IMG-LOGO

2025 දෙසැම්බර් මස 24 වන බදාදා


ඇඳුමක් ඇන්දත් ලස්සන නෑ කොයිතරම් කෑවත් මහත් වෙන්නේ නෑ

ශරීරයේ ඇති අධික කෘශබව රූප සොබාව හීන කරන සාධකයකි. එවන් කෘශ ශරීර හිමි තරුණියන් ශරීරය කෘශබවින් මුදවා ගැනීමට විවිධ ප්‍රතිකාර ක්‍රම වෙත යොමුවීම දක්නට ලැබේ. එහෙත් මොනවා කළත් කිසිදු පලක් නැතැයි පවසන තරුණියෝ ද අප අතර සටිති. මෙසේ කෙනෙකුගේ පෞරුෂයට බලපාන මනා සිත් ඇදගන්නා සුලු සිරුරක් හිමිකර ගන්නට නම් ඔබත් පහත සඳහන් ආයුර්වේද ප්‍රතිකර්ම වෙත යොමුවන්න. 


අධික කෘශ බවට බලපාන හේතු 
මනා පෝෂණයක් නොමැතිවීම 
සිරුරේ ඇති අධික උෂ්ණාධිකබව 
සිරුරේ පිත අධිකවීම 
නිධන්ගත රෝගාබාධ තිබීම 
අධික ලෙස වෙහෙසට පත්වන රැකියාවක නිරතවීම 
මානසික අතෘප්තිය 
අවිවේකීබව 
නිතර ඖෂධ වර්ග භාවිතය 
වැරදි ඇවතුම් පැවතුම් 
ආහාරයට ගන්නා කෑම බීම නිසි ලෙස නොදිරවීම 
ප්‍රධාන කෑම වේල්වලට අමතරව නිතර නිතර විවිධ කෑම වර්ග ආහාරයට ගැනීම 
රළු ආහාරපාන නිතර ගැනීම 
ආහාර නොගෙන සිටීම 
නිදිවැරීම 
කාලයක් යම් රෝගයකින් පීඩා විඳීම 
ජානමය හේතු 


ආයුර්වේදයට අනුව මෙවැනි කෘශ අයට ආකාර තුනකට ප්‍රතිකාර සහ සත්කාර සිදු කළ හැකි ය. මෙහිදී සාකච්ඡාවට බඳුන් වන්නේ සත්කාර ක්‍රම 03 ක් පිළිබඳවය. 
01. ආහාර ද්‍රව්‍ය 
02. විහරණ ක්‍රමය 
03. ඖෂධ 


ආහාර ක්‍රමය 
මෙයින් අදහස් වන්නේ සුදුසු ආහාර ගැනීමය. එළකිරි, අලුත් හාලේ බත්, ගිතෙල්, මුදවපු කිරි, උඳුපිටි, රටඉඳි, උක් පැණි, උක් පැණි යොදා සකසන ආහාර ද්‍රව්‍ය, ධාන්‍ය වර්ග, මුං කිරිබත් වැනි ආහාර ඉතා වැදගත් වේ. 
එමෙන්ම කොපමණ ආහාර ගත්ත ද සිරුර නොවැඩෙන කාන්තාවන්ට මඳ උණුසුම් කිරි වීදුරුවකට ගිතෙල් තේ හැන්දක් මිශ්‍ර කර උදෑසන පානය කළ හැකි ය. මෙමඟින් ශරීරය පෘෂ්ඨිමත් වේ. මෙයට අමුක්කරා තේ හැන්දක් හෝ හාතාවාරිය අල තේ හැන්දක ප්‍රමාණයක් එකතු කිරීම මඟින් වඩාත් හොඳ ප්‍රතිඵල ලබාගත හැකිය. සතියකට දින තුනක්වත් කොළ කැඳ පානය කිරීම සුදුසුය. 


විහරණ ක්‍රමය 
විහරණ ක්‍රමය ලෙස හඳුන්වන්නේ ඇවතුම් පැවතුම් ය. එනම් සුව පහසු ලෙස යහන්වල නිදා ගැනීම, සිත සැහැල්ලු අරමුණුවල තබා ගැනීම, මනසට හොඳ විවේකයක් ලැබෙන සේ ගහ කොළ හා ඇළ දොළ ආශ්‍රිතව කාලය ගත කිරීම, සුදු හෝ ළා පැහැති වස්ත්‍ර ඇඳීම, ප්‍රියයන් දැකීම, ස්වාභාවික මල්වල සුවඳ ආඝ්‍රාණය වැනි දේ හා සිතට කලකිරීම, වෛර ක්‍රෝධ සිතිවිලි නොපැමිණෙන සේ ක්‍රියා කිරීම ආදියයි. 
රටඉඳිවල ඇට ඉවත් කර එතුළට එළඟිතෙල් පුරවා මී පැණි මිශ්‍රිත බඳුනකට දමා උදෑසන එම රටඉඳි මදුළු 2-3 ක් ආහාරයට ගන්න. (මෙහිදී දියවැඩියාව වැනි රෝග පිළිබඳ සැලකිලිමත් විය යුතුය.) 
හාතාවාරිය කැඳ පානය කරන්න. අළු පුහුල්, අළු කෙසෙල්, කොස් වැනි දේ ආහාරයට ගන්න. එළකිරි පානය කරන්න. නෙල්ලි රසකිඳ තම්බා පානය කරන්න.

 

සටහන - සසිනි රණසිංහ



අදහස් (0)

ඇඳුමක් ඇන්දත් ලස්සන නෑ කොයිතරම් කෑවත් මහත් වෙන්නේ නෑ

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 468 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 251 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1044 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site