IMG-LOGO

2024 අප්‍රේල් මස 26 වන සිකුරාදා


ඊවා වනසුන්දර පක්ෂග්‍රාහීව කටයුතු කර ඇතැයි අල්ලස් කොමිසම කියයි

(තිලිණි ද සිල්වා)

හිටපු අගවිනිසුරු මොහාන් පීරිස් සහ අභියාචානාධිකරණ විනිසුරු ඒ.එච්.එම්.නවාස් මහතාට එරෙහිව අල්ලස් කොමිසම  කොළඹ මහේස්ත‍්‍රාත් අධිකරණයේ ගොනු කර ඇති පැමිණිල්ල විභාගයට ගැනීම අත්හිටුවීමට නියෝග කළ ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලේ සාමාජිකයෙකු ලෙස කටයුතු කළ   ඊවා වනසුන්දර මහත්මිය පක්ෂග‍්‍රාහීව කටයුතු කර ඇතැයි සඳහන් කරමින් එම නියෝගය අවලංගු කරන ලෙස ඉල්ලා අල්ලස් කොමිසම ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ අද (14) රිට් පෙත්සමක් ගොනු කර ඇත.

අල්ලස් හෝ දුෂණ විමර්ශන කොමිසමේ සභාපති ටී.බී.වීරසූරිය මහතා ඇතුළු එම කොමිසමේ සාමාජිකයින්  ගොනු කර තිබූ මෙම පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස හිටපු අගවිනිසුරු ජනාධිපති නීතීඥ මොහාන් පීරිස් අභියාචනාධිකරණ විනිසුරු ඒ.එච්.එම්.නවාස් මහත්වරු  ඇතුළු පස්දෙනෙක් නම් කරනු ලැබ සිටියි.

ගොනු කර ඇති පෙත්සමේ මෙසේද සඳහන් වේ.

අල්ලස් පනත යටතේ අභියාචනාධිකරණ විනිසුරු ඒ.එච්.එම්.නවාස් සහ හිටපු අගවිනිසුරු මොහාන් පීරිස් මහත්වරුන්ට එරෙහිව අල්ලස් කොමිසම විසින් කොළඹ මහේස්ත‍්‍රාත් අධිකරණයේ ගොනු කර ඇති පැමිණිල්ල විභාගයට ගැනීම වළක්වාලන අතුරු නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ශ්‍රී ලංකා නීතීඥ සංගමයේ සභාපති උදය රොහාන් ද සිල්වා මහතා ඇතුළු පිරිසක් පෙත්සම් 4ක් ගොනු කර තිබිණි.

මෙම පෙත්සම් ශ්‍රේෂ්ඨාධිකරණයේ ගනු ලැබූ අවස්ථාවේදී එම විනිසුරු මඩුල්ලේ සාමාජිකයෙකු හැටියට සිටි විනිසුරු ඊවා වනසුන්දර මහත්මිය නීතීපතිවරිය හැටියට කටයුතු කරද්දී මෙම සිද්ධිය පිළිබඳ සටහන් කිහිපයක් යොදා ඇති බවත් ,ඒවා රහසිගතව සී.එෆ් ෆයිල් යනුවෙන් නම් කර අධිකරණයට ඉදිරිපත් කරන බවත් අතිරේක සොලිසිටර් ජනරාල් ජනාධිපති නීතීඥ සංජය රාජරත්නම් මහතා අධිකරණයට දැනුම් දුන්නේය.

විනිසුරු ඊවා වනසුන්දර මහත්මිය මෙම ලිපිගොනු වල කරුණු අනාවරණය නොකළ අතර මෙම නඩුව සියලූ පාර්ශවකරුවන්ගේ නීතීඥවරුන් එම පෙත්සම් විභාගයට සහභාගී වීමට විරුද්ධත්වට පළ නොකළහ.

ඉන්පසු අදාළ පෙත්සම සලකා බලා අධිකරණය විසින් මෙම සිද්ධියට සම්බන්ධ මහේස්ත‍්‍රාත් අධිකරණයේ පැමිණිල්ල විභාගයට ගැනීම වළකාලන අතුරු නියෝගයක් නිකුත් කෙරිණි.එම නියෝගය අදාළ පෙත්සම් විභාගය අවසන් වන තුරු නිකුත් කෙරිණි.

