ගෞරී පැරණි ධනවත් පවුලක මුදු මොළොක් ලෙස ඇති දැඩි වූ රූමත් දැරියක් වූවාය. ඇයගේ ස්වාමි පුරුෂයා වන පරේෂ්, බලවත් උත්සාහය නිසා ම මෑතකදී අගහිඟ අමාරු තත්වයෙන් මිදීමට සමත් වූයේය. ඔහු දිළින්දෙකුව සිටින තුරු ගෞරිගේ මවුපියෝ තම දියණියට අග හිඟයක් වනු දැකීමට නොකැමැති වූ නිසා ඇය ගෙදර නවතා ගත්හ. අවසානයේ ඇය තම ස්වාමි පුරුෂයාගේ නිවෙස වෙත යන විට ඇයගේ තාරුණ්‍යය ගෙවී ගොස් තිබිණ. ඇය තමා සතුවූවක ලෙස පරේෂ්ට කිසිසේත් නොහැඟිණ. ඔහු බටහිර ප්‍රදේශයේ කුඩා නගරයක නීතිඥයකු ලෙස කටයුතු කළේය. ඔහුට එහි ලේ නෑයින් කිසිවෙකු සිටියේ ද නැත. ඔහු සැම විට ම උන්නේ තම බිරිඳ ගැන සිතමිනි. එය කොයි තරම් වීද යත් සමහර වෙලාවලදී ඔහු උසාවියේ වැඩ කටයුතු අවසන් වීමට පෙර ම ගෙදර පැමිණියේය. ඔහු එසේ හදිසියේ ආපසු පැමිණියේ ඇයි දැයි මුල දී ගෞරීට තේරුම් ගත නොහැකි විය. සමහර අවස්ථාවලදී ඔහු කිසිම හේතුවක් නොමැතිව මෙහෙකරුවකු සේවයෙන් පහකර දැමීය. ඔවුන්ගෙන් කිසිවකු ඔහු වැඩිකල් තබා ගත්තේ නැත. විශේෂයෙන් ගෞරී විසින් ප්‍රයෝජනවත්කම සලකා කිසියම් විශේෂ සේවකයකු තබා ගැනීමට කැමැත්තක් දක්වන ලද්දේ නම් මිනිසා වහා සේවයෙන් ඉවත් කිරීම නිසැකවම සිදුවිය. කිපෙන සුලු තැනැත්තියක වූ ගෞරී මෙය තදින් නොරිස්සූ නමුත් ඇගේ ඒ නොරිස්සිල්ලෙන් සිදුවූයේ ඇගේ ස්වාමි පුරුෂයාගේ හැසිරීම තවත් අමුතු වීම පමණි. අන්තිමේදී මෙය තව දුරටත් දරාගෙන සිටීමට නොහැකි වූ පරේෂ්, මෙහෙකාරියගෙන් තම බිරිඳ ගැන රහසේ තතු විමසී පටන් ගත් කල්හි, ඒ සියල්ල ම ගෞරිගේ කන වැකිණ. ඇය වැඩි කතා බහක් නැති තැනැත්තියක වූවාය. එහෙත් මේ අවසානය නිසා ඇගේ ආත්ම අභිමානය තුවාල ලත් සිංහ ධේනුවක සේ ඇගේ අභ්‍යන්තරයෙන් ගුගුර ගුගුරා නැඟී සිටියේය. ඔහුගේ වියරු සැකය වධකයකුගේ අසිපතක් මෙන් ඔවුන් අතරට කා වැදිණ. ගෞරී වෙහෙසන යමක් ඇගේ මුහුණට ම නොකීමට තරම් පරේෂ් තුළ වූ මුදු සිත, තම බිරිඳ තම අභිප්‍රාය තේරුම් ගත් බව දුටු සැණින් ඔහු කෙරෙන් අතුරුදන්ව ගියේය. ඇය ඊට නිහඬ පිළිකුලකින් යුතුව සලකන්නට තමා තුළ වූ ඊර්ෂ්‍යාවේ ගින්නෙන් ඔහු තව තවත් දැවෙන්නට විය.
