IMG-LOGO

2024 ජුලි මස 18 වන බ්‍රහස්පතින්දා


සංසාරාරණ්‍යය අසබඩ දාර්ශනික ව්‍යායාමයක් ද?

ග්‍රන්ථ විචාරය -14

 


 

 මීට අවුරුදු විසිපහකට පෙර, හරියටම කියන්නේ නම් 1999 මාර්තු 14 වෙනිදා,  මම එක්තරා ඉරුදින  පුවත් පතකට (ලංකාදීපයට නොවේ) ලිපියක් ලියමින් සයිමන් නවගත්තේගම ගේ "සංසාරාරණ්‍යය අසබඩ" නවකතාව දාර්ශනික අභ්‍යාසයක් යයි පරසක්වල ගැසුවෙමි. ඒ අවුරුද්දේ හොඳම නවකතාව සඳහා වූ  රාජ්‍ය සාහිත්‍ය සම්මානය සංසාරාරණ්‍යය අසබඩට හිමිවිය. බාගවිට එයට හේතු වන්නට ඇත්තේ සයිමන්ගේ දාර්ශනික ප්‍රවාද සම්මාන ජූරිය අසරණ කර තිබීම විය හැකිය. මන්ද යත්, ඒ වනතෙක් සයිමන් නවගත්තේගම, සාහිත්‍ය සම්මාන නිර්දේශ කරන ජූරිසභික මහතුන්ට ඇස ගැසී නොතිබුණ බැවිනි.

