IMG-LOGO

2024 අප්‍රේල් මස 26 වන සිකුරාදා


ගම්මන්පිල ඇතුළු විත්තිකරුවන්ට අවවාද

(මනෝප‍්‍රිය ගුණසේකර)

නඩු විභාගය අතරතුරදී අධිකරණයට ලිපියක් ඉදිරිපත් කිරීමට උත්සහ කළ පිවිතුරු හෙළ උරුමයේ නායක පාර්ලිමේන්තු මන්ත‍්‍රී උදය ගම්මන්පිල මහතාගේ ක‍්‍රියාව සදාචාර සම්පන්න ක‍්‍රියාවක් නොවන බව පවසමින් එය තරයේ හෙළා දුටු කොළඹ මහාධිකරණ විනිසුරු ඒ.ඒ.ආර්. හෙයියන්තුඩුව මහතා යළි මෙවැනි ක‍්‍රියාවන් නොකරන ලෙස දැනුම් දෙමින් උදය ගම්මන්පිල මහතා ඇතුළු විත්තිකරුවන්ට තරයේ අවවාද කළේය.

ඔස්ටේ‍්‍රලියානු ජාතිකයෙකුගේ අත්සන ව්‍යාජ ලෙස යොදා සකස් කළ බව කියන ඇටොර්නි බලපත‍්‍රයක් මඟින් මීට වසර 19කට පෙර  ඔහුට අයත් සමාගමක කොටස් විකූණා රුපියල් මිලියන 21ක මුදලක් වංචා කිරීම හා සාපරාධී සාවද්‍ය පරිහරණය කල බවට චෝදනා ලැබ සිටින පිවිතුරු හෙළ උරුමයේ නායක පාර්ලිමේන්තු මන්ත‍්‍රී උදය ගම්මන්පිල මහතාට එරෙහිව පවරා ඇති නඩුව කැඳවනු ලැබු අවස්ථාවේදී ජැනට් සැඩික් හා ලසිත පෙරේරා නමැත්තන් පසුගිය නඩු දිනයෙන් පසු මාධ්‍ය සාකච්ඡාවක් පැවැත්වීම මඟින් අධිකරණයට අපහාසයක් සිදුකර ඇති බව සඳහන් කරමින් අගවිනිසුරුවරයාට යොමු කළ ලිපියක පිටපතක් අධිකරණයට ඉදිරිපත් කිරීමට උත්සහ කළ අවස්ථාවේදී විනිසුරුවරුයා විත්තිකරුවන්ට එලෙස අවවාද කළේය.

මෙම නඩුව කැඳවනු ලැබු අවසථාවේදී මෙහි විත්තිකරුවන් ලෙස නම් කර සිටින උදය ගම්මන්පිල සහ සිඩ්නි ජයසිංහ මහත්වරුන් අධිකරණය හමුවේ පෙනී සිටියහ.

ඉදිරිපත් වු සැළකිල්ලට ගත් විනිසුරුවරයා තමාට එරෙහිව නඩු විභාගයක් පවතින අතරතුර කුමන කරුණක් සම්බන්ධයෙන් වුවද අධිකරණයට ලිපියක් ඉදිරිපත් කිරීම විත්ති පාර්ශවය විසින් සිදු නොකළ යුතු බවත් එය සදාචාරාත්මක නොවන බවත් පෙන්වා දුන්නේය.

විත්ති පාර්ශවයේ එම ක‍්‍රියාව තරයේ හෙළා දකින බව දැනුම් දෙමින් යළි මෙවැනි ක‍්‍රියා සිදුනොකරන ලෙස විත්තිකරුවන්ට තරයේ අවවාද කළ විනිසුරුවරයා ඉදිරියේදී මෙවැනි ක‍්‍රියාවක් යළි සිදුකළ හොත් දැඩි පියවර ගන්නා බවටද අවවාද කළේය.

මෙම නඩුවේ වැඩිදුර විභාගය ලබන ඔක්තෝබර් 2 වැනි දා යළි කැඳවීමටද විනිසුරුවරයා නියම කළේය.

 



අදහස් (6)

ගම්මන්පිල ඇතුළු විත්තිකරුවන්ට අවවාද

sena Tuesday, 19 June 2018 12:02 PM

ලැජ්ජයි, ඇමරිකාවේ නීතිය ගැනත් විග්‍රහ කරනවා ඒ වුනත් උසාවියේ හැසිරෙන්න දන්නේ නැහැ.

