සංස්කෘතික විඥානයේ කුණු කන්දල් ඇවිස්සීම
අතුරු කතාව (digression) මගින් තේමාව කුලුගැන්වීමේ ශිල්පය (device) අපගේ චිරන්තන සාහිත්‍ය තුළ පවා කැපී පෙනෙන අවස්ථා එමටය. ජාතක කතාවක වුවත් ගැඹුරු ධර්ම කොටස් විග්‍රහ වන්නේ එහි නිධාන කතාව සහ ගාථා පාඨ ඇසුරෙනි. පියදාස සිරිසේනගේ නවකතා වල එන ධර්ම දේශනා පවා එම ශිල්ප ක්‍රමය ඉබාගාතේ භාවිත කළ අවස්ථාවක් ලෙස දැක්විය හැකිය.චරිතයක හෝ සිදුවීමක විස්තරයෙන් පමණක් මනුෂ්‍ය පැවැත්මේ හරය ග්‍රහණය කර ගත නොහැකි වෙතැයි විශ්වාස කරන නූතන නවකතාකරුවන් එය සඵල කර ගැනීමට වෑයම් කරන්නේ ආගමික හෝ දාර්ශනික සංකල්ප පිළිබඳ විග්‍රහයන්ගෙනි. මෙය බොහෝ විට ජන විඥානය තුළ කිඳා බැස තිබෙන මිථ්‍යාමතික සංකල්ප තෙක් විහිදෙන අවස්ථා ඇත. සංසාරාරණ්‍ය අසබඩ නවකතාවේ අද්භූත සිදුවීම්, ස්වප්න විකාර සහ මහායානික මතවාද ගොඩ නැගෙන්නේ ඒ යුරිනි.
බොහෝ විට ඉන්ද්‍රජාලික යථාර්ථවදය (magical realism) යනුවෙන් ජනප්‍රියව පවතින ආඛ්‍යාන රීතිය සමාජ විඥානය විග්‍රහ කිරීමේ නැඹුරුවක් සහිතය. ඉන්ද්‍රජාලික යථාර්ථවාදය පිළිබඳ ජාන ගවේෂණයේදී අපට මුලින්ම හමුවන්නේ ජන සාහිත්‍ය තුළ කිඳා බැස තිබෙන සාමූහික සමාජ විඥානය තම නිර්මාණකරණය පිණිස උපයෝගී කරගත් ජෝර්ජ් ලුයිස් බෝගාස් නම් වූ අර්ජන්ටනියානු ලේඛකයාය. සයිමන් නවගත්තේගමගේ සංසාරාරණ්‍ය අසබඩ පෝෂණය කරන්නේ බෝගාස් ගෙන් පටන්ගෙන ගේබ්‍රියල් ගාර්ෂියා මාර්කේස්,මිලාන් කුන්දේරා අයිසෙක් බෂ්විස් සිංගර්,සල්මාන් රුෂ්ඩි,ඉසබෙල් අයියන්දේ වැනි ලේඛකයන් නෙළාගත් කතා අස්වැන්නමය. විශේෂයෙන්ම කාල් යුං නමැති මනෝ විශ්ලේෂකයාගේ සිහින විග්‍රහය සහ විඥානය පිළිබඳ ප්‍රභේදයන් ඔහු මෙහි ලා ඉතා ශූර ලෙස යොදා ගනී.
මේ නවකතාවේ එන දේවතා සංකල්ප නිර්මාණය වන්නේ ජන විඥානය තුළ මුල් බැසගත් මිථ්‍යාමතික විශ්වාස ආශ්‍රය කර ගනිමිණි. ජනතාවගේ සංස්කෘතික විඥානය තුළ කාලාන්තරයක් තිස්සේ ගොඩ ගැසී තිබූ කුණු කන්දල් ආලය විඥානය නමැති ක්ලිෂ්ට මනෝභාව ගබඩාව ඇවිස්සීමෙන් මතු කර ගන්නා නවගත්තේගම ඒවාට විග්‍රහයන් සපයන්නේ කාල් යුං වැනි මනෝ විශ්ලේෂකයන්ගේ උදව්වෙනි. මෙහි එන ලිංගිකත්වය පිළිබඳ මහත් අභිරුචියෙන් විස්තර කර ඇතැයි පෙනී යා හැකි බොහෝ කරුණු ආලය විඥානය තුළ නැත්නම් පුළුල් අර්ථයෙන් සංස්කෘතික විඥානය තුළ මුල් බැස ගත් දේවල්ය. ඒවා මතු කර ගන්නටත්, සාධාරණීකරණය කර මිනිසාගේ පැවැත්ම සමග සහසම්බන්ධය තහවුරු කර ගන්නටත් සයිමන් නවගත්තේග මහායානික තන්ත්‍රවාදයේ එන ප්‍රඥා උපාය සුසංයෝගයෙන් බිහිවන මහා සුඛය පිළිබඳ සංකල්පය සරණ යයි.