විවාහයේ සතුට අහිමි වුත් දරුවන් නොමැති වුත් ගෞරි සැනසීම පතා ආගම ධර්මය කෙරේ නැඹුරු වූවාය. අසල වු අසපුවේ විසූ තරුණ දේශක පරමානන්ද ස්වාමි කැඳවා. චාරිත්‍රානුකූලව, ඔහු තම ආධ්‍යාත්මික ගුරුවරයා හැටියට පිළිගත් ඈ තමාට භගවත් ගීතාව තේරුම් කර දෙන ලෙස ඔහුගෙන් අයැද සිටියාය. තම හද තුළ නිෂ්ඵලව රැඳී ගත් මුළු මහත් ආදරය සහ දයාව ඕ තම ගුරුතුමාගේ පා මුල ගලා යන්නට සැලසූයේ අපමණ බැතියෙනි.
පරමානන්ද ස්වාමිගේ චරිත ශුද්ධිය පිළිබඳව කිසිවෙකු තුළ සැකයක් නොතිබිණ. සැම දෙනා ම ඔහුට වැඳුම් පිදුම් කළහ. ඔහුට විරුද්ධව සැක සහිත වචනයක් හෝ කීමට තරම් නිර්භීත කමක් පරේෂ් තුළ නොවූයෙන් ඊර්ෂ්‍යාව ඔහුගේ හද තුළට කාවැදි ගියේ සැඟවුණු පිළිකාවක් ලෙසිනි.
දිනක්, ඉතා නොවැදගත් සුළු සිද්ධියක් නිසා විෂ පිටාර ගලා ගියේය. පරමානන්ද ස්වාමි කුහකයෙකු යැයි තම බිරිඳට කියමින් ඔහුට පරිභව කළ පරේෂ් මෙසේ ද පැවසීය.
" මේ තාපසයකුගේ වේශයෙන් රඟපාන කොකාට ඔහේ ආදරේ කරන්නෙ නැහැ කියල ඔහේට දිවුරන්න පුළුවන්ද?"
පෑගුණ නයකු සේ නැගී සිටි ගෞරි පරේෂ්ගේ සැකය නිසා වියරුව ගොස්, ඔහුට සැර පරුෂ ලෙස ඇනෙන්නට මෙසේ කීවාය.
මං එහෙම කළාම මොකද? " මෙවදන් ඇසූ පරේෂ් වහා ඇය ගෙට දා දොරගුළු වසා උසාවියට ගියේය.
මේ අන්තිම සාහසික ක්‍රියාව නිසා උපන් කෝපාග්නියේ තාපයෙන් රත්ව ගිය ගෞරි කෙසේ හෝ දොරගුළු හැරගෙන නිවසෙන් පිටව ගියාය.
නිහඬතාවයේ ගිලී තිබූ එම දහවල් කාලයේ පරමානන්ද ස්වාමි ඔහුගේ හුදකලා කුටියට වී ධර්ම ග්‍රන්ථයක ඇස අලවාගෙන සිටියේය. වලාකුළින් තොර අහසේ කෙටු විදුලියක් සේ එක්වර ම ගෞරි ඔහු කියවමින් හුන් තැනට දිව ආවාය.
" ඔබ මෙහේ?" ඇයගේ ගුරුතුමා පුදුමයෙන් ප්‍රශ්න කළේය.
"අනේ මගේ ගුරු දේවයිනි! මගේ ගෙදරින් මට ලැබෙන නින්දා අපහාසවලින් මා බේරාගෙන. ඔබේ දෙපා මුලට වී ඔබට සේවය කිරීම සඳහා මගේ ජීවිතය කැප කිරීමට මට ඉඩ දෙන්න '' ඈ පැවසුවාය.
ගෞරිට දැඩි ලෙස තරවටු කළ පරමානන්ද ස්වාමි ඇය ආපසු ඇගේ ගෙදරට පිටත් කර හැරියේය. එහෙත්, වහා කැඩී ගිය ඔහුගේ කියවීම් හුය යළි සම්බන්ධ කොට ගැන්මට ඔහු සමත්වීදැයි යන්න මට පුදුමයකි.