නීතිපතිවරයා විසින් අධිකරණයට සැපයූ කරුණු වලින් අනාවරණය වූයේ විනිසුරු ඊවා වනසුන්දර මහත්මිය නීතිපතිවරයා හැටියට සේවය කරද්දී මෙම සිද්ධියට අදාළ තීරණ ගෙන ඇති බවත් ,එම සිද්ධිය සම්පූර්ණයෙන්ම දැන සිටි බවත්ය.

ඒ අනුව විනිසුරු ඊවා වනසුන්දර මහත්මිය පක්ෂග‍්‍රාහීව කටයුතු කර ඇති බවත් අභිලාෂයන්ගේ සම්මත මූලධර්මය උල්ලංඝනය කර ඇති බවත් පෙත්සමේ සඳහන් වේ.

මෙම පෙත්සම මහජන උනන්දුවක් දක්වන කරුණක් බැවින් පංච පුද්ගල විනිසුරු මඩුල්ලක් හමුවේ විභාගයට ගැනීමට නියෝග කරන ලෙසද , වගඋත්තරකරුවන්ට නොතීසි නිකුත් කරන ලෙසද , එස්.සී.22/2018 දරණ රිට් පෙත්සමට අදාළ අතුරු නියෝගය අත්හිටුවීමට නියෝග කරන ලෙසද අල්ලස් කොමිසම සිය පෙත්සමින් ඉල්ලා ඇත.



අදහස් (14)

ඊවා වනසුන්දර පක්ෂග්‍රාහීව කටයුතු කර ඇතැයි අල්ලස් කොමිසම කියයි

Ajith Wednesday, 14 March 2018 11:24 AM

අල්ලස් කොමිසමට යන්තම් පණ ඇවිත්...

:       12       297

Mahee Wednesday, 14 March 2018 11:54 AM

රන්ජන් රාමනායක මැතිතුමනි, ඔබ කොතරම් නිවැරදිද කියා දැන් නම් මුළු රටටම පෙනෙනවා.

:       451       1536

MO77 Wednesday, 14 March 2018 12:07 PM

රන්ජන්ව මතකද? වන්ෂොට්

:       49       187

C.K.Lankaputhra Wednesday, 14 March 2018 12:41 PM

නීතිය නැමෙන බව සහ නැමෙන හැටි පෙන්වන පැහැදිලි අවස්ථාවක්..

:       11       247

SENA Wednesday, 14 March 2018 02:13 PM

අපි නම් එයා ගැන හුඟ කාලයක ඉඳලා නිතර අහනවා.

:       25       185

සෙනෙවි Wednesday, 14 March 2018 02:36 PM

රන්ජන් ඔබ පමණයි හිතට එකඟව කතා කරන්නේ...

:       169       454

SUMAL PERERA Wednesday, 14 March 2018 03:51 PM

අහන්න දෙයක්ද? ජාත්‍යන්තරය අපිට කියන්නේ ජාත්‍යන්තර විනිසුරුවන් පත් කරන්න කියලා...

:       0       0

parakkrama Wednesday, 14 March 2018 05:52 PM

මේක ඉතින් ඒකාබද්දේ මෙහෙයවන්නාගේ පටන් සියලු දෙනාම දැනගෙන සිටියත් මහජනතාව නොදන්නා බවටයි සිතාගෙන ඉන්නවා ඇත්තේ

:       0       0

ranjith Wednesday, 14 March 2018 11:18 PM

අල්ලස දුෂණය නිසා මේ රට විනාශයට පත්වෙලා ඒත් තවමත් අල්ලස දුෂණයට සම්බන්ධ අය බේරගන්න තමයි හැම තැනම ප්‍රවනතාව මහජන මුදල් අවභාවිතය අපරාධයක්

:       0       29

Chanak Los angeles Thursday, 15 March 2018 03:46 AM

ඕනෑම පුද්ගලයෙකුට වයසට ගොසින් හොඳ සිහියෙන් විශ්‍රාම සුවයෙන් ඉන්නා විට අතීතයෙදී කල කී දේවල් ආවර්ජනය වෙනවා.

:       0       9

sas Thursday, 15 March 2018 03:52 AM

රන්ජන් ඇමතිතුමා ඔබ හරි.

:       23       52

සතයපාල Thursday, 15 March 2018 04:32 AM

ඉස්සර කිව්වේ නීතිය අන්ධයි කියලා,දැන් නම් කියන්න වෙන්නේ නීතිය අති දූෂිතයි කියලා.

:       0       39

Hafeel Thursday, 15 March 2018 06:23 AM

අපරාධ කරුවන් අද අධිකරණ නියෝග ගන්නව තමන්ට එරහිව පරීක්ෂණ අත්හිටුවන්නයි කියමින්, තමන්ව අත්තධංගුවට නොගන්නැයි කියමින්. ලෝකේ කොහෙවත්ම නැහෙ මෙහම පාලනයක්.

:       0       23

MuhanThursday, 15 March 2018 07:31 AM

"මෙහම පාලනයක් " යන්න "මෙහෙම අදිකරණ පදතියක් " ලෙස නිවැරදි විය යුතුය .

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

හරක්කටාට අවශ්‍ය දේ ලිඛිතව ඉල්ලන්න කියයි
2024 අප්‍රේල් මස 26 38 0

සංවිධානාත්මක අපරාධකරුවකු හා ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු බව කියන නඳුන් චින්තක වික්‍රමරත්න හෙවත් හරක් කටාට අවශ්‍ය කරන සියලු ඉල්ලීම් ලිඛිතව ත්‍


කෙත් ඇළට වැටුණු දරුවා කිලෝ මීටර් දෙකක් ගසාන යයි
2024 අප්‍රේල් මස 26 105 0

පොළොන්නරුව වැලිකන්ද සිංහපුර ප්‍රදේශයේ 26 වෙනිදා දහවල් 11 ට පමණ, ඉසඩ්. ඩී. ප්‍රධාන ඇලෙන් ගලා බසින කෙත් ඇළට වැටුණු අවුරුදු දෙකක පිරිමි දරුවෙකු කිලෝමීටර් දෙක


සුන්බුන් වූ ගාසාව සුද්ද කරන්න ට්‍රාක් 100 වසර 14ක් යාවි
2024 අප්‍රේල් මස 26 167 0

ඊශ්‍රායල හමුදා ප්‍රහාර හේතුවෙන් ගාසා තීරයේ ගොඩ ගැසුණු සුන්බුන් ඉවත් කිරීම සඳහා ට්‍රක් රථ 100ක් භාවිත කළහොත් ඒ සඳහා වසර 14 ක කාලයක් ගත වෙනු ඇතැයි එක්සත් ජා


මෛත්‍රී පාස්කු විවාදය මඟ හරි
2024 අප්‍රේල් මස 26 172 0

පාස්කු ඉරු දින ප්‍රහාරය පිළිබඳ විවාදයේදී හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා අදහස් දැක්වීමට නියමිතව තිබුණත් ඔහු කිසිදු අදහස් දැක්වීමක් නොකිරීම


වෛද්‍ය ශිෂ්‍ය ශිෂ්‍යාවෝ ඉටිපන්දම් දල්වා විරෝධයේ
2024 අප්‍රේල් මස 26 292 2

කොළඹ වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක්‍රියාකාරී සංගමය වෛද්‍ය පීඨ ශිෂ්‍ය ශිෂ්‍යාවන් මුහුණදී සිටින ගැටලු සහ පෞද්ගලික වෛද්‍ය පීඨ ස්ථාපිත කිරීමට ආණ්ඩුව ගෙන යන වැඩපිළ


ඇමෙරිකා කෘෂි උප ලේකම් ජනපති හමුවෙයි
2024 අප්‍රේල් මස 26 99 0

ඇමෙරිකා එක්සත් ජනපද කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ (USDA) වෙළෙඳ සහ විදේශ කෘෂිකාර්මික කටයුතු පිළිබඳ උප ලේකම් ඇලෙක්සිස් ටේලර් (Alexis Taylor) මහත්මිය සහ ජනාධිපති රනිල් ව


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 342 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1727 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1568 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site