IMG-LOGO

2024 අප්‍රේල් මස 26 වන සිකුරාදා


ඌරාට තැබූ වෙඩිල්ල වැරදී මිතුරා මරුට

( පුෂ්පකුමාර ජයරත්න )

වල් ඌරන් දඩයමේ ගිය පුද්ගලයකු විසින් වල් ඌරෙකු මරා දැමීම සඳහා තබන ලද වෙඩිල්ලක් වැරැදී ගොස්  සිය මිතුරාගේ  හිසට වැදීමෙන් මිතුරා  මරණයට  පත්ව ඇති බව පොතුහැර පොලීසිය කියයි.

අද (25 ) අලුයම 5.30 ට පමණ සිදුව ඇති මෙම අනතුරෙන් රඹුක්කන පොලිස් වසමට අයත් කුදුම්බුව පලාගල පදිංචිකරුවකු වන ආර්.සෙනෙවිරත්න නමැත්තා මරණයට පත්ව ඇති බව පොලීසිය කියයි.

රඹුක්කන පොලිස් වසමට අයත් අලුගොල්ල නම්වූ වනයේ සතුන් දඩයමට ගිය අවස්ථාවේදී  මෙම සිද්ධිය වී ඇති බව අනාවරණය වී  තිබේ. උත්සසවයක් සඳහා අවශ්‍ය ඌරු මස් සපයා ගැනීමේ අරමුණින් මියගිය පුද්ගලයා  ඔහුගේ මිතුරන් දෙදෙනෙකු අද අලුයම් කාලයේදී අලුගොල්ල වනයේ දඩයමට ගොස් ඇත.

එහිදී වල් ඌරෙකු දැක එම සතාට වෙඩි තැබීම සඳහා මිතුරන් තිදෙනාම බිම දිගාවී සතාට නොපෙනෙන ආකාරයට සූදානම් වී ඇති අතර,  ගිනි අවිය අත තිබූ  පිටුපසින් සිටි  පුද්ගලයා  සතා ඉලක්ක කර වෙඩි තබද්දී ඔහුට ඉදිරියෙන් බිම දිගාවී සිටි පුද්ගලයා එක්වරම හිස ඔසවා ඇතැයි පැමිණිල්ලේ සඳහන් බව පොලීසිය කියයි.

මේ අවස්ථාවේ  පිටුපස සිටි පුද්ගලයා එල්ල කළ වෙඩි පහර ඔහුගේ හිසට වැදීමෙන් බරපතල තුවාල ලබා එම ස්ථානයේදීම මරණයට පත්ව ඇති බව පොලිස් විමර්ශන වලදී අනාවරණය වී ඇත. මෙම ⁣සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට මියගිය පුද්ගලයා සමඟ සිටි මිතුරන් දෙදෙනාම ගිනි අවියද සමඟ  අත්අඩංගුවට ගෙන තිබේ.



අදහස් (9)

ඌරාට තැබූ වෙඩිල්ල වැරදී මිතුරා මරුට

කපිල වසන්ත කුමාර Wednesday, 25 December 2019 07:17 AM

අවි ගත්තෝ අවියෙන්ම නසිති. පර පණනසන්න හදන කාටත් ඕවා පාඩම්.

:       0       335

Asanga Wednesday, 25 December 2019 07:57 AM

දිට්ඨ ධම්මවේදනීය කර්මය පලදේ.......

:       0       95

Siri Wednesday, 25 December 2019 07:59 AM

හොඳ වැඩේ අහිංසක සත්තු මරන්න යනවට.........

:       2       33

MIHIRA Wednesday, 25 December 2019 08:31 AM

හොඳ වැඩේ අහිංසක සත්තු මරන්න යනවට..

:       1       180

රවින් Wednesday, 25 December 2019 08:37 AM

කරුමේ. සහයට ඩැනී හරියට කවුද කියලා නොදැන එක්ක ගියහම වෙනදේ. මොන වැඩේට ගියත් එක්ක යන්නේ කවුද කියලා හරි හැටි නොදැන යන්න නරකයි. පණ්ඩිතකමට වෙඩික්කාරයාට ඉස්සෙල්ලා යන්න ඇති. ඌරාට හරියට වෙඩිල්ල වැදුනේ නැතිනම් සතා හැරිලා ආපහු එන්නේ වෙඩිල්ල ආපු පැත්තට කියලාවත් නොදැන තමා මේ මනුස්සයා ගිහිල්ලා තියෙන්නේ.

