IMG-LOGO

2025 මැයි මස 02 වන සිකුරාදා


අසාර්ථක යුග දෙකක පණිවුඩය

මීට මාස කීපයකට පෙර මේ රටේ ආරම්භ වූ දේශපාලන අස්ථාවරත්වය තවමත් තිබෙන්නේ නොවිසඳුණු තැනකය. මේ අස්ථාවරත්වය ආරම්භ වූයේ ආර්ථිකයේ මතු වූ බරපතළ කඩාවැටීමක් නිසාය. ඒ කඩා වැටීමට දීර්ඝකාලීන හේතු ගණනාවක් තිබූ අතර, මෑත කාලයේ සිදුවූ වැරදි තීරණ ගැනීම් ද රාශියක් විය. ඒ හේතු කවරේ දැයි මීට පෙර ලිපිවල සාකච්ඡා කර ඇති නිසා ඒ පිළිබඳව දීර්ඝව ලියන්නට අදහස් නොකරමි.

මෙවර කිවිඳා දැක්මෙන් සාකච්ඡා කරන්නේ රටේ ආර්ථික ක්ෂේත්‍රයේ කඩා වැටීමෙන් මතු වූ මෙම දේශපාලන අස්ථාවරත්වයෙන් එළියට යන්නේ කෙසේද යන කාරණයට වැඩි අවධානයක් ලබා දෙන්නටය.

 

ජනාධිපතිවරයා තේරීම

මේ අර්බුදයේ එක් බරපතළ සිදුවීමක් වූයේ ජනතාවගේ ඡන්දයෙන් පත්වූ ජනාධිපතිවරයා ව්‍යවස්ථාවට පිටින් ඉවත් කිරීමට කටයුතු කිරීමය. ජනාධිපතිවරයාට එම ධුරයෙන් ඉල්ලා අස්වන්නට සිදු කළ බලපෑම නිසා ඔහු රටින් එළියට ගිය අතර, තනතුරින්ද ඉල්ලා අස්විය. රටේ මිලියන 15 පමණ වූ ඡන්දදාකයන් අතරින් මිලියන 7 ආසන්න පිරිසක් ඡන්දයෙන් පත් කළ ජනාධිපතිවරයා ඉවත් වූ අතර, මීළඟ වසර දෙක හමාර සඳහා ජනාධිපතිවරයකු තෝරා ගැනීමට ව්‍යවස්ථානුකූලව පාර්ලිමේන්තුවට බලය පැවරුණි.

මේ මොහොතේ රටේ ජනතාවගේ හැසිරීම සහ පාර්ලිමේන්තුවේ සංයුතිය අතර යම් නොගැළපීමක් තිබෙන බව ද තවත් පැත්තකින් පැහැදිලි වන කාරණයකි. ඒ කින්යන්නේ පාර්ලිමේන්තුවේ නියෝජනය වන ජනමතය මීට වඩා වසර 02කට පෙර පැවැති එකක් බවය.

රටේ ජනමතය හරියටම පාර්ලිමේන්තුවෙන් නියෝජනය නොවෙනවා වගේම රටේ ජනමතය හරියටම අරගලයෙන් නියෝජනය වන්නේ ද නැත. ඒ නිසා අරගලයෙන් ගන්නා තීරණවලට අනුව ජනාධිපතිවරයා ඉවත්වීමත්, පාර්ලිමේන්තුවෙන් ගන්නා තීරණවලට අනුව ජනාධිපතිවරයකු පත් කිරීමත් යන දෙකම රටේ ජනමතයේ පැහැදිලි ප්‍රකාශනයක් වන්නේ නැත. එහෙත් ඒ දෙකම දැන් සිදුවී ඇත.

