සුකීර්තිමත් කිවිසුරු ගේයපද රචක මහගම සේකරයන්ගේ පද සංකල්පනාවෙන් ද පණ්ඩිත් අමරදේවයන්ගේ ස්වරාලංකාරයෙන් හා සුගායනයෙන් ද සුවිභූෂිත වූ මෙි ගීමිණ කරුණරසය දනවයි.
සාහිත්‍ය කලාවෙි ධ්වනිතාර්ථ මෙන්ම ව්‍යංග්‍යාර්ථය කියා දෙයක් ඇත.එනම් දිසි අරුත පරයා නැඟී සිටින අදිසි අරුත යි.වාච්‍යාර්ථ ඉක්මවා ව්‍යංග්‍යාර්ථය මතුවීම හේතුවෙන් මෙි ගීතය ද ධ්වනිතාර්ථපූර්ණ කාව්‍යෝක්තියකි.
මහගම සේකරයන්ගේ බොහෝ ගීත චිත්තරූපික ගුණයෙන් පොහොණිය.සේකරයෝ විවිධ තේමා ඔස්සේ ගීත ලියූවෝ ය.එහෙත් ඒ හැම ගීතයකටම කතා කරන වචන පෙළක් සමඟ ධ්වනිතාර්ථපූර්ණ කාව්‍යෝක්ති යෙදීමට සේකරයෝ අමතක නො කළහ.
මෙි සමාජයේ අප කිසිවකුටවත් අප පතන පුරුෂයන් හෝ ලියන් හෝ නොලැබෙි.මෙනයින් බලන කල අපි සියල්ලෝම පරාජිතයෝ වීමු.මෙි ගීතයෙන් සුවිශද වන්නේ ද එවැනි අපේක්ෂා භංගයකින් පෙළෙන පෙම්වතකුගේ ශෝකාලාපයකි.
වසන්තයේ මල් පොකුරු නෙළා
ඔබ මා දෝතට ගෙනෙන තුරා
මඟ බලමින් මා සිටියා
සොඳුරු වසන්තේ ගෙවෙන තුරා
සොබාදහමට මෙන්ම මිනිස් ජීවිතයට ද වසන්තයක් ඇත.මෙි වූකලී භද්‍රයෞවන සමය යි.එකල්හි නුරාවෙන් ගතසිත වෙළී යයි.ආදර හැඟුම් ජනිත වෙයි.එහෙත් සොබාදහමට ද වසන්ත සමය උදාවෙයි.වසන්ත සමය එළැඹුණු කල්හි මුළු පරිසරයම හරිත වර්ණයෙන් වර්ණිත වෙයි.රුක්ලිය දළු ලයි.මිහිලොල් කැළ දසත ගුම් දෙයි.ගංගා,ඇළදොළ නිල් දියෙන් පිරී යයි.සතා සීපාවෝ පවා වෙනදාට නැති ප්‍රබෝධයකින් හැසිරෙයි.මෙලොව වෙසෙන කිසිවකුට වසන්තයේ පැමිණීම වැළැක්වීමට නොහැකිය.මෙි කථකයා ද තම පෙම්වතිය වසන්තයේ පිපෙන මල් පොකුරක් තම දෝතට ගෙනෙන තුරු බලා සිටියි.තතු එසේ වූව ද සොඳුරු වසන්තය මෙන් යෞවනය ද සදාකාලික නොවෙි.එය රාත්‍රී අහසින් කඩා වැටෙන උල්කාපාතයක් සේ අධික දීප්තියකින් පොළොවට කඩා වැටී අසුරු සැණින් නිවී යයි.එහෙත් මුළු යෞවනය පුරාම අපි ප්‍රේම පැතුමෙන් වෙළී ගත කරමු.
අහස පොළොව ගිනියම් අව්වේ
ගහකොළ මැලැවෙන ගිම්හානේ
අවසානේ ඔබ ආවා
ඔබ අතැ වූ මල් එකිනෙක පරවී
සුළෙඟ් විසිරෙනු මා දුටුවා
සුළෙඟ් විසිරෙන ඒ මල් අතරින්
ඔබගේ රුව මා දුටුවා
සොඳුරු වසන්තය ගෙවී ගිය කල උදාවන්නේ ගම්හාන සමය යි.එහෙත් ගිම්හානයේ අවසන් ප්‍රතිඵලය කිම?මෙි වනාහි මුළු තුරුණු වියත් මැදිවියත් භග්නාශාවෙන්,ශෝකසන්තාපයෙන් ගෙවා දමා මහලුවියට පා තැබීමයි.අහෝ! එකල්හි කුමන ආස්වාද ද?අපගේ ඉඳුරන් ක්ෂය වූ කල පනනළ ගැට ගසා ගැනීමට විනා අසවල් දෙයක් වෙනුවෙන් වැලපෙන්න ද?මෙනයින් බලන කල ජීවිතයේ ගිම්හා කාලයේ අප වෙත සම්භෝග ශෘංගාර හැඟීම් කැටුව කිසිවකු හෝ පැමිණිය ද ඉන් කිසිදු පලක් නැත.ඇය හෝ ඔහු අත තිබෙන මල් ද සුළඟේ විසිරෙයි.සුළඟේ විසිරෙන ඒ මල් අතරේ ඔබගේ වත මා දුටුවා යනු අර්ථපූර්ණ ඖචිත්‍ය යෙදුමක් නො වෙි ද? මෙයින් ගම්‍ය වන්නේ එදා සමීපව දුටු ආදර පැතුමෙි ඡායාව මෙදා ඈතින් දිස්වීමයි.සියලු පැතුම් සුන්වී වසන්තය ද ගෙවී ගිය කල අයථාර්ථවත් ප්‍රේමයේ යථාර්ථය මෙි කථකයා සම්‍යඥානයෙන් අවබෝධ කර ගෙන ඇත.මෙනයින් බලන කල ප්‍රේමප්‍රාර්ථක කථකයා සොබාදහමත් මානව සමාජයත් අතර පවතින විපර්යාසය යහමින් වටහා ගැනීමට සමත්වී ඇතැයි කීම අතිශයෝක්තියක් නොවෙි.
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
වසන්තයේ මල් පොකුරු නෙළා