ආපසු ගෙදර පැමිණි පරේෂ් දොර ඇර තිබෙනු දැක." මෙහේ ආවේ කව්ද?" යි ඇසුවේය.
" කව්රුවත් නෑ. මම ගුරුතුමාගේ ගෙදරට ගියා '' ඔහුගේ බිරිඳ පිළිතුරු දුන්නාය.
ඒ මොකටද? '' සුදුමැලි වෙමින් ද රතු වෙමින් ද පරේෂ් ඇසුවේය.
"මට ඕන නිසා.''
එදින සිට ගේ වටා මුරකාවල් යෙදු පරේෂ්, කෙතරම් විකාර ලෙස හැසිරුණේ ද යත් ඔහුගේ ඊර්ෂ්‍යාව පිළිබඳ කතාව මුළු නගරය පුරා ම පැතිර ගියේය.
තම බැතිමතිය මත දිනපතා ගොඩ ගැසුණු ලජ්ජා සහගත නින්දා අපහාස පිළිබඳ ආරංචි නිසා පරමානන්ද ස්වාමිගේ ආගමික භාවනාවලට බාධා සිදුවිය. එක්වර ම එම ස්ථානය හැර යාමට ඔහුට අවශ්‍ය වූවා සේ දැනිණ. එසේ ම හිංසාවට ලක් වූ කාන්තාව අතහැර දමා යාමට ද ඔහුට සිත හදාගත නොහැකි විය. අසරණ තවුසාණන් ඒ භයානක දිවා කාලයන් හා රාත්‍රී කාලයන් කෙසේ ගත කළේ ද යන්න කිව හැක්කේ කාහටද?
සිරගත කොට සිටි ගෞරිට අවසානයේදී දිනක්, ලිපියත් ලැබිණ.
එහි මෙසේ ලියැවී සිටිණ. "මගේ දරුව, බොහෝ බැතිමත් කාන්තාවන් දෙවියන් වෙනුවෙන් තම දිවි කැප කිරීම උදෙසා කලාභික ජීවිතය අත හැර දමා ඇති බව සත්‍යයකි. මෙලොව ඇසි දුක් කරදර නිසා ඔබේ සිතිවිලි දෙවියන් කෙරෙන් ඈතට ඇදී යන්නේ නම්. මම. දෙවියන්ගේ උපකාරයෙන් උන්වහන්සේගේ මෙහෙකාරිය. උන්වහන්සේගේ දෙපා මුල ඉටු කෙරෙන බැතිබර සේවය උදෙසා බේරා ගන්නෙමි. ඔබ ඊට කැමති නම්, හෙට පස්වරු දෙකට, ඔබගේ වත්තේ පොකුණ අසලදී මා හමුවිය හැකිය.
ගෞරි. ලිපිය, ඇගේ කොණ්ඩ වළලු අතර සඟවා ගත්තාය. පසුදා දහවල ඇය ස්නානයට පෙර තම වරලස උනන විට ලිපිය එහි නැති බව දුටුවාය. එය ඇඳෙහි වැටී ඇගේ සැමියාගේ අතට පත්විදැයි ඇය කල්පනා කළාය. ලිපිය දැක ඔහු කුපිත වන්නට ඇති බැව් සිතු ගෞරි පළමුව ඉන් කුරිරු සතුටක් ලැබුවාය. විමුක්තියේ රැස් මාලාවක් ලෙසින් තම හිස රැඳ වූ එම ලිපිය නින්දිත අතක පහසින් කිලිටිව් යා හැකි බැව් සිතීම ඇයට දරිය නොහැක්කක් සේ දැනුණේ ඉන්පසුවය.
ඉක්මන් අඩි තබමින් ඇය ස්වාමියාගේ කාමරය වෙත ගියාය. ඔහු බිම වැටී කෙඳිරිගාමින් සිටියේ ඇස් උඩ ඉද්දි කටින් පෙණ දමමිනි. ඔහුගේ මොළවා ගත් මිටෙන් ලිපිය මුදවා ගත් ගෞරි වහා වෛද්‍යවරයෙකු කැඳවාගෙන ඒමට කෙනකු යැවුවාය.
