සුකීර්තිමත් කිවිසුරු රත්න ශ්‍රී විජේසිංහයන්ගේ සුගේය පද සුරචනයෙන් ද ගුණදාස කපුගේ ගේ ඉගැඹුරු හඬ පෞරුෂයෙන් හා ස්වරාලංකාරයෙන් ද සුවිභූෂිත මෙි ගීමිණ විප්‍රලම්බ ශෘංගාර රස මුසුවූ කරුණ රසය දනවයි.
ගිම්හානයේ ගිලන් වී කෘශව සියුමැලිව
ඇදී ඇදී ඉකි ගැසූ ගඟ නැවත පිරිපුන්ය
දුෂ්කරයි කියා හැර යා යුතුද ජීවිතය
කටු පොකුර සිප ගනිමි හෙට මලක් වනු පිණිස
― රත්න ශ්‍රී විජේසිංහ ―‘වස්සානය’ කාව්‍ය සංග්‍රහය.
රත්න ශ්‍රී විජේසිංහයන් විසින් විරචිත වස්සානයේ නමැති කාව්‍ය සංග්‍රහයේ එන යටකී කවිය නින්ද නැති රැයේ ගීතයේ අන්තර්ගතයට නෑකම් කියති.මෙි වූකලි ප්‍රේමයේ වියෝගය පමණක් නොව ජීවිතයේ දුෂ්කරත්වය පවා විනිවිද දකින අපූරු ගීමිණකි.මානව ප්‍රේමය දිනූවෝ ලොව කොතෙක් සිටිත් ද? ඔවුහු වාසනාවන්තයෝය.අනෙකාගේ යහපත වෙනුවෙන් ප්‍රේමය දන් දුන් පරිත්‍යාගශීලී ආදරවන්තයෝ ද මෙි අතර සිටිති.ඇතමෙක් තම ප්‍රේමය වෙනුවෙන් ජීවිතය ද පුදති.
මෙනයින් මිනිසාගේ පැතුම් අතර අතිසුන්දර පැතුම නම් මානව බන්ධුත්වය සඳහා පවතින පැතුම යයි කීම අතිශයෝක්තියක් නොවේ.රත්න ශ්‍රී විජේසිංහයන්ගේ මේ අතිවිශිෂ්ට පද සංයෝජනය ද යටකී මානව ප්‍රේමයේ සොඳුරු පැතිකඩක් නිරූපණය කරයි.මානව ප්‍රේමයේ උත්කෘෂ්ට බව මෙපමණ යැයි කිසිවකුට කිව නොහැකිය. මෙනයින් යෞවන ප්‍රේමයේ සුදුර්ලභ සුඛාස්වාදය ලබන්නෝ වාසනාවන්තයෝය.ඔවුහු එයින් ලබන වින්දනය පමණක් නොව විඳින සුඛානන්දය ද අවසානයේ සමාජයට හඬ ගා කියති. මෙි ගීතයේ ප්‍රේමවන්තයා ද තම පෙම්වතියගේ මුහුණේ ශෝකී ඉංගිත පරිසරයට ප්‍රක්ෂේපණය කරති. එවිට ඔහුට හැඟී යන්නේ අවට පරිසරය ද තම ප්‍රේමයට ඒකාත්මික වී ඇති බවකි.
නින්ද නැති රැයේ සඳ කඳුළු මීදුමේ
හැංගිලා අඬන්නේ ඇයිද ප්‍රථම ප්‍රේමයේ
තාරුකා දියේ ගිලී නිල් එළිය නිවේ
වැහි බින්දු වැටේවී
රෝස පෙති කඩා හැළේ
මෙි කථකයා රැය පහන් කරන්නේ ප්‍රේමයේ වියෝගින්නට මැදිවය.නිදිවර්ජිත රාත්‍රියේ තම ප්‍රාණසම පෙම්වතියගේ මුහුණ ඔහු දකින්නේ මිදුමෙන් වැසුණු කදුළු මහෝඝයක් ලෙසය.මෙහිදී සඳ යනු පෙම්වතිය යි.ඔහු ඈත කඳු අතර සුදු සේලයක් මෙන් දිස්වන මීදුම දකින්නේ පෙම්වතියගේ ඇස් දෙකෙන් කඩා හැළෙන කදුළුකැට මෙනි.තාරකා යනු ඇගේ කදුළුවලින් බොඳවුණු ඇස් නොවෙිද?මෙහිදී වැහි බින්දු මෙන් කඩා වැටෙන්නේ ඇගේ දෑස් අග නලියන කඳුළු යි.එහෙත් ඒ කදුළු වරුසාවෙන් ඇගේ දෙනෙත් කාන්තිමත් කළ නිල්පැහැති එළිය නිවී යයි.රෝසමලක වන් ඇගේ දෙතොල් පෙති මලානිකව මුකුලිතව කඩා හැළෙයි.තතු කෙසේ වූව ද මෙි හැංගිලා හඬන්නේ ඔවුන්ගේ ප්‍රථම ප්‍රේමයයි. මෙනයින් බලන කල රචකයා ගොඩනගන ව්‍යංග්‍යාර්ථ,ධ්වනිතාර්ථ පූර්ණ යෙදුම්, සංකල්ප රූප අතිශය රමණීය නොවෙිද?
