IMG-LOGO

2025 ඔක්තෝබර් මස 27 වන සඳුදා


නිම්තෙරක් නොදුටු මෙි ලෝකයේ

ගී විනිස 96

 

 

 

බන්දුල නානායක්කාරවසම්ගේ ගේයපද රචනයෙන් ද සුනිල් එදිරිසිංහයන්ගේ සුගායනයෙන් ද රෝහණ වීරසිංහයන්ගේ ස්වරසංරචනයෙන් ද සුවිභූෂිත මෙි ගීමිණ  උත්තරීතර ප්‍රේමයේ අකලංක පෙම්වතකුගේ මානව බන්ධුත්වය සුවිශද කරයි.

ලොබලිය ලියලවන ළදලියක හා පෙමින් වෙළී ගිය තරුණයකු නිමල්කැල්මෙන් ඇය වෙනුවෙන් දල්වන ප්‍රාර්ථනා මෙි ගීතයට විෂය වෙයි.මෙි වූකලී උත්තරීතර ප්‍රේමයක සදාතනික පරමානන්දය යි.මිනිසා චිරා කල් පතන්නේ කායික හා ආධ්‍යාත්මික ප්‍රහර්ෂය දනවන පරම සුන්දර ගැහැනියක නොවෙිද?එහෙත් මෙකී සුන්දරත්වය මතුපිටින් පමණක් නොව ⁣ඇතුළතින් ද තිබිය යුතුය.මානවප්‍රේමයේ සුන්දරත්වය මෙන්ම යථාර්ථය සුවිශද කරන මෙි පෙම්පැතුම රචකයා රමණීය කාව්‍යෝක්තියෙන් ඉදිරිපත් කරයි.මෙි ගීසපුව වර්ණවත් කිරීමට බන්දුල නානායක්කාරවසමයෝ ව්‍යංග්‍යාර්ථ පමණක් නොව සංකල්පරූප මංජරියක අප ගිල්වති.

 

නිම්තෙරක් නොදුටු මේ ලෝකයේ
රුදු සපුන් නිබඳ සරනා බිමේ 
ඔබේ සිනා වත මගේ නවාතැන
අරුණු විහිදුවාවී ජීවිතයේ

 

මෙහි ස්ථායි කොටසේ පළමු පද පෙළම රමණීය නො වෙි ද? මෙි විශ්වයම විස්මයකි.එහි අගක් මුලක් සොයා ගැනීමට නොහැකිය.නිම්තෙරක් නොදකින,නොපෙනෙන එබඳු ලෝකයේ නානාවිධ මිනිසුන් අතරේ අපි ජීවත් වන්නෙමු.එහෙත් මෙි බිමෙි වැඩිපුර ම සිටින්නෝ කවරහුද? ඔවුහු  අන් කිසිවකු නොව ගොරබීරම් වෙස්ගත් මනුෂ්‍යයෝය.යටකී රුදු සපුන් ගැන සුභාෂිතය ලියූ අලගියවන්න මුකවැටිතුමෝ මෙසේ කියති.


කුරිරු ගොර සපුන් ගේ දළ’ගෙහි විසය
මදුරු මැසි කැලන් ගේ තුඬ’ගෙහි  විසය
රුදුරු නුහුසුවන් ගේ වල’ගෙහි විසය
නපුරු දුදනන්ගේ සියල’ගෙහි ම විසය

 

මෙසේ බලන කල්හි ලොව වෙසෙන නපුරු දුදනෝ ද විෂකුරු සර්පයෝමය.උන්ගෙන් බෙිරී සිටීම එතරම් පහසු නැත.එහෙත් මෙි කථකයා තම පෙම්වතියට පවසන්නේ එබඳු දුර්ජනයන් හමුවේ නොසැලී නොබියව ඇයට ඉත සිතින් පෙම්කරන බව නො වෙි ද? සත්‍යප්‍රේම භුංගරාජයෝ එසේ නොවෙත් ද?මෙහිදී කථකයා තවත් අපූරු ප්‍රකාශයක් කරයි.එනම් ඇගේ සිනාවත ඔහුගේ නවාතැන වී ඇති බවයි.හිත ගිය තැන මාලිගාව යනු මෙය නො වෙි ද? එබඳු ගැහැනියකගේ සිනා පිරුණු වතකමල පිරිමියකුගේ  ජීවිතයට අරුණාලෝකය කැටුව එන බව කීම අරුමයක් ද? ස්ත්‍රී රූපයේ සෞකුමාර්යය පිරිමියාගේ ජීවිතය කණපිට පෙරළීමට තරම් ප්‍රබල නො වෙි ද?

 

රැල් නගා ගලන ගංගා දියේ
මං වසා දමනු හැකිදෝ කෙසේ 
සොයා සයුරු දිය හඹා ඇවිත් ගඟ
සදා සැඟව යාවී සාගරයේ

 

රළ නගමින් ගලා යන ගංගාවක් ⁣කුමන බාධක දමා අවහිර කළත් නතර කළ හැකිද? සිඳු  තුරුලේ නැලවීමට ගං  කොමළිය එන්නා සේ ඇය ද ඔහු වෙත පැමිණෙනු ඇත.මෙහි කථකයා තම පෙම්වතිය වෙනුවෙන් උපදවන ආදරය පරමරමණීය නො⁣ වෙි ද? ඇය පිළිබඳ එසේ සිතීම කවරනම් වරදක් ද?


සිල් බිඳී මුවන් කැලඹූ වනේ
බිම නොලා නෙලූ ඵල මාවතේ 
සදා ඔබේ ගිම් බෙදාගනිම් මං 
තැවුල් සැඟව යාවී මාරුතයේ


මහ වනාන්තරයේ වෙසෙන මුවන් වැනි අහිංසක සතුන්ගේ සිල් බිඳෙන්නේ ද අනතුරක සෙයියාවකදී පමණි.අනතුරකදී,කලබලයකදී ව්‍යසනයක දී නොකැ⁣ලඹෙන්නෝ කවරහුද? ඔවුහු බෝධිසත්වයෝය.එහෙත් ජීවිතය කෙතරම් කටුක වූව ද තම පෙම්වතිය කිසිදු නිමෙිෂයක හැරදමා යෑමට මෙි කථකයා සූදානම් නැත.නෙළුෑ පලා බිම දමා යෑමට තරම් ඔහු අමනෝඥයෙක් ද නෙවෙයි.ඔහුගේ එකම ආරම්මණය මෙි කෙටි දිවි මගේ හුස්ම වැටෙනතුරු ඈ හා අත්පටලා සුඛානන්දයෙන්,ප්‍රහර්ෂයෙන් ඇවිද යාමය.ජීවන ගමනේ සරතැස හෙවත් විඩාව ඈ හා බෙදා ගැනීම  ඔහුගේ එකම ප්‍රාර්ථනය යි.පැනසර,නැණසර,හරබර,සිරිබර හිතක් ඇති මෙබඳු පෙම්වතකු ලබන පෙම්වතිය සැබැවින් ම  භාග්‍යවන්තියක්  නො වෙි ද?



අදහස් (1)

නිම්තෙරක් නොදුටු මෙි ලෝකයේ

Gamini Funseka JP Lakhanda radio programMwlbourne, Australia Monday, 05 August 2024 11:39 AM

මේවා තමයි සින්දු...

:       0       2

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1476 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1321 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 474 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site