IMG-LOGO

2023 දෙසැම්බර් මස 10 වන ඉරිදා


අමකර කුරවි සරින්

සුකීර්තිමත් ගේය පද රචක කේ.ඩී.කේ ධර්මවර්ධයන්ගේ සුගේය පද සුරචනයෙන් ද නැසීගිය ගායන ශිල්පී ඩබ්ලිව්.ප්‍රේමරත්නයන්ගේ ඉගැඹුරු හඬ පෞරුෂයෙන් ද මොහොමඩ් සාලි නම් මියැසි අදියුරුවන්ගේ ස්වරාලංකාරයෙන් ද සුවිභූෂිත මෙි ගීමිණ විප්‍රලම්බ ශෘංගාරරස දනවයි.

මෙරට ජනප්‍රිය සංස්කෘතියේ හිණිපෙත්තට ම ගිය ගායකයන්ගේ රැස් වළල්ලට පිලිස්සී හළුවී ගිය සුවිශිෂ්ට ගායකයෝ කිහිපදෙනෙක් ම සිටිති.මෑතකදී නැසීගිය ඩබ්ලිව්.ප්‍රේමරත්නයෝ ද එබඳු අවාසනාවන්ත ගායකයෙක් වූහ.ඔවුහු චිත්‍රපට ගීත ඇතුළු ජනප්‍රිය ගීත කිහිපයක් ම ගැයූහ.එහෙත් වික්ටර් රත්නායක,එච්.ආර් ජෝතිපාල.මිල්ටන් මල්ලවාරච්චි,මිල්ටන් පෙරේරා වැනි ගලිවරයන් හමුවෙි ප්‍රේමරත්නයෝ ලිලිපුට්ටකු මෙන් සැඟවී සිටියහ.යටකී ගායකයන්ගේ හඬ පෞරුෂය හෝ ජනප්‍රියත්වය පිළිබඳ විවාදයක් නැත.ඔවුහු වචනයේ පරිසමාප්තාර්ථයෙන් ම විශිෂ්ට ගායකයෝය.එහෙත් මෙරට රසික ප්‍රජාව ඩබ්ලිව්.ප්‍රේමරත්න වැනි තවත් විශිෂ්ටයකු මගහැරීම කනගාටුදායක නොවෙිද? චිත්‍රපට 12 කට පමණ පසුබිම් ගීත ගැයූ ප්‍රේමරත්නයෝ මිහිලියගේ තුනු සපුව පුරා,අමකර කුරවි සරින් වැනි අතිශය ජනප්‍රිය ගීත කිහිපයක් ම ගායනා කළෝය.ඔහු පිළිබඳ හඬක් නැගීමට මෙි ගීතද්වය පමණක් ප්‍රමාණවත් නොවෙිද?

මෙරට සංගීත කේෂ්ත්‍රයේ බොහෝ ගායකයෝ ආවා ගියෝය.එහෙත් ඩබ්ලිව්.ප්‍රේමරත්නලා වැනි සුදුර්ලභ හඬ පෞරුෂයක් ඇති ගායකයන් බිහිවන්නේ කලාතුරකිනි.ඩබ්ලිව් ප්‍රේමරත්න ජනප්‍රිය ගායකයකු නොවූව ද ඔහු ගැයූ ඇතැම් ගීත ජනප්‍රිය සංස්කෘතිය සංස්පර්ශ කළේය.ලෝකයේ ජනප්‍රිය හැමදේම විශිෂ්ට,උත්කෘෂ්ට,ප්‍රශස්ත,පරමාදර්ශ කලාකෘති නොවේ.ජනප්‍රියත්වය වනාහි කැරිස්මාවකි.උමතුවකි.ජනමෝහිනීය ප්‍රපංචයකි.කාලීනත්වය මත ගොඩනැගුණු සමාජය හදවතින් ම ආකර්ෂණය කර ගන්නා ප්‍රවාහයකි.ජනප්‍රිය සංස්කෘතියට ලොබලිය වඩන්නා් සංවෙිදී සහෘද රසිකයෝය.මෙරට ජනප්‍රියත්වයේ හිණිපෙත්තට ම ගිය ගායක ගායිකාවෝ විශාල ප්‍රමාණයක් සිටිති.එහෙත් ඔවුන් ගැයූ හැම ගීතයක් ම ජනප්‍රිය හෝ විශිෂ්ට ඒවා නොවෙි.එකල මෙකල මෙන් උඩුබුරමින් මරළතෝනි දෙන ගායකයෝ නොසිටියහ.ඔවුහු ශ්‍රැතියට අනුව සංයමයකින් යුතුව හරවත් පද රචනා තෝරාගෙන ගීත ගැයූහ.ඩබ්ලිව්.ප්‍රේමරත්නයෝ විශිෂ්ට ගේය පද රචනා පමණක් තෝරා බෙිරාගෙන ගැයූ ගායකයෙක් ද වූහ.කේ.ඩී.කේ ධර්මවර්ධන,කරුණාරත්න අබේසේකර වැනි විශිෂ්ට සුකීර්තිමත් ගේය පද රචකයෝ ප්‍රේමරත්නයන්ට චිරන්තන සාහිත්‍ය ඇසුරින් අපූරු ගීත ලියා දුන්හ.

