ප්‍රේමදාස ශ්‍රී අලවත්තයන් ලියූ ටී.එම් ජයරත්නයන් ගැයූ ප්‍රේමසිරි කේමදාසයන් වැයූ මෙි ගීමිණ ඉන්දීය මහ කිවිසුරු රබීද්‍රනාථ ඨාකුරයන්ගේ 'ගීතාංජලි' නමැති මහ කාව්‍යයේ අනුවර්තිත වදන්වැළකි. මෙි වූකලී දශක ගණනක් තිස්සේ ශ්‍රී ලාංකික රසික හද මනෝරංජනය කළ යළියළිත් ඇසීමට ලොබලිය වඩන ගීතයකි.මෙකල ගීත නමින් ලියැවෙන,ගැයෙන බොහෝ ගද්‍යරූපී නීරස පබැඳුම් හා විසසඳන විට මෙය කෙතරම් නම් සුගායනීය,රමණීය ගීමිණක් ද?කේමදාසයන්ගේ මනමෝහනීය සත්සර මුසුව අනභිභවනීය නො වෙි ද? ආචාර්ය ප්‍රේමදාස ශ්‍රී අලවත්තයා් ගේයපද රචකයෙක් නොවෙති. ඔහු රචනා කළ වෙනත් කිසිදු ගීතයක් ද මා මීටපෙර අසා නැත.එහෙත් මෙි ගීතයෙන් ඔවුහු මටසිලිටි, සරල සුගම,බසවහරක් භාවිත කරමින් ඨාකුරයන්ගේ මුල් වදන්වැළට සාධාරණය ඉෂ්ට කරති.
මොහාන්ධකාරයේ ගිලෙන්නෝ මිථ්‍යාදෘෂ්ටිකයෝය.ඔවුහු නිතර ආගමදහම පසුපස හඹා යමින් අඳමිටුවන් සේ වැඳුම් පිඳුම් කරමින් ජීවිතයේ පරම සතුට සොයති.විදු ලොව දෙස නොබලා බැදිවල යන අඳමිටුවෝ ලොව කොතෙක් වෙත් ද?මෙනයින් දේව භක්තිය නමැති ව්‍යාජ දෘෂ්ටිවාදය වැලඳ ගත්තෝ එම මිථ්‍යා විශ්වාස ඇදහිලිවල ම ගොදුරක් වී අවසානයේ විනාශයට පත්වෙති.දෙවියන් ඇදහීම හෝ නොඇදහීම මානව අයිතියකි.එහෙත් පීඩත පන්තියේ දුප්පත් අසරණ ජනතාව තමන් දහදිය මහන්සියෙන් හරිහම්බ කරගත්ත සොච්චම ද පන්සල් පල්ලි,කෝවිල්,දේවාල නඩත්තුවට පුදති.ආගම අබිං යැයි වරක් කාල් මාක්ස් කීය.මෙනයින් ආගමට ඇබ්බැහිවූවෝ අන්ධභක්තිකයෝ ය.ඔවුහු ජීවිතය තිබෙන තුරු ඊට දිවිහිමියෙන් ඇබ්බැහි වී කැපවී සිටිති.එහෙත් දෙවිවරු ලොව කොහි ඉසව්වක නම් සිටිත් ද? දේව භක්තිය ව්‍යජ දෘෂ්ටිවාදයකි. මිථ්‍යාදෘෂ්ටිකයන් සිටින තාක්කල් දේවාලවල වෙසෙන කපුවෝ උදාර පෝෂණය කරගනිති.පරම්පරා හතකට මුදල් හම්බ කරති.මෙනයින් බලන කල මිනිස් අධ්‍යාත්මය වසා පැතිර ඇති මිථ්‍යාදෘෂ්ටිය සුනුවිසිනු කිරීමට මෙි ගීතයෙන් රචකයා යත්න දරයි.මෙහිදී තම දෑස් වසා සිටින වහන්තරාව හෙවත් කඩතුරාව හැර දමා මිථ්‍යාවෙන් නොව විද්‍යවෙන් ලෝකය දෙස බලන මෙන් රචකයා අඳමිටුවන්ට අායාචනා කරයි.
