IMG-LOGO

2025 දෙසැම්බර් මස 28 වන ඉරිදා


සුපෙම් හැඟුම් ඔබෙන් එපා

සුකීර්තිමත් ගේය පද රචක කපිල කුමාර කාලිංගයන් විසින් විරචිත ලක්ෂ්මන් විජේසේකරයන් සහ ප්‍රදීපා ධර්මදාසගේ කර්ණරසායන හඬ මාධුර්යයෙන් සුගායිත,රෝහණ වීරසිංහයන්ගේ ස්වරාලංකාරයෙන් සුවිභූෂිත මෙි ගීමිණිරුවන කරුණරස මිශ්‍ර විප්‍රලම්බ ශෘංගාරරස දනවයි.

ස්ත්‍රී පුරුෂයන් තුළ උපදින ප්‍රේමය පරමරමණීය නො වෙි ද? මෙි වූකලි සම්භෝග ශෘංගාර සම්පර්කයට එළැඹීමට පෙර දෙදෙනකු මුහුණ දෙන සොඳුරුත ම වෙිදයිතය යි.නුගිනුරා සැලමුතු ප්‍රේමයෙන් වෙළෙන තරුණ ප්‍රේමවන්තයෝ කල්පනා යානයක නැගී යාවජීව ⁣ප්‍රේම මන්දිර ගොඩනගති.එහෙත් ඒ සියල්ල අසුරු සැණින් කැඩී බිඳී යන අහස් මාලිගා බව ඔවුහු නොදනිති.එබඳු අහස් මාලිගාවලින් බිමට වැටුණු කල්හි රළු පොළොවෙි යථාර්ථයට මුහුණ දීමට නොහැකිව ඇතැම් ප්‍රේමවන්තයෝ පලා යති.ඇතමෙක් දිවිනසා ගනිති.එහෙත් සඳඑළිය සේ සුපිරිසුදු,සුදුර්ලභ,සුනිමල අකලංක ප්‍රේමය කෙනකුට ⁣සුඛප්‍රහර්ෂය,සුඛානන්දය දනවනයි. තතු එසේ වූව ද විවාහයෙන් කෙළවර වන ප්‍රේම බන්ධන විරලය.ඇතැම්විට බොහෝ ගණනක ප්‍රේමය පහව ගොස් බන්ධන පමණක් ඉතිරි වෙයි.එහෙත් ප්‍රේම පරාජිතයෝ කායික බන්ධනවලින් මිදී කාල්පනික ලෝකයේ පෙම් කිරුළු පළදති.ඇතමෙක් කල්පනා ලෝකයට පිවිස අහිමි වූ ප්‍රේමයේ නටබුන් දෙස විප්‍රලම්බ ශෘංගාරයෙන් ආපසු හැරී බලති.ඇතැම් ප්‍රේමවන්තයෝ අතීතයේ ගෙවූ සුන්දර ජීවිතයේ රසමුසු තැන් සිහිපත් කරමින් මතක පටු මංපෙතේ පියමං කරති.

පෙම් බැඳුම් බිඳී යාමට හේතුව කිම?එයට වගකිව යුත්තෝ කවරහුද? ධනබල,කුලබල,නිලබල කන්‍යාභාවය ආදී වැඩවසම් සමාජ,සංස්කෘතික වහන්තරා කොටුපවුරේ සැඟවී සිටින කූපමණ්ඩුකයෝ ප්‍රේමයට එරෙහිව අවිඅමෝරති.අහිංසක ප්‍රේමවන්තයෝ මෙකී පිළිමලුන්ට බියෙන් තම හදවතින් නැගුණු අකලංක ප්‍රේමය බොඳකර,දියකර හරිති.

