නොවැ:23 වන සඳුදා සිට නොවැ:29 වන ඉරිදා අතර
අපේක්ෂා ඉටුවේ
ඔබගේ අධ්‍යාපන රැකියා ව්‍යාපාර මෙන්ම පවුලේ කටයුතු යනාදිය යථා පරිදි කරගෙන යාමට අවශ්‍ය උත්සාහය හා ධෛර්යය නොඅඩුව ලැබේ. මෙම කාලයේ දී තමා නිරතවන වෘත්තීය අංශයේ හෝ ව්‍යාපාරික ක්ෂේත්රයේ අනාගත සුබ සිද්ධිය උදෙසා විශේෂ වෙනසක් ඇති කෙරේ. පසුගිය දිනවල පැවති ආර්ථික ප්‍රශ්න හා සමාජීය ප්‍රශ්න බොහෝදුරට අඩුවීයන බවට හේතු පෙනේ. සැලසුම් කරන වැඩ කටයුතු මෙන්ම බලාපොරොත්තු පහසුවෙන් සඵල වේ.
විශේෂ දියුණුවක් ඇතිවේ
ඔබට මෙම සතියේ දී තම තත්ත්වය තිබුණාට වඩා උසස් වේ. තමා නිරත වෙළෙඳ ව්‍යාපාර ගෙනයන අයට විශේෂ දියුණුවක් ලැබේ. සතුරු කරදරයක් හෝ නීති තර්ජනයක් හේතුවෙන් හිතේ හටගෙන තිබූ කලබලකාරී තත්ත්වයක් පහවී ගොස් සැනසිලිදායක බවක් ගොඩනැගේ. විශේෂයෙන් ඔබ දැඩි අධිෂ්ඨානයකින් හා කැපවීමෙන් යුතුව ගෘහ ජීවිතයේ මෙන්ම තමා නිරත රැකියා ව්‍යාපාරයන්හි කටයුතු නව මුහුණුවරකින් කරගෙන යාමට පවත්වාගෙන යාමට මෙම දිනවල පිළිවන.
නව ආදායම් මාර්ග
ඔබට මෙම සතියේ අවසන්දින හතර තුළ තරගකාරී කටයුතුවලින් ජයග්‍රහණ ලැබේ. තමාට උදව් උපකාර කළ අයට අවංක හැඟීමෙන් යුතුකම් ඉටුකර ප්‍රසාදයට පත්වේ. ආර්ථිකයේ වර්ධනයක්, නව ආදායම් මාර්ග ගොඩනැගීමක් සිදුවේ. ඉගෙනීම් කටයුතුවල උනන්දුවක් උද්යෝගයක් ඇතිවේ. ඔබගේ යටිසිතේ බලපැවැත් වූ වැදගත් අදහස් කීපයක් ක්‍රියාත්මක කිරීමට අවස්ථාව සැලසීම නිසා සිතේ ප්‍රීතිය ගෙනදේ. එසේම ඔබ මේ සතියේ අවසන් දින තුන තුළ දී ලැබෙන උපයන දේ අනවශ්‍ය දෙයට වියදම් කරයි.
දුෂ්කරතා තුනීවේ
ඔබ මේ සතියේ මුල් දින තුනේ දී හා අවසන් දින දෙකේ දී තම අපේක්ෂාවන් හා බලාපොරොත්තු කෙසේ හෝ ඉටුකරගත යුතුය යන දැඩි අධිෂ්ඨානයෙන් කටයුතු කිරීම නිසා එහිදී ප්‍රයෝජනවත් වැඩ කටයුතු රැසක් ක්‍රියාත්මක කළ හැකිවේ. පසුගිය දිනවල තමාගේ අත්‍යාවශ්‍ය වැඩ කටයුතු සම්බන්ධයෙන් මෙතෙක් පැවති දුෂ්කරතා බොහෝදුරට මෙම කාලයේ අඩුවී යයි. සති මැද දින දෙක දෛනික කටයුතුවල සුළු සුළු අඩුපාඩු ඇති වන අතර ඒවා අර්බුදයකින් තොරව සමනය කර ගැනීමටත් ඥානාන්විත වන්න.