අඳුරු කුටිය තුළ,
දොරගුළු ලාගෙන
ගයන ගීතිකා - යදින යාතිකා
දෙවියන් හට නෑසේ
පොළොව කොටන තැන - පාර තනන තැන
ගිනියම් අව්වේ - මහ වරුසාවේ
දෙවියෝ වැඩ ඉන්නේ
බලන් කඩතුරා හැර දෑසේ
දේවාලයක අඳුරු මුල්ලක දොරගුළු වසාගෙන කිනම් යාතිකාවක් කළ ද එය කිසිදු දෙවියකුට නෑසේ.සැබෑ දෙවියන් වැඩ සිටින්නේ ජීවන සටන වෙනුවෙන් වෙහෙසෙන පීඩත ජනයා අතර නො වෙි ද? මෙහිදී පොදු ජන අධ්‍යාත්මය හඳුනාගෙන ඨාකූර් කවියා ගොඩනගන කාව්‍ය චින්තය අතිශය ප්‍රබලය.දෙවොලේ දේව ප්‍රතිමා තිර රෙදිකඩකින් වසා ඇත.එහෙත් මහපොළොවෙන් විතැන්වී නොපෙනෙන දෙවියකු අබියස අන්ධභක්තියෙන් යදින යතිකා නිෂ්ඵලය. එපමණක් නොව දෙවොල තුළ දෙවිවරුන් වැඩ නොසිටන බවත් සැබෑ දෙවියන් වැඩ සිටින්නේ අව්වැසි නොබලා මහපාරේ කුලීවැඩ කරන කම්කරු ජනතාව සමීපයේ බවත් කවියා කියයි.තතු එසේ වූව ද තිස්තුන් කෝටියක් දෙවිවරුන්ගේ ආනුභාවය විශ්වයට ඇතැයි ඇතැමෙක් විශ්වාස කරති.ඒ හේතුවෙන් ඔවුහු දේවාලවලට ගොස් අඳුරු මුල්ලකට වී යාතිකා කරති.එහෙත් කඩතුරාවෙන් දෑස වැසුණු කල කිසිවකුට යථාර්ථය නොපෙනේ.බලන ක්‍රමය වෙනස් කළවිට කඩතුරාවට ඔබ්බෙන් කිසියම් යථාර්ථයක් ඔබට පෙනෙනු නොඅනුමානය.
සිනිදු සුවැති සළු සිරසින් හැරදා
දූවිලි මඩ වැකි පිළි ගත පලඳා
දෙවියන් රුව දක්නට හැක්කේ
දේව පතිමාවලට අන්දවා ඇත්තේ ඉස්තරම් ම රෙදිපිළිය.සුසිනිදු විල්ලුද පලස් මත ඇතැම් දේව පිළිම තබා ඇත.එහෙත් මෙකී සුඛෝපභෝගී රෙදිපිළි ඉවත්කොට දූවිලි මඩ සහිත ඇඳුම් අන්දු කල දෙව් රුව සැබැවින් දැක ගැනීමට හැකි බව නොවෙිද මෙි කියන්නේ?සිනිදු සුවැති සළු සිරසින් හැරදා යන්නෙන් දෙවියන් පිළිබඳ මිනිසුන් සිතන විදිය වෙනස් කළ යුතුව ඇතැයි යන අදහස සුවිශද නො වෙි ද? එහෙත් අව්වැසි නොබලා වැඩකරන කම්කරුවන්ට නොදක්වන සංවෙිදීකම දෙවියන් ඉදිරියේ දක්වන සමාජයක නො වෙි ද අද අප ජීවත් වන්නේ?සහකම්පනය නැති විපරිත සමාජයක යාන්ත්‍රික ජීවිත ගතකරන රෝබෝවරුන් වැනි මිනිසුන් දෙවියන් අබියස මෙතරම් සංවෙිදී වන්නේ කෙසේ ද?තම දරුවන්ගේ කඩඉම් විභාග අනාගත දියුණුව වෙනුවෙන් නොමසුරුව මුදල් වියදම් කරමින් පුද පූජා පවත්වන ඇතැම් ධනවත් මවුපියන් එම දරුවන් පණමෙන් රැකබලා ගන්නා ගෙදර මෙහෙකාරියට සලකන්නේ බැළලියකුට මෙනි.ඇතැම් හාම්පුත්තු යටකී මෙහෙකාරියන්ට නිසි වැටුපක් ද නොගෙවති.මෙහිදී ඨාකූර් කවියා සමාජයේ අඳුරු ඇතුළාන්තයට එල්ලකරන ප්‍රඥා ලෝකය කෙතරම් ප්‍රබල ද? මෙි ගීතයෙන් දේව භක්තිය පිළිබඳ සමාජයේ තිබෙන අවිද්‍යාවට විද්‍යාව කැටුව එමින් ඨාකූර් කවීහු අන්ධභක්තිකයන්ට කනේ පහරක් ද ගසති.
