කුමාරදාස සපුතන්ත්‍රියන්ගේ හාවපූර්ණ ගේය පද සංරචනයෙන් ද සුනිල් එදිරිසිංහයන්ගේ කර්ණරසායන ස්වර මාධුර්යයෙන් ද රෝහණ වීරසිංහයන්ගේ මියුරු මියැසියෙන් ද උපශෝභිත මෙි ගීමිණ සමාජ යථාර්ථය නමැති තිත්ත ඔසුව ප්‍රණීත මීපැණි දවටනයක ඔතා රසිකයාට පිළිගැන්වූ මාහැඟි නිමැවුමකි.
මෙි වූකලි ජීවිත ගිරිදුර්ගය තරණය කරන පීඩිත පන්තියේ තවත් අසරණයකුගේ ආත්මීය අඬහැරය යි.මෙි සමාජයේ වෙසෙන පීඩිත පන්තියේ ජනතාව පන්තිමය සූරාකෑමට නිති ගොදුරු වෙති.ඔවුහු ධනපති පන්තියට කඹුරමින් සොච්චම් වැටුපකට ශ්‍රමය දිය කර හරිති. ඔවුන්ගේ මුළු ජීවිතය ම දුකින්,දොම්නසින්,ලේ දහදිය කඳුළෙන් පිරී ඇත.සතුට,සම්පත පේන තෙක් මානයක නැත.ධනපතියෝ ළතෙත් බවින් තොරව නිර්ධනයාගේ ශ්‍රමය සූරාකති.මෙනයින් සමාජය නමැති ජුගුප්සිත නරාවළේ අපමණ දුක් විඳින්නෝ පීඩිත පන්තියේ අසරණයෝය.
පීඩිත පන්තියේ ජනතාව යටකී නරාවළෙන් ගොඩඑ්මට විවිධ මං පෙත් සොයති.ඇතමෙක් මනෝ ලෝකයේ සැරි සරති.සමහරු ආගම පසුපස හඹා ගොස් අන්ධ භක්තිකයන් වී පන්සල්,පල්ලි,කෝවිල්, නඩත්තු කරති.හම්බ කරන සොච්චම් වැටුප ද යටකී ආගමික ස්ථානවලට ම පුදති.එහෙත් ඔවුහු මෙකී සම්පත් සාමූහිකව බෙදී නොයාම පිළිබඳ තාර්කිකව කල්පනා නොකරති.එසේ කල්පනා කිරීමට තරම් සම්‍යඥානයක් ද ඔවුහු සතු නොවෙති. සමාජය සතු සියලු භෞතික සම්පත් එකසේ විඳීමට නොහැකිව ළතැවෙන තැනැත්තන්ගේ ජීවිතවල හැටි එසේය.
වන බඹරු ගස් උඩ මීවද බැඳ පැණි එක්රැස් කරති.උන් සාදන පැණි මිනිස්සු තලුමරමින් රස විඳිති.එහෙත් උන් ඒ වෙනුවෙන් විඳින මහන්සිය දන්නෝ කවරහුද?පැණි රැස් කරන සියල්ලෝ බඹරු නොවෙති.කිතුල්,පොල් මල් තළන්නෝ ද පැණි සාදන්නෝය.සමාජ බල ධූරාවලියේ අවවරප්‍රසාදිත මෙි පිරිස මලට කලින් තැළෙන්නෝය.ජීවන බරින් තැළී මිරිකී පොඩි වී සිටින ඔවුහු අසරණයෝය.මල් තළද්දී තෙලිදිය හෙවත් තෙලිජ්ජ ලෙස වෑහෙන්නේ යටකී අසරණ මදින්නාගේ දුකට හඬන කඳුළු නොවෙිද? ජීවිතය අනතුරේ හෙළමින් අතුරේ යන මෙි අසරණ මදින්නාගේ ශෝකාලාපය මෙි ගීතයෙන් ඔබට නොඇසේද? මෙි වූකලි එබඳු අසරණ මදින්නන්ගේ ජීවිතය දෙස සානුකම්පිතව බැලූ රමණීය ගීමිණක් නොවෙිද?
කුමාරදාස සපුතන්ත්‍රියෝ මෙි අපූරු ගීමිණෙන් රසිකයා තුළ භාවානුරූපී හැඟීම් දනවති.මෙි වනාහි ධ්වනිතාර්ථයන්ගෙන් සමන්විත අපූර්ව පද සංකල්පනාවක් යැයි කීම අතිශයෝක්තියක් නොවෙි.මානව ජීවිතය වනාහි මෙලොව පවත්නා උදාරතම වස්තුව යි.මෙහි රචකයා යටකී මානව වස්තුව දෙස මානවබන්ධුත්වයෙන් බලන හැටි කෙතරම් අපූරුද?