     කෙසේ වෙතත්,  සයිමන් යනු නූතනවාදී නවකතාකරුවකු මිස දාර්ශනිකයකු නොවන බව කියන්නට මේ මතුමහලෙහි ඉඩකඩ පවා මා අප්‍රමාණව වියදම් කළ බව ඔබ දන්නේය. . දැන් මම යළි සංසාරාරණ්‍යය අසබඩ ගැන ලිවීමට සැරසෙමි. මේ ලිවීම එක්තරා විදියකින් අර අවුරුදු විසි පහකට පෙර ලියූ දේවල්ම ප්‍රති නිෂ්පාදනයකැයි ඔබට සිතෙන්නට බැරි නැත. එහෙත් මම ආගමික මතිමතාන්තර, දාර්ශනික ප්‍රවාද සහ ඉතිහාසය නවකතාකරුවකු අත පත් වූ කල සිදුවිය හැකි දේ කවරා කාර දැයි විශ්ලේෂණය කරමි. සැබෑය. ඒ සියල්ල සයිමන් අප්‍රමාදීව වනපොත් කළ දැනුම්  සම්භාරයක් තමයි. සත් භාවාත්මක ලෙස (ontological) නොව  ජීවිතය  ඥාන විභාගාත්මක (epistemological) ලෙස ග්‍රහණය කර ගැනීමට ඔහු පොලඹවන්නේ මේ දැනුමයි. ඒ අතින් අජිත්ගේ ප්‍රවේශය සත්භාවාත්මක විය.
    යම් සාහිත්‍ය කෘතියක් මැන බැලීමට අවශ්‍ය විචාර මිනුම් දඬු සපයාගත යුත්තේ එම කෘතිය තුළින්ම යයි මීට අවුරුදු පනහකට පමණ පෙර පැවසුවේ අජිත් තිලකසේනය. සයිමන් නවගත්තේගම ගේ සංසාරාරණ්‍ය අසබඩ කියවන අයකු ඔහුගේ හිස් කුහර තුළ පිරී තිබෙන මළකඩ බැඳුණ  සාහිත්‍ය මතවාද බැහැර කළ යුතු යයි මා කියන්නේ යටකී අජිත් තිලකසේනගේ කල්පනාව අනුව යමිනි. 
    කාලාන්තරයක් තිස්සේම අපගේ විචාර කතිකාව තුළ නූතන සාහිත්‍ය ප්‍රවණතා ගැන නොයෙක් මතවාද හැල හැප්පුන බව ඇත්තය. එහෙත් අධියථාර්ථවාදය (surrealism) ගැන අප ආරංචි මාත්‍රයෙන් අසා තිබෙන කරුණු සයිමන්ගේ  සංසාරාරණ්‍යය අසබඩ නවකතාව සමග ගැළපීමට ගියහොත් කියවන්නිය බලවත් අමාරුවක වැටීමට ඉඩ ඇත. ඒ මදිවාට ඉන් සයිමන්ටද අසාධාරණයක් විය හැකිය.මේ නවකතාව තුළ සයිමන් බෝධිසත්ව සංකල්පය පිළිබඳ ගැඹුරු මතවාදයක් ඉදිරියට ගැනීමේ ප්‍රයත්නයක නියැළෙන බව මම පිළිගනිමි. බෝධි සත්ව සංකල්පය නම් වූ මහායානික පිළිගැනීම් භාවිත කරමින් වුවත් ඔහු මතු කරන්නේ සාරය (essence) නොව පැවැත්ම (existence) ප්‍රධානයි කියන සාංදෘෂ්ටික මතයමය.
     මා සංසාරණ්‍ය අසබඩ පිළිබඳ යටකී ලෙස ලියමින් සිටි කාලය වනවිට ඒ ගැන යම් සංවාදයක් මතු වීමට කල් මෝරා නොතිබිණි. එහෙත් ඒ වනවිටත් එම නවකතාව පිළිබඳ ලියවී තිබුණ සටහන් දෙකක් පුවත්පත්වල පළවී තිබී මට කියවීමට ලැබී තිබිණි. ඉන් එකක් ලියා තිබුණේ නැසීගිය පුවත්පත් කලාවේදියකු  වූ චන්ද්‍රසිරි දොඩංගොඩය. සැබවින්ම ඔහු ලියා තිබූ කරුණුවල වැදගත්කම එය ඉදිරිපත් කර තිබුණ හැකිලුන ස්වභාවය තුළ පවා කැපී පෙනිණි.සයිමන් නවගත්තේගම ඔහුගේ ප්‍රියතම විෂය වූ ඉතිහාසය ඔස්සේ මිනිස් ජීවිතයේ ඇතුළාන්තය විදහා දක්වන නවකතාවක් ලියා ඇති බවත් එහිදී ඔහු අධිතාත්වික රීතියක් භාවිත කර ඇති බවත් දොඩංගොඩ ලිව්වේය. එසේම ජීවිතය, මරණය, පැවැත්ම ආදී කල්පනා ඔස්සේ යම් දර්ශනාත්මක තලයක් කරා ද අප රැගෙන යන බව දොඩංගොඩගේ අදහසයි.
