IMG-LOGO

2024 මැයි මස 18 වන සෙනසුරාදා


පාර්ලිමේන්තුවේ ජාතික සභාව පුස්සක්?

 

විපක්ෂ නායක සජිත් මේ සතිය ගතකළේ බල මණ්ඩල රැස්වීම්වලට සහභාගි වෙමිනි. ඊට අමතරව ඔහු හුස්ම සහ සක්වල වැඩසටහන් ද ක්‍රියාවට නැගීමට එක් විය.බල මණ්ඩල රැස්වීම්වල විශේෂත්වය වූයේ අති විශාල පිරිසකගේ සහභාගිත්වය සිදුවීමය. ඇතැම් බල මණ්ඩල රැස්වීම් සංවිධානය කර තිබූ ශාලා පිරී ඉතිරී යන තරමේ ජන සහභාගීත්වයක් දක්නට ලැබිණි.


“ඉස්සරහට බල මණ්ඩල රැස්වීම් තියන්න වෙන්නේ පිට්ටනිවල. මේ තරම් විශාල සෙනගක් ආපු බලමණ්ඩල රැස්වීම් අපේ ඉතිහාසයේවත් දැකලා නෑ”‍ ගයන්ත කරුණාතිලක කීවේය.


“දැන් මුළු රටම දන්නවා, විකල්පයත් අපි. විසඳුමත් අපි කියලා”‍ රාජිත කීවේය.
“රටේ දරුවෝ පාසල්වල කලන්තේ හැදිලා වැටෙනවා. ඒක සුළු තත්ත්වයක් කියලා පාර්ලිමේන්තුවේ ඇමතිවරු කයිවාරු ගහනවා. සමහර පාසල්වල දරුවෝ කෑමට කන්න කුරුම්බා ලොඳ අරගෙන එනවා.”‍ එහෙම කීවේ බල මණ්ඩලයට රැස්වීමට එක්ව සිටි හිරුණිකා ය.
“අවුරුදු දෙක හමාරකට කලින් මේ රට සෞභාග්‍යයට ගෙනියන්න නෙළුම් පොහොට්ටුවට ඡන්දේ දෙනවා. අවුරුදු දෙක හමාරකට පස්සේ තමන්ගෙ දරුවන්ට කිරි පැකට් එකක් අරන් දෙන්න දෙමව්පියන්ට වැව් වලට බැහැලා නෙළුම් අල හාරන්න වෙලා තියෙනවා. දෛවයේ සරදම කියන්නෙත් අන්න ඒකට”‍
සජිත් එහෙම කියද්දී සියලු‍දෙනාම හිස වනා එය අනුමත කළහ.


“නෙළුම් කුලුන උඩට නැග්ගම දිව්‍යලෝකෙ ගියා වගේ කියලා සමහරු කියනවා. නෙළුම් කුලු‍නේ උඩ ඉඳලා බිම බැලු‍වම මිහිපිට අපායක දුක් වේදනාවන් විඳින මිනිස්සු අපිට පේනවා. ඒකයි ආණ්ඩුව උරුම කරපු සෞභාග්‍යය. මේ ආණ්ඩුව සෙල්ලම් කරන්නේ රටක මිනිසුන්ගේ ජීවිත එක්ක.” සජිත් සිය කතාවේ දී කීවේය.
වත්මන් ජනාධිපතිතුමා සහ ආණ්ඩුව එක තැන කැරකී කැරකී සිටින බවත් ලෝකය ඉදිරියට ගියත් අපේ රට එක තැන නැවතී ඇති බවත් මොවුන්ට රට යන අත ගැන කිසිම අවබෝධයක් නොමැති බවත් මෙතරම් අමාරු තැනක රට පැවතියත් ඇමති මණ්ඩලය විසින් මුදල් ගසා කෑම් සිදු කරන අතර අවම වශයෙන් ඔවුන්ට කිසිදු දෙයක් සම්බන්ධයෙන් සැලසුමක් නොමැති බවත් සජිත් තණමල්විල දී කීවේය.


ආණ්ඩුවේ ඊනියා ජාතික සභාවට එක් නොවන බවට ඔහු එහිදී දැඩිව කියා සිටියේය.
“ජනාධිපතිතුමා ආණ්ඩුව බාර ගන්න කොට කිව්වා එයා වැල් පාලමක යනවා කියලා.


එතුමා වැල්පාලමෙන් එගොඩ වුණා. එතුමගේ යාළුවොත් එගොඩ වුණා. රාජපක්ෂලාට එගොඩ වෙන්න හයිවේ එකකුත් හදලා දුන්නා. හැබැයි, ලක්ෂ දෙසිය විස්සක් ජනතාව වැල් පාලම මැදට අරගෙන ගිහින් හෙළට තල්ලු‍ කළා”‍ දැන් ජනාධිපති කොමඩියක් වෙලා. ආණ්ඩුව මගඩියක් වෙලා”‍
සජිත් එහෙම කියනකොට විජිතමුණි සොයිසා කීවේ, ”‍ඒක ඇත්ත ඒ කොමඩිය දැන් වසංගතයක් වෙලා කියලා ය.
“එක පැත්තකින් ආණ්ඩුව අධි ආරක්ෂිත බංකර් හදනවා. කාට බයේ ද? ජනතාවට බයේ.
තව පැත්තකින් ආණ්ඩුව ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත ක්‍රියාත්මක කරනවා.
කාට බයේද? ජනතාවට බයේ. අනෙක් පැත්තෙන් අදහස් ප්‍රකාශ කිරීමේ අයිතියට මුඛවාඩම් බඳිනවා. කාට බයේ ද?
ජනතාවට බයේ. ජනතාවට ප්‍රතිවිරුද්ධ පැත්තේ හිට ගත්ත හැම පාලකයෙක්ටම ඉතිහාසය විසින් පාඩම් කියලා දීලා තියෙනවා.”‍ සජිත් කීවේ පවතින තත්ත්වය ගැන දීර්ඝ විග්‍රහයක් ද එක්කය.


