday, 07 June 2018 10:34 AM

ගොවිතැනට දක්ෂ පුද්ගලයින්ට වගා කරන්න ඉඩම් , පොහොර, බීජ , කෘෂි උපකරණ එහෙම දුන්නොත් ප්‍රයෝජනයක් වෙන එකක් නැතුවා වෙන්නැති .

:       1       12

Nuwan Thursday, 07 June 2018 10:57 AM

වගාකළ ඵලදාව විකුණන්නේ කාටද

:       0       25

aravinda Thursday, 07 June 2018 11:12 AM

තරුණ පිරිස් ගොවිතැනේ රඳවා ගන්නට නම්, ගොවිතැනින් කෙනෙකුට ජීවත්වීමට හැකි අදායම් තත්ත්වයක් ගොඩ නගා දිය යුතුයි. මේ සඳහා රජයට කල හැකි දේනම්, අපනයන භෝග වෙළදපොල දිව්නු කිරීම, සහල් වැනි රටට අත්‍යවශ්‍ය අහාර පිටරටින් නොගෙන්වා දේශීය ගොවීන්ගෙන් සහතික මිලකට මිලදී ගැනීම, මිල අධික ට්‍රැක්ටර් වැනි යන්ත්‍ර සුත්‍ර ගොවීන් වෙත සමුපකාර ක්‍රමයකට ලබා දීම, නියන් සමයක් වැනි අපදා තත්වයක් සඳහා රක්ෂණ ක්‍රමයක් හදුන්වා දීම වැනි දේයි. එසේ නොකොට, විදෙස් සංචාර සහ ත්‍යාග පිරිනැමීම මේ ප්‍රශ්නයට ඇති තවකාලික පැලැස්තරයක් පමණි.

:       0       54

Bamunuarachchi Thursday, 07 June 2018 11:27 AM

ගොවිතැනට දක්ෂ පුද්ගලයින්ට වගා කරන්න ඉඩම් , පොහොර, බීජ , කෘෂි උපකරණ එහෙම දුන්නොත් ප්‍රයෝජනයක් වෙන එකක් නැතුවා වෙන්නැති ලු ඔය ඔක්කොම දුන්නත් දෙන්නේ ඇමතිගේ පොකට්ටුවෙන් නොවෙයි අපේ සල්ලි වලින් ඊටපසු ඔය දීපු සල්ලිවලට හරියන්න වී හාල් ටික ගන්නත් අපි වැඩිපුර ගෙවන්න ඕනේ. ඔය ඔක්කොම ජරමර පැත්තක දාලා අඩු මුදලකට ඉන්දියාවෙන් හාල් ගෙනල්ල දුන්නාම හොඳ නැද්ද. රැකියාවේ වැටුපෙන් ජීවත් වන අපිට අඩුව සහල් ලැබෙනවානම් ලැබෙන්නේ කොහෙන්ද කාගෙන්ද කියන එක ප්‍රස්නයක් නොවෙයි, අනික රටවලුත් වගා කරලානේ සහල් නිපදවන්නේ මොකද අපේරටේ විතරක් නිෂ්පාදන වියදම වැඩි?

:       0       0

JCN Thursday, 07 June 2018 11:39 AM

මිනිස්සු ගොවිතැනින් ඈත් වෙන්නෙ අස්වනු විකුණා ගන්න බැරි හින්දයි. ඒ වුණාට මාකට් එකේ එලවලු ගිනි ගනන්. මේවට විසඳුම් හොයන්නෙ නැතුව විකාර දොඩවනව. ගොවිතැන ලාබ ලැබෙනව නම් අපේ ගොවි දෙයියො රටින් පිටටත් බත් දෙයි. කරන තරමක් ගොවියන්ට කෙනෙහෙලිකම්. කොයි ආණ්ඩුව ආවත්.

