IMG-LOGO

2024 අප්‍රේල් මස 27 වන සෙනසුරාදා


ඇමෙරිකාව බ්‍රිතාන්‍ය සහ ප්‍රංශය සිරියාවට ගුවන් ප්‍රහාර එල්ල කරයි

වොෂින්ටන්හිදීය (රොයිටර්)

ඉකුත් සතියේදී සිවිල් වැසියන් ඉලක්ක කරගෙන ගෑස් ප්‍රහාරයක් එල්ල කිරීමට ප්‍රතිචාර දැක්වීමක් ලෙස ඇමෙරිකා එක්සත් ජනපදය, බ්‍රිතාන්‍ය සහ ප්‍රංශය ඇතුළු ඒකාබද්ධ හමුදා සිරියාවට ගුවන් ප්‍රහාර මාලාවක් එල්ල කළේය.

සිරියානු ජනාධිපති බෂාර් අල් අසාද්ගේ ආණ්ඩුවට විරුද්ධව සටන් වදින කැරැලිකරුවන්ගේ පාලනයේ තිබෙන ඩූමා ප්‍රදේශයට රසායනික ප්‍රහාරයක් එල්ල කළ බවට රජයේ හමුදාවලට චෝදනා එල්ල විය. සිරියානු ආණ්ඩුව මෙන්ම රුසියාව ද එම චෝදනා ප්‍රතික්ෂේප කළ අතර මෙම සිදුවීම නිසා එක්සත් ජාතීන්ගේ සංවිධානය තුළ බෙදීමක් ද හට ගත්තේය. 

සිරියානු යුද්ධය ආරම්භ වීමෙන් අනතුරුව ඇමෙරිකා එක්සත් ජනපදය ප්‍රමුඛ බටහිර රටවල් සිරියානු ජනාධිපති බෂාර් අල් අස්දාගේ නායකත්වයෙන් යුතු රජයේ හමුදාවලට එරෙහිව දියත් කරන විශාලතම ප්‍රහාරය සහ මැදිහත්වීම ද මෙයයි.  සිරියානු ජනාධිපතිවරයාගේ සහ රජයේ හමුදාවලට එරෙහිව හමුදාමය ක්‍රියාමාර්ග ගත යුතු යැයි ඇමෙරිකා එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සිකුරාදා (13) රාත්‍රියේ නිවේදනය කළ අතර ගුවන් ප්‍රහාර එල්ල කරන ලෙස ද අණ දුන්නේය. ඔහු අණදුන් විගස සිරියාවේ ඩැමැස්කස් නුවරින් විශාල පිපිරුම් හඬවල් ඇසිණි. ඉන් ටික වේලාවකට පසු බ්‍රිතාන්‍ය සහ ප්‍රංශ ගුවන් හමුදාද එම ප්‍රහාරවලට එක්වූ බව බ්‍රිතාන්‍ය අගමැතිනි තෙරේසේ මේ සහ ප්‍රංශ ජනාධිපති එමානුවෙල් මැක්රෝන් පැවැසූහ. 

අසාද් ආණ්ඩුව රසායනික අවි භාවිතය නතර කරන තුරු මේ ආකාරයෙන් අඛණ්ඩව ගුවන් ප්‍රහාර එල්ල කරන බව ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් පැවැසීය. 

වසර හතක් තිස්සේ දිග්ගැස්සෙන් සිරියානු සිවිල් යුද්ධයට ඇමෙරිකාව ප්‍රමුඛ බටහිර රටවල් සම්බන්ධව සිටියද සිකුරාදා (13) රාත්‍රියේ සහ සෙනසුරාදා (14) අලුයම් කාලයේ එල්ල කරන ලද ගුවන් ප්‍රහාර මාලාව බටහිර රටවල් සිරියාවේ කරන ලද විශාලතම මැදිහත් වීම විය. එය රුසියාවට එරෙහිව කරන ලද ප්‍රහාරයක් ද විය. ඇමෙරිකාව ප්‍රමුඛ බටහිර රටවල් ආණ්ඩුව විරෝධී කැරැලිකරුවන් සහ විපක්ෂ කණ්ඩායම්වලට සහාය දක්වන අතර රුසියාව සිරියාවේ ජනාධිපති බෂාර් අල් අසාද් ප්‍රමුඛ ආණ්ඩුවට සහ රජයේ හමුදාවලට සහාය දක්වයි. රුසියාව සිරියානු සිවිල් යුද්ධයට මැදිහත්වූයේ 2015 වසරේදීය. 