පසුගියදා පැවති පාර්ලිමේන්තු ජනාධිපතිවරණයෙන් රනිල් වික්‍රමසිංහ මහතාට වැඩි ඡන්දයක් හිමි වීම නිසා ඔහු රටේ ජනාධිපති බවට පත්විය. පාර්ලිමේන්තුවේ බහුතර ඡන්ද බලයක් තිබෙන්නේ පොහොට්ටු පක්ෂයට. එහෙත් ඒ පක්ෂයේ අයෙක් ජනාධිපති ධුරයට පත් කරන්නට ඒ පක්ෂයේ බහුතර මන්ත්‍රී කණ්ඩායම අකමැති වූ බව ඉතාමත් පැහැදිලි විය. ඒ තීරණයට විවිධ හේතු තිබිය හැකිය. තමන්ගේ ආරක්ෂාව රැක ගන්නට දරදඬු ආකාරයෙන් බලය පාවිච්චි කළ හැකි ජනාධිපතිවරයෙක් අවශ්‍ය බව සමහර මන්ත්‍රීවරුන්ගේ අදහස වූ බව පෙනේ. තවත් සමහරුන්ගේ තීරණවලට හේතු වූයේ තමන්ගේ ආරක්ෂාවට වඩා තම පවුල්වල දේශපාලන ආරක්ෂාව යැයි සිතීම නිවැරැදි බව ද පෙනී ගිය කාරණයකි. එසේම තවත් සමහරුන් විවිධ හුවමාරු වටිනාකම් සහිත සම්බන්ධතාවලට යටත් වෙමින් තම තමන්ගේ තීරණ ගත් බව දේශපාලන කතා බහ තුළ ඇසෙන කතාය. ඒ සියල්ලම හමුවේ නව ජනාධිපතිවරයෙක් පත් කෙරුණු අතර, මේ අරගලයේ බලපෑමෙන් සිදුවූ දේවල් අතර එය තවත් එක් බරපතළ සිදුවීමක් විය.

ජනාධිපතිවරණයට ඉදිරිපත් වූ ඩලස් අලහප්පෙරුම මහතාගේ යෝජනාව වූ රටේ දේශපාලනයේ සිදු කළ යුතු ප්‍රතිසංස්කරණ පිළිබඳ සමාජ සංවාදයක් ගොඩනැගීම පිළිබඳ කාරණාව රටේ පිළිගන්නා අදහසක් බව මා මුල සිටම දැරූ මතයය. එවැනි මහජන සංවාදයක් සහ සම්මුතියක් ගොඩනගා ගැනීමකින් තොරව රට මෙතැනින් ඉදිරියට ගෙන යා හැකි නොවන බව ද මගේ විශ්වාසයයි.

 

පාර්ලිමේන්තුව, අරගලය සහ ජනතාව

මෙහිදී අපගේ අවධානය යොමු කළ යුතු දෙයක් වන්නේ මේ මොහොතේ රටේ ජනතාව සිටින්නේ කොතැන ද යන කාරණයත්, ජනතාවගේ ස්ථාවරය අරගලය විසින් හෝ පාර්ලිමේන්තුව මගින් නියෝජනය වන්නේද යන කාරණයයි. මා මුලින් සඳහන් කළ ආකාරයට, මගේ අදහස වන්නේ පාර්ලිමේන්තුවත්, අරගලය යැයි ඉදිරිපත් වන කණ්ඩායමත් සමාජයේ මහා පොදු සාධකය නියෝජනය වන්නේ නැති බවයි.

රටේ මහජන මතය එක ස්ථාවරයක පවතින්නේ නැති බව සැබෑවක්ය. එහි විවිධ ස්ථාවරයන් තිබෙන බවත් සැබෑවක්ය. එහෙත් ඒ ඒ කාලයන්ට සාපේක්ෂව සමාජයේ දේශපාලන වශයෙන් පවතින මහා පොදු සාධකය හඳුනා ගැනීම ඉතාමත් අවශ්‍යය. මගේ තේරුම් ගැනීම වන්නේ මේ සමාජයේ ක්ෂණික පළමු අවශ්‍යතාව ආර්ථික ක්ෂේත්‍රයේ ඇති වී තිබෙන ගැටලුකාරිත්වය සටහන් කර ගනිමින් පහසු ජීවිතයක් හා සමාන අවස්ථා ගොඩනගා ගැනීමයි. මේ ආර්ථික අවශ්‍යතාව සමාජය හමුවේ ඇති අංක එකේ වුවමනාවයි.