      චන්ද්‍රසිරි දොඩංගොඩගේ එකී කල්පනාවල ඉසියුම් බව මම සැක නොකරමි. සයිමන්ගේ කතා රීතිය යථාර්ථවාදය ඉක්මවා ගිය එකකි අනෙක ඔහු යැපෙන්නේ ඉතිහාසය, ජනප්‍රවාද, ඇදහිලි සහ විශ්වාස මතය. එලෙසින්ම එය යම් දාර්ශනික එල්ලයක් කරා විහිදුණු  දාර්ශනික ප්‍රවේශයකි. එහෙත් වැදගත් වන්නේ නූතනවාදී නවකතාකරුවන් මෙකියන ඉතිහාසය, දර්ශනය සහ අධියථාර්ථ රීතිය තම භාවිතයට ගෙන තිබෙන ආකාරයත් සයිමන් නවගත්තේගමට එය අදාළ වන සැටිත් කතා කිරීමය. එවිට එය නූතනවාදී සාහිත්‍යය පිළිබඳ කතිකාවකට ප්‍රවේශයක් වනවා ඇති.
    ඉතිහාසය ප්‍රස්තූත කරගත් නවකතා අපි ඇති පදම් කියවා ඇත්තෙමු.ඒ අතරින් චාල්ස් ඩිකන්ස්ගේ A tale of two cities වැනි නවකතාවක ඉතිහාසය ආඛ්‍යානයට පිටස්තරව නොතබා ප්‍රබන්ධය ගොඩ නගන සන්දර්භය බවට පත්වෙයි. එහෙත් කුෂ්වාන්ත් සිං නමැති ඉන්දීය නවකතාකරුවා Train To Pakistan නවකතාව ලියමින් ඉතිහාසය රඳවන්නේ තම ආඛ්‍යානයේ සීමිත රාමුවකය. මේනිසා ඉතිහාසය සහ ප්‍රබන්ධය යන දෙකෙහිම සංකේතානුසාරී සම්බන්ධයක් කුෂ්වාන්ත් සිං දකී. එහෙත් නූතනවාදී නවකතාකරුවන් වන (අධි යථාර්ථමය රීතියකින් ලියන) සල්මාන් රුෂ්ඩි සහ මිලාන් කුන්දේරා වැනි ලේඛකයන් ඉතිහාසය යොදා ගන්නේ ඉහත කී ආකාරයට ඉඳුරාම වෙනස් ලෙසකිනි. 
    ඔවුන්ගේ ඉතිහාසය කිසි විටෙකත් යම් නිශ්චිත මොහොතක සමාජයක් පිළිබඳව විස්තරයක් නොවීය. ඔවුන් ඉතිහාසය ලෙස සැලකුවේ සමාජ ඉතිහාසය නොව මිනිසාගේ ඉතිහාසයයි. වෙනත් ලෙසකින් කියනවා නම් කිසියම් ඓතිහාසික සංසිද්ධියක් පුද්ගල පැවැත්මට බලපා ඇති ආකාරයයි. විශේෂයෙන්ම Mid Nights Children නමැති නවකතාව ලියමින් සල්මාන් රුෂ්ඩි ඉතිහාසය තමාගේ කතාව අවසානයේ සෞන්දර්යාත්මක සංසිද්ධියක් ලෙස මතු කරන්නේ එය අලෞකික ආශ්චර්යමත් දෙයක් බවට පෙරළමිනි. Mid Nights Children වල ඉතිහාසය ෆැන්ටසියක් බවට පත් වන්නේ එලෙසිනි. 
    සයිමන් නවගත්තේගම මෙම නවකතාවේ ඉතිහාසය යොදා ගන්නේ රුෂ්ඩි සහ කුන්දේරා ඉතිහාසය භාවිත කළ ආකරයටම යයි මට කල්පනා වේ. මෙලෙස පැවසීමෙන් සයිමන් කිසිවිටෙකත් රුෂ්ඩි හෝ කුන්දේරා අනුකරණය කරතැයි මා කියන බවක් වරදවා නොගන්න. ඔහුටද දින වකවානු සහ සිදුවීම්වල කාල පරාසය නොවැදගත්‍ ය. අවසානයේදී ඉතිහාසය යනු ගොතන ලද එකකැයි රේමන්ඩ් ෆෙඩර්මන් නමැති විචාරකයා දක්වා ඇති මතය සමග සයිමන් එකඟ වෙයි.
    සල්මන් රුෂ්ඩි සේම සයිමන් නවගත්තේගමත් ඉතිහසය ෆැන්ටසියක් බවට පත් කරයි. අධි යථාර්ථ රීතිය පෝෂණය වන්නේ සිහිනය සහ ෆැන්ටසිය ඇසුරු කරමිනි. අර දොඩංගොඩ කියූ සයිමන්ගේ අධියථාර්ථමය ආඛ්‍යානයට පාර කැපෙන්නේ එතැනිනි. එහිදී ඔහු එවැනි  බොහෝ නූතනවාදී නවකතාකරුවන් මෙන් රොමෑන්ටික් ලක්ෂණ ආපසු කැඳවයි. මේ රොමැන්ටික් ලක්ෂණ ඔහුගේ සාපේක්ෂණී වැනි නවකතාවක බහුලව දක්නට ඇත.