“අපි ආණ්ඩුවට කියනවා ඉතාම ඉක්මනින් මැතිවරණයකට එන්න කියලා. ඔය එකතු වෙලා ඉන්න විදිහටම මැතිවරණයට එන්න කියලා. එතකොට පුළුවන් මේ රටේ ජනතාවට තෝරාගන්න.”‍ ගයන්ත කරුණාතිලක කීවේය.


මේ අතර, සමගි විදේශගත ශ්‍රී ලාංකික බලවේගයේ ජාත්‍යන්තර කමිටු පිහිටුවීමේ වැඩසටහන යටතේ පළමු වැඩසටහන මේ දිනවල ක්‍රියාත්මක වෙමින් තිබේ.
එම අවස්ථාවට සමගි ජන බලවේගය මහලේකම් රංජිත් මද්දුම බණ්ඩාර සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ජේ.සී. අලවතුවල, හෙක්ටර් අප්පුහාමි යන මහත්වරු එක්ව සිටියහ. සමගි බලවේගයේ මෙහෙයුම් ප්‍රධානී නලීන් බණ්ඩාර ද ඊට එක්ව සිටි නමුත් ඔහුගේ පියාගේ අභාවය හේතුකොට ගෙන ඔහුට ආපහු ලංකාවට එන්නට සිදුවිය.
විදේශගත පළමු කමිටුව ඉතාලියේ මිලානෝ නුවර දී පිහිටු වූ අතර දෙවැනි කමිටුව ඉතාලියේ ෆිරෙන්සි නගරයේ දී පිහිටුවනු ලැබීය.
“සර් අපි ගිය වතාවේ බුරුතුපිටින් එකතුවෙලා තමයි ගෝඨාභය වෙනුවෙන් කැප වුණේ. වීරයෙක් වෙනුවට කාඩ් බෝඩ් වීරයෙක් ගෙනල්ල අද වෙනකොට අපේ රට බංකොලොත් වෙලා. ඒ විතරක් නෙවේ එයාව රකින්න දැන් එයාලගේ රූකඩයක් ඇවිත්. එන වතාවේ මේ සේරම එළවන්න ඕනැ”‍
විදෙස්ගත ශ්‍රමිකයන් එහෙම කීවේය.


“ඇත්තටම සජිත් ප්‍රේමදාස මහත්මයා තනතුරු බාර ගන්න බෑ කියලා කියපු එකේ ඇත්ත දැන් හොඳටම පැහැදිලියි. ඒ වෙලාවේ අපිත් හිතුවා මෙතුමා ඇයි මේක නොගන්නේ කියලා. දැන් හොඳටම පැහැදිලිව ඇයි එතුමා නොගත්තෙ කියලා. මේක තනිකරම රාජපක්ෂලාට ආපහු එන්න හදපු ඩීල් ආණ්ඩුවක්”‍
ඔවුහු පැවසූහ.


විශාල පිරිසක් එම අවස්ථාවන්ට සහභාගී වී සිටි අතර සමගි ජන බලවේගයේ ඉදිරි වැඩපිළිවෙළ පිළිබඳ සහ විදෙස්ගත ශ්‍රී ලාංකිකයන්ගේ ප්‍රගතිය වෙනුවෙන් කටයුතු කරන ආකාරය පිළිබඳ මේ කමිටු පිහිටුවීමේ දී දීර්ඝ වශයෙන් සාකච්ඡාවට ලක්විය.

මැති ඇමැතිවරුන්ගේ පුතාලා පිස්සු නැටීම මෙරට දේශපාලනය තුළ අලු‍ත් දෙයක් නොවේ. ගතවූ දශක එකක දෙකක කාලය තුළ ඒ සම්බන්ධයෙන් මෙරට ජනයාට ඕනෑ තරම් අත්දැකීම් ඇත. එහි අලු‍ත්ම පරිච්ඡේදය සනිටුහන් කළේ ගිය සතියේ ප්‍රසන්න රණවීර රාජ්‍ය ඇමැතිවරයාගේ පුතාය. ඔහුගේ 17 වියැති පුත්‍රයා නිවසේ තිබූ අමාත්‍යංශයේ වාහනයක් රැගෙන ගොස් කැලණිය ප්‍රදේශයේ ටියුෂන් පන්තියක සිසුවකුට පහර දුන් පුවත ගිය සතියේ දේශපාලන කරළිය ගිනියම් කළේය. ප්‍රසන්න රණවීර ඒ සම්බන්ධයෙන් කීවේ ඒ පිළිබඳව තමා කනගාටුව පළ කරන බවය. පුතාගේ ක්‍රියා කලාපය වැරදි බව ද ඔහු සඳහන් කළේය.