:       0       0

anura Wednesday, 25 December 2019 11:56 AM

නොසැලකිලිමත්ව සිදුවන මෙමැනි අනතුරුවලින් අසරණ ඡීවිත නිකරුනේ අහිමි වී යයි. මෙවැනි අවාසනාවන්ත සිදුවීම් ගැන මා අතිශයින්ම කණගාටු වෙමි. වඩා සැලකිලිමත්ව කටයුතු කිරීමෙන් බොහොමයක් අනතුරු වළක්වා ගත හැකිබව මා කල්පනා කරමි. තාප්පවල චිත්‍ර අඳිමින් සිටියදී මාරක රිය අනතුරකට මුහුණ පෑ සිසුවාගේ අනතුරද සැලකිලිමත්ව කටයුතු කළා නම් ඔහුගේ ඡීවිතය බේරාගත හැකිව තිබුණි යයි මට වැටහේ. මාගේ දැඩි සංවේගය හා ශෝකය ඔවුන්ගේ පවුල්වල නෑ මිතුරන් වෙත පලකරමි.

:       0       1

ත්‍යාගරාජා Wednesday, 25 December 2019 11:57 AM

සතුන් මැරීම වැරදියි වගේම එසේ මරාගත් සතුන්ගේ මාංශ වෙළඳාමත්, මිලදී ගැනීමත්, පිසීමත්, අනුභවයත් එකසේම වැරදි ක්‍රියාවන් වේ. සතෙක් මරනවිට අනේ පව් කියනා බොහෝදෙනෙක් එම සතාගේම මස් හොඳින් අසුරා පැකට්කර එවූවිට රස කරමින් වළඳා තමාවම රවටාගනී.

:       0       139

raheem Wednesday, 25 December 2019 03:02 PM

පාණාතිපාතා වේරමණී...

:       0       0

Rapiyel Wijesinha WEERAPOKUNA Wednesday, 25 December 2019 03:53 PM

අපේ ගෞරවනීය ස්වාමීන් වහන්සේලා පාංශුකූලයට වැඩම කරගන්න පුළුවන් වේවිද?

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

හරක්කටාට අවශ්‍ය දේ ලිඛිතව ඉල්ලන්න කියයි
2024 අප්‍රේල් මස 26 191 0

සංවිධානාත්මක අපරාධකරුවකු හා ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු බව කියන නඳුන් චින්තක වික්‍රමරත්න හෙවත් හරක් කටාට අවශ්‍ය කරන සියලු ඉල්ලීම් ලිඛිතව ත්‍


කෙත් ඇළට වැටුණු දරුවා කිලෝ මීටර් දෙකක් ගසාන යයි
2024 අප්‍රේල් මස 26 423 0

පොළොන්නරුව වැලිකන්ද සිංහපුර ප්‍රදේශයේ 26 වෙනිදා දහවල් 11 ට පමණ, ඉසඩ්. ඩී. ප්‍රධාන ඇලෙන් ගලා බසින කෙත් ඇළට වැටුණු අවුරුදු දෙකක පිරිමි දරුවෙකු කිලෝමීටර් දෙක


සුන්බුන් වූ ගාසාව සුද්ද කරන්න ට්‍රාක් 100 වසර 14ක් යාවි
2024 අප්‍රේල් මස 26 511 1

ඊශ්‍රායල හමුදා ප්‍රහාර හේතුවෙන් ගාසා තීරයේ ගොඩ ගැසුණු සුන්බුන් ඉවත් කිරීම සඳහා ට්‍රක් රථ 100ක් භාවිත කළහොත් ඒ සඳහා වසර 14 ක කාලයක් ගත වෙනු ඇතැයි එක්සත් ජා


මෛත්‍රී පාස්කු විවාදය මඟ හරි
2024 අප්‍රේල් මස 26 322 2

පාස්කු ඉරු දින ප්‍රහාරය පිළිබඳ විවාදයේදී හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා අදහස් දැක්වීමට නියමිතව තිබුණත් ඔහු කිසිදු අදහස් දැක්වීමක් නොකිරීම


වෛද්‍ය ශිෂ්‍ය ශිෂ්‍යාවෝ ඉටිපන්දම් දල්වා විරෝධයේ
2024 අප්‍රේල් මස 26 416 2

කොළඹ වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක්‍රියාකාරී සංගමය වෛද්‍ය පීඨ ශිෂ්‍ය ශිෂ්‍යාවන් මුහුණදී සිටින ගැටලු සහ පෞද්ගලික වෛද්‍ය පීඨ ස්ථාපිත කිරීමට ආණ්ඩුව ගෙන යන වැඩපිළ


ඇමෙරිකා කෘෂි උප ලේකම් ජනපති හමුවෙයි
2024 අප්‍රේල් මස 26 148 0

ඇමෙරිකා එක්සත් ජනපද කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ (USDA) වෙළෙඳ සහ විදේශ කෘෂිකාර්මික කටයුතු පිළිබඳ උප ලේකම් ඇලෙක්සිස් ටේලර් (Alexis Taylor) මහත්මිය සහ ජනාධිපති රනිල් ව


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 342 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1727 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1568 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site