මෙි සමාජයේ පුද්ගලයන්ට සාමූහික ජීවිතයක් නැත.සියල්ලන් ම ජීවත් වන්නේ එකිනෙකාගෙන් වෙන්වී කල්පනා ලෝකවලය.ප්‍රේමය වනාහි මෙි සිහින ලෝකයේ එක් ප්‍රබල අංගයකි.අද්‍යතන ලෝකයේ අප ජීවත් වන මෙි යුගයේ ප්‍රේමයට ප්‍රයෝජ්‍ය වටිනාකමක් නැත.එකල මෙන් නොව මෙකල ප්‍රේමය යනු සිහිනයකි.සංකේතාත්මක ප්‍රාග්ධනයට ලොබ බඳින තරුණ තරුණියෝ අද ප්‍රේමය යැයි සිතා බොරු වළක වැටී සිටිති.මෙනයින් මෙි යුගයේ ප්‍රේමය සාක්ෂාත් කරගත්තෝ සුදුර්ලභයෝය. ප්‍රේමයට කෙතරම් වැටකඩුලු බැඳ ඇතත් ආදරවන්තයෝ ⁣ආදරය කිරීමත් තම ආදරය අත්පත් කරගැනීමට දරන ප්‍රයත්නයත් කිසිදා අත් නොහරිති.ඔවුහු එකකු මත්තේ ම නැසෙති.ප්‍රේමය මිනිසාගේ සදානුස්මරණීය සිහිනයක් වන්නේ මෙහෙයිනි.

අප සන්මිතු, දෙටු මාධ්‍යවේදී ගේය පද රචක කපිල කුමාර කාලිංගයෝ මෙි ගීතයෙන් යටකී පරාජිත ප්‍රේම වෘත්තාන්තයක සෞන්දර්යාත්මක චිත්ත රූපයක් සහෘද රසික අැස අලවති.මෙි මුළු ගීතයම ධ්වනිතාර්ථ,ව්‍යංග්‍යාර්ථ ගුණ සුවිශද කරන කාව්‍යෝක්තියකි.මෙහි කථකයා තුළ බිඳී ගිය ප්‍රේමය යළි ප්‍රතිෂ්ඨාපනය කරගැනීමේ අභිලාෂයක් නොවූ ද කථකාවට එබඳු අපේක්ෂාවක් ඇත.මෙහි පෙම්වතා කෙරෙන් සිදුවන්නේ ආත්මප්‍රතික්ෂේපයකි.ඔහු ඇයට සුබ පතා තම ගමන තනිවම යාමට සිත දැඩිකර ගනී.එහෙත් පෙම්වතිය තම පෙම්වතා පිළිබඳ සිතමින් ජීවන ලාලසාව දල්වනීය.ඇය දුරින් හෝ සිට තම ප්‍රේමයේ රූපකාය දැක ගැනීමට ලොබලිය වඩන්නීය.මෙි වූකලි 80 දශකයේ ප්‍රේමයේ විකල්ප ධාරාව නියෝජනය කළ තවත් විශිෂ්ට ගීමිණකි.

 

සුපෙම් හැඟුම් ඔබෙන් එපා

මිතුරුදම් විනා

නෞකාවකි ඔබ ඈත සමුදුරේ

මා පහන් ටැඹයි මෑත ගොඩබිමේ

 

මෙි කථකාව තම පෙම්වතාගෙන් අපේක්ෂා කරන්නේ කෙබඳු ප්‍රේමයක් ද? ඇයට ඔහුගෙන් ඇවැසි වී ඇත්තේ සුපෙම් හැඟීම් දනවන ආලවන්තකමක් නොව මිතුදමකි.ප්‍රේමයෙන් පරාජිත වූ ඇතැම් ප්‍රේමවන්තයෝ අවසානයේදී මිතුරු ඇසුරකට පෙලඹෙති.ඇතමෙක් මුල සිටම ප්‍රේමය පසෙකලා තම හිතගිය පුද්ගලයාට මිත්‍ර සන්ථවයකට ඇරියුම් කරති.මෙි ගීතයෙන් සංස්පර්ශ කරන්නේ ද විප්‍රයෝගී සම්ප්‍රයෝයකි.මෙහිදී ඇයට ගේහසිත ප්‍රේමයේ පරමානන්ද සුවය විඳීමෙි අපේක්ෂාවක් ද නැත.ඇය ප්‍රාර්ථනා කරනුයේ මිතුදමක් පමණි.එහෙත් මෙකී මිත්‍රත්වයේ නාමයෙන් ඇය ඔහුට පෙම්වතියක් නොවී ජීවිතයට මඟ පෙන්වන පහන්ටැඹක් වීමට යත්න දරන්නීය.

 

නෞකාවකි ඔබ ඈත සමුදුරේ

මා පහන්ටැඹයි මෑත ගොඩබිමේ

 

මෙි වූකලි සපල නොවූ ප්‍රේමය වෙනුවෙන් කථකාව සිදුකරන උත්තරීතර පරිත්‍යාගයක් නො වෙි ද?තම පෙම් පැතුම් පසෙකලා ඇය ඔහුට නෞකාවට මඟ පෙන්වන ප්‍රදීපාගාරයක් වීමට හිත හදා ගන්නීය.