මලින් මලින් ඉගිලුණාට සමනලයින් නොවේ
අපි මලින් මලේ පැණි පෙරුවට වන බඹරුන් නොවේ
මෙි ගීතයේ ස්ථායි කොටසෙහි ඇති ව්‍යංග්‍යාර්ථය රමණීය කාව්‍යෝක්තියකි.මෙහි දිසි අරුතට වඩා වැසි අරුත ධ්වනිතාර්ථ පූර්ණය.කථකයා අතුරේ ගොස් පොල් හෝ කිතුල් මල් තළා බඩ වියත රැකගැනීමට වෙහෙසෙන්නෙකි.එහෙත් මලින් මලට ඉගිලෙන සමනලුන්,වන බඹරුන් මෙන් සුන්දර කෙළිලොල් ජීවිතයක් ඔහුට නැත.රචකයා මෙහිදී අතුරේ යන අසරණ රා මදින්නාගේ ජීවිතයේ අඳුරු ඇතුළාන්තය වෙත එල්ල කරන ප්‍රඥ ප්‍රදීපය ප්‍රබල නොවෙිද?
හිතේ ගින්න අවුලාගෙන සුතරල් පොඩි එවුන්නේ
කුසේ ගින්න සනහන්නයි අතුරේ පිය නගින්නේ
මලට කලින් අපි තැළිලයි පූදින මල තළන්නේ
අපේ දුකට හඬන මලේ කඳුළයි පැණි කෙරෙන්නේ
කිතුල්, පොල් රා මැදීම කර්මාන්තයකි.එහෙත් මෙි කර්මාන්තයේ නියැළෙන දුප්පත් අසරණයාට ලැබෙන්නේ සොච්චම් වැටුපකි.හිතේ ඇවිළෙන දහසකුත් ගින්දර මැද මෙි කථකයා වැඩට එන්නේ තම අඹු දරුවන්ගේ කුසපොත්ත පිටපැත්තට ඇලවෙන එක නතර කිරීමටය. ජීවිතය අනතුරේ හෙළමින් අතුරේ යන රැකියාව කෙතරම් භායනක දැයි ඔහු නොදන්නවා නොවෙි.මෙකී රැකියාවෙි තිබෙන අවදානම් සහගත භාවය සිතන විට ඔහුට මැවී පෙනෙන්නේ තම කුඩා දරු පැටවුන්ගේ අසරණ මුහුණුය.
මලට කලින් අපි තැළිලයි පූදින මල තළන්නේ
අපේ දුකට හඬන මලේ කඳුළයි පැණි කෙරෙන්නේ
මෙි ගීපාදවලින් උද්දීපනය කෙරෙන්නේ පන්ති සමාජය තුළ මෙබඳු සුළු පරිමාණ කර්මාන්තවල නියැළෙන කම්කරුවාගේ අසරණ භාවය යි.සමාජයේ විවිධ තාඩන පීඩනවලට ලක්වූ ඔවුහු සදාකාලික අසරණයෝය.මෙයින් ගම්‍ය වන්නේ මල් තැළීමට පෙර කථකයා ජීවන බරින් තැළි පොඩිවී මිරිකී සිටින බව නොවෙිද? මෙි නම් කෙතරම් රමණීය ව්‍යංග්‍යාර්ථ නගන යෙදුම්ද?
