

රන්බණ්ඩා සෙනෙවිරත්නයන්ගේ ගේයපද සුරචනයෙන් ද ගුණදාස කපුගේ සූරීන්ගේ ගායනයෙන් සහ ස්වරාලංකාරයෙන් ද සුසැදි මෙි ගීමිණ කරුණරසය දනවයි.
ස්ත්‍රි රූපය පුරුෂයාගේ සිත ග්‍රහණයට ගනී.ස්ත්‍රී රූපසෞන්දර්යය කලාවට විෂය වී පවතින්නේ ද මෙි හේතු කොටගෙන ය.එය විෂය කොටගත් කලානිර්මාණ සමඟ සම්පර්කයෙන් ශෘංගාරරසය උපදියි.ශෘංගාරරසය නම් සම්භෝගය ඇසුරුකොට පැන නගින්නා වූ ප්‍රබල හැඟීමකි.මෙි ගීතය වූකලී ප්‍රියවිප්‍රයෝගයකි.මෙහි කථකයා පණමෙන් පෙම් කළ සුමනා නමැති පෙම්වතිය අද ඔහු හැර ගොසිනි.එහෙත් ඈ ගොස් ඇත්තේ නැවත නොඑනා ගමනක් නො වෙි ද?ඇය මියගියේ කෙසේදැයි අපි නොදනිමු.තතු එසේ වූව ද කථකයා තූළ තම මියගිය ආදරවන්තිය පිළිබඳ ළතෙත් බවක් ඇත.ඇයගේ හදිසි වියෝව දරාගැනීමට නොහැකිව ඔහු විප්‍රලම්භ ශෘංගාරය දනවන මතක ආවර්ජනයක යෙදෙයි.
අප වසන මෙි සමාජයේ ඇතිවන පෙම් සබඳතාවලින් සමහරක් කායිකවම බිඳී යයි.අනික්වා කායිකව බිඳී නො ගියත් බිඳී ගියා හා සමානව වැනි වැනී යාන්ත්‍රිකව පවතී.ඊට හේතුව අප සමාජයේ තිබෙන්නේ පෙම් සබඳතා නොව මූල්‍යමය සබඳතා වීමයි.එහෙත් මෙි කථකයාගේ ප්‍රේමය එබඳු වංක එකක් නොවෙි.එකල්හි ඔහු තම පෙම්වතියට අවංක චෙිතනාවෙන් පෙම් කළේය. ඔහුට මෙි වියෝව දරාගැනීමට නොහැකී වී ඇත්තේ එනිසා නො වෙි ද?
පබළු නගේ නාමල් තිලකේ
පුංචි ඔසරි මැණිකේ
සුමනෝ
උඹ ඇයි නැත්තේ
ස්ත්‍රී - පුරුෂයන් තුළ පිළිසිඳ ගන්නා ආලය බාහිර සොබාදහම විසින් උද්දීපනය කෙරෙයි.මෙි ගීතය පුරාවට ඇත්තේ එබඳු උපමා,රූපක හා සංකේතාර්ථ ගොන්නකි.සුමනා නැති සොවින් ඔහු වැලපෙන්නේ ය.ඔසරිය ඇඳගෙන ඇය ගිය ගමන්බිමන් කථකයාට අද මෙන් මතකය.ඇයගේ කාබනික සිරුර තමා අසල නැති බව ඔහු දනී.එහෙත් ඔහුට එම වියෝව තවමත් ප්‍රහේලිකාවකි.ප්‍රශ්නාර්ථයකි.උභතෝකෝටිකයකි.
