IMG-LOGO

2024 අප්‍රේල් මස 26 වන සිකුරාදා


කුවේට් ගිය ශ්‍රමිකයින් 56 ක් යළි ලංකාවට

කුවේට් රාජ්‍යයේ රැකියා සඳහා ගොස් විවිධ කරදරවලට ලක්වූ ශ්‍රමිකයින් 56  දෙනකුගෙන් සමන්විත පිරිසක්  අද යළි  ශ්‍රී ලංකාවට පැමිණියහ.
 
 ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ හා කුවේට් තානාපති කාර්යාලයේ මැදිහත්වීම මත  ඔවුන් මෙලෙස ගෙන්වාගෙන තිබිණි.
 
 ඔවුහු  ශ්‍රී ලංකන් ගුවන් සේවයට අයත් UL 230 දරණ ගුවන් යානයෙන් දිවයිනට පැමිණියහ.මෙම පිරිස අතරට පිරිමි ශ්‍රමිකයින් 9 දෙනෙකු සහ කාන්තා ශ්‍රමිකයින් 47 දෙනෙකු  සිටින බව කාර්යාංශය පවසයි.
 
 දිවයිනේ විවිධ ප්‍රදේශවල පදිංචිකරුවන් වන මෙම ශ්‍රමිකයින් සේවා ගිවිසුම ඉක්මවීම, සහ රැකියා ස්ථානයේ සිදුවූ විවිධ කරදර හේතුවෙන් තානාපති කාර්යාලය වෙත පැමිණ ඇත.
 
මෙම පිරිස අතුරින් ශ්‍රමිකයින් 42 දෙනෙකු තම ඥාතීන් සමගඟ  නිවෙස් බලා පිටත්ව ගිය අතර, තවත් ශ්‍රමිකයින් 15 දෙනෙකු සඳහා ගමන් ගාස්තු කාර්යාංශයේ සහන පියස සුභසාධන මධ්‍යස්ථානය මගින් ලබා දීමට කටයුතු කර තිබිණි.
 
 මෙම පිරිස අතුරින් කාන්තාවන් 02 අසනීප තත්ත්වයේ පසුවන බව කාර්යාංශය පවසයි.

(36698)



අදහස් (2)

කුවේට් ගිය ශ්‍රමිකයින් 56 ක් යළි ලංකාවට

dias Monday, 01 April 2019 10:16 AM

මා දැක තිබෙනවා බොහෝ අවස්ථාවල අපේ මැද පෙරදිග ඉන්නා ශ්‍රමිකයින් පවසන දෙයක් නම්, අපේ තානාපති කාර්යාල වලින් ඔවුන්ට නිසි සේවා පහසුකම් ලබා ගත නොහැකි බව... නමුත් ඇත්ත වශයෙන්ම මෙවැනි ආපදාවට පත් ශ්‍රමිකයින් රජයේ වියදමින් නැවත ලංකාවට ගෙන ඒම වැනි සේවාවන් තානාපති කාර්යාල මගින් සලසා දීම අගය කළ යුතු දෙයක්.

:       1       34

menna Monday, 01 April 2019 02:09 PM

අපි පොඩි කාලේ මැද පෙරදිග යනවා කියන එක එච්චරම කටුකයි කියලා තේරුණේ නැහැ. ලංකාවේ ජීවත් වෙනවට වඩා මැද පෙරදිග ගහින් කීයක් හරි හම්බ කරන එක, යන පුද්ගලයින්ගේ කැමැත්තට අනුව හොඳයි කියලා හිතුණා. නමුත් ගෘහ සේවිකාවන් හෝ සේවකයන් ලෙස යන පුද්ගලයන්ගේ හෝ ඔවුන්ගේ පවුල්වල තීරණ වලින් පමණක් එම කාර්ය සඳහා නොයැවිය යුතුයි කියලයි මම හිතන්නේ. ක්‍රීඩක ක්‍රීඩිකාවන් මෙන්ම මෙම පුද්ගලයන්ද ලංකාව නියෝජනය කරන අය. ඔවුන්ගේ සුභ සාධනය, සනීපාරක්ෂාව, විදේශයකට ගියාට පස්සේ ඇතිවෙන අතුරු විපාක, සමාජීය ප්‍රශ්න ගැන රටක් හැටියට සැලකිය යුතුයි කියලයි මම හිතන්නේ. මොකද භූමියක මිනිසුන් හිටියොත් විතරයි රටක් වෙන්නේ...

:       0       67

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

හරක්කටාට අවශ්‍ය දේ ලිඛිතව ඉල්ලන්න කියයි
2024 අප්‍රේල් මස 26 207 0

සංවිධානාත්මක අපරාධකරුවකු හා ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු බව කියන නඳුන් චින්තක වික්‍රමරත්න හෙවත් හරක් කටාට අවශ්‍ය කරන සියලු ඉල්ලීම් ලිඛිතව ත්‍


කෙත් ඇළට වැටුණු දරුවා කිලෝ මීටර් දෙකක් ගසාන යයි
2024 අප්‍රේල් මස 26 461 0

පොළොන්නරුව වැලිකන්ද සිංහපුර ප්‍රදේශයේ 26 වෙනිදා දහවල් 11 ට පමණ, ඉසඩ්. ඩී. ප්‍රධාන ඇලෙන් ගලා බසින කෙත් ඇළට වැටුණු අවුරුදු දෙකක පිරිමි දරුවෙකු කිලෝමීටර් දෙක


සුන්බුන් වූ ගාසාව සුද්ද කරන්න ට්‍රාක් 100 වසර 14ක් යාවි
2024 අප්‍රේල් මස 26 555 1

ඊශ්‍රායල හමුදා ප්‍රහාර හේතුවෙන් ගාසා තීරයේ ගොඩ ගැසුණු සුන්බුන් ඉවත් කිරීම සඳහා ට්‍රක් රථ 100ක් භාවිත කළහොත් ඒ සඳහා වසර 14 ක කාලයක් ගත වෙනු ඇතැයි එක්සත් ජා


මෛත්‍රී පාස්කු විවාදය මඟ හරි
2024 අප්‍රේල් මස 26 347 2

පාස්කු ඉරු දින ප්‍රහාරය පිළිබඳ විවාදයේදී හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා අදහස් දැක්වීමට නියමිතව තිබුණත් ඔහු කිසිදු අදහස් දැක්වීමක් නොකිරීම


වෛද්‍ය ශිෂ්‍ය ශිෂ්‍යාවෝ ඉටිපන්දම් දල්වා විරෝධයේ
2024 අප්‍රේල් මස 26 429 2

කොළඹ වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක්‍රියාකාරී සංගමය වෛද්‍ය පීඨ ශිෂ්‍ය ශිෂ්‍යාවන් මුහුණදී සිටින ගැටලු සහ පෞද්ගලික වෛද්‍ය පීඨ ස්ථාපිත කිරීමට ආණ්ඩුව ගෙන යන වැඩපිළ


ඇමෙරිකා කෘෂි උප ලේකම් ජනපති හමුවෙයි
2024 අප්‍රේල් මස 26 157 0

ඇමෙරිකා එක්සත් ජනපද කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ (USDA) වෙළෙඳ සහ විදේශ කෘෂිකාර්මික කටයුතු පිළිබඳ උප ලේකම් ඇලෙක්සිස් ටේලර් (Alexis Taylor) මහත්මිය සහ ජනාධිපති රනිල් ව


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 342 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1727 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1568 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site