IMG-LOGO

2025 දෙසැම්බර් මස 27 වන සෙනසුරාදා


මුහුණට පැහැපත් හිතකර මේක්අප්

මේ උත්සව කාලයයි. මේ කාලයේ බොහෝ දෙනෙකු විවිධ උත්සව අවස්ථාවලට සහභාගී වෙති. මෙහිදී තමන් අඳින පලඳින ඇඳුම් හා සමානවම සැලකිලිමත් විය යුතු කාරණයක් වන්නේ තමන් ගේ මේක්අප් එකයි. මේක් අප් එකකින් සිදු වන්නේ තිබෙන පෙනුම ඔප දැමිමයි. නමුත් බොහෝ දෙනෙක් නොදැනුවත්ව මේක් අප් කිරීම නිසා තිබෙන පෙනුම අහිමි කර ගන්නා අවස්ථා නැතුවාම නොවේ. මේ නිසාම හැඩට වැඩට අදින ඔබට අවස්ථාවට උචිත ලෙස ලස්සන මේක් අප් එකක් කර ගැනීමට අවශ්‍ය කරුණු මෙම ලිපියෙන් සාකච්ඡා කරමු.

මේක් අප් කරන්නේ ඇයි?
මේක් අප් එකකින් සිදු වන්නේ ඇස්, කට සහ නාසය වැනි කොටස් ඉස්මතු කිරීමකි. එහෙත් කරන්නන් වාලේ මේක් අප් කිරීමෙන් කිසි විටෙකත් ඔබ අපේක්ෂා කරන පෙනුම ඉස්මතු වන්නේ නැත. බොහෝ දෙනෙකු මෙමගින් සිය පෞරුෂයට පවා හානි කර ගනිති. මේ නිසා නිවැරදිව මේක් අප් එකක් සිදු කිරීමේදී ඔබ මේ කියන කාරණා ගැන සැලකිලිමත් විය යුතුය.

 


සාමාන්‍ය ගමනට ෆවුන්ඬේෂන් අවශ්‍ය නෑ.
මේක් අප් එකක් කිරීමේදී ෆවුන්ඬේෂන් උපයෝගි කර ගන්නේ මේක් අප් එක බොහෝ වේලාවක් රඳවා ගැනීමටයි. තමන් සහභාගී වන සාමාන්‍ය නෑදෑ ගමනකට ෆවුන්ඬේෂන් දැමීම අවශ්‍ය වන්නේ නැත. ඒ සඳහා ඔබ තමන් දිනපතා ආලේප කරන ක්‍රීම් ආලේප කර සමට සුදුසු ෆවුඩර් එකක් ආලේප කරන්න. 
තමන්ට සුදුසු පවුඩර් වර්ග තෝරා ගැනිමේදී පිටි අල්ලේ ආලේප කර එය තමන්ගේ සමට සුදුසු දැයි තීරණය කර ගන්න. පිටි අල්ලේ පවුඩර් ආලේප කළ විට එය ඔබේ සමට වඩා තරමක් සුදු පැහැය වැඩි නම් එය ඔබේ සමට ගැළපෙන්නේ නැත.

 


අයි ලයිනර් භාවිත කළ යුත්තේ කොහොමද?
අයිලයිනර් සඳහා බොහෝ දෙනෙක් කළු වර්ණය භාවිතා කරන බව දක්නට ලැබේ. ඔබ දිවා කාලයේ උත්සව අවස්ථාවකට සහභාගී වනවා නම් කළු වර්ණය සුදුසු නැත. ඒ සඳහා තද දුඹුරු පැහැ අයි ලයිනර් එකක් වඩා සුදුසුය. මෙය ඉරි ස්වරූපයෙන් ඇඳ අයිබ්‍රෝ බ්‍රෂ් එකකින් එය බ්ලෙන්ඞ් කර ගන්න. එයින් වඩාත් ස්වාභාවික පෙනුමක් මතු කර ගන්න. ඇහැ යට ලයින් එක කජාල් එකකින් ඇඳ ගත හැක. එය පිටතට නොයන ලෙස සිහින්ව ඇඳ ගැනීම වඩාත් සුදුසුය.


තොල් ආලේපන තෝර ගන්නේ කොහොමද?
තොල් ආලේපන තෝරා ගැනීමේදී වයස ගැන වඩාත් සැලකිලිමත් විය යුතුය. වියළි ස්වභාවයක් ගන්නා අවපැහැ වූ තොල් සඳහා පැහැපත් වර්ණ සුදුසු නැත. ඔවුන් නිතරම තද වර්ණ තෝරා ගැනීමට සැලකිලිමත් විය යුතුයි. 

ඒ වගේම ලිෆ් ලයින් තෝරා ගැනීමේදී ආලේප කරන තොල් ආලේපනයට වඩා තද වර්ණයක් තෝරා ගත යුතුය. තොල් පට හොඳින් ඉස්මතු වන්නේ එවැනි ගැළපීමක් ඇත්නම්ය. තරුණ වයසේ පසු වන අයට පැහැපත් වර්ණ සුදුසු අතර තොල් පැහැපත් නම් ග්ලොස් එකක් පමණක් යොදා ගැනීමද ප්‍රමාණවත්ය.

 


මස්කාරා භාවිතා කරනවානම්
ඔබ සහභාගි වන සෑම ගමනකටම මස්කාරා භාවිතය සුදුසු නැත. දිවා කාලයේ මස්කාරා ආලේප කර සාදයකට සහභාගි වනවා නම් එය ඇත්තේ කුමන ස්ථානයකදැයි මුලින්ම අවධානය යොමු කළ යුතුය. නැති නම් අව්වට නිරාවරණය වූ කල ඇහි පිහාටු එකිනෙක ඇලීමත් ඒවා දිය වී පෙරීමටත් ඉඩ තිබේ.
මේක් අප් කිරීමේදී මේ සෑම කරුණක් ගැනම සැලකිලිමත් විය යුතු අතරම ප්‍රමිතියෙන් යුතු මේක් අප් උපකරණ භාවිතය පිළිබඳව ද සැලකිලිමත් විය යුතුය.

සටහන - සසිනි රණසිංහ



අදහස් (0)

මුහුණට පැහැපත් හිතකර මේක්අප්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 572 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 284 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1085 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site