IMG-LOGO

2024 ජුලි මස 27 වන සෙනසුරාදා


වියෝ වූ පසුවයි දැනෙන්නේ

 

 

බන්දුල නානායක්කාරවසම්ගේ ගේය පද සංරචනයෙන් ද  සුනිල් එදිරිසිංහයන්ගේ කර්ණරසායන ස්වර මාධුර්යයෙන් ද රෝහණ වීරසිංහයන්ගේ මියුරු මියැසියෙන් ද මනෝහර මෙි මහඟු ගීමිණ අයථාර්ථවත් ප්‍රේමයේ යථාර්ථය සුවිශද කරයි.

මෙි වූකලි අටලෝ දහම පිළිබඳ සෞන්දර්ය පාඩමකි.බන්දුල නානායක්කාරවසමයෝ කාව්‍යෝක්තියට බුහුටි ගේය පද රචකයෙක් වෙති.ඔවුහු ගීත රචනයේදී ජීවන අරුත් කුළුගැන්වීමට ධ්වනිතාර්ථ පූර්ණ යෙදුම් ඔස්සේ විවිධ අත්හදා බැලීම් කරති.මෙි ගීසපුව වර්ණවත් වී ඇත්තේ බෞද්ධ සංස්කෘතිය අාභාසයෙනි.අටලෝ දහම අවබෝධ කරගත්තෝ සාර්ථක මනුෂ්‍යයෝය.ඔවුහු සියලු බාධක හිරිහැර,දුක් කම්කටොලු  අකම්පිතව  විඳ දරා ගනිති.දුක - සැප, සිනහව - කඳුළ,නින්දා - ප්‍රශංසා සැමට පොදු දහමකි.බුදුන්ගේ ඉගැන්වීම්වල අග්‍රඵලය අටලෝ දහම හෙවත් මැදුම් පිළිවෙතයි.බන්දුල නානායක්කාරවසමයෝ යටකී අටලෝ දහම සරල,සුගම උපමා උපමෙිය ඇසුරින් චිත්ත රූපික කාව්‍යෝක්තියකට නගති.ඇතැම් ප්‍රේමවන්තයෝ දෙබිඩි ජීවිත  ගත කරති.ඇතමෙක් මසැසින් කෙනකුට ළංවී සම්භෝග ශෘංගාර සුව විඳිමින්  මනසින් තවත් අයකුට පෙම් කරති.මෙනයින් බලන කල වත්මන් ප්‍රේමයේ අයථාර්ථවත් බව සුවිශද කරන මෙබඳු සුදුර්ලභ ගීමිණි දුර්ලභයෝය.

වියෝවෙි විප්‍රලම්බ ශෘංගාර⁣ය රස විඳිමින් තමා හැරගිය පෙම්වතිය පිළිබඳ අතීතාවර්ජනයක නියැළෙන මෙි කථකයා අවසානයේ අයථාර්ථවත් ප්‍රේමයේ යථාර්ථය දකී.තමා පණමෙන් ආදරය කළ පෙම්වතිය දැන් ඔහු අසල නැත.ඇය නොසිතූ නොපැතු මොහොතක  පැරණි පෙම්වතා සමග ඉගිල ගියාය.ආදරයෙන් වෙළුණු පසු බොහෝ ප්‍රේමවන්තයෝ විරහව ගැන නොසිතති.ජීවිතයේ ගැඹුරු පතුල නොදැක ඔවුහු ප්‍රේමයෙන් කුල්මත් වී වල්මත් වී කාල්පනික ලොක්වල සැරි සරති.එහෙත් සැබෑ ආදරයක වටිනාකම තදින්ම සිතට දැනෙන්නේ තම සහකරු හෝ සහකාරිය අහිමිවී ගිය පසුව නොවෙිද ? මෙනයින් සලකා බලන කල්හි මෙි ගීමිණ මානව ප්‍රේමය පිළිසිඳ ගෙන,විකසිත ව,සන්තෘප්ත වන ආකාරය පමණක් නොව එහි වියෝ ගිනි මැද සුපුෂ්පිත පුෂ්පය මුකුලිත ව, අසන්තෘප්ත වන අයුරු ද අපට සුවිශද කරවයි.මෙි ගීතයේ ස්ථායි,අන්තරා කොටස්වලින් කියවෙන්නේ මෙකී ප්‍රේමය බිඳී වැටීමෙන් ඉතිරි වූ නටබුන් ගැනය.