055



අදහස් (11)

ඇමෙරිකාව බ්‍රිතාන්‍ය සහ ප්‍රංශය සිරියාවට ගුවන් ප්‍රහාර එල්ල කරයි

රජින්ද Saturday, 14 April 2018 05:41 AM

මේ ප්‍රහාර ඔය කියන තරම් ප්‍රභල ප්‍රහාර නොවන බවයි කියවෙන්නේ. ඇමෙරිකානු මිත්‍ර සන්ධානය එල්ල කරපු සියලුම ප්‍රහාර රුසියානු ගුවන් ආරක්ෂණ කලාපයට ඇතුළුවෙලා නැති බව ප්‍රකාශ කළා. ඒ කියන්නේ රුසියානු යුධ ශක්තිය පොඩ්ඩක් කොනිත්තලා, හුරලා බැලුවට පහරක් ගන්න ඇමෙරිකාව උනත් බයයි කියන එකයි. ඒ කොහොම උනත් ආයේ ලෝක යුද්ධයක්නම් එපා..!!

:       6       258

Ruwan Saturday, 14 April 2018 06:01 AM

එන පොට හොද නෑ...

:       7       41

ජගත් ලියනගේ Saturday, 14 April 2018 07:32 AM

සිරියාවත් තවත් ලිබියාවක් ඉරාකයක් කරන්න යන්නේ කට්ටිය එකතු වෙලා. මට පුදුම ප්‍රංශය මේ ප්‍රහාර වලට එකතු වුණෙ ඇයි කියලයි .

:       61       215

wije Saturday, 14 April 2018 08:53 AM

කොහොම කොහොමහරි ලෝකේ ඉන්න බලවත්තු සේරමටික එකතුවෙලා මේ මුළු ලෝකෙම විනාශ කරලා දාන දවස තව වැඩි ඈතක නෙවෙයි වගේ.

:       7       117

Sugandhi Saturday, 14 April 2018 09:35 AM

මගේ අදහස නම් මැද පෙරදිග අයත් යම් ප්‍රති ප්‍රහාරයක් දෙයි හරි වෙලාව බලලා මීට පෙර වුනේ එහෙමයි.

:       132       111

Gihan Saturday, 14 April 2018 10:00 AM

රටකට නැගිටින්න දෙන්නේ නෑ

:       59       244

Sanath Saturday, 14 April 2018 01:02 PM

සිරියාවේ ජනතාවට දැන් වෙලා තියෙන්නේ ගහෙන් වැටුන මිනිහට ගොනා ඇන්නා වගේ දෙයක් .

:       6       69

ධනුෂ්ක Saturday, 14 April 2018 02:17 PM

රුසියානු බලය මැද පෙරදිග ව්‍යාප්ත වීමට අැමරිකානු සංධානය අකමැතිය. රුසියාවට තව මැදපෙදිග සිටින මිතුරන් වන්නේ සිරියාව හා ඉරානයයි. ඔවුන් අඩපන කිරීම අැමරිකාවේ මූලික අරමුණයි. අරමුණ රුසියාව හුදකලා කිරීමයි. එතකොට ඔවුන්ට ලෝකය තුළ හිතුමතේ කරනම් ගැසිය හැකිය. අැමරිකාව කෙසේවෙතත් යුරෝපා රටවල්නම් ගොන් පොරේකට මැදිවුන මයිනට වෙච්ච දේ තමයි වෙන්නේ. රුසියානු න්‍යෂ්ඨික බෝම්බ වලට කෙලින්ම ගොදුරු වෙන සීමාවේ සිටී.

:       33       339

Bamunuarachchi Saturday, 14 April 2018 06:18 PM

පුටින් මහතා වචනෙන් හරි අපි ඔබට සහයෝගය.

