IMG-LOGO

2025 සැප්තැම්බර් මස 09 වන අඟහරුවාදා


‘අලුත් පාර්ලිමේන්තුව මැතිවරණ පනත වෙනස් කළ යුතුමය‍ි‘


 
(විනීතා එම් ගමගේ)
 
අපේක්ෂකයන්ට සම බිමක් නිර්මාණය නොවන්නේ වසර 39 ක් පැරණි මැතිවරණ පනත හේතුවෙන් යැයි මැතිවරණ  ප්‍රචණ්ඩ ක්‍රියා නිරික්ෂණ මධ්‍යස්ථානය කියයි.

 
මේ නිසා මෙකී පැරණි පනත වෙනස් කොට නව පනතක් ගෙන ඒමට පියවර ගැනීම මෙවර මැතිවරණයෙන් ජය ලබා පාර්ලිමේන්තුවට තේරි පත්වන ජනතා නියෝජිතයන්ගේ පළමු වගකීම වන්නේ යැයි මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා නිරික්ෂණ මධ්‍යස්ථානයේ ජාතික සම්බන්ධීකාරක මංජුල ගජනායක මහතා ලංකාදීපයට පැවැසීය.
 
වසර 39 ක් පැරණි මෙම පනත තවමත් වෙනස් කර නැති අතර සෑම මැතිවරණයක දීම සිදුවූයේ අවශ්‍ය වෙනස්කම් චක්‍රලේඛ මගින් සිදුකිරීම බවත් එය පක්ෂවල සහය ලබමින් සිදුකළ බවත් කී ඔහු එසේ නොකර මෙතෙක් බිහිවූ කිසිදු පාර්ලිමේන්තුවක් මෙම පනත වෙනස් කර ගන්නට කටයුතු නොකලේ මන්දැයි ප්‍රශ්න කළේය.
 
මෙවර එසේ චක්‍රලේඛවලින් පනතට සංශෝධන ගෙන එන්නට මැතිවරණ කොමිෂන් සභාවේ සාමාජිකයන් දෙදෙනෙකු විරුද්ධ වීම නිසා නොහැකි වූ බවත් සභාපතිවරයා උත්සාහ කළ නමුත් කිසිවක් කර ගත නොහැකිවූ බවත් පෙන්වා දුන් ගජනායක මහතා පනතට සංශෝධන අවශ්‍ය නම් පාර්ලිමේන්තුව එය කරගන්නේ නැත්තේ මන්දැයි රත්නජීවන් හූල් මහතා නගන තර්කය සාධාරණ යැයි ද කීය.
 
පවතින පනත යටතේ අසමානකම් අපේකෂකයන්ට අසමානකම් සිදුවන බව පෙන්වා දුන් හෙතෙම අපේකෂකයන් අතරින් 150ත් 200  හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීන් 225 දෙනාගෙන් 208 ක්ම මෙවරත් ඉදිරිපත් වන බවත්  ඔවුන් ද ප්‍රබල ප්‍රචාරණ ව්‍යාපාරයක් ගෙන යන බව ද පෙන්වා දුන්නේය.
 
සාධාරණ සම බිමක් නිර්මාණය නොවන බැවින් අපේක්ෂකයන් විවිධ නීති විරෝධී ක්‍රම භාවිතා කරන බව පෙන්වා දුන් ගජනායක මහතා නව පාර්ලිමේන්තුවේ මන්ත්‍රීන්ගේ ප්‍රථම කාර්යය විය යුත්තේ මේ පනත වෙනස් කරගැනීම යැයි ද පෙන්වා දුන්නේය.



අදහස් (2)

‘අලුත් පාර්ලිමේන්තුව මැතිවරණ පනත වෙනස් කළ යුතුමය‍ි‘

Prasad Saturday, 01 August 2020 03:46 AM

බොරුවට නොමිනේෂන් දෙන අය අඩුකරගන්න ඡන්දෙ ගන්න ප්‍රතිශතයක් දාලා ඊට වඩා අඩු නම් ලක්ෂ 5ක විතර දඩයක් ගහන්න ඕනෑ.

:       0       8

Demuni Uduwara Saturday, 01 August 2020 01:54 PM

දෙකම 1972 තිබ්බ ප්‍රාථමික නීති...

:       0       12

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 618 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී. 2025 අගෝස්තු මස 22 17579 10
බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී.

සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට 2025 අගෝස්තු මස 21 723 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට

ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්

Our Group Site