
(යොහාන් භාසුර)
සංස්කෘතික කටයුතු අමාත්‍යංශය සංවිධානය කළ අන්තර් සංස්කෘතික මධ්‍යස්ථාන ප්‍රතිභා 2023 තරගාවලියේ සමස්ත සම ශූරතාව සන්දිලිප්පායි සහ කඩුවෙල සංස්කෘතික මධ්‍යස්ථාන දිනාගැනීමට සමත් විය.
එම තරගාවලියේ සම්මාන ප්‍රදානෝත්සවය බුද්ධශාසන ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය විදුර වික්‍රමනායක මහතාගේ ප්‍රධානත්වයෙන් මරදාන එල්ෆින්ස්ටන් රඟහලේදී පැවැත්විණි.
සංස්කෘතික මිනිසෙකු බිහි කිරීමේ අරමුණින් දැයේ දූ දරුවන් සෞන්දර්ය අධ්‍යාපනය සඳහා නැඹුරු කිරීමට, සංවේදී සුචරිතවත් අනාගත පරපුරක් බිහි කිරීමට සහ ඔවුන්ගේ කලා කුසලතා වර්ධනය කරවීම සඳහා බුද්ධශාසන ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශයේ සහයෝගය ඇතිව සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව මෙම තරගාවලිය සහ සම්මාන ප්‍රදානෝත්සවය සංවිධානය කරයි.
සිංහල සහ දමිළ ද්වීභාෂාවන්ගෙන් සංගීත, නර්තන, නාට්‍ය සහ චිත්‍ර ආදී විවිධ ක්ෂේත්‍ර ඔස්සේ ජයග්‍රහණ ලැබූ ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට මෙහිදී සම්මාන ප්‍රදානය කළේය.
එමෙන්ම මෙහිදී විවිධ තරග කාණ්ඩ ඔස්සේ ජයග්‍රහණය කළ ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට ජුරියේ සම්මාන, කුසලතා සම්මාන සහ සහතිකපත් ද ප්‍රදානය කෙරිණි.
බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යංශයේ ලේකම් සෝමරත්න විදානපතිරණ, අතිරේක ලේකම් තිලක් හෙට්ටිආරච්චි, අධ්‍යක්ෂ සංස්කෘතික ප්‍රවර්ධන ආචාර්ය ප්‍රසාද් රණසිංහ, සංස්කෘතික කටයුතු අධ්‍යක්ෂ යසින්තා ගුණවර්ධන, ප්‍රවීණ නාට්‍යවේදීන් වන එල්.එස්. මොහාන් රාජ්, කලෙයි චෙල්වම් යන මහත්ම මහත්මීන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්වූහ.
2025 දෙසැම්බර් මස 18
28
0
ශ‍්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
121
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
922
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ප්‍රතිභා 2023 තරගාවලියේ ජය