දෛනික කටයුතුවල ප්‍රගතියක්
ඔබගේ ලග්නය පරිදි යෝගකාරක ග්‍රහයින් හා සඳු ග්‍රහයා මේ සතියේ අවසන් දින තුනට වඩා සතියේ මුල්දින හතරේ දී බලයෙන් යුතු නිසා එදිනෙදා නිරත කටයුතුවල ප්‍රගතියක් පෙන්නුම් කරයි. තම වැඩ කටයුතුවලට අවශ්‍ය අයගේ උසස් අයගේ ආධාර උපකාර ද ලැබේ. තමා නිරත රැකියා ව්‍යාපාරාදියේ අනාගත ශුභ සිද්ධිය සඳහා විධිමත් වැඩ පිළිවෙළක් සැකසීමටත් ඔබ ක්‍රියාකරයි. ආදායම් තත්ත්වය සතුටුදායක බවට පරිවර්තනය වේ. විවාහ අපේක්ෂකයන්ගේ බලාපොරොත්තු තරමක් කල් දැමීමට සිදුවුවත් මූල්‍ය ක්ෂේත්රයේ අපේක්ෂා සඵල වන සතියකි. අවසන් දින තුන ගැටලු පීඩා ඇතිචේ.
ආදායම් වැඩිවේ
ඔබට මේ සතිය ශුභදායී බවක් පෙන්නුම් කරන අතර හික්මුණු ගතියක් නිහතමානී ගතියක් ඔබ කෙරෙන් මැනවින් පිළිඹිඹු වෙයි. අළුත් ඇඳුම් පැළඳුම් ආභරණ වැනිදේත් මිළට ගැනීමට හෝ තෑගි භෝග වශයෙන් ලැබේ. පසුගිය දිනවල ඔබ කෙරෙහි පැවති කලබලකාරී ගතිය අප්‍රවේසම් සහිත ස්වභාවය පහවී ගොස් ක්‍රමවත් බවක් පිළිවෙළක් අනුව වැඩ කටයුතුවල නිරත වී ජයග්‍රහණ රැසක් අත්පත්කර ගනී. උපයන දෙයින් ඵල ප්‍රයෝජන ලැබේ. ආදායම් මාර්ගයන්හි වර්ධනයක් ඇතිවේ.
අවුල් වියවුල් තුනීවේ
ඔබට මේ සතියේ අවසන් දින හතර තුළ සුබදායක කාර්යයන් කීපයක් සාර්ථක කරගැනීමට පිළිවන්කම ලැබේ. ඔබ වෙළෙඳ ව්‍යාපාරික කටයුතුවල නිරත වන්නේනම් ඒවායින් දියුණුව ඇති වේ. තම තත්ත්වය උසස් වේ. බලයට තනතූරුවලට පත් වේ. දූ දරුවන්ගෙන් ප්‍රීතිය ඇති වේ. නැවුම් බලාපොරොත්තු ඇතිකර ගැනීමට මෙය ඉතාම හොඳ සතියකි. වැඩකටයුතු ඉහළ යයි. මිත්‍රයන්ගෙන් උපකාර ලැබේ. සහෝදරයන්ගෙන් සහ අසල්වාසී මිත්‍රයන්ගෙන් උපකාරද ලැබේ. අවුල් වියවුල්වලින් නිදහස ලැබේ. ප්‍රීතිය ඇති වේ.
අසීරැතා සහිත සතියක්
සඳු ග්‍රහයාගේ ගමන මත ඔබට මේ සතිය ශුභඵල හීන බැවින් කරන කියන දේ කෙරෙහි සැලකිල්ලෙන් විමසිල්ලෙන් ක්‍රියාකරන්න. ඔබ සැකයෙන් සාංකාවෙන් යම් යම් දේට සම්බන්ධ නොවන්න. තම දෛනික ආදායම් මාර්ගයටද යම් යම් ගැටලු ඇතිවන අතර රාජකාරිය ද සිතේ සහනයෙන් සතුටින් කරගෙන යාමටත් අසීරුවන බාහිර කරදර මතුවේ. හදිසියට දුරදිග නොබලා යම්කිසි තීන්දු තීරණ ක්‍රියාත්මක කිරීමට යෑම නිසා විවිධ පාඩු සිදුවෙයි. කරන්නට තිබෙන වැඩ අතපසුවී යයි. මුල් දින දෙක උනන්දුව උද්යෝගය ගොඩනැගීමක්ද තමා කෙරෙන් පෙන්නුම් කරන නිසා අඩපන වූ වැඩ මෙහිදී නැවත අරඹන්න.