:       55       140

රාජුන් Saturday, 14 April 2018 10:57 PM

මේ රටවල තෙල් තිබුනෙ නැත්නම් මේ දේ කිසිම බලගතු රටකට ඇති වෙන්නෙ නෑ. එහෙනම් පැත්ත පලාතෙ බලන්නෙ නෑ.

:       0       40

Bamunuarachchi Tuesday, 17 April 2018 11:59 AM

රුසියාව හුදකලා කිරීම... රුසියාව කියන රට ලෝකයා දන්නේ ඇමරිකාව සොයාගන්නත් කලින්. තවටික කාලෙකින් හුදකලා වන්නේ ඇමරිකාවයි. ඒ පෙට්‍රෝ ඩොලරය වෙනුවට පෙට්‍රෝ යුආන් ලෝකය පිළිගත් විටයි. දැනටමත් යුක්‍රේනයට තෙල් දීමට සෞදිය කැමැත්ත පළකර ඇත.

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

හරක්කටාට අවශ්‍ය දේ ලිඛිතව ඉල්ලන්න කියයි
2024 අප්‍රේල් මස 26 484 0

සංවිධානාත්මක අපරාධකරුවකු හා ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු බව කියන නඳුන් චින්තක වික්‍රමරත්න හෙවත් හරක් කටාට අවශ්‍ය කරන සියලු ඉල්ලීම් ලිඛිතව ත්‍


කෙත් ඇළට වැටුණු දරුවා කිලෝ මීටර් දෙකක් ගසාන යයි
2024 අප්‍රේල් මස 26 953 0

පොළොන්නරුව වැලිකන්ද සිංහපුර ප්‍රදේශයේ 26 වෙනිදා දහවල් 11 ට පමණ, ඉසඩ්. ඩී. ප්‍රධාන ඇලෙන් ගලා බසින කෙත් ඇළට වැටුණු අවුරුදු දෙකක පිරිමි දරුවෙකු කිලෝමීටර් දෙක


සුන්බුන් වූ ගාසාව සුද්ද කරන්න ට්‍රාක් 100 වසර 14ක් යාවි
2024 අප්‍රේල් මස 26 1129 1

ඊශ්‍රායල හමුදා ප්‍රහාර හේතුවෙන් ගාසා තීරයේ ගොඩ ගැසුණු සුන්බුන් ඉවත් කිරීම සඳහා ට්‍රක් රථ 100ක් භාවිත කළහොත් ඒ සඳහා වසර 14 ක කාලයක් ගත වෙනු ඇතැයි එක්සත් ජා


මෛත්‍රී පාස්කු විවාදය මඟ හරි
2024 අප්‍රේල් මස 26 644 2

පාස්කු ඉරු දින ප්‍රහාරය පිළිබඳ විවාදයේදී හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා අදහස් දැක්වීමට නියමිතව තිබුණත් ඔහු කිසිදු අදහස් දැක්වීමක් නොකිරීම


වෛද්‍ය ශිෂ්‍ය ශිෂ්‍යාවෝ ඉටිපන්දම් දල්වා විරෝධයේ
2024 අප්‍රේල් මස 26 635 2

කොළඹ වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක්‍රියාකාරී සංගමය වෛද්‍ය පීඨ ශිෂ්‍ය ශිෂ්‍යාවන් මුහුණදී සිටින ගැටලු සහ පෞද්ගලික වෛද්‍ය පීඨ ස්ථාපිත කිරීමට ආණ්ඩුව ගෙන යන වැඩපිළ


ඇමෙරිකා කෘෂි උප ලේකම් ජනපති හමුවෙයි
2024 අප්‍රේල් මස 26 217 0

ඇමෙරිකා එක්සත් ජනපද කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ (USDA) වෙළෙඳ සහ විදේශ කෘෂිකාර්මික කටයුතු පිළිබඳ උප ලේකම් ඇලෙක්සිස් ටේලර් (Alexis Taylor) මහත්මිය සහ ජනාධිපති රනිල් ව


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 343 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1730 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1568 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site