කුසුම් සඳුන් දුම් සුවඳින් වැළකී
ගත නැගි දහදිය සුවඳින් සැරසී
දෙවියන් හා එක් විය හැක්කේ
මල් පහන් සුවඳ දුම් පූජා වැනි බාහිර අලංකරණයෙන් දෙවියන් සමඟ ගනුදෙනු කළ නොහැකි බවත් දෙවියන් හා එක්වීමට නම් වැඩ කරන ජනතාව සමඟ එකතු විය යුතු බවත් ගීතයේ අවසන් අන්තරා කොටසින් ගම්‍ය වෙි.මෙනයින් බලන කල චිරාත් කාලයක් තිස්සේ වැජඹෙන මෙි ගීමිණ සිඟිති මී විතක් සේ රසවත් නො වෙි ද?
මහගම සේකරයන්ගේ ගේයපද සුරචනයෙන් ද පණ්ඩිත් අමරදේවයන්ගේ සුගායනයෙන් සහ ස්වරාලංකාරයෙන් ද යුතු මෙි ගීමිණ ශෘංගාරරසය දනවයි.
සුකීර්තිමත් කිවිසුරු රත්න ශ්‍රී විජේසිංහයන්ගේ ගේයපද සුරචනයෙන් ද ජැක්සන් ඇන්තනි සහ කුමාරි මුණසිංහගේ භාවානුරාගී සුගායනයෙන් ද ඔස්ටින් මුණසිංහයන්ගේ ස
රත්න ශ්‍රී විජේසිංහයන්ගේ ගේයපද සුරචනයෙන් ද කරුණාරත්න දිවුල්ගනයන්ගේ සුගායනයෙන් ද එච්.එම් ජයවර්ධනයන්ගේ මියැසියෙන් ද සුසැදි මෙි ගීමිණ මානව ප්‍රේමයේ උ
සුකීර්තිමත් ගේයපද රචක ප්‍රේමකීර්ති ද අල්විසුන්ගේ පද සංකල්පනාවකට, ප්‍රවීණ සංගීතවෙිදී ශෙල්ටන් පෙරේරාණන් ස්වරාලංකාරයෙන් හඬ මුසුකළ මෙි ගීමිණ කරුණරසය ද
කේ.ඩී කේ ධර්මවර්ධයන්ගේ ගේයපද රචනයෙන් ද පණ්ඩිත් අමරදේවයන්ගේ කර්ණරසායන ස්වර මාධූර්යයෙන් ද සංගීත නිපුන් සනත් නන්දසිරිගේ ස්වරාලංකාරයෙන් ද සුසැදි මෙි ගී
සුනිල් ආරියරත්නගේ ධ්වනිතාර්ථපූර්ණ ගේයපද සුරචනයෙන් ද නන්දා මාලිනීයන්ගේ කර්ණරසායන ස්වරමාධුර්යයෙන් ද එච්.එම් ජයවර්ධනයන්ගේ මියුරු මියැසියෙන් ද යුතු ම
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
අඳුරු කුටිය තුළ
අපුරු විවරණයක්. අපි හිතන්න පොළඹවන අදහස්. Tuesday, 22 October 2024 02:40 PM
අපුරු විවරණයක්. අපි හිතන්න පොළඹවන අදහස්.