වැවේ දියේ ඇති නිකිණි නිමිල්ලේ
අඩහඳ යායට කෙකටිය පිපිලා
වැව් කන්දේ බෝ ගස් හෙවණේ
මම අද තනියම ඔළිඳ ගණිනවා
වෙනදා වාගෙම තලමල පිපිලා
තිබුණට ඇළ ළඟ වත්තේ
සුමනෝ
උඹ ඇයි නැත්තේ
වැව් දියෙහි නිකිණි පිපී මුළු පරිසරයම සොබා සෞන්දර්යෙන් පිරී ගොස්ය.එපමණක් නොව අඩසඳ එළියට සුදුපාටින් කෙකටිය මල් යායක් ද පිපී ඇත.නමුත් ඒවා ඉක්මනින් ම පරවී යයි. කෙකටිය පිපෙන්නේ ද අඩ සඳ එළියට ය. පුන්සඳ මෙන් නොව අඩසඳ ඉක්මනින් බැස යයි. සුමනාගේ ජීවිතය ද අඩසඳ මෙනි. ඇය ද නොකල්හි මෙලොවින් සමුගෙන ගියාය.වැව් කන්දේ (කණ්ඩියේ) ගස් ඇත්තේ දුරින් පිහිටන සේය. බෝ ගසක් එහි ඉතාම දුර්ලභ ගසකි. එනිසා එය තනිව නැගී සිටියි. බෝ ගසේ මුල් වැව් කණ්ඩිය පුපුරුවා දමයි. තලමල අලංකාරවත් දසුනකි.රන්බණ්ඩා සෙනෙවිරත්නයෝ රූපසෞන්දර්යයෙන් අගතැන්පත් සුමනා ද තල මලට සමාන කරති. තලමල එක් වරක් පමණක් පිපී පරව යයි.රචකයා විසින් යොදාගන්නා මෙි සියලු උපමා,රූපක රමණිය කාව්‍යෝක්තියකි.ප්‍රේමයේ පමණක් නොව ජීවිතයේ පරිමිත බව ද එයින් ගම්‍ය වෙි.මෙි පාරිසරික වැනුම් ඔස්සේ වියෝගයේ හුදෙකලාවෙි ශෝකය තියුණු නො වෙි ද?
මළහිරු එළියෙන් කොක්කු ගියාදෝ
මිහින්තලා ගල පැත්තේ
පිරුවට ඇඳ පෙට්ටියක තියාලා
පාන් දෙකක එළි මැද්දේ
මදටිය වැටෙද්දි හඳ කැලතෙන ඇළ
ඒ දණ්ඩෙි ඉස්මත්තේ
සුමනෝ
උඹ ඇයි නැත්තේ
මළහිරු එළිය යන යෙදුම ද වියෝගය,අන්ධකාරය,අනිත්‍යතාව හඟවන යෙදුමක් නො වෙි ද? මළහිරු එළියෙන් තවමත් දිදුලන නිසා මිහින්තලා පව්ව බටහිර දෙසින් ඇත. කොක්කු පියාඹන්නේත් බටහිර දෙසටය. එය ද විනාශය හඟවන අසුබ ලකුණකි.
වැව් කන්දේ බෝ ගසේ සෙවණත්, වැව් දියේ කෙකටියවල අසිරියත්, තලමලේ සුන්දරත්වයත් විඳින්නට සුමනා අද නැත. රචකයා පෙන්වන්නා වූ අහිමි වූ සුන්දරත්වය යනු මෙය නො වෙි ද?
එසේම ඇළ ඉස්මත්තේ වූ ඒ දණ්ඩ මත තනිව සිටින ඔහුට, මදටිය වැටී, සඳේ පිළිබිඹුව කැලතෙන අයුරු පෙනෙයි. මේ මොහොතේ සුමනා ඇත්තේ මිනී පෙට්ටියකය.
සොබාදහමෙි සොඳුරු දසුන් සුඛස්පර්ශය නොව දු:ඛස්පර්ශය දනවයි.මෙහිදී කථකයා සිටින්නේ වියෝදුකිනි.ප්‍රේමාස්වාදයේ දී එය තීව්‍ර කරන සොබාසොඳුරුව වියෝගයේදී ද එය තීව්‍ර කරයි.කථකයාගේ හදවතේ තෙරපෙන්නේ වියෝගයෙන් උපන් ශෝකය යි.
2025 දෙසැම්බර් මස 04
586
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
502
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
427
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
සුමනෝ