සත්වයාගේ පැවැත්ම සංකීර්ණ ගැටලුවක් බව අමුතුවෙන් කිවයුතු නැත. මෙය සාංදෘෂ්ටික ලෙස අවබෝධ කර ගැනීමට දරන සෑම වෑයමක්ම දාර්ශනික අභ්‍යාසයක් වේ. සංසාරාරණ්‍ය අසබඩ නවකතාවේ මැද භාගයට එනවිට ඈත දුරක සිට ගඟ හරහා පැමිණි ආගන්තුකයා ගම්මුන්ටත් ලොකු හාමුදුරුවන්ටත් ගැටලුවක් වන සැටි පෙනී යයි. ඒ වූ කලී මනුෂ්‍යයාගේ පැවැත්ම පිළිබඳ සදාකාලික ගැටලුවමය. ගම්මානයේ රාත්‍රීන් පුරා සැරිසරන, දේවාල ගර්භය තුළට පිවිසෙන, පිටතට නික්මෙන ආවේශ වූ කපුරාලට භාෂණය සපයන ආගන්තුකයාගේ ඉන්ද්‍රජාලික බව තුළ පවතින සත්තාව කුමක්ද යන පැනය කතා ප්‍රවෘත්තිය තුළ දිගින් දිගටම මතුවෙයි.එවිට ලොකු හාමුදුරුවන්ගේ චිත්ත සන්තානය හරහා ගමන් කරන සිතිවිලි සමුදායකින් මේ ගැටලුව ස්පර්ශ කිරීමට කතුවරයා දරන වෑයම විමසා බැලීම මැනවි.
“සැබවින්ම මෙතැන ද්‍රව්‍ය පදාර්ථයන්ගේද ,සත්වයන්ගේ පැවැත්මද, ස්වතන්ත්‍ර ස්වභාවයද, සත්තාව පිළිබඳ වූ පැනයක් වන්නේය. නා නා ස්ථානයන්හී නා නා වෙලවන්හි එකම ද්‍රව්‍ය පදාර්ථයක හෝ පුද්ගලයකු පවතින්නා තබා , එක් ස්ථානයක එක් වෙලාවක එක් ආකාශ මානයක ක්ෂණ මාත්‍රයක් සේ පවත්නා යථාර්ථයක් වේදැයි සැකයක් ඇත්තේය"
සංසාරාරණය අසබඩ - 273 පිට
ජන විඥානය තුළ කිඳා බැස තිබෙන මිථ්‍යාමතික විශ්වාසයන් නොයෙක් ආකාරයට ප්‍රකාශයට පත්වීමට පිළිවන. නූතන මනෝ විශ්ලේෂකයන් සංස්කාරකය නැතහොත් යටි හිත ලෙසද මහායානික විඥානවාදීන් ආලය විඥානය ලෙසද හඳුන්වන සිත් ගබඩාවක මේ විශ්වාස දරා සිටී. දෙවියන් භූතයන් වැනි අවතාර පිළිබඳ සියලු විශ්වාස කිසියම් ජන කොටසකගේ සංස්කෘතික විඥානයේම කොටසකි. එහෙත් මේ භූත විශ්වාස මිනිසා විඳ දරා ගන්නේ කෙලෙසද? “මිනිසා සහ මිනිස් අවතාර පිළිබඳ සාපේක්ෂ සත්‍යය කුමක් වන්නේද?” සංසාරාරණ්‍ය අසබඩ තුළ නැගෙන මේ ගැටලුව එකවර දෙවියකු සහ මිනිසකු ලෙස පෙනී සිටින ආගන්තුකයා පිළිබඳ විස්තරය තුළ විසඳා ගැනීමට කතුවරයා වෑයම් කරයි. මිනිසාගෙන් ස්වර්ගන්ත්‍ර පැවැත්මක් දැකිය නොහැකි නම් ගම් වැසියනට අවතාරයක පැවැත්මක් ගැනද සිතා ගත නොහැකි බව මෙහි කියවෙන්නේ එබැවිනි.
සංසාරාරණ්‍ය අසබඩ ග්‍රන්ථයෙන් උදුරා දැක්වෙන පහත සඳහන් කොටස කියවීමෙන් මිනිසකු වූ ආගන්තුකයා තුළ පිළිබිඹු වන දේවත්වය අවසාන විග්‍රහයේදී මනුෂ්‍යත්වය පිළිබඳ මානයක් වන සැටි පැහැදිලි වනු ඇත.
“මිනිසාටද අවතාරයටද විශේෂ වූ වෙන වෙනම ගති පැවතුම් ලක්ෂණ තිබෙන්නේ යයි හැඟෙන්නේ නමුදු මිනිස් ලක්ෂණ වලින් තොරව ඔහුට මිනිස් අවතාරයක් මෙසේ වෙතැයි සිතා ගැනීම පවා උගහට වන්නේය. ස්ත්‍රියාවක පිළිබඳ ස්ථිරසාර කල්පනාවකින් තොරව නාග කන්‍යාවක් හෝ අප්සරාවක් හෝ යකින්නියක් දේවතාවියක් ගැන මනෝ චිත්‍රයක් මවා ගත නොහැක්කා සේම පුරුෂයකු පිළිබඳ අවබෝධයකින් තොරව ඊට සාපේක්ෂ වූ දෙවියකු පිශාචයකු යකෙකු කුම්භාණ්ඩයකු හෝ අවතාරයක ස්වභාවය පිළිබඳ සංකල්පනාවක් ඇති කොට ගත නොහැක්කේමය.”