 

වියෝ වූ පසුවයි දැනෙන්නේ

ප්‍රේමයේ අබිමන්

හැඬූදා කඳුළයි දකින්නේ

සිනාවේ සරදම්

 

මෙි කථකයාට දැන් ප්‍රේමයක් නැත.දැන් තිබෙන්නේ එහි ප්‍රතිඵල පමණි.එහෙත් ඒ ප්‍රතිඵල දුක්බරය.එවායින් ගැලවීමක් නම් නැත.දිවි ඇති තෙක් මෙකී ප්‍රේමානිසංස පොදි බැඳගෙන යා යුතුය.ප්‍රියජනයෝ අපගෙන් වියෝ වෙති.සොබාදහම එසේය.ලෝකයේ වෙනස් නොවන එකම දේ වෙනස් වීම පමණි.මෙි කථකයා මෙතෙක් කල් තමා අසල ඇලී,ගැලී සිටි පෙම්වතියගේ වටිනාකම පමණක් නොව ප්‍රේමයේ  තේජාන්විත අභිමානය පවා දකින්නේ එහි වියෝව හදවතට තදින්ම දැනුණු පසුවය.එහෙත් දැන් පලක් නැත.අශ්වයා ගිය පසු ඉස්තාලය වසා කුමටද? පෙම්වතිය දැන් ඔහුගෙන් වෙන් ව ගොසිනි.දැන් ඔහුට ඉතිරි ව ඇත්තේ කඳුළ පමණි.කෙනකුට සිනහ ව කෙතරම් සරදමක් දැයි හැඟෙන්නේ දෙයක් අහිමිවී හඬන විට නොවෙිද? පාඵව,හුදෙකලා ව,තනිකම තදින් ම දැනෙන විට ඇගේ සොඳුරු වතින් නැගෙන සිනහව සරදමක් ලෙස ඔහුට පෙනීම කුමන අරුමයක් ද?

 

ඉවුරු දෑලේ හිඳ බැලූ විට

ගඟ හැඩයි කදිමයි

දියට වන් විට එවන් ගඟුලම

බිහිසුණුයි චණ්ඩයි

 

ඇස දිසි මානයේ ගඟක් ගලා යන විට එහි ඇති සුන්දරත්වය කෙතරම් නම් අපූරුද?එහි හැඩ පැහැ පමණක් නොව රුව ද ලස්සනට පෙනේ.එහෙත් ගඟට බැස ටික වෙිලාවක් සිටින විට අපට දිස් වන්නේ කුමක්ද? එහි පතුලේ ඇති රළු ගොඩැලි ගල්පර සැඩ රැලි සහ සලාවැටුම්ය.නිහඬ,නිසල සොඳුරු ගඟක් මෙන් පෙනුණු ප්‍රේමය ද අද මෙි කථකයා දකින්නේ  බිහිසුණු චණ්ඩ ගඟුලක් මෙනි.ස්ත්‍රී - පුරුෂයන් තුළ පිළිසිඳ ගන්නා ප්‍රේමය බාහිර සොබාදහම විසින් උද්දීපනය කෙරෙයි.මෙි ගීතයේ රචකයා අන්තරා කොටස්වලින් මෙකී සොබාදහමේ මනරම් වස්තු රූපක උපමා උපමෙිය ඇසුරෙන් ව්‍යංග්‍යාර්ථයෙන් යොදා ගනී.මෙහිදී ගඟ පිළිබඳ රචකයා ගොඩනගන ව්‍යංග්‍යාර්ථය  රමණීය නොවෙිද?ප්‍රේමයේ සොඳුරු පැතිකඩ නිරුපණය කිරීමට මෙන්ම අඳුරු ඇතුළාන්තය වෙත ප්‍රඥා ප්‍රදීපයයක් දැල්වීමට ද රචකයා ගඟ නමැති සොඳුරු රූපකය භාවිතයට ගනී.