අහසින් වඩින පින ලැබිලයි උඩ සක්මන් කරන්නේ
පෙළහර පාන්නයි තිස්පැය ගුවනේ සැරිසරන්නේ
නැතිබැරිකමයි උඩු හුළගේ ලණු දෙපොටේ වැනෙන්නේ
සවුදිය පුරන මහ පොළොවට අපි දහඩිය හෙළන්නේ
මෙි කථකයා සිතන්නේ තමන්ට ගුවනේ මෙබඳු පෙළහරක් පෑමට අවකාශය ලැබී තිබෙන්නේ අහස් කුසෙන් ලැබුණු කිසියම් පින් මහිමයක් නිසා බවය.එහෙත් අතුරේ ලණු දෙපොට වැනෙන්නේ ඔහුගේ නැතිබැරිකම සංකේවත් කිරීමට මෙනි.මෙි නම් කෙතරම් සෝචනීය ජීවන අන්දරයක් ද?ධනේශ්වර සමාජයේ කම්කරුවන්ගේ ශ්‍රමයේ ප්‍රතිලාභ ලබන්නේ ශ්‍රමය අංශු මාත්‍රයක් වැය නොකරන කොල්කාරී හාම්පුතුන්ය.කම්කරුවාගේ අතිරික්ත ශ්‍රමය ධනපතියා තම සාක්කුවේ රුවා ගනී.එපමණක් නොව කම්කරුවා අතුරේ ගොස් මදින රා කම්කරුවාට ම විකුණා හාම්පුත්තු විස්කි බ්‍රැන්ඩි බී සවුදිය පුරති.සැමදා ධනපතියාට කඹුරන කම්කරුවෝ මෙි යථාර්ථය නොදකිති.දුප්පතාට නිතර සතුරු හිරිහැරය.පොහොසතාට අතට පයට පිරිවරය.මෙි යථාර්ථය කටුකය;ජුගුප්සිතය;වෛරීය.අද රසිකයාට අවශ්‍ය වන්නේ බොළඳ, ළාමක අයථාර්ථ මුසාවාද ගායනා නොව මෙබඳු කටුක ජීවන යථාර්ථය ගැබ් වූ හැඟීම් පිරි සුගායනාය.
වසන්ත කුමාර කොබවකයන්ගේ ධවනිතාර්ථපූර්ණ ගේය පද සංරචනයෙන් ද සුනිල් එදිරිසිංහයන්ගේ කර්ණරසායන ස්වර මාධුර්යයෙන් ද රෝහණ වීරසිංහයන්ගේ සංගීත සංරචනයෙන් ද සු
සෑම මිනිසකුගේ ම ප්‍රාර්ථනය මානවදහමින් වෙළී අනුන්ට හිරිහැරයක් කරදරයක් නොවී සුජීවත් වීමටය.එහෙත් අප වසන සමාජය එබඳු සුන්දර,සැපවත්, පිරිපුන් ජීවිතයක් ගත
කුමාරදාස සපුතන්ත්‍රියන්ගේ හාවපූර්ණ ගේය පද සංරචනයෙන් ද සුනිල් එදිරිසිංහයන්ගේ කර්ණරසායන ස්වර මාධුර්යයෙන් ද රෝහණ වීරසිංහයන්ගේ මියුරු මියැසියෙන් ද උප
අත්තිඩියේ පුඤ්ඤරතන හිමියන් විසින් විරචිත සංජීව් ලෝන්ලියෙස්ගේ හඬ සහ නද සුසංයෝගයෙන් සුපෝෂිත මෙි ගීමිණ මානවබන්ධුත්වයේ සුගන්ධයෙන් අප හද මෝහනය කරයි.
ලූෂන් බුලත්සිංහලයනගේ සුගේය පද සුරචනයෙන් ද නන්දා මාලිනීයගේ කර්ණරසායන ස්වර මාධුර්යයෙන් ද ඩන්ස්ටන් ද සිල්වාගේ මියුරු මියැසියෙන් ද සුවිභූෂිත මෙි ගීමිණ
මහාචාර්ය සුනිල් ආරියරත්නයන්ගේ සුදුර්ලභ පද සංකල්පනාවෙන් ද නන්දා මාලිනීයන්ගේ භාවානුරාගී හඬ මාධුර්යයෙන් ද රෝහණ වීරසිංහයන්ගේ සංගීත සංයෝජනයෙන් සුපුෂ්
අද එක්සත් ජාතීන්ගේ ලෝක වැසිකළි දිනයයි. වසර 2030 වන විට ලොව පුරා සැමට පූර්ණ සනීපාරක්ෂව හිමි කර දීම ඉලක්ක කරගෙන “වේගයෙන් වෙනස කරා”
නිෂ්පාදනය, අලෙවිකරණය හා බෙදාහැරීම යන අංශ ඔස්සේ නව්‍යකරණයෙන් පිරිපුන් උසස් තත්ත්වයේ කුඩ සහ මදුරු දැල් ඇතුළු නිෂ්පාදන පෙළක් හඳුන්වාදෙමින් ශ්‍රී ලාංකී
දැඩි ආශාව හා කැපවීම මුණගැසෙන ක‍්‍රිකට් වැනි ක්ෂේත‍්‍රයක් තුළ, එෂාන් මාලිංග පැමිණි ගමන් මග නම් එතරම් ආශ්වාදජනක එකක් නොවේ. ඔහුගේ පන්දු යැවීමේ වේගය හා දක
මලින් මලට ඉගිලුණාට