IMG-LOGO

2025 මැයි මස 09 වන සිකුරාදා


ඇමැතිකම් දෙන්නැයි දෙවියන්ට කියති

රනිල්ට ගුණ කියූ ඇමැතිවරු   

13 පිළිබඳ මතය ඉදිරිපත් කරමින් බදාදා දිනයේ පැයකට ආසන්න කාලයක් සභාවේ රැඳී සිටි ජනපති රනිල් ඉන් පිටවී එද්දී ලොබියේ රැඳී සිටි ආණ්ඩු පක්ෂ හා විපක්ෂ මන්ත්‍රීවරු ජනපති වටකර ගත්තේය.
“මොනවද අර විපක්ෂ නායකතුමා කියන්නේ?. එතුමා කොළයක් බලාගෙන ඒබ්‍රහම් ලින්කන් කියපු කතාවක් කියද්දී සර් දුන්නානේ ලින්කන් නිශේධනය කරපු නඩු තීන්දුවක් ගැන කතාවක්.” ඇමැති චාමර සම්පත් කී ආකාරයට පිරිසට සිනහව නතරකර ගත නොහැකි විය.

“ජනාධිපතිතුමාගේ 13 හින්දා එයාලා හිර වෙලා ඉන්නේ. සුමන්තිරන් උත්සාහ කළේ විපක්ෂය එකතු කරන්න. හැබැයි දැන් දිගටම බෙදෙන එක තමයි වෙන්නේ.” ඇමැති ප්‍රසන්න රණතුංග කීවේ එවැන්නකි.

“විපක්ෂයේ කවුරු ගාවවත් හරි පිළිතුරක් තිබුණේ නෑ. විපක්ෂ නායකතුමාට තිබුණේ නිශ්ශබ්ද වෙලා යෝජනාවලිය අධ්‍යයනය කරලා කතා කරන්නයි.” එහි සිටි විපක්ෂ මන්ත්‍රීවරයෙකු කීවේ බැරෑරුම්වය.


“ජනාධිපතිතුමා මෙතනදි කරුණු තුනකින් විපක්ෂ හිර කළා.  එකක් 13 වැනි සංශෝධනයට යෝජනා ඉදිරිපත් කරපු එක. අනෙක කතානායකතුමා පාර්ලිමේන්තුවට ප්‍රකාශයක් කරලා පාර්ලිමේන්තු පරමාධිපත්‍යය ගැන කියපු එක. තුන්වෙනි එක විශ්වාසභංගයට ජනාධිපතිතුමා දින දුන්නත් විපක්ෂ නායක ලෙස සජිත්ට එකඟවෙන්න බැරි වුණ එක. විපක්ෂයට නිවැරදි උපක්‍රමයක් තිබුණේ නෑ මේවට මුහුණ දෙන්න.” මන්ත්‍රී වජිර කියද්දී සැවොම හිස සැලු‍හ.

“එදා ආණ්ඩුව ගන්නත් බයවුණා. අද විශ්වාසභංගයටත් බය වුණා. හැම එකටම ඡන්දයක් ඉල්ලන එක තමයි මෙයාලා කරන්නේ. මිනිස්සුන්ට ඡන්දයක් වැඩක් නෑ.” ඇමැති ශෙහාන් ද කතාවට එක්වූවේ එලෙසිනි

“දෙමළ සන්ධානයේ බෙදීමත් පැහැදිලිව පෙනුනා. අනෙක විග්නේෂ්වරන් කියන දේ ජනාධිපතිතුමාගේ යෝජනාවල තියෙනවා. ඒ නිසා එයාලගේ අනෙක් අය ආවේ නැද්ද දන්නේත් නෑ.” ආශු කීවේ සිනාසෙමිනි.
“හර්ෂණ මැදින් පනිද්දි එයා ගැන සර් කියපු දේ ගොඩක් අයට තේරුණේ නෑ.” ඇමැති සියඹලාපිටිය විමසුවේ අනෙක් පිරිස ද හිස සලද්දීය.
“ඇයි ඔයාලා දන්නේ නැද්ද එයා මහින්ද ජනාධිපතිතුමාගේ ඥාතිනේ.” කියමින් ජනපති පාර්ලිමේන්තුවෙන් පිටව ගියේය. 