 

තරු එළියෙන් රුදු රාත්‍රි කාලයේ

දැඩි සිතකින් දුරු ගමන යමි ඉතින්

කිසිදින අප හමු නොවන බව දනිම්

සිහිනය මිය යා යුතුය මේ ලෙසින්

 

මෙහි දෙවැනි අන්තරා කොටසින් ගම්‍ය වන්නේ ඇගේ තීන්දුව කථකයාගේ හද වෙිදනාවෙන් කොනහන බව නොවෙිද? මෙහිදී කථකයාට ඇවැසි වන්නේ මිතුරු දමකට එහා ගිය බැඳීමකි. ප්‍රේමයෙන් ආතුරවී සිටින ඔහුට ප්‍රේමය ම විනා අන් යමක් ඇවැසි නොවෙි.එබැවින් ඔහු තම ජීවන නෞකාව කුඩා තරු එළයෙන් පැදවීමට අදිටන් කර ගනී.ඒ සඳහා ඔහුට දැඩි සිතක් පහළ වෙයි තරු එළිය යනු කුඩා ආලෝකයකි.එබඳු ආලෝකයකින් නැවකට රාත්‍රී සයුර තරණය කළ නොහැකිය.නමුත් මෙහිදී කථකයා තම ආත්මාභිමානය සුරකිමින් ඇගේ අත්වැල ප්‍රතිකේෂ්ප කරයි.ඔහු දැඩි ආයාසයෙන් පවසන්නේ මෙි ප්‍රේමය මෙතැනින් ම නිමවිය යුතු බවයි.ප්‍රේමයේ නාමයෙන් ඔහුගේ චිත්ත සන්තානයේ නැඟුණු ශෝකාන්ධකාරය කෙතරම් ප්‍රබලද?

 

දිවයුරු සැඟවෙන මොහොතක තනි වී

ඉකිබිඳිමිනි වියරු වී පාළුවෙන්

ප්‍රිය දසුනකි තනි සිතක නොමැකෙනා

නෙතු වෙහෙසමි යළි දකින තුරු දුරින්

 

මෙි නම් කෙතරම් රමණීය කාව්‍යෝක්තියක් ද? හිරු අවරට යන සැඳෑවෙි පාළුව, කාන්සිය,හුදෙකලාව ඇගේ සිත වෙළා ගනී.බැහැරි ලොව ගනඳුරින් වැසී යත්ම මළපාළු හැඟීමක් හිතට දැනේ.අඳුර නම් හුදෙකලාව පාළුව තීව්‍ර කරන දෙයකි.එවිට මිනිස් උණුසුමක ඇවැසියාව තදින් ම දැනේ.මෙ⁣හිදී අප හදවතට සියුම් හෝ ප්‍රහර්ෂයක් ⁣ගෙන දෙන්නේ ප්‍රියයන්ගේ මුහුණු අඳුර අතරින් පෙනී නොපෙනී එබිකම් කිරීම නිසා නොවෙිද ?එබඳු දුෂ්කර මොහොතක ඔහුගේ දසුන තනිවී සිටින ඇයට ප්‍රිය දසුනක් බව නොවෙිද මෙි කියන්නේ? ගතින් ළංකර නොගත්තාට තම පෙම්වතා දුරින් හෝ දැකීම මෙි කථකාවගේ එකම අභිප්‍රාය යි. මෙි කථකාවගේ ප්‍රේමාභිලාෂ කෙතරම් උත්තරීතර වූව ද එය අයථාර්ථවත්ය.නිෂ්ඵලය .දුරින් සිත නෙතු වෙහෙසුව ද ඇයට යළි ඔහු හමුනොවෙි.අප තුළ ශෝකය දනවන ගීත අපගේ ප්‍රියතම ගීත⁣ය ය.විප්‍රයෝගී ප්‍රේමයක සැමරුම් සිහිගන්වන මෙි ⁣ගීමිණ කරුණරසය මිශ්‍ර විප්‍රලම්බ ශෘංගාරරස දනවයි.

 



අදහස් (0)

සුපෙම් හැඟුම් ඔබෙන් එපා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 615 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 297 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1098 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site