ඒ එක් සිදුවීමක් පමණි. ඊළඟ සිදුවීම් වාර්තා වූයේ මහරගම ප්‍රදේශයේ ඉන්ධන පිරවුම් හලක් අසල ඇතිවූ ගැටුමකිනි. සිද්ධියට මුල් වූයේ කොළඹ දිස්ත්‍රික්කය නියෝජනය කරන එක්තරා හිටපු ඇමතිවරයකුගේ ගෝලබාලයන් පිරිසකගෙනි. සිද්ධියට මුල් වුණේ ඔවුන්ගේ වාහනයට කිව් ආර් කෝඩ් නොමැතිව ඉන්ධන ලබා දෙන ලෙසට බලපෑම් කිරීම ය. ඇතැම් දේශපාලකයන් හා ඔවුන්ගේ ගෝලබාලයන් ඉන්නේ කෙතරම් ප්‍රාථමික තැනකදැයි තේරුම් ගැනීමට මේ සිදුවීම් දෙක හොඳටම ප්‍රමාණවත්ය.
විසිදෙවෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත ලබන හය හත දෙදින පාර්ලිමේන්තුවේදී විවාදයට ගැනීමට නියමිත ය. එහි ඇතුළත් ප්‍රධාන කාරණා දෙකක් සම්බන්ධයෙන් පොහොට්ටුවේ ඇතැමුන් විරෝධය දක්වන බව වාර්තා වේ. එකක් ද්විත්ව පුරවැසිභාවය සම්බන්ධ කාරණයයි.
අනෙක පාර්ලිමේන්තුව වසර දෙකහමාරකින් පසුව විසුරුවා හැරීමට ජනාධිපතිවරයාට බලය ලැබෙන වගන්තියයි. ද්විත්ව පුරවැසිභාවය අහෝසි කිරීම සම්බන්ධ කාරණය මේ වෙලාවේ නොගත යුතු බව එම පිරිසේ අදහස බව පැවසේ. පාර්ලිමේන්තුව වසර දෙකහමාරකට පසුව විසුරුවා හැරීමට ජනාධිපතිවරයාට දැනට තිබෙන ව්‍යවස්ථා ප්‍රතිපාදන අනුව බලය පැවරී ඇත. විසිදෙවෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට ද එම යෝජනාව එයාකාරයෙන්ම ඇතුළත් කර ඇත. එහෙත් පොහොට්ටුවේ ඇතැමුන් ඉල්ලා සිටින්නේ වසර හතර හමාරකට පසුව විසුරුවා හැරීමට බලය ලැබෙන ලෙස එය වෙනස් කළ යුතු බවය. ඔවුන් තරමක බියකින් සිටින්නේ වත්මන් පාර්ලිමේන්තුවට වසර දෙක හමාරක් සම්පූර්ණ වන ලබන මාර්තු මාසයෙන් පසුව පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට ජනාධිපතිවරයාට බලය ලැබෙන බැවිනි.

 

ජාතික සභාවක් නොවූ 
ජාතික සභාව

රටේ අර්බුද විසඳීම සඳහා පිහිටුවන ලද ජාතික සභාව පළමු වරට ඉකුත් බ්‍රහස්පතින්දා පෙරවරුවේ කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තුවේ දී රැස්විය. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණත් එක්සත් ජාතික පක්ෂයත්, සමගි ජන බලවේගයත් ඊට සම්බන්ධ වුවද, තවත් ප්‍රධාන දේශපාලන පක්ෂ කිහිපයක් හා කණ්ඩායම් කිහිපයක් ඊට සම්බන්ධ නොවීය. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයත් ජාතික ජන බලවේගයත්, දෙමළ ජාතික සන්ධානයත්, ඩලස්, ජීඑල් ඇතුළු කණ්ඩායමත්, විමල්ලා ගේ හවුල් පක්ෂ හත එක්ව පිහිටුවා ගන්නා ලද උත්තර ලංකා සභාගයත් ජාතික සභාව වර්ජනය කළේය. හකීම්, දිගම්බරන්, පාඨලී චම්පික රණවක ඇතුළු සමගි ජන බලවේගය නියෝජනය කරන පක්ෂවල කිහිපදෙනෙක්ද ඊට සම්බන්ධ වූහ. ජාතික සභාව පිහිටුවනු ලැබුවේ පාර්ලිමේන්තුව නියෝජනය කරනු ලබන සියලු‍ම දේශපාලන පක්ෂ හා කණ්ඩායම් නියෝජනය වන පරිදිය. එහෙත් පාර්ලිමේන්තුවේම පක්ෂ හා කණ්ඩායම් කිහිපයක් ඊට සම්බන්ධ නොවීමෙන් ඒ අරමුණ ඉටු වුණාද යන්න නැවත සිතා බැලීමට සිදුවේ.

 

ඩලස්ලා ජීඑල්ලා ගමට බසිති.