 

විශ්වාසභංගයේ බර  ප්‍රසන්නගේ කරට

කෙහෙළිය රඹුක්වැල්ල ඇමැතිවරයාට  එරෙහි විශ්වාසභංග යෝජනාව ඉදිරියේ දී විවාදයට ගැනීමට නියමිත ය. ඒ සඳහා ගිය සතියේ දින තුනක් ලබාදීමට ආණ්ඩු පක්ෂය  සූදානම් වුවත් සමගි ජන බලවේගය කියා ඇත්තේ විශ්වාසභංග යෝජනාව පිළිබඳ විවාදය  පසුවට ගන්නා බවය. විශ්වාසභංගය පරාජය කිරීම සඳහා ආණ්ඩුව සූදානම් කර ගැනීමේ වගකීම පැවරී ඇත්තේ ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක, ඇමති ප්‍රසන්න රණතුංගටය.  පොහොට්ටුවෙන් ඉවත්ව විපක්ෂයේ සිටින පිරිසකගේ  සංයෝගය ගැනීම සඳහා ඔහු පිරිසක් සමග සාකච්ඡා කර තිබිණි .

 

ඇමැතිකම් ඉල්ලා දෙවියන් යදින  පොහොට්ටු මන්ත්‍රීවරු

ඇමතිකම් නොලැබීම සම්බන්ධයෙන් පොහොට්ටුවේ ජ්‍යෙෂ්ඨයන් කිහිපදෙනකු සිටින්නේ දැඩි කලකිරීමෙනි. ඔවුන්  ඇමැතිකම් ගැනීම සඳහා නොයෙකුත් උත්සාහයන්  ගත්තද ඒ සියල්ල අසාර්ථක විය. පොහොට්ටුවේ ප්‍රබලයන් ලවා ජනාධිපතිවරයාට වරින්වර සිහිකැඳවීම් කළද ඇමැතිකම් සිහිනය තවමත් සැබෑ වී නැත.

 

ඒ හේතුවෙන්, පොහොට්ටුවේ ජ්‍යෙෂ්ඨයන් කිහිප දෙනකු පසුගිය කාලය පුරා කතරගම ගොස් කතරගම දෙවියන්ට බාර හාර වූ බව ද වාර්තා විය. කළුතර ප්‍රදේශයේ පොහොට්ටුවේ ප්‍රබලයකු මීට දින කිහිපයකට පෙර  කතරගම දේවාලයට ගොස්, ඇමැතිකමක් වෙනුවෙන් භාර හාර වී දෙවියන්ට  පූජාවක් පැවැත්වූ බවද වාර්තා විය.

ලන්ස ලා රාජපක්ෂලාගේ   හම්බන්තොටත් කඳවුරු බඳිති

හම්බන්තොට යනු රාජපක්ෂලාගේ දේශපාලනයේ ප්‍රධාන බල කඳවුරයි. එය අද ඊයේ නොව දශක කිහිපයක් තිස්සේම බැඳී පවතින්නකි. රාජපක්ෂලා සමග ළඟින්ම සිට මෑතකදී ඉන් වෙන් වුණු නිමල් ලන්සා ඇතුළු කණ්ඩායම ළඟදී  පිහිටුවන්නට යන දේශපාලන සන්ධානය සම්බන්ධයෙන් ගිය  සතියේ හම්බන්තොට ද ගොස් ප්‍රචාරක කටයුතු ආරම්භ කළේය.

