IMG-LOGO

2025 නොවැම්බර් මස 28 වන සිකුරාදා


මහනුවර කලබල ඇවිස්සූ දේශපාලකයන් කවුද ?

ගෙවී යන සතිය ඇරඹුණේ අම්පාරේදී මුස්ලිම් කඩයකින් දුන් කොත්තු රොටියක වඳ පෙත්තක් තිබුණාය යන චෝදනාව මත අම්පාර තුළ සිංහල මුස්ලිම් සීතල අරගලයක නිමාවත් සමගය.


ලෝකය තුළ කෑම හෝ ඇඳුම්වලට හෝ දමා වඳ කළ හැකි පෙත්තක් හෝ වෙනත් ක්‍රමයක් හෝ නැති බව විශේෂඥ වෛද්‍යවරුන් පැහැදිලිවම ප්‍රකාශ කිරීම තුළ අම්පාරේ නොසන්සුන්තාව සමනය විය.


වඳ පෙත්ත බවට අර්ථ දැක්වූ දේ රස පරීක්ෂක හමුවට පත්කළ අතර එය ඖෂධීය පෙත්තක් නොව ගල්වූ පිටි ගුලියක් බවට ඔහුගෙන් වාර්තාවක් ලැබී තිබේ.


අනතුරුව තෙල්දෙණියේ සිද්ධිය ඇති විය.


‘‘තරුණයාට පහරදීමට ක්‍රියා කළ අය අල්ලන්න ආණ්ඩුව නියෝග කළ පොලීසියට ඒ රාජකාරී ඉක්මනින් කරන්න බැරි වුණා. මිනිස්සු කැළඹුණේ ඒකයි, නීතිය හා සාමය වගකීමද බාරව සිටි අගමැතිවරයාගේ ස්ථාවරය එය විය.


කෙසේ වෙතත් තත්ත්වය පාලනය කිරීමට අගමැතිගේ උපදෙස් මත පොලීසිය විශාල ලෙස යොදවා ගත්තේය. එහෙත් හමුදාව එවීමට වගකිවයුතු අංශය මඳක් පමාවීම පිළිබඳවද මහනුවර ප්‍රදේශය තුළ ඇත්තේ යම් විරෝධාකල්පයකි.


අගමැතිවරයා බ්‍රහස්පතින්දා අරලියගහ මැදුරට ආවේ රාජකාරී හා මහනුවර ගිනි නිවීමේ මෙහෙයුම තවදුරටත් ක්‍රියාත්මක කිරීමටය. එදින ඇමැති රංජිත් මද්දුමබණ්ඩාරද පැමිණ සිටියේය.


‘‘නීතිය හා සාමය ඇමැතිකමට මා රංජිත්ව යෝජනා කළා. තව ටික වේලාවකින් ඔහු ඇමැතිකමේ දිවුරුම් දෙනවා, අගමැතිවරයා මුල්වරට එ් ප්‍රවෘත්තිය එළිකළේ ඔහු හමුවූ සමීපතම පිරිසකටය. සෙසු ඇමැතිවරුන් නව ඇමැතිවරායට සුබ පැතුවේ ඉන් අනතුරුවය.


‘‘මහනුවර ගැටලුව ඒ පළාතේ ජනතාවට වඩා සංවිධානාත්මකව පිටින් ගෙනාපු අයයි කර තිබෙන්නේ. විපක්ෂයේ එක්තරා දේශපාලන පක්ෂයක දේශපාලකයන්, හිතවතුන් හා ඒ පක්ෂයට සමීප හාමුදුරුවරුද ඒ මෙහෙයුමේ හිටපු බව බුද්ධි අංශ හඳුනාගෙන තිබෙනවා. ඔවුන්ට එරෙහි නීතිය ක්‍රියාත්මක කිරීම රංජිත්ගේ මුල්ම වගකීමයි’’ සභානායක ලක්ෂ්මන් කිරිඇල්ල කීය.


‘‘අම්පාරේ සිද්ධිය ටිකක් දිගට ඇදුනේ පොලීසිය වැරදි ‘බී’ වාර්තාව දුන් නිසා ගිනි තියපු අයට නීතියේ සහන ලැබීම බව ප්‍රදේශයේ පවතින මතයයි්’’ සභානායක ලක්ෂ්මන් කිරිඇල්ල කීය.


‘අම්පාර ගිනි තියන්න හිටපු මන්ත්‍රී කෙනෙකුත් හවුල්ලු. ගිනි තියා ජිනීවා යාම එයාගේ ජොබ් එකලු. ගුවන් හමුදා බස් එකට ගහන්න කට්ටිය මෙහෙයවලත් තිබෙනවාලු’ එජාප නීති නිලධාරියෙක් කීය.


‘‘නීතිය හා සාමය ෆොන්සේකාට නොදුන්නාට ඔහු වගේම එජාපයත් හිතේ අමාරුවෙන් ඉන්නේ, ජාත්‍යන්තර බලවේග මේ සඳහා විපක්ෂ කණ්ඩායම් මෙහෙයවීම, පොලීසියේ හා පූජ්‍ය පක්ෂයේ ඇතැම් අයත් මේ වැඩේ ෆොන්සේකාට බාර දෙනවාට විරුද්ධව මෙහෙයවා තියෙනවා. ශ්‍රීලනිපයත් ෆොන්සේකාට විරුද්ධ වුණා. ඒක කණගාටුදායක තත්ත්වයක්’’ ලක්ෂ්මන් කිරිඇල්ල කීවේය.