:       3       432

sathyapala Tuesday, 19 June 2018 12:41 PM

තමන් තරම් උගත් බුද්ධිමත් නීතිඥයෙක් නැහැ කියලා හිතාගෙන ඉන්නේ. අනිත් නීතිඥ මහත්වරුන් වැස්සකටවත් නීති විද්‍යාලයට ගිහිල්ලා නැහැ කියලා කියපු කෙනා අද අධිකරණයෙන් චෝදනා ලබනවා අධිකණය තුල හැසිරෙන්න වත් දන්නේ නැහැ කියලා. මම හමදාම කියනවා වගේ වැස්සට නීති විද්‍යාලයට ගොඩවෙලා නීතිඥයෙක් උනාම ඔයිට වැඩිය දෙයක් බලාපොරොත්තු වෙන්න බැහැ.

:       3       336

ධනුෂ්ක Tuesday, 19 June 2018 02:17 PM

මෙතුමා ළඟදී කිව්වා. ජ.වි.පෙ 20 වෙනි සංශෝධනය කෙටුම්පත් කරලා තියෙන්නේ. නීති පීඨයකටවත්, නීති විද්‍යාලයකටවත් වැස්සකටවත් ගොඩ වුන අය නෙමෙයි කියලා. එහෙමයි කියමුකෝ, හැබැයි මෙතුමා ගොඩවෙලා තියෙන්නේ වැස්සට විතරයි වගේ.

:       4       200

Samathasena A . Aluthgama Wednesday, 20 June 2018 02:34 AM

" හෝ -- හෝ -- ගගා සද්දෙන් උඩ පනින රළ " " සද්දේ තරමටම නැහැ නොගැඹුරු පතුල " " නිහඬ නිසල මහ සයුරේ නොමැත රළ " " දන්නෝ දනිති සෙලවෙයි දිය නොපිරි කළ "

:       1       723

පොහොට්ටුවා Wednesday, 20 June 2018 05:06 AM

ගම්මන්පිල ඒකාබද්ද විපක්ෂයට උදව් කරන නිසා මේවා දේශපාලන පලිගැනීම් .

:       1       9

kalani Wednesday, 20 June 2018 08:52 AM

ජවිපෙ 20 වැනි සංසෝධනය වැස්සකටවත් නීති විද්‍යාලයට නොගිය කෙනෙක් සකස් කර ඇති බව කියමින් සරදම් කල නීති විශාරදයාට සදාචාර සම්පන්න වෙන්න යයි අවවාද කලාම මට හරි දුකයි.මම ' පොඩි එකාගේ ලියුමක් ' වගේ ලිපියකින් මගේ දුක ලියලා යැව්වා. තැපැල් වර්ජනය එක ප්‍රමාද කරාවිද දන්නේ නැහැ.

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ගාසා ළමා අරමුදලට සල්ලි ගලයි
2024 අප්‍රේල් මස 26 104 0

ගාසා හි ගැටුම්වලින් විපතට පත්වූවන් වෙනුවෙන් සහන සැලසීම සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් ආරම්භ කරනු ලැබූ ගාසා හි ළමා අරමුදල (Children of Gaza Fund) සඳහා ස


සමීක්ෂණ ප්‍රතිඵල සාපෙළට කලින්
2024 අප්‍රේල් මස 26 113 0

අපොස සාමාන්‍ය පෙළ නැවත සමීක්ෂණ ප්‍රතිඵල මෙවර සාමාන්‍ය පෙළ විභාගයට පෙර නිකුත් කරන බව අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පාර්ලිමේන්තුවේ


දේශපාලන පාතාලයක් ක්‍රියාත්මකයි
2024 අප්‍රේල් මස 26 216 0

අපරාධ මර්දනය කර නීතිය සහ සාමය ස්ථාපනය කළ හැකි පොලිසියක් සහ බුද්ධි අංශ රටට අවශ්‍ය බව කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා පාර්ලිම


ඉරාන ජනපති ඉල්ලීමට කෘෂි ඇමති ඉරානයට
2024 අප්‍රේල් මස 26 490 1

කෘෂිකර්ම හා වැවීලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා අද දින (26) ඉරානය බලා පිටත්ව ගියේය.


කෑ ගැහුවොත් සෙංකෝලය උස්සනවා
2024 අප්‍රේල් මස 26 667 3

’’කෑගහන්න එපා. වැඩිය කෑ ගැහුවොත් සෙංකෝලේ උස්සගෙන යනවා’’ යැයි ප්‍රාථමික කර්මාන්ත රාජ්‍ය අමාත්‍ය චාමර සම්පත් දසනායක මහතා පාර්ලිමේන්තුවේදී අද(26) තර්ජන


කොළඹ ප්‍රදේශ රැසකට පැය 14ක් ජලය අත්හිටුවයි
2024 අප්‍රේල් මස 26 257 0

කොළඹ දිස්ත්‍රික්කයේ ප්‍රදේශ රැසකට හෙට (27) පස්වරු 5.00 සිට අනිද්දා (28) පෙරවරු 7.00 දක්වා පැය 14 ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 338 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1723 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1563 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site