ඩලස් අලහප්පෙරුම, මහාචාර්ය ජීඑල් පීරිස් ඇතුළු කණ්ඩායම එක්ව පිහිටුවා ගන්නා ලද නිදහස ජනතා සභාව මේ වනවිට සැලසුම් කර ඇත්තේ ගමින් ගමට ගොස් සංවිධාන ජාලය පුළුල් කිරීමට ය. ගමට ගොස් සමෘද්ධි සංවර්ධන නිලධාරීන්, කෘෂිකර්ම පර්‌යේෂණ නිලධාරීන් සම්බන්ධ කරගනිමින් ගමින් ගමට සංවිධාන ජාලය පුළුල් කිරීම ඔවුන්ගේ අරමුණ වී ඇත. නාවල තුන් වෙනි පටුමගේ පිහිටි නිදහස් ජනතා සභා කාර්යාලයේ ඉකුත් සඳුදා පැවති කණ්ඩායම් රැස්වීමේදී ද මේ සම්බන්ධයෙන් දීර්ඝ වශයෙන් සාකච්ඡා විය. ඩලස් අලහප්පෙරුම, මහාචාර්ය ජීඑල් පිරිස්, මහාචාර්ය චරිත හේරත්, ආචාර්ය නාලක ගොඩහේවා, මහාචාර්ය චන්න ජයසුමන ඇතුළු මන්ත්‍රීවරු පිරිසක් ඊට එක්ව සිටියහ
මේ අතර ජාතික සංවිධාන එකමුතුවේ නායක පිරිසක් නාවල පාරේ තුන් වෙනි පටුමගේ පිහිටි ඩලස්ලා ගේ කාර්යාලයට ගොස් ඔවුන් හමුවූහ. මහාචාර්ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි, ආචාර්ය ගුණදාස අමරසේකර, වෛද්‍ය වසන්ත බණ්ඩාර ඇතුළු පිරිසක් ඊට සම්බන්ධ වී සිටියහ. යෝජිත විසිදෙවෙනි සංශෝධනය සම්බන්ධයෙන් මෙන්ම, පළාත් සභා ආදී කටයුතු ගැන ද එහිදී සාකච්ඡාවට ලක්විය. ඔවුන් ඉන්දියාව සම්බන්ධයෙන් දරන මතය ගැන පැහැදිලි කරද්දී මහාචාර්ය චරිත හේරත් කීවේ ඉන්දියාව කියන්නේ නියතයක්. ඒ නිසා අපිට ඉන්දියාව මඟහැරලා කටයුතු කරන්න බෑ. ඒ නිසා අපි ඉන්දියාව මග හරින්නෙ නැතුව එක්ව කටයුතු කිරීම සම්බන්ධයෙන් වැඩපිළිවෙළක් හදාගන්න ඕනෑ කියාය.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ද මේ වන විට පක්ෂයේ ප්‍රතිසංවිධාන වැඩපිළිවෙළ ආරම්භ කර තිබේ. ඒ සඳහා පක්ෂයේ ජ්‍යෙෂ්ඨයන්ගේ කමිටුවක්ද මේ ​ෙවනවිට පත්කර ඇතැයි වාර්තා වේ. හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන, පක්ෂයේ මහලේකම් දයාසිරි ජයසේකර, ශාන් විජයලාල් ද සිල්වා, දුෂ්මන්ත මිත්‍රපාල, අංගජන් රාමනාදන්, මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස, ධම්ම දිසානායක, ආචාර්ය ඩබ්ලිව්.ඩී. ලක්ෂ්මන්, ආචාර්ය චමිල ලියනගේ, තිලංග සුමතිපාල, ෆයිසර් මුස්තාපා, ලක්ෂ්මන් වසන්ත පෙරේරා, මියුරු භාෂිත ඇතුළු පිරිසක් ඊට ඇතුළත්ව සිටිති. පිරිස ගිය සතියේ වරින්වර රැස්වී පක්ෂයේ ඉදිරි කටයුතු සම්බන්ධයෙන් සාකච්ඡා කළ බව ද පැවසේ. ආණ්ඩුවට ගොස් සිටින ශ්‍රීලනිපයේ පිරිසක් ඊට සම්බන්ධ නොවූ අතර, මීට අමතරව දුමින්ද දිසානායක මන්ත්‍රීවරයා ද ඊට ඇතුළත් නොවූ බව දැන ගන්නට ඇත. මේ පිරිස ඉකුත් සිකුරාදා වැල්ලවත්තේ ප්‍රධාන හෝටලයක රැස්වීමක් පැවැත්වූ බව දැනගන්නට තිබේ.

 

ශ්‍රීලනිපය දෙකට බෙදී
බණ්ඩාරනායක ගුණ සමරුව
පවත්වයි

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නිර්මාතෘ දිවංගත බණ්ඩාරනායක මහතාගේ ගුණසමරුව ඉකුත් 26 වැනි දා පැවැත්විණි. ඒ වෙනුවෙන් ප්‍රධාන සැමරුම් උත්සව දෙකක් පැවැත්වුණු අතර එකක් හොරගොල්ලේය. අනෙක බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේ ය. හොරගොල්ලේ බණ්ඩාරනායක සමාධිය අසල උත්සවය සංවිධානය කර තිබුණේ බණ්ඩාරනායක ගුණසමරු පදනම මූලිකත්වයෙනි. හිටපු ජනාධිපති චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය, සුනේත්‍රා බණ්ඩාරනායක මහත්මිය, කුමාර වෙල්ගම මෙන්ම, ශ්‍රීලනිපයෙන් ආණ්ඩුවට එක්වූ මහින්ද අමරවීර, ලසන්ත අලගියවන්න ඇතුළු කණ්ඩායමත්, දුමින්ද දිසානායක මන්ත්‍රීවරයාත් ඊට සහභාගී වී සිටියහ. මේ අතර මෛත්‍රීපාල සිරිසේන, දයාසිරි ජයසේකර, ශාන් විජයලාල් ද සිල්වා, සාරතී දුෂ්මන්ත මිත්‍රපාල ඇතුළු කණ්ඩායම බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේ දී ගුණසමරු උත්සවය පැවැත්වූහ.
මේ අතර උත්තර ලංකා සභාගයේ දේශපාලන මණ්ඩලයද ගිය සතියේ කොමියුනිස්ට් පක්ෂ මූලස්ථානයේ දී රැස්විය. වාසුදේව නානායක්කාර, විමල් වීරවංශ, මහාචාර්ය තිස්ස විතාරණ, විශේෂඥ වෛද්‍ය ජී. වීරසිංහ, ගෙවිඳු කුමාරතුංග ඇතුළු පිරිස මෙන්ම අතුරලියේ රතන හිමියෝ ද ඊට සහභාගි වූහ. ඔවුන් වෙනදාට රැස් වන්නේ අගහරුවාදා දිනයේ ය. එහෙත් දැන් පසුගිය සතියේ සිට සඳුදා රැස්වීමට තීරණය කර ඇත. කතාබට ලක්වුණු ප්‍රධාන මාතෘකාවක් වූයේ උත්තර ලංකා සභාගය දිස්ත්‍රික් මට්ටමෙන් ජනතාව අතරට යා යුතු බව ය. ඒ අනුව ලබන 15 වැනි එම කටයුතු මාතරින් පටන් ගැනීමට තීරණය විය. ජාතික සභාවට යනවාද නැද්ද යන්න සම්බන්ධයෙන් දීර්ඝ වශයෙන් සාකච්ඡා වූ අතර, අවසානයේ තීරණය වූයේ ඊට සම්බන්ධ නොවී සිටීමටය.