යථාර්ථවාදයට පෙර වූ රොමෑන්ටික් කලාවේදී බාහිර බලවේග අත නැටවෙන පැතලි රූකඩ චරිත අතිශයෝක්තියට නැංවිණි. සැබෑ ලෝකයේදී ජයගත නොහැකි බොහෝ දේ මේ වීර චරිත විසින් ජයගනු ලබයි. සමාජ පෙරළියකින් මිස අතුගා දැමිය නොහැකි දුෂ්ටකම් අද්භූත බල පරාක්‍රමයෙන් යුතු වීරයකු විසින් විනාශ කරන සැටි මේවායින් දැක්විණි . ( ටාසන් එවැනි රොමෑන්ටික් වීරයෙකි).

    එහෙත් නූතන අධියථර්ථවාදය හෝ ඉන්ද්‍රජාලික යථාර්ථවාදයට කලවම් වී ඇත්තේ ඒ අප කියන විදියේ අරුමැසියක් නොවේ. නූතන ඉන්ද්‍රජාලික යථාර්ථවාදය (Magical Realism) අද්භූත වන තරමින්ම අරුමැසිවාදීය.(Romanticism). එහෙත් එම විටම පෙළට ඔබ්බෙන් ග්‍රහණය කරගත යුතු යථාර්ථයක් ගැබ්ව තිබීම තුළ නූතන වාදය (Modernism) කරන්නේ රොමෑන්ටික්වාදය ප්‍රතික්ෂේප කිරීම නොවේය. මෙතෙක් ඔළුවෙන් සිටුවා තිබූ රොමෑන්ටික්වාදය දෙපයින් නගා සිටුවීමය. 

   අධියථාර්ථවාදය තුළ පෙළ ඉක්මවා ගිය අරුතක් ගවේෂණය කළ හැකිය යන ප්‍රවාදය පැහැදිලි කිරීමට හොඳම උදාහරණය නම් කෆ්කාගේ රූප විකෘතිය (Metamorphosis) නම් කෙටිකතාවයි. එමගින් මිනිසා නිර්වචනය කර ගැනීමට අර අරුමැසිවාදී ලක්ෂණ කලවම් වූ අධි යථාර්ථවාදයකට හැකිවෙයි. 
    දැන් ඔබට ප්‍රශ්නයක් ඇත. යථාර්ථවාදය යනු කුමක්ද? නූතනවාදය යනු කුමක්ද? මේ දෙකම එකක්ද? ප්‍රතිපක්ෂයක්ද? එම ප්‍රශ්න සමග ගැටෙමින් සංසාරාරණ්‍ය අසබඩ ගැඹුරු කියවීමක් වෙත රැගෙන යාම කල් තබ්මි. 

මතු සම්බන්ධයි.



අදහස් (0)

සංසාරාරණ්‍යය අසබඩ දාර්ශනික ව්‍යායාමයක් ද?

ඔබේ අදහස් එවන්න

ග්‍රන්ථ විචාරය

සංසාරාරණ්‍ය අසබඩ 2
2024 ජුලි මස 16 113 0

පසුගිය ලිපිය අවසානයට මම කෆ්කාගේ රූප විකෘතිය නමැති කෙටිකතාව පිළිබඳ සඳහන් කළෙමි. එකී කෙටිකතාව ලිවීමේදී කෙටිකතාකරුවා අනුදත් අධියථාර්ථවාදී රීතිය නිසා, ප