:       0       29

ramaThursday, 07 June 2018 01:12 PM

ගොවියාගේ අස්වැන්න විකුණන ක්‍රමයක් හදලා දෙන්න මේකට විසදුම. කඩේ එළවලු ගිනි ගණන් එත් ගොවියට අස්වැන්න විකුණගන්න බෑ

:       0       0

rocky Thursday, 07 June 2018 12:42 PM

රට සවාරි යවන්න කට්ටිය දැනටමත් තෝරා ගෙන ඇති නේද? නිකං බොරු සෝබන නැතුව හාල් මාෆියාව , එළවලු මාෆියාව මර්දනය කරන්න. වගා පාලු කරන අලින්ව කොහෙට හරි එලවා දමන්න බැරි නම්, ඒ සතුන්ව හාමුදුරුවරුන්ට නොමිලේම භාර දෙන්න. අවුරුදු ගණනාවක් තිස්සේ අපේ ආණ්ඩු එක දිගටම ගොවිතැනට කෙනෙහිලිකම් කොරනවා. ගොවියන්ට ඔය ඇමතිවරුන්ට වගේ රට සවාරි පිස්සුවක් නැහැ. ඒ මිනිසුන්ගේ දුෂ්කරතා සහ අවශ්‍යතා ගැන හොයලා බලන එකයි කරන්න තියෙන්නේ!

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ඉරාන ජනපති ඉල්ලීමට කෘෂි ඇමති ඉරානයට
2024 අප්‍රේල් මස 26 54 0

කෘෂිකර්ම හා වැවීලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා අද දින (26) ඉරානය බලා පිටත්ව ගියේය.


කෑ ගැහුවොත් සෙංකෝලය උස්සනවා
2024 අප්‍රේල් මස 26 187 0

’’කෑගහන්න එපා. වැඩිය කෑ ගැහුවොත් සෙංකෝලේ උස්සගෙන යනවා’’ යැයි ප්‍රාථමික කර්මාන්ත රාජ්‍ය අමාත්‍ය චාමර සම්පත් දසනායක මහතා පාර්ලිමේන්තුවේදී අද(26) තර්ජන


කොළඹ ප්‍රදේශ රැසකට පැය 14ක් ජලය අත්හිටුවයි
2024 අප්‍රේල් මස 26 130 0

කොළඹ දිස්ත්‍රික්කයේ ප්‍රදේශ රැසකට හෙට (27) පස්වරු 5.00 සිට අනිද්දා (28) පෙරවරු 7.00 දක්වා පැය 14 ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය


කොළඹ සරසවියේ විරෝධය වළකන ඉල්ලීම විසිවෙයි
2024 අප්‍රේල් මස 26 364 0

කොළඹ විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨ ශිෂ්‍ය සංගමය රජයට විරෝධය පළ කරමින් ලිප්ටන් වටරවූමේ සංවිධානය කරන විරෝධතා රැළිය වළක්වන තහනම් නියෝගයක් නිකුත් කරන්නැය


පාකිස්තාන යුවතියට ඉන්දියානුවකුගේ හදවතක්
2024 අප්‍රේල් මස 26 726 0

පාකිස්තාන 19 හැවිරිදි යුවතියකට ඉන්දීය ජාතිකයකුගේ හදවතක් සාර්ථකව බද්ධ කිරීමට චෙන්නායි වෛද්‍යවරුන් පිරිසක් සමත්වී තිබේ.


නොමිලේ දුන් හාල් මල්ල නරක්වෙලා‘යි පැමිණිල්ලක්
2024 අප්‍රේල් මස 26 552 0

රජය මගින් නොමිලේ ලබා දුන් හාල් ලබා ගත් හාලිඇල ප්‍රදේශයේ පුද්ගලයකු ට නරක්වු ආහාරයට ගැනීමට නුසුදුසු තත්ත්වයේ ඇති හාල් බෑගයක් ලැබුණු බව පවසමින් හාලිඇල ස


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 338 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1722 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1560 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site