අමකර කුරවි සරින් යනු සම්භාව්‍ය සාහිත්‍ය ඇසුරින් ලියන ලද එබඳු විශිෂ්ට,සංක්ෂිප්ත ගීතයකි.මෙි ගීතයේ රචක කේ .ඩී.කේ ධර්මවර්ධනයන්ගේ සාහිත්‍ය ආභාසය පිළිබඳ මම මීට පෙරද සවිස්තරාත්මක විවරණයක් කළ බැවින් මෙි විනිස ගීතයට පමණක් ලඝු කරමි.

 

අමකර කුරවි සරින්

තෙපලූ මධුර කතා

හිමකර නොසිතු ලෙසින්

ඔබය සුවය ගෙනා

 

විප්‍රලම්බ ශෘංගාරය දනවන මෙි ගීතයෙන් කියැවෙන්නේ පෙමවතකු තුළ තම පෙම්වතිය කෙරෙහි ඇතිවූ අනුරාගික බැඳීම ගැනයි.තම සිත වසඟ කළ ඒ ලිය දැන් ඔහු අසල නැත.එහෙත් ඇගෙන් ලද ප්‍රේමාලිංගනය,සම්භෝග සුවය ඔහුට සිහිපත් වෙයි.අතීත මතකය කථකයාට පරමානන්දයකි.සුඛප්‍රහර්ශයකි.ඇගේ රූපසෞන්දර්යය පමණක් නොව හඬ මාධුර්ය පවා ඔහුට රස ගුලාවකි.ඇය ඇසුරින් ඔහු තුළ උපන් ජීවන ලාලසාව මෙයින් හැඟවෙි.

මෙි කථකයාට තම පෙම්වතියගේ තෙපුල් හඬ පවා අමොද බිඳු වෑහෙන මධුර ස්වරයකි.මෙහිදී අමකර යනු අමෘතය ( Water of Nectar ) යි.කුරවි සර යනු කෝකිල නාදයයි.මෙනයින් ඔහුට ඇගේ මධුර භාෂිත හඬ අමෘතරස මුසුවූ,ශෘංගාරය පිරුණු කෝකිල කූජනයක් බඳුය.හිමකර යනු සඳට කියන තවත් නමකි.සඳටත් හොරෙන් සඳෙහි සෞම්‍ය සිසිලස ඇය ඔහු වෙත කැටුව ආ බව නොවෙිද මෙි කියන්නේ?මෙි ගීතයේ උපමා රූපක ව්‍යංග්‍යාර්ථ සියල්ල යටකී පරිදි චිරන්තන සාහිත්‍ය ඇසුරින් ප්‍රතිනිර්මාණය කර ඇති බව කීම අතිශයෝක්තියක් නොවේ.ධර්මවර්ධනයන්ගේ චිත්තරූපික කාව්‍යාත්මත බස ඊට දෙස් දෙයි.

