IMG-LOGO

2024 අප්‍රේල් මස 26 වන සිකුරාදා


කුණු කන්ද නායයාමට පරිසර සංරක්ෂණ භාරයෙන් චෝදනා පත්‍රයක්

(විනීතා එම් ගමගේ)

මීතොටමුල්ල කුණු කන්ද නාය යෑමේ සිද්ධීයට බස්නාහිර පළාත් ඝණ අපද්‍රව්‍ය කළමණාකරණ අධීකාරිය,මධ්‍යම පරිසර අධිකාරිය හා කොළඹ මහ  නගර සභාව සම්පූර්ණයෙන්ම වගකිව යුතු යැයි පරිසර සංරක්ෂණ භාරය චෝදනා කරයි.

බස්නාහිර පළාත් ඝණ අපද්‍රව්‍ය කළමණාකරන අධීකාරිය කරන්නේ තැන් තැන්වල ඉඩම් බදු ගෙන පළාත්  පාලන ආයතනයන්ට අයත් කුණු එම ඉඩමට ගෙන ගොස් දමා ඒ වෙනුවෙන් අදාල පළාත් පාලන ආයතනයන්ගෙන් මුදල් ලබා ගැනීම පමණක්යැයි පරිසර සංරක්ෂණ භාරයේ අධ්‍යක්ෂ සජීව චාමිකර මහතා ලංකාදීපයට පැවැසීය.

ඝණ අපද්‍රව්‍ය කළමණාකරන අධිකාරිය මෙසේ කසල දැමීම සඳහා ඉඩම් ලබා දී දිනපතා අතිවිශාල මුදලක් ලබා ගන්නා බව කී චාමිකර මහතා ප්‍රශ්නයට  විසඳුම් නොසොයා මෙසේ මුදල් ලබා ගැනීමට පමණක් මෙසේ රාජ්‍ය ආයතනයක් පවත්වා ගෙන යාම රජයේ ද බරපතල දුර්වල කමක් යැයි ඒ මහතා පවසයි.

ඉඩම් ලබා ගැනීමේදී මධ්‍යම පරිසර අධිකාරියෙන් පරිසර ආරක්ෂණ බලපත‍්‍රය ලබාගැනීම අනිවාර්ය වන අතර මධ්‍යම පරිසර අධිකාරිය කරන්නේ කිසිදු සොයා බැලීමකින් තොරව පරිසර ආරක්ෂණ බලපත‍්‍රය නිකුත් කිරීම පමණක්යැයි ද චාමිකර මහතා චෝදනා කරයි. 
තව දුරටත් මෙවැනි ව්‍යසන වලට ඉඩ නොතබා සැබෑ විසඳුමක් කසල ප‍්‍රශ්නය වෙනුවෙන් ඉදිරිපත් කරන්නැයි බලධාරින් ගෙන් ඉල්ලා සිටින බව ද හෙතෙම පවසයි.
          



අදහස් (4)

කුණු කන්ද නායයාමට පරිසර සංරක්ෂණ භාරයෙන් චෝදනා පත්‍රයක්

ravin Sunday, 16 April 2017 12:38 PM

අර "පෝට් සිටි" (වරාය නගරය) හදන කොට ඔය ටික අපුරුවට පාවිච්චි කරන්න තිබුණනේ. සිංගප්පුරුවේ, ජපානේ ගුවන් තොටුපොළවල් කුණු ගොඩ උඩ හදල තියෙනේකේ කෘත්‍රිම නගරයක් හදන්න බැරිද.? කොහෙද කොමිස් නැනේ. වැඩේ උනායින් පස්සේ එකිනෙකා ඇනගන්නවා.

:       0       59

නුමා Sunday, 16 April 2017 10:47 PM

ජපානයේ මම ජීවත් වන ප්‍රදේශයේ කසල වලින් අපූරු දෙයක් කරනවා. ප්‍රතිචක්‍රීකරණය නොකෙරෙන අපද්‍රව්‍ය දහනය කර එයින් ලැබෙන අළු වලින් අපූරු ගඩොල් වැනි කැට වර්ගයක් නිපදවනවා. ඉතාමත් ශක්තිමත් මෙම කැට පොලව ආවරණය කිරීමට යොදාගන්නවා. අපිට මෙවන් රටවලින් උපදෙසක් ගන්න බැරිද? මෙවන් කර්මාන්ත තව බොහොමයක් ඇති බවට සැක නැහැ.

:       0       0

Chanak Los Angeles Sunday, 16 April 2017 11:27 PM

ඔය චෝදනා පත්‍රය යවන්න ඕනේ මෙදමුලනයටයි

:       0       0

buddhi Monday, 17 April 2017 04:35 AM

වැරදි කරුවන්ට එරෙහිව නඩු පවරන්න. නිලධාරීන් දේශපාලකයින් එක්ක රට හූරන් කනවා...

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

කොළඹ ප්‍රදේශ රැසකට පැය 14ක් ජලය අත්හිටුවයි
2024 අප්‍රේල් මස 26 41 0

කොළඹ දිස්ත්‍රික්කයේ ප්‍රදේශ රැසකට හෙට (27) පස්වරු 5.00 සිට අනිද්දා (28) පෙරවරු 7.00 දක්වා පැය 14 ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය


කොළඹ සරසවියේ විරෝධය වළකන ඉල්ලීම විසිවෙයි
2024 අප්‍රේල් මස 26 267 0

කොළඹ විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨ ශිෂ්‍ය සංගමය රජයට විරෝධය පළ කරමින් ලිප්ටන් වටරවූමේ සංවිධානය කරන විරෝධතා රැළිය වළක්වන තහනම් නියෝගයක් නිකුත් කරන්නැය


පාකිස්තාන යුවතියට ඉන්දියානුවකුගේ හදවතක්
2024 අප්‍රේල් මස 26 617 0

පාකිස්තාන 19 හැවිරිදි යුවතියකට ඉන්දීය ජාතිකයකුගේ හදවතක් සාර්ථකව බද්ධ කිරීමට චෙන්නායි වෛද්‍යවරුන් පිරිසක් සමත්වී තිබේ.


නොමිලේ දුන් හාල් මල්ල නරක්වෙලා‘යි පැමිණිල්ලක්
2024 අප්‍රේල් මස 26 455 0

රජය මගින් නොමිලේ ලබා දුන් හාල් ලබා ගත් හාලිඇල ප්‍රදේශයේ පුද්ගලයකු ට නරක්වු ආහාරයට ගැනීමට නුසුදුසු තත්ත්වයේ ඇති හාල් බෑගයක් ලැබුණු බව පවසමින් හාලිඇල ස


අපරාධ වලින් ඉපැයූ සල්ලි අය කර ගන්න නීති
2024 අප්‍රේල් මස 26 486 2

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග විස්තීරණ ණය පහසුකම ලබා ගැනීම සඳහා එළැඹ ඇති ගිවිසුම අනුව 2014 වර්ෂය වන විට වත්කම් අය කර ගැනීම සම්බන්ධයෙන් පරිපූර්ණ නීතියක් හ


ගිණුම් වලින් සල්ලි අදින හොර කල්ලියක්
2024 අප්‍රේල් මස 26 1112 1

ජංගම ගිණුම් සහ ඉතිරි කිරීමේ ගිණුම් හරහා ඔන්ලයින් ගනුදෙනු කරන අයගේ ගිණුම් වලින් මුදල් අදින ජාවාරමක් දැනට සතියක පමණ සිට ක්‍රියාත්මක වෙමින් තිබෙන බව පො


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 338 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1720 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1559 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site