මා ඔය ඇමැතිකම ගත්තේ සති දෙකකට විතරයි. ඔඩොක්කුවට වැටුණාට ඉක්මනින් මේ වගකීම වෙන කෙනෙකුට පවරන්නයි හිටියේ’’ අගමැති කීය.


‘‘මහනුවර පළාතේ පොහොට්ටුවේ අයට විරුද්ධව පොලීසිය ක්‍රියාත්මක වුණේ නැහැ කියලයි, ජනතාව කියන්නේ. පොලිස්පතිගේ උනන්දුව පහළට ගලා ගියේ නැහැ’’ ලක්ෂ්මන් කිරිඇල්ල කීය.


‘‘පොලිස් කොමිසම සිද්ධියක් වුණාම වාර්තා ඉල්ලනවා විතරයි. රාජාංගනේ සිද්ධිය නිදසුනයි. පොලිස් ස්ථානාධිපති මාරුවීම් පවා ඉවක් බවක් නැතුව කරන වෙලාවල් ති​ෙබනවා. මේ අවුල් නිවැරදි වෙන්න ඕනෑ’’ වජිර අබේවර්ධන කීය.


‘‘බිබිලේ හාමුදුරුකෙනෙකු උද්ඝෝෂණයක් පටන් අරන්ලු. මා නීතිය හා සාමය බාර ගන්න එක ආරංචි වෙලා තිබුණු කළු කොඩි දෙකත් ගලවලාලු’’ රංජිත් මද්දුමබණ්ඩාර කීවේ සිනාසෙමිනි.


‘‘මහනුවරට බස්වලින් සෙනඟ ඇදලා, කලබල කරවලා තිබෙන්නේ. සිවුරක් දැක්කම පොලීසිය ගරු කරනවා. ඒත් සිවුරු දාගෙන ඉන්නේ ඇත්ත හාමුදුරුවෝද කියලත් ජනතාව ප්‍රශ්න කරනවා’’ පී. හැරිසන් කීය.


‘‘ෆේස් බුක්, වට්ස්ඇප්, වයිබර්, ඉන්ස්ටග්‍රැම් වගේ දේවල් නවත්තපු එකේ දෙපැත්තක් තිබෙනවා. සුළු පිරිසක් කරන වැඩ නිසා දශ ලක්ෂ ගණනකගේ අයිතිය නැතිවුණා. රට ගිනි තියන පෝස්ට් දාන අය හා ඒවා ෂෙයාර් කරන අයට නීතිය ක්‍රියාත්මක කිරීමේ ක්‍රමවේදය ගැනයි, බලන්න තිබුණේ. ඒත් ගිනි පැතිරවීම මේ තහනම නිසා නැවතුණා’’ නවීන් දිසානායක කළ විග්‍රහයට අගමැති ප්‍රමුඛ කාගේත් එකඟත්වය හිමිවිය.


‘‘ඒවාට දින කීපයක තහනමක් දැම්මේ. ඒ වෙලාවේ ඉඳල ගැටුම් අවම වුණා. මේවාට අදාළ නව නීති ගේන්න වෙනවා. ෆේස් බුක් නිසා සිදුවන හානිය තහනම හරහා වළකාගත හැකි බවට අද ලංකාව ලෝකයටම ආදර්ශයක් දී තිබෙනවා’’ අගමැති කීය.


‘‘ජර්මනිය, පිලිපීනය වගේ රටවලිනුත් මේවා තහනම් කර ලැබූ වාසිවලට නිදසුන් තියනවා. චීනයේ ෆේස් බුක්, වට්ස්ඇප් අරව, මේවා මොකුත් නැහැ. චීනය අපට දැන් තාක්ෂණික හා නීතිමය උපදේශන දීමටත් සූදානම් බවට පණිවිඩ ලැබෙමින් තිබෙනවා’’ අගමැතිවරයා ප්‍රකාශ කළේය.


‘‘ගිනි නිසා අගමැති හා ආණ්ඩු මාරුවයි, විශ්වාසභංගයයි ගැන දැන් ආරංචියකුත් නැහැ. ඒකාබද්දේ කණ්ඩායම් රැස්වීමකදී වීරවංශ විශ්වාසභංගය ගැන කතා කළාම රැවුල ගිනි ගත්ත වෙලාවෙ සුරුට්ටු පත්තු කර ලැජ්ජ වෙන්න එපා කියා මහින්ද කෑ ගහලා කියලත් ආරංචියි’’ පී. හැරිසන් කීවේ එවැන්නකි.


‘‘මහනුවර ප්‍රශ්නය නිසා ජනාධිපති හා අගමැති අතර තිබූ සීතල අරගලයත් නිමයි කියලයි දැන් ජනතාව කියන්නේ’’ දයා ගමගේ කී විට අගමැතිවරයා සිනාසී ඉවත බලා ගත්තා මිස කිසිවක් කීවේ නැත.


‘‘ගැටුම්වලදී හරියට ක්‍රියා නොකළොත් අගමැතිට විරුද්ධ විශ්වාසභංගයේදී මුස්ලිම් පක්ෂ ඒකට සහාය දෙනවා කියා හාරිස් නියෝජ්‍ය ඇමැති පාර්ලිමේන්තුවේදී කියපු කතාවට මුස්ලිම් පක්ෂ සියල්ලම හාරිස්ට විරෝධය පළ කරලා’’ ලක්ෂ්මන් කිරිඇල්ල මෙන්ම දයා ගමගේ කීවේ ඔවුන්ට ලැබුණු ආරංචිය එළිදක්වමිනි.



අදහස් (0)

මහනුවර කලබල ඇවිස්සූ දේශපාලකයන් කවුද ?

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 177 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 243 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 1120 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

Our Group Site