 

හස තුඩු ගැටුණු සැණින්

කැකුළ මත් වූවා

මතකයි නොහිමි සුවෙන්

දිනක් ගත වූවා

 

මෙි කථකයා තම පෙම්වතිය මත ගොඩනැගුණු මතක පටු මාවතේ තව දුරටත් සෙමෙන් පිය මං කරයි.එහිදී ඔහුට ඇය හා ගෙවූ සොඳුරු සුයාම සිහිවෙයි.නිති ඔහුගේ සිත අරක් ගෙන මතක මනෝමන්දිරයේ ඔබමොබ සරන්නේ ඒ සොඳුරු රූපකාය යි.ඒ හෙයින් ඔහු අතීත මතක සංස්පර්ශය සිත යට ⁣තෙරපාගෙන සුඛානන්දයෙන් යටගියාව ආස්වාදනය කරයි.හංසධෙිනුවකගේ තුඩ ගෑවුණු මල් කැකුළක් සුපුෂ්පිත වී විකසිත වන්නා සේ ඇයගේ පුන් පියයුරු සංස්පර්ශයෙන් ඔහු අමන්දානන්දයට පත්විය.ප්‍රේමයෙන්,රාගයෙන් මුසපත්වී සම්භෝග සම්පර්කයට එළැඹුණු එ් සොඳුරු සුයාමය නොනිමි සුවයෙන් දිනක් ගතකළ හැටි ඔහු කෙසේනම් අමතක කරන්නද?මෙහිදී රචකයා යොදාගෙන තිබෙන සම්භාව්‍ය සාහිත්‍ය යෙදුම් බස්වහර මධුර ⁣මනෝහර නොවෙිද?

 

මදරද නොමැත තෙතක්

විඳිමි සරාදරේ

ළඳ ඔබ ම වෙත යළිත්

කෙදින පැමිණේවිදෝ

 

මෙහිදී මදරද යනුවෙන් අමතන්නේ අනංගයාටය.ඇය ගැන සොඳුරු මතකයේදී ඔහුට අනාංගයාගෙන් ගැලවීමක් නැත.කිසිදු ළතෙත් බවක් තෙතමනයක් නැතිව අනංගයා ඔහු වෙත මල්හීසර එවයි.ඒ හීසරයෙන් ඇගේ සොඳුරු වත සංස්පර්ශ කිරීමෙි නොතිත් ආසාවක් නැවත ඔහුගේ හදවත උපදියි.එහෙත් ඒ සොඳුරු ආස්වාදය විඳීමට ඔහුගෙන් වියෝ වූ ඇය කවදා පැමිණේවිද? මෙි සමස්ත ගීමිණෙන් පුරුෂයකු තුළ ලියකගේ රූප ශෝභාව පමණක් නොව අනුරාගික බැඳීම අරබයා උපන් ලෝලයත් ආලයත් සුවිශද වෙයි.මෙි වූකලි ශෘංගාරරස ජනනය කරන තවත් අනගි ගීමිණිරුවනකි.

 



අදහස් (0)

අමකර කුරවි සරින්

ඔබේ අදහස් එවන්න

Gee winisa

සියාතුවේ මා මිතුරේ
2023 දෙසැම්බර් මස 04 241 0

වසන්ත කුමාර කොබවකයන්ගේ ධවනිතාර්ථපූර්ණ ගේය පද සංරචනයෙන් ද සුනිල් එදිරිසිංහයන්ගේ කර්ණරසායන ස්වර මාධුර්යයෙන් ද රෝහණ වීරසිංහයන්ගේ සංගීත සංරචනයෙන් ද සු


අයියණ්ඩියේ නුඹ ඇවිදින්
2023 නොවැම්බර් මස 27 428 0

සෑම මිනිසකුගේ ම ප්‍රාර්ථනය මානවදහමින් වෙළී අනුන්ට හිරිහැරයක් කරදරයක් නොවී සුජීවත් වීමටය.එහෙත් අප වසන සමාජය එබඳු සුන්දර,සැපවත්, පිරිපුන් ජීවිතයක් ගත