 

හඳක් නැති දා අහස් තලයට

තරුව දෙයි සැනසුම්

පුන් පොහෝදා එවන් තරුවම

ලබන්නේ ගැරහුම්

 

තරු සිදුරෙන් සඳරැස් පෙරා එවමින් පූර්ණ චන්ද්‍රයා අහස්කුස අරා විරාජමාන වනතුරු මුළු අහසටම ආලෝකය දෙන්නේ පුංචි තරුකැට පමණි.එහෙත් පුන් පොහොය එළැඹෙන දවසට එබඳු තරුවලින් ආකාශයට පලක් නැත.ප්‍රතාපවත් හඳට ඉඩදී තරුකැටවලට  නිවී සැඟවී යන්නට සිදුවෙයි.මෙහිදී සඳ යනු ප්‍රේමය යි. පෙම්වතියට අපමණ ආදරය කළත්  ඇය ඔහු අතහැර පැරණි පෙම්වතා සමග නික්ම ගොසිනි.මෙි කථකයා පවසන්නේ ඇය කවරදාකවත් තමා සඳක් මෙන් පිළිනොගත් බවය.ඇය කවදත් ඔහු දෙස බැලුවේ තරුවක් ලෙස නොවෙිද? එහෙත් පෙරදා ඇගේ ලෝකය එළිය කළේ මෙි පුංචි තරුවයි.අනන්තයක්  වැනි සුවිසල් අහස බබළවන්නට තරුවකට නොව තරුකැට දහසකටවත් නොහැකිය.එහෙත් සඳ නැති අහසට පුංචි තරුකැටයක්  ගෙන දුන් කදෝපැණි එළිය අමතක කිරීම කෙතරම් නම් සදාචාරාත්මක ද?මෙහි කථකයා තමන් අහසේ  දිලෙන පුංචි තරුකැටයකට උපමා කරගැනීමෙන් ගම්‍ය වන්නේ ඔහු ප්‍රේමය වෙනුවෙන් පරිත්‍යාගය, පරාර්ථය යන මාවතට පිවිස ඇතිබව නොවෙිද?

 



අදහස් (0)

වියෝ වූ පසුවයි දැනෙන්නේ

ඔබේ අදහස් එවන්න

ගී විනිස

උලලේනෝ
2024 ජුලි මස 23 941 0

නීතිඥ රන්බණ්ඩා සෙනෙවිරත්නයන්ගේ සුදුර්ලභ ගේයපද රචනයෙන් ද ගුණදාස කපුගේ සූරීන්ගේ සුගායනයෙන් සහ ස්වරසංරචනයෙන් ද සුරංජිත වූ මෙි ගීමිණ කරුණරසය දනවයි.


බොල් වී අහුරු වෙල් හුළඟේ
2024 ජුලි මස 16 1046 2

ආචාර්ය අජන්තා රණසිංහයන්ගේ ගේයපද මාලාවෙන් ද පණ්ඩිත් අමරදේවයන්ගේ කර්ණරසායන ස්වරමාධූර්යෙන් ද සරත් දසනායකයන්ගේ ස්වරාලංකාරයෙන් ද සුවිභූෂිත මෙි ගීමිණ බ