රැකියා තනතුරැ ලැබේ
ඔබට මෙම සතියේ දී තම කාර්යය කටයුතු විවිධ අවහිර බාධා මධ්‍යයේ කර ගැනීමට සිදුවන බැවින්, අවබෝධයෙන් ක්‍රියා කරන්න. විශේෂයෙන් ඔබ කලබලයට තීන්දු තීරණ නොගෙන කටයුතු කරන්න. නිශ්චල චංචල දේපළවලට අදාළ ගනුදෙනු ලදී අලාභ පාඩු සිදුවිය හැකි බැවින් විකිණීම් මිළටගැනීම් වැනි කටයුතු වලදීත් කල්පනාකාරී වන්න. සතියේ මුල්දින තුන රැකී රක්ෂා තනතුරුවලට පත්වීමට බලාපොරොත්තුවෙන් සිටින අයට එම අදහස් ඉෂ්ට වන කාලයක් වේ.
හිතවතෙකු ගෙන් ආධාර
සමාජයේ උසස් අය යටතේ වැඩවල නියුතු අයට තම ස්වාමි පක්ෂයේ ප්‍රසාදය ලබා ගන්නට පිළිවන්වන සතියකි. පොදු සමාජීය කටයුතුවලටත් වැඩි වශයෙන් සම්බන්ධවී කටයුතු කිරීම නිසා ප්‍රසාදය මෙන්ම විවිධ ලාභප්‍රයෝජනයන් ද ලැබේ. පවුලේ කටයුතු, අධ්‍යාපන හා තමා නිරත රැකියා ව්‍යාපාරාදියේ කාර්යය කටයුතු කරදර බාධාවකින් තොරව පවත්වාගෙන යාමටත් කරගැනීමටත් පිළිවන්කම ලැබේ. හිතවතෙකුගේ ආධාර ඇතිව නව ආදායම් මාර්ගයක් ආරම්භ කිරීම සඳහා කටයුතු පිළියෙළ වේ.
රාජකාරියට බාධා
ඔබට මේ සතිය ශුභා ශුභ මිශ්‍ර අයුරින් ගතවේ. තමා පදිංචි ස්ථානය, ව්‍යාපාරික ස්ථානය සම්බන්ධව ප්‍රශ්නයක් මතුවීම හේතුවෙන් ඒ සම්බන්ධ අවධානය යොමු කිරීමට සිදුවන දෙයක් ඇතිවේ. රාජකාරී කටයුතු යථා පරිදි කරගෙන යාම දුෂ්කර විය හැක. ඔබට මෙම කාලයේ කිසියම් ආයෝජන අවස්ථාවක් සැකසුණත්, සමාජයේ උසස් අය ආශ්‍රය කිරීමට අවස්ථාව ද සැලසුණත් ඉන් එතරම් සාර්ථක ඵලයක් ඇති නොවේ. හදිසියට කලබලයට හිතුවක්කාර ලෙසට ක්ෂණික තීරණ මත දෛනික කටයුතු නොකර සැලසුම් සහගතව අවධානයෙන් කරන්න.
වස්තු ලාබ ලැබේ
ඔබට මෙම සතියේ මුල් දින හතර තුළ තමා කරන කියන වැඩකටයුතු වලින් ලාභප්‍රයෝජන අත්පත්වේ. වස්තු ලාභ ලැබේ. බලපෑ දුක් කරදර වලින් නිදහස් වීමට විවිධ පැතිකඩ මගින් ආධාර උපකාර ලැබේ. සිතේ සමාදානය සතුට ඇති වේ. තත්ත්වය උසස් වේ. වැඩ කටයුතු දියුණු වේ. ගරු සැලකිලි ලැබේ. ශරීර සනීපය ඇති වේ. අවසන් දින දෙක ඇසුරට ලැබෙන අයගෙන් කරදර ඇති වීමට ඉඩ තිබෙන නිසා ඥානාන්විතව ඒ කෙරේ අවධානයෙන් කටයුතු කරන්න.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd