IMG-LOGO

2025 නොවැම්බර් මස 03 වන සඳුදා


ජාතක පොතේ සැඟවුණ වැඩවසම් වෙස්මුහුණ

ග්‍රන්ථ විචාරය

 


මීට දශක දෙකකට පමණ  පෙර මම දිනමිණ  පුවත්පතේ "මංසල" සාහිත්‍ය  අතිරේකයට ජාතක කතා කීපයක් පිළිබඳ විචාරයක් ලිව්වෙමි. එකල එම පුවත්පත් විශේෂාංගය සංස්කරණය කළේ ද  ලංකාදීප මතුමහල සංස්කාරකවරයාමය.මගේ වෑයම වූයේ එම ජාතක කතා මනෝවිශ්ලේෂණය ඇසුරු කර ගනිමින් කියැවීමය. එම ව්‍යාපෘතිය ලිපි පහකින් අවසන්වී ගිය බව ඇත්තය. එහෙත් ජාතක පොත තවමත් පොත්වහන්සේ නමකි. 

   අප සිටින්නේ නිධානයක් මත පය ගසාගෙන බව ඇත්තකි. ජාතක පොත් වහ්ගන්සේ නම් වූ මේ නිධානයේ අගය තවමත් අපට වැටහී නැත. බටහිර දර්ශනවාදය සහ ෆ්‍රොයිඩියානු මනෝ විශ්ලේෂණය එකතු වී ග්‍රීක නාට්‍ය මගින් ප්‍රකාශයට පත් වී දේව කතා නම් වූ නිධානය හාරා ගොඩ ගත්තේ මීට බොහෝ කලකට පෙරය. සොෆොක්ලීස්ගේ ඊඩිපස් රජු නාට්‍යයේ ප්‍රධාන චරිතය අදටත් මනෝ විශ්ලේෂණයේ න්‍යායික භූමිකාවක් රඟ දක්වන්නේ ඒ අනුවය. 

   ලියනාඩෝ ඩාවින්සි පිළිබඳ ෆ්‍රොයිඩියානු කියවීම්වලදී (ෆැන්ටසි මිනිසා- ලියනාඩෝ ඩාවින්සි නමින් මම එම වියමන බොහෝ කලකට පෙර සිංහලට නගා ඇත.) පුරාතන මිසරයින්ගේ චිත්‍රාක්ෂරවල (hieroglyphics) මව නියෝජනය කළේ ගිජු ළිහිණියකගේ චිත්‍රයක් බව ෆ්‍රොයිඩ් සොයා ගනී. ඔහු එහිදී සම ලිංගිකත්වය සහ ස්ත්‍රීත්වය පිළිබඳ ප්‍රවාද මට් (Mutt) නම් වූ අර්ධනාරී මිසර දෙවඟනක සමග සම්බන්ධ කිරීම හැදෑරීමට තරම් වටනා වූ කිසිවකි. ජාතක පොත් වහන්සේ ඉල්ලා සිටින්නේ එකී ෆ්‍රොයිඩියානු වර්ගයේ හැදෑරීමක් තුළ තම අගය මතු කරන ලෙසය. 

   රොලන්ඩ් බාත්ට අනුව වියමන යනු කෘතියට (work) එරෙහිව කියැවීමේ විචක්ෂණශීලී භාවිතය ස්ථාන ගත වන ඉසව්වයි. කෘතිය වියමන මෙන් පුළුල් පරාසයක නොපිහිටි පදාර්ථයක කැබැල්ලක් පමණක් වන බැවින් එය අපට හමු විය හැක්කේ පොත් ගුල්වල (නිවැරදිව නම් පොත් රාක්කවල) හෝ පොත් සාප්පුවලදී පමණකි. කෘතිය පුළුල් වියමනක් වන්නේ එය එම පොත් රාක්කයෙන් එළියට ගෙන බහු වාචක වූ කියවීමකට හසු කර ගැනීමෙනි. 

   බාත් අවධාරණය කරන පරිදි මෙබඳු කියවීම් තුළ බයිබලය වැනි පරම දේවවාදී කෘතී වියමන් බවට පෙරළීමට මාක්ස්වාදීහු සමත් වූහ. එහෙත් ජාතක කතාවලට සිදුවන්නේ කුමක්ද? එය තවමත් පොත් වහනසේ නමක් පමණකි. තවමත් පොත් ගුල්වල වඩා හිඳුවීම සඳහා සඟ සතු කොට පුදන පූජා භාණ්ඩයකි. ජාතක කතා සරල බසින් ලිවීම යනු ඒවා නැවත කියවීමක් නොවේය. නැවත කියවීම යනු එය ලියන්නාගේ අභිප්‍රාය නොතකා හැර කරන විසං‍යෝජනීය කියවීමකි. හැබැයි ජාතක පොත කෘතියක තැනින් මුදාගැනීමට මෙරට මාක්ස්වාදීන්ටද නොහැකි විය. 