මලින් මලට ඉගිලුණාට
2023 නොවැම්බර් මස 20 399 0

කුමාරදාස සපුතන්ත්‍රියන්ගේ හාවපූර්ණ ගේය පද සංරචනයෙන් ද සුනිල් එදිරිසිංහයන්ගේ කර්ණරසායන ස්වර මාධුර්යයෙන් ද රෝහණ වීරසිංහයන්ගේ මියුරු මියැසියෙන් ද උප


කන විදලා කොණ්ඩෙි පාට කරපු
2023 නොවැම්බර් මස 13 1537 0

අත්තිඩියේ පුඤ්ඤරතන හිමියන් විසින් විරචිත සංජීව් ලෝන්ලියෙස්ගේ හඬ සහ නද සුසංයෝගයෙන් සුපෝෂිත මෙි ගීමිණ මානවබන්ධුත්වයේ සුගන්ධයෙන් අප හද මෝහනය කරයි.


පිපුණු මලේ රුව එමල දනීදෝ
2023 නොවැම්බර් මස 06 423 0

ලූෂන් බුලත්සිංහලයනගේ සුගේය පද සුරචනයෙන් ද නන්දා මාලිනීයගේ කර්ණරසායන ස්වර මාධුර්යයෙන් ද ඩන්ස්ටන් ද සිල්වාගේ මියුරු මියැසියෙන් ද සුවිභූෂිත මෙි ගීමිණ


රුවල් ඉරී ගිය නෞකාවෙි
2023 ඔක්තෝබර් මස 30 485 0

මහාචාර්ය සුනිල් ආරියරත්නයන්ගේ සුදුර්ලභ පද සංකල්පනාවෙන් ද නන්දා මාලිනීයන්ගේ භාවානුරාගී හඬ මාධුර්යයෙන් ද රෝහණ වීරසිංහයන්ගේ සංගීත සංයෝජනයෙන් සුපුෂ්


මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාවේ සනීපාරක්ෂාවේ ගැටලුවලට නිමාවක් ගෙන එන හමිංබර්ඩ් කථාව 2023 නොවැම්බර් මස 19 1031 0
ශ්‍රී ලංකාවේ සනීපාරක්ෂාවේ ගැටලුවලට නිමාවක් ගෙන එන හමිංබර්ඩ් කථාව

අද එක්සත් ජාතීන්ගේ ලෝක වැසිකළි දිනයයි. වසර 2030 වන විට ලොව පුරා සැමට පූර්ණ සනීපාරක්ෂව හිමි කර දීම ඉලක්ක කරගෙන “වේගයෙන් වෙනස කරා”

රේන්කෝ ස්වර්ණමය ප‍්‍රමිතිය හා නව්‍යකරණයේ ජවය ISO 9001:2015 සහතිකයෙන් පිදුම් ලබයි 2023 නොවැම්බර් මස 01 777 2
රේන්කෝ ස්වර්ණමය ප‍්‍රමිතිය හා නව්‍යකරණයේ ජවය ISO 9001:2015 සහතිකයෙන් පිදුම් ලබයි

නිෂ්පාදනය, අලෙවිකරණය හා බෙදාහැරීම යන අංශ ඔස්සේ නව්‍යකරණයෙන් පිරිපුන් උසස් තත්ත්වයේ කුඩ සහ මදුරු දැල් ඇතුළු නිෂ්පාදන පෙළක් හඳුන්වාදෙමින් ශ්‍රී ලාංකී

උත්සාහය හා දැඩි කැපවීම නිසා ක‍්‍රිකට් දිවිය ජයගත් එෂාන් මාලිංගගේ අපූරු කතාව 2023 සැප්තැම්බර් මස 06 4807 0
උත්සාහය හා දැඩි කැපවීම නිසා ක‍්‍රිකට් දිවිය ජයගත් එෂාන් මාලිංගගේ අපූරු කතාව

දැඩි ආශාව හා කැපවීම මුණගැසෙන ක‍්‍රිකට් වැනි ක්ෂේත‍්‍රයක් තුළ, එෂාන් මාලිංග පැමිණි ගමන් මග නම් එතරම් ආශ්වාදජනක එකක් නොවේ. ඔහුගේ පන්දු යැවීමේ වේගය හා දක

Our Group Site