හිම දිය වී හිමාලයේ
2024 ජුලි මස 09 1080 0

ධම්මික බණ්ඩාරයන්ගේ ව්‍යංග්‍යාර්ථපූර්ණ ගේයපද සුරචනයෙන් ද අමරසිරි පීරිස් සහ වසන්තා තිලකාංගනීගේ මධුර මනෝහර භාවානුරාගී සුගායනයෙන් ද ඩැනිස්ටර් පෙරේරා


නවදැලි හේනක
2024 ජුලි මස 02 1141 0

සෝමතිලක ජයමහ යන වාග්ගේයකාරයාණන්ගේ ධ්වනිතාර්ථපූර්ණ ගේයපද රචනයෙන් ද ප්‍රතිභාසම්පන්න සංගීතයෙන් ද කර්ණරසායන සුගායනයෙන් ද සුරංජිත වූ මෙි ගීමිණ මානවබන්


පුන් පෝදා සඳ ඔබ ගෙන ආවොත්
2024 ජුනි මස 25 1050 2

සුකීර්තිමත් ගේය පද රචක ලූෂන් බුලත්සිංහලයන්ගේ සුදුර්ලභ පද සංකල්පනාවෙන් ද මාලනී බුලත්සිංහලගේ සුගායනීය ස්වර මාධුර්යයෙන් ද එච්.එම් ජයවර්ධනයන්ගේ මියුරු


රුක්අත්තන මල මුදුනේ
2024 ජුනි මස 18 816 0

මහින්ද අල්ගමයන්ගේ ගේය පද රචනයෙන් ද නන්දා මාලිනීයන්ගේ සුදුර්ලභ ස්වරාලංකාරයෙන් හා සුගායනයෙන් ද සුවිභූෂිත මෙි ගීමිණ ගේහසිත ප්‍රේමයේ ⁣සුන්දරත්වය පමණක්


මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ගංවතුරින් විපතට පත් ප‍්‍රදේශවල පවුල් 1100කට ආධාර ලබාදෙයි 2024 ජුලි මස 23 169 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ගංවතුරින් විපතට පත් ප‍්‍රදේශවල පවුල් 1100කට ආධාර ලබාදෙයි

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සහ ජෙනරල්, ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සමඟ එක්ව පසුගියදා ඇති වූ ගංවතුර තත්ත්වය හේතුවෙන් ගම්පහ, රත්නපුර සහ මාතර දිස්ත‍්‍ර

වැලිබල් ෆිනෑන්ස්, ශක්තිමත් මූල්‍ය ප‍්‍රතිඵලයක් වාර්තා කරයි 2024 ජුලි මස 13 221 0
වැලිබල් ෆිනෑන්ස්, ශක්තිමත් මූල්‍ය ප‍්‍රතිඵලයක් වාර්තා කරයි

වැලිබල් ෆිනෑන්ස් ගෙවුණු වසර 17ක කාලය පුරාවට ශ‍්‍රී ලංකාවේ මූල්‍ය ආයතනයන් අතර ප‍්‍රමුඛස්ථානයක් හිමි කර ගනිමින් 2023/24 මූල්‍ය වර්ෂයේදී සිය මූල්‍ය විශිෂ්ටත

ශ්‍රී පාද අඩවිය සුපිරිසිදු කරන්නට සියපත ෆිනෑන්ස් වෙතින් “නැමදුමෙන් පසු ඇමදුම” 2024 ජුනි මස 20 1162 1
ශ්‍රී පාද අඩවිය සුපිරිසිදු කරන්නට සියපත ෆිනෑන්ස් වෙතින් “නැමදුමෙන් පසු ඇමදුම”

බුදුරජාණන්වහන්සේගේ, ශිව දෙවියන්ගේ, ආදම්ගේ සහ ශාන්ත තෝමස් අපෝස්තුළුතුමාගේ පා සටහන යනාදී වශයෙන් විවිධ ආගමික සම්ප්‍රදායන් මුල් කරගනිමින් ශ්‍රී පාද ස්ථ

Our Group Site