සංසාරාරණ්‍යය අසබඩ දාර්ශනික ව්‍යායාමයක් ද?
2024 ජුලි මස 09 540 0

මීට අවුරුදු විසිපහකට පෙර, හරියටම කියන්නේ නම් 1999 මාර්තු 14 වෙනිදා, මම එක්තරා ඉරුදින පුවත් පතකට (ලංකාදීපයට නොවේ) ලිපියක් ලියමින් සයිමන් නවගත්තේගම ගේ ’’සංස


යථාර්ථවාදයේ බෙලහීනත්වය විනිවිද දුටු ’’සුන්නද්දූලි’’
2024 ජුලි මස 02 137 0

අජිත් තිලකසේනගේ සුන්නද්දූලි හි පළවෙනි කෙටිකතාව වූ “වැද්දන් සමග යුද වදින්නට” තුළ කියවෙන්නේ යථාර්ථය සේ ගන්නා මායාවෙන් නැතහොත් ප්‍රබන්ධයෙන් එළියට පැන


සුන්නද්දූලි කියවීමේ යතුර
2024 ජුනි මස 25 361 0

බොහෝ අය අජිත්ට ආකෘතික හංවඩුව එල්ලා අත සෝදා ගත්හ.එහෙත් යම් සාහිත්‍ය කෘතියක් විනිශ්චය කිරීමට යොදා ගත යුතු මිනුම්දඬු එම කෘතිය තුළම වේ යයි අජිත් මීට බොහෝ ක


භාෂා රාමුවෙන් පැන අජිත් තිලකසේන කියවමු
2024 ජුනි මස 18 124 0

මේ ලිවිල්ල මා පටන් ගන්නේ සුන්නද්දූලි ගැන කියවීමකට බව ඇත්තය. එහෙත් දැන් එය අජිත් තිලකසේන පිළිබඳ කියවීමක් ලෙස වැඩෙමින් තිබේ. මගේ අරමුණ අජිත්ගේ ලියවිලි ඉ


අජිත්ගෙන් ඊනියා විචාරකයන්ට කනේ පහරක්
2024 ජුනි මස 11 127 0

අද දවසේ පළ වන පත්තරයක් අරගෙන බලන්න. කොයි තරම් නම් සාකච්ඡා සංවාද ඒවාහී පළ වනවාද? ( මා කතා කරන්නේ ඊනියා දේශපාලන සංවාද ගැන නොවේ .අපේ රටේ සාහිත්‍ය උපාසක මහතුන


මේවාටත් කැමතිවනු ඇති

වැලිබල් ෆිනෑන්ස්, ශක්තිමත් මූල්‍ය ප‍්‍රතිඵලයක් වාර්තා කරයි 2024 ජුලි මස 13 125 0
වැලිබල් ෆිනෑන්ස්, ශක්තිමත් මූල්‍ය ප‍්‍රතිඵලයක් වාර්තා කරයි

වැලිබල් ෆිනෑන්ස් ගෙවුණු වසර 17ක කාලය පුරාවට ශ‍්‍රී ලංකාවේ මූල්‍ය ආයතනයන් අතර ප‍්‍රමුඛස්ථානයක් හිමි කර ගනිමින් 2023/24 මූල්‍ය වර්ෂයේදී සිය මූල්‍ය විශිෂ්ටත

ශ්‍රී පාද අඩවිය සුපිරිසිදු කරන්නට සියපත ෆිනෑන්ස් වෙතින් “නැමදුමෙන් පසු ඇමදුම” 2024 ජුනි මස 20 992 0
ශ්‍රී පාද අඩවිය සුපිරිසිදු කරන්නට සියපත ෆිනෑන්ස් වෙතින් “නැමදුමෙන් පසු ඇමදුම”

බුදුරජාණන්වහන්සේගේ, ශිව දෙවියන්ගේ, ආදම්ගේ සහ ශාන්ත තෝමස් අපෝස්තුළුතුමාගේ පා සටහන යනාදී වශයෙන් විවිධ ආගමික සම්ප්‍රදායන් මුල් කරගනිමින් ශ්‍රී පාද ස්ථ

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 1873 1
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

Our Group Site