කිළිපොලා සැලී යමින් නොහිම් සීතලේ
තුරුලු වෙමි දෙනෙත් පියා ඔබගේ උණුසුමේ
ජීවිතය ඉතින් අපේ සිහිනයක් නොවේ
හෙට උදේම අවදිවී යා යුතුව තිබේ
ගීතයේ පළමු අන්තරා කොටසෙන් සුවිශද වන්නේ පෙම්වතුන් යුවළගේ සම්භෝග ශෘංගාර මොහොතයි.ප්‍රේමයේ සොඳුරු සුයාමය අවසානයේ උනුන් එකිනෙකගෙන් සමුගැනීමට නියමිතය.එහෙත් වෙන්වීමට හිතක් නැත.
අධික සීතලෙන් වෙව්ලමින් ඔහු දෑස් පියාගෙන ඇගේ උණුසුමට තව තවත් තුරුළු වෙයි.එහෙත් මෙි ජීවිතය සිහිනයක් නොවන බවත් රැය පහන් වූ පසු නැවත සුපුරුදු තරගකාරී ජීවිතයට අවතීර්ණ විය යුතු බවත් ඔහු තම පෙම්වතියට මතක් කර දෙයි.මෙහිදී රචකයා තම පරිකල්පන ශක්තියෙන් සංකල්ප රූප ඔස්සේ මවන විචිත්‍ර සිතුවම කෙතරම් ආකර්ෂණීය ද?
රැය ගෙවේ සඳත් නිවේ දුරයි ජීවිතේ
ඉතින් අවසරයි මගේ පුංචි කුමරියේ
කටුවලට දෙතොල් තියා මලක් නැති ගසේ
සිඹිමි එකම හාදුවයි සොඳුර ඒ මගේ
රැය පහන් වී සඳ එළිය නිවී යාමට ද ආසන්නය.එහෙත් මෙි දුෂ්කර ජීවිතය තවදුර යා යුතුය.විවිධ හැලහැප්පීම් මත ගෙවන මෙි ජීවිතය කටුපොකුරක් වැනිය.එහෙත් කථකයා පවසන්නේ මලක් නැති ගස තමා සිපගන්නා බවයි.අද ජීවිතය කටුක වූවද හෙට සුන්දර වනු ඇති බව ඔහු තම පෙම්වතියට කියයි.ප්‍රේමයේ සුඛාස්වාදය අහිමි වූවද කථකයාගේ සිතෙහි තවත් දවසක් ගැන පුංචි බලාපොරොත්තුවක් අැත.උනුන් එකිනෙකාට ළංවී ඇසට ඇස අලවාගෙන අනුරාගයෙන් වෙළී සිටිය ද දැන් සමුගැනීමෙි දුක්බර හෝරාව පැමිණ ඇත.එහෙත් දෙදෙනාට ම වෙන්වීමට හිතක් නැත.මෙහිදී කථකයා තම පෙම්වතියට හාදුවක් දී සනසමින් පවසන්නේ දුෂ්කර වූව ද මෙි ජීවිතය අතහැර නොයා යා යුතු බව නොවෙිද?ප්‍රේමවන්තයෝ වෙන්වන්නට වෙන්වන්නට නැවත එක්වීමෙි ආශාව දියුණු තියුණු කර ගනිති.ප්‍රේමයේ තතු එසේ ය.මෙහි අවසානයේ පෙම්වතුන් යුවළගේ අධ්‍යාත්මය පුරා පැතිර යන ශෝකාන්ධකාරය ධ්වනිත නොවෙිද?
මහගම සේකරයන්ගේ ගේයපද සුරචනයෙන් ද පණ්ඩිත් අමරදේවයන්ගේ සුගායනයෙන් සහ ස්වරාලංකාරයෙන් ද යුතු මෙි ගීමිණ ශෘංගාරරසය දනවයි.
සුකීර්තිමත් කිවිසුරු රත්න ශ්‍රී විජේසිංහයන්ගේ ගේයපද සුරචනයෙන් ද ජැක්සන් ඇන්තනි සහ කුමාරි මුණසිංහගේ භාවානුරාගී සුගායනයෙන් ද ඔස්ටින් මුණසිංහයන්ගේ ස
රත්න ශ්‍රී විජේසිංහයන්ගේ ගේයපද සුරචනයෙන් ද කරුණාරත්න දිවුල්ගනයන්ගේ සුගායනයෙන් ද එච්.එම් ජයවර්ධනයන්ගේ මියැසියෙන් ද සුසැදි මෙි ගීමිණ මානව ප්‍රේමයේ උ
සුකීර්තිමත් ගේයපද රචක ප්‍රේමකීර්ති ද අල්විසුන්ගේ පද සංකල්පනාවකට, ප්‍රවීණ සංගීතවෙිදී ශෙල්ටන් පෙරේරාණන් ස්වරාලංකාරයෙන් හඬ මුසුකළ මෙි ගීමිණ කරුණරසය ද
කේ.ඩී කේ ධර්මවර්ධයන්ගේ ගේයපද රචනයෙන් ද පණ්ඩිත් අමරදේවයන්ගේ කර්ණරසායන ස්වර මාධූර්යයෙන් ද සංගීත නිපුන් සනත් නන්දසිරිගේ ස්වරාලංකාරයෙන් ද සුසැදි මෙි ගී
සුනිල් ආරියරත්නගේ ධ්වනිතාර්ථපූර්ණ ගේයපද සුරචනයෙන් ද නන්දා මාලිනීයන්ගේ කර්ණරසායන ස්වරමාධුර්යයෙන් ද එච්.එම් ජයවර්ධනයන්ගේ මියුරු මියැසියෙන් ද යුතු ම
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
නින්ද නැති රැයේ