එය අපස්මාර රෝග තත්වයක් බව වෛද්‍යවරයා පැවසුවේය. ඔහු පැමිණීමට පෙර රෝගියා මිය ගොස් සිටියේය.
මෙය සිදු වූ දිනයේ ම, පරේෂ්ට ගෙයින් බැහැරව යා යුතු ඉතා වැදගත් කටයුත්තක් යෙදී තිබිණ. මේ බව දැනගත් පරමානන්ද ස්වාමි, ඒ අනුව, ගෞරි හමු වීමට වේලාව යොදා ගත්තේය. ඔහු වැටී සිටියේ එතරම් අගාධයකටය.
ඇගේ ගුරුතුමා හොරෙකු සේ රහසින් පොකුණ පැත්තට එනු කවුළුවෙන් දුටු වැන්දඹු ගෞරී තම දෑස පහතට හරවා ගත්තේ විදුලි එළියක් ඇස ගැටී ගිය කලක මෙනි.
ඔහුගේ වැටීම කෙබඳු වීද යන්න ඇය පැහැදිලිව දුටුවේ ඒ එළිය අතරිනි.
ගුරුතුමා ඇය ඇමතුවේය. '' ගෞරී ''
'' මම එනවා " ඇය පිළිතුරු දුන්නාය.
පරේෂ්ගේ මරණය අසා, අවසාන ආගමික චාරිත්‍රවලට සහාය වීම පිණිස පැමිණි ඔහුගේ මිතුරෝ, සිය ස්වාමියාගේ මළකඳ පසෙකින් වූ ගෞරීගේ මළකඳ ද දුටුවෝය. ඇය වස පානය කර තිබිණ. ඇය සති පූජාව මගින් දැක් වූ පති භක්තිය නිසා උපන් ගෞරවය කරණකොටගෙන, හැම දෙනෙක් ම කල්පනාවේ ගිලී සිටියහ. පරිහානියට පත්ව ඇති මේ කාලයේ, එවැනි බැති සිතක් ඇත්ත වශයෙන්ම දුර්ලභය.
රබීන්ද්‍රනාත් ඨකුර්
පරිවර්තනය : රම්‍යා පුෂ්පලතා අමරසිංහ
ඇඳුම් ආයිත්තම් වලින්තදබද වුණු ෂොපින් මෝල් එකේ දැනෙන්නේ ගම්බද පොළක දැනෙන ගතියක්.වායු සමීකරණ යන්ත්‍රවලට ඔරොත්තු නොදෙන ප්‍රමාණයක් ඒ සීමිත ඉඩකඩේ ගාල් වෙ
මගේ සොහොයුරකු වූ සෝමපාලගේ අසනීපය ගැන දැනගන්නට ලැබුණු වේලෙහි මා තුළ මහත් ශෝකයක් ඇති විය.
’’දරුවා නැති කරමු’’ නිහැඬියාව බිදුණි. ඕ හොල්මනක් දුටුවාක් මෙන් ඔහු වෙතින් පියවරක් ආපසු ගත්තාය.
සමන්ගී බලාගෙන හිටියේ තමන් ගේ මේසය උඩ තියෙන ක්‍රිස්ටල් මල් බඳුන දෙස .ඒක හිස්.අද විතරක් නෙවෙයි දැන් දින ගණනාවක ඉඳලම ඒක හිස්.තමන් සේවය කරන ප්‍රචාරක ආයතනයේ
සියල්ල සුබවාදී ලෙස සිතන්නටත්, පතන්නටත් හුරු පුරුදු වී සිටි මා කරා ව්‍යාධිය නම් වූ ධර්මතාව පැමිණියේ පෙර මට දන්වා නොවේ. මගේ දයාබර බිරිඳට හා දියණියට ද දන්ව
“ අමල් මට ඔයාගෙන් දරුවෙක් ඕනේ…” ඇගේ දෙතනේ හිස හොවාගෙන සිටිද්දීදී මට ඒ වදන් ඇසුණේ දුර ඈත ග්‍රහලෝකයකින් එන්නාක් මෙනි. ඒ කටහඬේ තිබුණේ ඉමහත් දායාර්ද්‍ර බව
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
කාම ඊර්ෂ්‍යා සැපිනියගේ සාපය