 

ප්‍රසන්නට වූ අකරතැබ්බය

සූර්ය පැනල මගින් ක්‍රියාත්මක වන පරිසර හිතකාමී මගී බෝට්ටු සේවාවක් ගිය සතියේ බත්තරමුල්ල දියත උයනේ දී ආරම්භ වූයේ නාගරික සංවර්ධන හා නිවාස ඇමැති ප්‍රසන්න රණතුංග මහතාගේ මූලිකත්වයෙනි. කෝට්ටේ ප්‍රදේශය නියෝජනය කරන මධුර විතානගේ මන්ත්‍රීවරයා ප්‍රසන්න පිළිගැනීමට නියමිතව සිටියත් මධුරට පෙර ප්‍රසන්න පැමිණ සිටියේය. ඒ නිසා සිදුවූයේ ප්‍රසන්නට බුලත් අතක් දී මධුර විතානගේ පිළිගන්නට ය. එහිදී ප්‍රසන්නට සිදු වූ අකරතැබ්බය ආරක්ෂක කබායක් ඇඳ ගැනීම ය. ආරක්ෂක කබාවලින් ලොකුම එක දුන්නේ ප්‍රසන්නට ය. ඒත් එය ප්‍රසන්නගේ ඇඟට ගැළපෙන එකක් නොවීය. කෙසේ හෝ අමාරුවෙන් ප්‍රසන්න එය ඇද ගත්තේය. එහි සිටි අයකු කිව්වෙ ඔබතුමාට වෙනම ජැකට් එකක් මහන්න වෙනවා කියාය. තවත් අයකු ජැකට් එකක් විතරක් නෙමෙයි, වෙනම බෝට්ටුවකුත් හදන්න වෙනවා යැයි කීවේ සියලු‍ දෙනා හිනස්සමිනි.
ආචාර්ය බන්දුල ගුණවර්ධන ඇමැතිවරයා ගිය සතියේ නාරාහේන්පිට පිහිටි ජාතික ගමනාගමන කොමිෂන් සභාවට ගියේ ඒ කටයුතු සොයා බලන්නටය. ඒ කතාබහ අතරේ ඇතැම් නිලධාරීන් කියා සිටියේ කල් ඉකුත් වූ මාර්ග බලපත්‍ර යළි ලබා දෙන ලෙස ඇතැම් මැති ඇමැතිවරුන් ඇතුළු පිරිස්වලින් බලපෑම් එල්ල වන බවය. බන්දුල කීවේ ඒ බලපෑම්වලට ඕගොල්ලන් යටත් වෙන්න එපා. ඇමැතිවරයා විදිහට මම බලපෑම් කළත් ඕගොල්ල නීතියට පිටින් කිසිවක් කරන්න එපා කියාය.

 

එතුමා වැල් පාලමෙන් 
එගොඩ වුණා

විපක්ෂ නායක සජිත් මේ සතිය ගතකළේ බල මණ්ඩල රැස්වීම්වලට සහභාගි වෙමිනි. ඊට අමතරව ඔහු හුස්ම සහ සක්වල වැඩසටහන් ද ක්‍රියාවට නැගීමට එක් විය.
බල මණ්ඩල රැස්වීම්වල විශේෂත්වය වූයේ අති විශාල පිරිසකගේ සහභාගිත්වය සිදුවීමය. ඇතැම් බල මණ්ඩල රැස්වීම් සංවිධානය කර තිබූ ශාලා පිරී ඉතිරී යන තරමේ ජන සහභාගීත්වයක් දක්නට ලැබිණි.


“ඉස්සරහට බල මණ්ඩල රැස්වීම් තියන්න වෙන්නේ පිට්ටනිවල. මේ තරම් විශාල සෙනගක් ආපු බලමණ්ඩල රැස්වීම් අපේ ඉතිහාසයේවත් දැකලා නෑ”‍ ගයන්ත කරුණාතිලක කීවේය.
“දැන් මුළු රටම දන්නවා, විකල්පයත් අපි. විසඳුමත් අපි කියලා”‍ රාජිත කීවේය.