සංසාරණ්‍ය අසබඩ 276 පිට
එහෙත් ගැමියන් නගන එකම ප්‍රශ්නය මෙය වන්නේය.
“ඒ වුණාට කොහොමද එකම පුද්ගලයා දේවතා ආත්මෙකැයි මනුස්ස ආත්මෙකයි එකම වෙලාවෙ එකම කාලේ ආත්ම දෙකක ජීවත් වෙන්නේ”
මේ ප්‍රශ්නයේ ආත්ම ගතව තිබෙන්නේ කාලය හා අවකාශය පිළිබඳ සනාතන වූ දාර්ශනික ගැටලුවමය. සයිමන් නවගත්තේගම මේ නවකතාව ලියමින් වෑයම් කරන්නේ එයට යම් නිර්මාණාත්මක උත්තරයක් සැපයීමටය. එකිනෙකාගේ බුද්ධියට සාපේක්ෂ දැනුමක් වූ කාලය හා අවකාශය පිළිබඳ වැටහීම අතීත වර්තමාන අනාගත වශයෙන් වූ කාලත්‍රයටම ගැළපෙන සුත්‍රයක යෙදීම මේ වැටහීමේ මාර්ගය ලෙස සයිමන් සිතුවා විය හැකිය. එය අතීත වර්තමාන අනාගත යන කාලත්‍රයට කොටු නොවූ මනුෂ්‍යත්වය පිළිබඳ ආවර්ජනයක් බවට පෙරළීමෙන් අවසාන වෙයි. එහිදී ඔහු ඉතිහාසය නිශ්චිත කාල පරාසයක් තුළ කොටු කර නොතැබීමට වෑයම් කරයි. ( මේ නිසා මෙහි එක් තැනකදී බංඩි තේ කහට ටිකක් බීම සඳහා හේතුට කරන ආරාධනය කියවන කිසිවකු සයිමන් ඉතිහාසයේ කාල වකවානු පටලවා ගෙන ඇතැයි දොස් තබන්නට පිළිවන. කාලය තුළ කොටු නොවන සයිමන්ට ඒ කාලයේ තේ තිබුණාද නැද්ද යන්න වැදගත් නැත.) එමගින් ෆැන්ටසියක් බවට පත්වන ඉතිහාසය කතුවරයාගේ දාර්ශනික මනස්ගාත සපුරා ගැනෙන ක්‍රමයක් බවට පත්වෙයි.
සංසාරණ්‍ය අසබඩ කියවීම කිසියම් දාර්ශනික අභ්‍යාසයකැයි මා කියන්නේ එබැවිනි.
ඉවරයි.
එක්තරා කාලයක අරුන්ද රෝයි අපේ රටේ සාහිත්‍යකරුවන් අතර අධිනිශ්චය වී තිබිණි. කොටින්ම සති අන්ත සිංහල පුවත්පත්වලට අරුන්දතී රෝයි නැතුවම බැරි විය.
සමන් නන්දලාල් මුහුණු පොතෙහි සටහනක් තබමින් තමන් පොතක් ගැන ලංකාදීප ’’මතුමහල’’ විශේෂාංගයට ලියන ලිපිය නවත්වන බව නිවේදනය කර තිබිණ. ඒ අතරම තමාගේ ලිවීම විචා
රාජකරුණානායකගේ ප්‍රේම පුරාණය ගැන අවසන් කළේ පුෂ්පා රම්ලනීගේ කේරළ කෙටිකතා එකතුවක් ගැන කතා කරන බවට සපථ කරමිනි. නිර්මාණකරුවකු පුරුෂවාදී හෝ ස්ත්‍රීවාදී ව
මීට දශක දෙකකට පමණ පෙර ලියැවුණු ප්‍රේම පුරාණය ගැහැනියක විසින් ලියන ලද පොතකැයි කියමින් මෙය පටන් ගැනීම බාගවිට අසාධාරණ විය හැකිය. ඔබේ නළලේ රැලි ගසන හේතුව ම
පශ්චාත් යටත් විජිතවාදය ලාංකේය සාහිත්‍ය කලා සහ දේශපාලන විචාර කතිකාව තුළ මියෑදී බොහෝ කලක් ගත වී ඇත. එහෙත් එහි මළකුණ යළිත් ගොඩ ගැනීමට දරන ප්‍රයත්න තැනින්
සිරිල් බී පෙරෙරාගේ ’’මරණ තුනක් ඇති මිනිහෙක්’’ නමැති නවකතාව පළවී හරියටම දැනට අවුරුදු හැට දෙකක් ගතවී ඇත. හරියටම කියනවා නම් එය මුල්වරට පළවූයේ 1962 දීය. එය දෙ
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
සංසාරාරණ්‍ය අසබඩ - 3