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු, පළාත් සභා මන්ත්‍රීවරයකු, පළාත් පාලන ආයතනවල හිටපු සභාපතිවරුන් දෙදෙනෙකු මෙන්ම, කොට්ඨාස සංවිධායකයෝ කීපදෙනෙක් ද මේ අවස්ථාවට එක්ව සිටියහ. මෙම කණ්ඩායම නව සන්ධානය පිහිටුවීමට පෙර, ජ්‍යෙෂ්ඨ පුරවැසි සංවිධානය, නීතිඥ සංවිධානය ඇතුළු, සංවිධාන කිහිපයක් පිහිටුවීමට ද මේ වන විට සැලසුම් කරමින් සිටී.

 

 

ඒ පිළිබඳ සාකච්ඡාවක් ඉකුත් සතියේ කොළඹ හෝටලයක දී පැවති අතර, නිමල් ලන්සා, නලින් ප්‍රනාන්දු, ප්‍රියංකර ජයරත්න, සුගීෂ්වර බණ්ඩාර, එස්. අමරසිංහ ඊට  එක්ව සිටියහ
කතාබහ යන අතර සුගීෂ්වර බණ්ඩාර කිව්වෙ,පොහොට්ටුවේ අය මන්ත්‍රීවරුන් ලවා තම කණ්ඩායමේ අයට දිගටම පහර දෙන්නට පටන් ගෙන ඇති බවය. ලන්සා  කීවේ ‘‘ඕවා ගණන් ගන්න එපා, ඕකුන්ගෙ ඔය වැඩ නිසා තමයි රාජපක්ෂවරුන්ගේ දේශපාලනය ඔය විදිහට කඩාගෙන වැටුණේ’’  කියාය. ලන්සා  ගිය සතියේ හදිසියේ විදේශගත වී ඇති අතර, ඔවුන්ගේ  සන්ධානයේ කටයුතු මෙහෙයවීම අනුර ප්‍රියදර්ශන යාපා, සුසිල් ප්‍රේමජයන්ත, නලින් ප්‍රනාන්දු සහ ලසන්ත අලගියවන්න ඇතුළු කණ්ඩායමකට ගිය සතියේ බාර වී තිබිණි. දේශපාලන කරළියෙන්  දැනගන්නට ඇති කාරණා අනුව, ලන්සලාගේ කණ්ඩායමේ නායකත්වයට පත්වීමට නියමිතව ඇත්තේ, හිටපු ඇමැති අනුර ප්‍රියදර්ශන යාපා ය

 

අනුර යාපා බැසිල්ට යැවූ පණිවිඩය

සතියේ පාර්ලිමේන්තුව අසල  ඇවිදින්නට ගොස් සිටියදී, පොහොට්ටුවේ උග්‍ර බැසිල් හිතවාදියකු වන මහාචාර්ය රංජිත් බණ්ඩාර මන්ත්‍රීවරයා ද ඇවිදින්නට පැමිණ සිටියේය. අනුර යාපා දුටු රංජිත් බණ්ඩාර, ඔවුන් සමග කතාවට වැටුණු අතර, රංජිත්  බණ්ඩාර හිනාවෙමින් කීවේ “අපි ඊයෙ පෙරේදත් සර්ලා ගැන කතා වුණා’’ කියාය. ‘‘මොනවද අපි ගැන කතා වුනේ’’  ප්‍රියංකර ජයරත්න විමසීය.  ‘‘නෑ, පොහොට්ටුවේ දිස්ත්‍රික් නායකකම් දෙද්දී පරණ අයට තැන දුන්න නම්, මේ ප්‍රශ්න ගොඩක් අඩු වෙනවා’’ කියලයි රංජිත් බණ්ඩාර කීවේය.

‘‘ඉතින් ඒගොල්ලොනේ පරණ අය ඉඳිද්දි එහෙන් මෙහෙන් අහුලගත්ත අයට, දිස්ත්‍රික් නායකකම් දීලා මේක විනාශ කළේ, දැන් ප්‍රමාද වැඩියි කියලා බැසිල්ට කියන්න’’ අනුර යාපා රංජිත් බණ්ඩාරට කීවේය. ඒ කතාව නෑසුණු ගානට සිටි රංජිත් බණ්ඩාර “සර් අපි පින්තූරයක් ගනිමු’’ යැයි කියමින් අනුර යාපා, ප්‍රියංකර එක්ක සෙල්ෆියක් ගැසුවේය.

ඩලස්ලා ඩාර්ලි පාරට

නිදහස ජනතා සභාවේ මන්ත්‍රීවරුන් පිරිසක් ඉකුත් බදාදා ඩාර්ලි පාරේ පිහිටි ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයට ගියේ විපක්ෂයේ  පොදු වැඩපිළිවෙළක් සම්බන්ධයෙන් ශ්‍රීලනිපයේ නායකයන් සමඟ සාකච්ඡා කරන්නටය.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය වෙනුවෙන්, එහි නායක හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන, පක්ෂයේ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර, උප සභාපතිවරයකු වන තිලංග සුමතිපාල යන මහත්වරු ද, නිදහස ජනතා සභාව වෙනුවෙන්, මහාචාර්ය ජී.එල්. පීරිස්, ඩලස් අලහප්පෙරුම, වසන්ත යාපා බණ්ඩාර, වෛද්‍ය උපුල් ගලප්පත්ති ඇතුළු මන්ත්‍රීවරු පිරිසක් ද සහභාගි වූහ. ඩලස්ලා පක්ෂ මූලස්ථානයට යද්දී දයාසිරි ඔවුන් පිළිගනිමින්  කීවේ ‘‘මෙතුමාට නම් මෙතන අලු‍ත් තැනක්  නෙමෙයි, භාණ්ඩාගාරික වෙලත්  අවුරුදු 11 ක්ම හිටියනේ”‍ කියාය.


අනතුරුව දෙපිරිස අතර සාකච්ඡාව ආරම්භ විය. විපක්ෂයේ පොදු සන්ධානයක් නොව, විපක්ෂයේ පොදු වැඩපිළිවෙළක් යටතේ වැඩ කිරීම සම්බන්ධයෙන් එහිදී දීර්ඝ  වශයෙන් සාකච්ඡාවට ලක් විය


මේ අතර, ඩලස්ලාගේ කණ්ඩායම ඊට කලින් දා ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂයේ නායකයන් ද හමුවිය. ඊට ද  ඩලස්, මහාචාර්ය ජී. එල්. මහාචාර්ය චරිත හේරත්,  ඩිලාන් පෙරේරා ඇතුළු කණ්ඩායමක්   සහභාගි වූ අතර, කොමියුනිස්ට් පක්ෂය වෙනුවෙන්, එහි ප්‍රධාන ලේකම්  විශේෂඥ වෛද්‍ය ජී. වීරසිංහ, සභාපති හිටපු අමාත්‍ය ඩිව් ගුණසේකර, වීරසුමන වීරසිංහ ඇතුළු කණ්ඩායමක් සහභාගි විය. මෙම පිරිස පසුදින චම්පික රණවක මන්ත්‍රීවරයාගේ නායකත්වයෙන් යුත් ජනරජ පෙරමුණ සමඟද සාකච්ඡාවක නිරත විය. එහිදී ද සාකච්ඡාවට ලක් කළේ, ජනාධිපතිවරයාට අවශ්‍ය විපක්ෂය ලෙස නොව, සැබෑ විපක්ෂය ලෙස කටයුතු කිරීම සඳහා පොදු වැඩපිළිවෙළක් සකස් කිරීම පිළිබඳව ය.

ආණ්ඩුවේ ශ්‍රීලනිප කණ්ඩායම මෛත්‍රී හමුවෙයි

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් ආණ්ඩුවට එක්ව මැති ඇමැතිකම් දරන පිරිස ගිය බ්‍රහස්පතින්දා සවස පක්ෂ මූලස්ථානයේදී මෛත්‍රීපාල සිරිසේන හිටපු ජනාධිපතිවරයා හමුවිය. නිමල් සිරිපාල ද සිල්වා, මහින්ද අමරවීර, ලසන්ත අලගියවන්න, දුමින්ද දිසානායක, ආචාර්ය සුරේන් රාඝවන් ඇතුළු පිරිසක් ඊට සහභාගි වූ අතර, ශ්‍රීලනිපය වෙනුවෙන් ෂාන් විජයලාල් ද සිල්වා, දුෂ්මන්ත මිත්‍රපාල ඇතුළු පිරිසක් සහභාගි වූහ. නිමල්  සිරිපාල ඇතුළු කණ්ඩායම එහිදී ඉල්ලීමත් කළේ කණ්ඩායමක් ලෙස එක්ව  කටයුතු කිරීමට අවශ්‍ය බවය. නිමල් ඇතුළු කණ්ඩායමේ කතාබහ අනුව පෙනී ගොස් තිබුණේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සියලු‍ දෙනා එකතුකර, ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සහාය දක්වන තැනට පක්ෂය ගෙන ඒමය.

 

■ ගජබා

 

 



අදහස් (0)

ඇමැතිකම් දෙන්නැයි දෙවියන්ට කියති

ඔබේ අදහස් එවන්න

 

 
 

කරලියේ කතාබහ

පොහොට්ටුවෙන් පූට්ටුවක්
2024 ජුලි මස 22 779 0

එක්සත් ජාතික පක්ෂය, සමගි ජන බලවේගය සහ ජාතික ජන බලවේගය ඇතුළු ප්‍රධාන පක්ෂ සිය ජනාධිපති අපේක්ෂකයා සම්බන්ධයෙන් තීරණය කර ඇති නමුත් පොහොට්ටුව දිගින් දිගටම


මෛත්‍රී අලුත් ආයුධ සමග
2024 අප්‍රේල් මස 01 1038 0

මහනුවර ඉකුත්දා පැවැති උත්සවයකට සහභාගී වූ හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ගිය සතියේ පුවත් මවන්නෙකු බවට පත්විය. ඒ ඔහු මහනුවරදී කළ ආන්දෝලනාත්මක


එහාට මෙහාට පැනිලි
2024 ජනවාරි මස 08 747 0

නව වසරේ ජනපති රනිල් මුණගැසී සුබපැතීමට මැති ඇමතිවරු රැසක් පැමිණ සිටි අතර, බන්දුල ගුණවර්ධන, ශෙහාන් සේමසිංහ, රංජිත් සියඹලාපිටිය, වජිර අබේවර්ධන එහි පෙරමුණ


හැමතැනම සන්ධාන ගැහෙන්න සාකච්චා
2024 ජනවාරි මස 01 559 0

ජනපති රනිල් වික්‍රමසිංහ ඉකුත් සතියේ රැඳී සිටියේ කොළඹින් එපිට නුවරඑළියේය. සම්ප්‍රදායක් ලෙස සෑම වසරකම අවසාන දින කිහිපය ඔහු ගෙවා දමන්නේ නුවරඑළියේ හෝ දි


අයවැය අස්සේ අයවැය ගැන කතා නැත
2023 නොවැම්බර් මස 25 476 0

එදින සවස එක්සත් ජාතික පක්ෂ කළමනාකරණ කමිටු නියෝජිතයන් මුණගැසුණු ජනපති රනිල් පක්ෂයේ ඉදිරි කටයුතු ගැන සාකච්ඡා කළේය. මහලේකම් රංගේ කීවේ දෙසැම්බර් මාසය තු


සජිත් - අනුර වර්ජනය කළ නායක හමුව
2023 ඔක්තෝබර් මස 23 401 0

පාර්ලිමේන්තු මැතිවරණ ක්‍රමය වෙනස් කිරීමේ කෙටුම්පත මේ වනවිට දැඩි කතාබහට ලක්වෙමින් තිබේ. එය කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරනු ලැබුවේ ආචාර්ය විජේදාස රාජපක


මේවාටත් කැමතිවනු ඇති

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 1256 1
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා. 2025 අප්‍රේල් මස 29 321 2
HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා.

අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 1344 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

Our Group Site