“රටේ දරුවෝ පාසල්වල කලන්තේ හැදිලා වැටෙනවා. ඒක සුළු තත්ත්වයක් කියලා පාර්ලිමේන්තුවේ ඇමතිවරු කයිවාරු ගහනවා. සමහර පාසල්වල දරුවෝ කෑමට කන්න කුරුම්බා ලොඳ අරගෙන එනවා.”‍ එහෙම කීවේ බල මණ්ඩලයට රැස්වීමට එක්ව සිටි හිරුණිකා ය.


“අවුරුදු දෙක හමාරකට කලින් මේ රට සෞභාග්‍යයට ගෙනියන්න නෙළුම් පොහොට්ටුවට ඡන්දේ දෙනවා. අවුරුදු දෙක හමාරකට පස්සේ තමන්ගෙ දරුවන්ට කිරි පැකට් එකක් අරන් දෙන්න දෙමව්පියන්ට වැව් වලට බැහැලා නෙළුම් අල හාරන්න වෙලා තියෙනවා. දෛවයේ සරදම කියන්නෙත් අන්න ඒකට”‍
සජිත් එහෙම කියද්දී සියලු‍දෙනාම හිස වනා එය අනුමත කළහ.


“නෙළුම් කුලුන උඩට නැග්ගම දිව්‍යලෝකෙ ගියා වගේ කියලා සමහරු කියනවා. නෙළුම් කුලු‍නේ උඩ ඉඳලා බිම බැලු‍වම මිහිපිට අපායක දුක් වේදනාවන් විඳින මිනිස්සු අපිට පේනවා. ඒකයි ආණ්ඩුව උරුම කරපු සෞභාග්‍යය. මේ ආණ්ඩුව සෙල්ලම් කරන්නේ රටක මිනිසුන්ගේ ජීවිත එක්ක.” සජිත් සිය කතාවේ දී කීවේය.
වත්මන් ජනාධිපතිතුමා සහ ආණ්ඩුව එක තැන කැරකී කැරකී සිටින බවත් ලෝකය ඉදිරියට ගියත් අපේ රට එක තැන නැවතී ඇති බවත් මොවුන්ට රට යන අත ගැන කිසිම අවබෝධයක් නොමැති බවත් මෙතරම් අමාරු තැනක රට පැවතියත් ඇමති මණ්ඩලය විසින් මුදල් ගසා කෑම් සිදු කරන අතර අවම වශයෙන් ඔවුන්ට කිසිදු දෙයක් සම්බන්ධයෙන් සැලසුමක් නොමැති බවත් සජිත් තණමල්විල දී කීවේය.


ආණ්ඩුවේ ඊනියා ජාතික සභාවට එක් නොවන බවට ඔහු එහිදී දැඩිව කියා සිටියේය.
“ජනාධිපතිතුමා ආණ්ඩුව බාර ගන්න කොට කිව්වා එයා වැල් පාලමක යනවා කියලා.


එතුමා වැල්පාලමෙන් එගොඩ වුණා. එතුමගේ යාළුවොත් එගොඩ වුණා. රාජපක්ෂලාට එගොඩ වෙන්න හයිවේ එකකුත් හදලා දුන්නා. හැබැයි, ලක්ෂ දෙසිය විස්සක් ජනතාව වැල් පාලම මැදට අරගෙන ගිහින් හෙළට තල්ලු‍ කළා”‍ දැන් ජනාධිපති කොමඩියක් වෙලා. ආණ්ඩුව මගඩියක් වෙලා”‍
සජිත් එහෙම කියනකොට විජිතමුණි සොයිසා කීවේ, ”‍ඒක ඇත්ත ඒ කොමඩිය දැන් වසංගතයක් වෙලා කියලා ය.
“එක පැත්තකින් ආණ්ඩුව අධි ආරක්ෂිත බංකර් හදනවා. කාට බයේ ද? ජනතාවට බයේ.
තව පැත්තකින් ආණ්ඩුව ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත ක්‍රියාත්මක කරනවා.


කාට බයේද? ජනතාවට බයේ. අනෙක් පැත්තෙන් අදහස් ප්‍රකාශ කිරීමේ අයිතියට මුඛවාඩම් බඳිනවා. කාට බයේ ද?
ජනතාවට බයේ. ජනතාවට ප්‍රතිවිරුද්ධ පැත්තේ හිට ගත්ත හැම පාලකයෙක්ටම ඉතිහාසය විසින් පාඩම් කියලා දීලා තියෙනවා.”‍ සජිත් කීවේ පවතින තත්ත්වය ගැන දීර්ඝ විග්‍රහයක් ද එක්කය.


“අපි ආණ්ඩුවට කියනවා ඉතාම ඉක්මනින් මැතිවරණයකට එන්න කියලා. ඔය එකතු වෙලා ඉන්න විදිහටම මැතිවරණයට එන්න කියලා. එතකොට පුළුවන් මේ රටේ ජනතාවට තෝරාගන්න.”‍ ගයන්ත කරුණාතිලක කීවේය.