  මාර්ටින් වික්‍රමසිංහ The Buddhist Jathaka stories and Russian Novel නමැති පොත පළ කර අවුරුදු පනහකට ත් වැඩි කලක් ගතවී ඇත. එහෙත් ජාතක පොත අපට තවමත්‍ කර්මවාදය උගන්වන උපදේශ ග්‍රන්ථයකි. ඇත්ත. ජාතක කතා කෘතිය ඉක්මවූ වියමනක් බවට පෙරළීමේ කිසියම් වූ හෝ උත්සාහයක් දැරුවේ වික්‍රමසිංහ පමණකි. එහෙත් ඔහුට අනුව ජාතක කතා යනු පැරණිතම ඉන්දියානු කෙටිකතා ගොන්නකි. 

   ජාතක පොතෙහි වර්තමාන කතාව එක්තරා ආකාරයකින් අතීත කතාවට මූලාශ්‍රමය වටිනාකමක් සපයයි. වික්‍රමසිංහ ජාතක පොතේ වර්තමාන කතාව සහ අතීත කතාව අතර සබඳතාව පිහිටුවන්නේ ගියෝවන්නි බොකෑෂියෝ ගේ ඩිකැමරන් නම් කතා සංග්‍රහයේ සන්දර්භය තුළය. ඔහුට ජාතක පොත ලෝකයේ පැරණිතම කතා සංග්‍රහයක් පමණක් වන්නේ ඒ අනුවය. 

   ජාතක කතා ලියවෙන්නේ ප්‍රාග්ධනය සමුච්ඡනය වීමක් ගැන නොකියවෙන වැඩවසම් යුගයකය. එසේ නැත්නම් මේ කතාවල සමාජ පසුබිම වැඩවසම් ය. කෙටියෙන් කිවහොත් ජාතක පොත හරහා වැටී ඇති දැවැන්ත සෙවණැල්ල වැඩවසම් චින්තනයයි. එහෙත් දේශපාලන කියවීමකදී පූර්ව ධනවාදී සමාජයට අයත් ඊනියා සමජවාදීන් හමුවිය හැකි වැඩබිම ජාතක පොත බව පෙනී යනවා ඇත. පසු ධනවාදී ආර්ථික අවදිය තුළ පූර්වජ ලක්ෂණ පළ කරන ඊනියා පශ්චාත් නූතන පිරිමියාගේ අනෙකා ජාතක කතාවල හමුවෙයි. ලිංගික කුහක කමින් දැපුන නූතන අසනගලාට පූර්වජ අසනගත් (ජාතක පොතෙහි 262 වන කතාව වූ චූල පලෝහන සංකප්ප ජාතකය) පියාගේ නාම කරණයේ පෙර වැස්ම (foreclosure) නිසා සංකේතීය පැවැත්මට හරිහැටි ඇතුළු නොවූ පදමානකවලාට පදමානවකත් (ජාතක පොතෙහි 426 වැනි ජාතක කතාව වූ පඩහ මානවක (ඵද කුසල මාන) ජාතකය  ජීවිතයේ පරිකල්පනීය අවදිය තුළ තවම කල් මරණ සයිකෝසිකයකු වූ ඉසිඩිංගලාට ඉසිසිංගත්, ජාතක පොතෙහි 518 වැනි කතාව වූ නලිනිකා- නලිනිජාතකය ) හමුවන තැන ජාතක පොතයි. මා මීට බොහෝ කලකට පෙර ලියුවේ යයි ප්‍රකාශ කළේ යට කී ජතක කතා පිළිබඳවය. 

   එබැවින් ජාතක පොතෙහින ජාතක කතා ලියැවුණේ වැඩවසම් සමාජ පසුබිමක වුවත් වර්තමාන සංදර්ශනවාදී සමාජ වටපිටාවක දී එම චරිත හමුවීම අපූර්ව වූ දෙයක් තමයි. ගැහැනිය සහ පිරිමියා යන වචනවල සංකේතීය අරුත් ලංකාව තුළ තවමත් කොතෙක් වැඩවසම්ද යන්න අපට පෙනීයන්නේ ජාතක පොත පිළිබඳ එබඳු කියවීමකදීය. ජාතක පොත සහ එහි ඊනියා සාහිත්‍යමය අගය ගැන කතා කරන බොහෝ අය සමාජවාදී වෙස් මුහුණු පැලඳගෙන සිටියත් එම වෙස් මුහුණු යට ඇති වැඩවසම් මුහුණ අපට ජාතක කතා තුළ දක්නට පිළිවන.



අදහස් (0)

ජාතක පොතේ සැඟවුණ වැඩවසම් වෙස්මුහුණ

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1899 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1518 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 531 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site