දෙවනුව මේ සමාජයේ අභ්‍යන්තරිකව විළිලමින් මතුවන කාරණාව වන්නේ ආර්ථික හා දේශපාලන ප්‍රතිසංස්කරණ මාලාවක් හරහා රට ඉදිරියට ගෙනයාමයි. 2015 ජනාධිපතිවරණයේදීත්, 2019 ජනාධිපතිවරණයේදීත් මෙරට වෘත්තීය ප්‍රජාව සහ තරුණ ප්‍රජාව උත්සාහ කළේ මෛත්‍රීපාල සිරිසේන සහ ගෝඨාභය රාජපක්ෂ යන ජනාධිපතිවරුන් පත් කිරීම හරහා මෙම ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය ආරම්භ කිරීමට බව මගේ අදහසයි. එහෙත් කනගාටුවට කාරණය මේ ජනාධිපතිවරයන් දෙන්නම බලාපොරොත්තු වූ අපේක්ෂා ඉටු නොවූ බවයි.

2015 පටන් ගත් මෛත්‍රීපාල ජනාධිපතිවරයාගේ පාලනය නිමා වූයේ සෑහෙන පිරිසක් පාස්කු ප්‍රහාරය හරහා ඝාතනයට ලක් වෙමින් සහ එවකට පාලනයේ සිටි ප්‍රධාන දේශපාලන පක්ෂය වූ එජාපය එක පාර්ලිමේන්තු ආසනයකට සීමා වෙමින්ය. සිරිසේන මහතාගේ ශ්‍රීලනිපය යන්තමින් සායම බේරා ගත්තේ එවකට ජනප්‍රිය වෙමින් පැවති පොහොට්ටුව සමග ඒකාබද්ධ වීමෙනි.

2019 පටන් ගත් ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ජනාධිපති ධුරය දැනටමත් නිමාවට පත් වී තිබෙන්නේ බලාපොරොත්තු සුන් වූ ආකාරයෙන්ය. එපමණක් නොව එතුමා බලයෙන් පහ වූයේත් ජනතාවගේ බලපෑම හමුවේ පසුපස දොරින් බලා යන තරමේ අර්බුදයක් නිර්මාණය කරගනිමින්ය. මීළඟ මැතිවරණය ළඟ නැති තත්ත්වයක් තුළ පාර්ලිමේන්තුව තවමත් පවතින අතර, දැනට තිබෙන ප්‍රශ්න පාර්ලිමේන්තුවෙන් විසඳා ගැනීමට ගොස් ඇතිවී තිබෙන්නේ තිබුණටත් වඩා ගැටලුකාරිත්වයක්ය.

ජනතාව එකක් සිතන අතර, අරගලකරුවන් තවත් එකක් කරති. ජනතාව එකක් සිතන අතර පාර්ලිමේන්තුව තවත් එකක් කරයි. අරගලකරුවෝ පාර්ලිමේන්තුව විශ්වාස නොකරති. පාර්ලිමේන්තුව අරගලකරුවන් විශ්වාස නොකරයි. ජනතාව මේ දෙකම විශ්වාස නොකරන ඉතාමත් ගැටලුකාරිත්වයකට ගමන් කර තිබේ.

මේ අවුල්සහගත තත්ත්වයේ ඉතාමත් විහිලුසහගත යථාර්ථය වන්නේ 2019 (ගෝඨාභය) පාලනයේ වැරැද්දට ප්‍රතිචාර වශයෙන් 2015 පාලනයේ වැරැද්දත් එක පාර්ලිමේන්තු අසුනක් හිමි වූ පක්ෂයට රටේ පාලනය බාරදීමය.