මේ අතර, සමගි විදේශගත ශ්‍රී ලාංකික බලවේගයේ ජාත්‍යන්තර කමිටු පිහිටුවීමේ වැඩසටහන යටතේ පළමු වැඩසටහන මේ දිනවල ක්‍රියාත්මක වෙමින් තිබේ.
එම අවස්ථාවට සමගි ජන බලවේගය මහලේකම් රංජිත් මද්දුම බණ්ඩාර සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ජේ.සී. අලවතුවල, හෙක්ටර් අප්පුහාමි යන මහත්වරු එක්ව සිටියහ. සමගි බලවේගයේ මෙහෙයුම් ප්‍රධානී නලීන් බණ්ඩාර ද ඊට එක්ව සිටි නමුත් ඔහුගේ පියාගේ අභාවය හේතුකොට ගෙන ඔහුට ආපහු ලංකාවට එන්නට සිදුවිය.
විදේශගත පළමු කමිටුව ඉතාලියේ මිලානෝ නුවර දී පිහිටු වූ අතර දෙවැනි කමිටුව ඉතාලියේ ෆිරෙන්සි නගරයේ දී පිහිටුවනු ලැබීය.
“සර් අපි ගිය වතාවේ බුරුතුපිටින් එකතුවෙලා තමයි ගෝඨාභය වෙනුවෙන් කැප වුණේ. වීරයෙක් වෙනුවට කාඩ් බෝඩ් වීරයෙක් ගෙනල්ල අද වෙනකොට අපේ රට බංකොලොත් වෙලා. ඒ විතරක් නෙවේ එයාව රකින්න දැන් එයාලගේ රූකඩයක් ඇවිත්. එන වතාවේ මේ සේරම එළවන්න ඕනැ”‍
විදෙස්ගත ශ්‍රමිකයන් එහෙම කීවේය.


“ඇත්තටම සජිත් ප්‍රේමදාස මහත්මයා තනතුරු බාර ගන්න බෑ කියලා කියපු එකේ ඇත්ත දැන් හොඳටම පැහැදිලියි. ඒ වෙලාවේ අපිත් හිතුවා මෙතුමා ඇයි මේක නොගන්නේ කියලා. දැන් හොඳටම පැහැදිලිව ඇයි එතුමා නොගත්තෙ කියලා. මේක තනිකරම රාජපක්ෂලාට ආපහු එන්න හදපු ඩීල් ආණ්ඩුවක්”‍
ඔවුහු පැවසූහ.


විශාල පිරිසක් එම අවස්ථාවන්ට සහභාගී වී සිටි අතර සමගි ජන බලවේගයේ ඉදිරි වැඩපිළිවෙළ පිළිබඳ සහ විදෙස්ගත ශ්‍රී ලාංකිකයන්ගේ ප්‍රගතිය වෙනුවෙන් කටයුතු කරන ආකාරය පිළිබඳ මේ කමිටු පිහිටුවීමේ දී දීර්ඝ වශයෙන් සාකච්ඡාවට ලක්විය.

 

 

.සාධාරණ සමාජයේ සියවෙනි
සංවාද මාලාව

සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරයේ සභාපති කරු ජයසූරිය මහතාට ගෙවුණු සතිය බෙහෙවින් කාර්‍යබහුල විය. ඔහුගේ මූලිකත්වයෙන් සතිපතා සංවිධානය කෙරෙන කතිකාව විද්වත් සංවාද මාලාවේ සියවෙනි සංවාදය සාර්ථක ලෙස මෙහෙයවීම සඳහා එහිදී ඔහු දී ප්‍රමුඛත්වයක් ලබා දුන්නේය. ඒ සඳහා ලාංකේය විද්වතුන් ගණනාවක්ම සම්බන්ධ වී සිටියහ. එයට අමතරව හලාවත නගරය කේන්ද්‍ර කරගනිමින් සංවිධානය කර තිබූ දිස්ත්‍රික් මට්ටමින් මෙහෙයවන ජන සංවාද මාලාවේ පුත්තලම දිස්ත්‍රික් සම්මන්ත්‍රණය ද පවත්වන ලද්දේ පසුගිය සතියේදීය. එයට ද සියලුම ආගම් නියෝජනය කරමින් ආගමික නායකයන් රැසක් ද සිවිල් හා දේශපාලන ක්‍රියාධරයෝ පිරිසක් ද එක්ව සිටියහ

සංචාරක ව්‍යාපාරය නංවන්න
ජවිපෙ යෝජනා

සංචාරක ව්‍යාපාරය නගා සිටුවීම සඳහා දේශපාලන පක්ෂයක් සකස් කරන ලද පළමු ප්‍රතිපත්ති ප්‍රකාශය ජනතා විමුක්ති පෙරමුණ මගින් පසුගියදා ඉදිරිපත් කළේය. ලෝක සංචාරක දිනය වෙනුවෙන් කොළඹ ගලදාරි හෝටලයේ සැමරුම් උත්සවයේදී ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා මෙම ප්‍රතිපත්ති ප්‍රකාශය ඉදිරිපත් කළේය.


සංචාරක මණ්ඩලයේ හිටපු සභාපතිනී කිමාලි ප්‍රනාන්දු, උදය නානායක්කාර, පුරාවිද්‍යා මහාචාර්ය රාජ් සෝමදේව, පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය සෙනරත් දිසානායක, බාබරින් හෝටල් සමූහයේ අධිපති මනික් රොද්‍රිගු, තහීල් විජේසූරිය, බ්ලූ වෝටර්ස් අධිපති අජිත් විජේසේකර, නිල්මින නානායක්කාර, හිල්ටන් හෝටලයේ ප්‍රධාන විධායක නිලධාරී දිලිප් මුදදෙනිය, මහින්ද පින්නපොල යන මහත්ම මහත්මීහු ඇතුළු විශාල පිරිසක් මෙම අවස්ථාවට සහභාගි වී සිටියහ.
සංචාරක ව්‍යාපාරය ගොඩගැනීම සඳහා ගතයුතු ක්‍රියාමාර්ග පිළිබඳව මෙහිදී සාකච්ඡා කෙරුණි.


ජනතා විමුක්ති පෙරමුණේ මධ්‍යම කාරක සභාව ඉකුත් සතියේදී රැස්වූ අවස්ථාවේ සමාජවාදී තරුණ සංවිධානයේ පා ගමනට පොලිස් ප්‍රහාර එල්ල වීම පිළිබඳ සාකච්ඡාවට ගැණුනි. එම සාකච්ඡාවට පෙර වෛද්‍ය නලින්ද ජයතිස්ස හා බිමල් රත්නායක යන මහත්වරුන් රෝහලට ගොස් තුවාල ලබා සිටි පිරිසගේ සුවදුක් විමසා බලා තිබුණි.
පොලිසිය එල්ල කළ ප්‍රහාරය පිළිකුලෙන් හෙලා දුටු පිරිස පොලිසියට පැය 6 කට පෙර දැනුම් දී තිබියදීත් මෙම ප්‍රහාරය එල්ල කළ බවට සාකච්ඡා විය. එම ප්‍රහාරයේදී අත්අඩංගුවට ගත් 85 දෙනාගේ තත්ත්වය බැලීමට අනුර කුමාර දිසානායක, වෛද්‍ය නලින්ද ජයතිස්ස, උපුල් කුමාරප්පෙරුම, හර්ෂණ නානායක්කාර යන මහත්ම මහත්මීන් පොලිසිවලට ගොස් තිබුණි.


ඒ අවස්ථාවේ සිදු වූ කතාබහ පිළිබඳව ද මධ්‍යම කාරක සභාවේ සාකච්ඡාවට භාජනය විය. කිසිදු වගවිභාගයකින් තොරව මේ පිරිස අත්අඩංගුවට ගැනීම පිළිබඳව මානව හිමිකම් කොමිසමට වහාම පැමිණිලි කරන ලෙස මෙහිදී පක්ෂ නායක අනුර කුමාර දිසානායක මහතා දැනුම් දුන්නේය. නීතිඥ සුනිල් බටගල මහතා ප්‍රකාශ කළේ මෙම ප්‍රහාරයට එරෙහිව අධිකරණ ක්‍රියාමාර්ග ගන්නා බවයි.


ජාතික ජන බලවේගයේ මෙහෙය වීමෙන් අකුරැස්සේ පැවැති කොට්ඨාස සමුළුව සාර්ථකව සංවිධානය කළ සුනිල් හඳුන්නෙත්ති මහතාට මෙහිදී ස්තූතිය ප්‍රකාශ කෙරිණි. අකුරැස්සේ ග්‍රාමසේවා වසම් 103 න් 95 කට කොට්ඨාස සභා පිහිටුවා තිබුණි.

 

ගජබා

 



අදහස් (0)

පාර්ලිමේන්තුවේ ජාතික සභාව පුස්සක්?

ඔබේ අදහස් එවන්න

කරලියේ කතාබහ

මෛත්‍රී අලුත් ආයුධ සමග
2024 අප්‍රේල් මස 01 310 0

මහනුවර ඉකුත්දා පැවැති උත්සවයකට සහභාගී වූ හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ගිය සතියේ පුවත් මවන්නෙකු බවට පත්විය. ඒ ඔහු මහනුවරදී කළ ආන්දෝලනාත්මක


එහාට මෙහාට පැනිලි
2024 ජනවාරි මස 08 431 0

නව වසරේ ජනපති රනිල් මුණගැසී සුබපැතීමට මැති ඇමතිවරු රැසක් පැමිණ සිටි අතර, බන්දුල ගුණවර්ධන, ශෙහාන් සේමසිංහ, රංජිත් සියඹලාපිටිය, වජිර අබේවර්ධන එහි පෙරමුණ


හැමතැනම සන්ධාන ගැහෙන්න සාකච්චා
2024 ජනවාරි මස 01 259 0

ජනපති රනිල් වික්‍රමසිංහ ඉකුත් සතියේ රැඳී සිටියේ කොළඹින් එපිට නුවරඑළියේය. සම්ප්‍රදායක් ලෙස සෑම වසරකම අවසාන දින කිහිපය ඔහු ගෙවා දමන්නේ නුවරඑළියේ හෝ දි


අයවැය අස්සේ අයවැය ගැන කතා නැත
2023 නොවැම්බර් මස 25 256 0

එදින සවස එක්සත් ජාතික පක්ෂ කළමනාකරණ කමිටු නියෝජිතයන් මුණගැසුණු ජනපති රනිල් පක්ෂයේ ඉදිරි කටයුතු ගැන සාකච්ඡා කළේය. මහලේකම් රංගේ කීවේ දෙසැම්බර් මාසය තු


සජිත් - අනුර වර්ජනය කළ නායක හමුව
2023 ඔක්තෝබර් මස 23 341 0

පාර්ලිමේන්තු මැතිවරණ ක්‍රමය වෙනස් කිරීමේ කෙටුම්පත මේ වනවිට දැඩි කතාබහට ලක්වෙමින් තිබේ. එය කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරනු ලැබුවේ ආචාර්ය විජේදාස රාජපක


ඡන්ද කල්දාන සාස්තර පොත එලියට
2023 ඔක්තෝබර් මස 16 268 0

රත්නපුර සීවලි මධ්‍ය විද්‍යාලයේ ශිෂ්‍ය පාර්ලිමේන්තුවේ මංගල සැසිවාරය ජනපති රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති ලේකම් කාර්යාල ශ්‍රවණාගාරයේ


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 784 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 2333 1
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1997 5
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site