 

ප්‍රතිසංස්කරණ දේශපාලනයක්

මගේ අදහස වන්නේ දැන් රටට අවශ්‍ය වන්නේ දේශපාලන ප්‍රතිසංස්කරණයක් නොව ප්‍රතිසංස්කරණ දේශපාලනයක්ය. රටේ ක්ෂේත්‍ර ගණනාවක් බරපතළ ප්‍රතිසංස්කරණ න්‍යායපත්‍රයක් ඉල්ලමින් තිබේ. ඒ කියන්නේ Reform Agenda එකක් මුළු රටම බලාපොරොත්තු වෙන බවයි. 2015 පාලනයත්, 2019 පාලනයත් (මෛත්‍රී/ගෝඨාභය) යන ජනාධිපති තනතුරු දෙකේම කඩාවැටීමෙන් පෙන්නුම් කරන කාරණය වන්නේ ඒ දේශපාලන 02කම අසාර්ථක බවයි. ඒ නිසා වර්තමාන අර්බුදය විසඳුම තිබෙන්නේ ඒ දේශපාලන දෙකෙහි හෝ ඒ දේශපාලන ව්‍යාපෘති දෙක එකතු වී හදන ආණ්ඩුවක නොවන බව මගේ අදහසයි.

ප්‍රතිසංස්කරණ දේශපාලනය ප්‍රධානම පදනම විය යුත්තේ රටේ ගැටලු විසඳිය හැක්කේ ආචීර්ණ කල්පිත පවුල්වාදී දේශපාලන ආකෘතියෙන් හෝ සිල්ලර සටන් පාඨ විප්ලවවාදයෙන් නොවන බව තේරුම් ගැනීමයි.

එහි දෙවන වැදගත් කාරණය වන්නේ ආර්ථික ක්ෂේත්‍රයේ උපාය මාර්ග නිවැරැදිව තෝරා ගැනීමයි. කෘෂිකර්මාන්තය, අපනයන ආර්ථිකය, සේවා ආර්ථිකය හා නව උත්පාදන ආර්ථිකය (Agowldge Econoy) යන ක්ෂේත්‍ර 04න් ඉදිරියට ගන්නේ කුමක්ද යන කාරණය තෝරා ගැනීම ඉතාමත් වැදගත්ය.

තුන්වෙනුව ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ ක්ෂේත්‍රයේ බරපතළ අලුත්වීමක් අවශ්‍ය වී තිබෙන බව පිළිගැනීම ඉතාමත් වැදගත්ය. රාජ්‍යයේ ස්වරූපය හා ජාතීන් අතර එකඟතාව ගොඩනගා ගැනීමට එය ඉතාමත් අවශ්‍යයි.

හතරවෙනුව අධ්‍යාපනය, සෞඛ්‍ය සේවය සහ ප්‍රවාහනය වැනි ක්ෂේත්‍රවල ශක්තිමත් ප්‍රතිසංස්කරණයක් ගෙන ඒම අවශ්‍යය.

පස්වෙනුව නීති ක්ෂේත්‍රයේ ග්‍රාමීය පරිපාලනය ඇතුළත් රාජ්‍ය සේවයේ ඵලදායක ප්‍රතිසංස්කරණයක් හා ඩිජිටල් ශක්‍යතාව සහිත රාජ්‍ය සේවයක් ගොඩනැගීම අවශ්‍යය.

හයවෙනුව රාජ්‍ය ව්‍යාපාර, රාජ්‍ය දෙපාර්තමේන්තු ප්‍රතිව්‍යුහගත කිරීම අනිවාර්ය අවශ්‍යතාවක් වේ.

හත්වෙනුව පෞද්ගලික අංශය සඳහා වූ නිදහස් වපසරිය ආරක්ෂා කරන නීති ප්‍රතිසංස්කරණ ගෙන ඒමත් අවශ්‍ය බව මගේ මතයය.

 

(***)


මහාචාර්ය
චරිත හේරත්



අදහස් (4)

අසාර්ථක යුග දෙකක පණිවුඩය

චන්දිම ෆොන්සේකා Saturday, 30 July 2022 08:05 AM

චරිත මහත්මයාණනි, ඇත්ත වශයෙන්ම ඔබ වගේ සැබෑ දැක්මක් තියෙන අවංක උගත් අය පාර්ලිමේන්තුවේ තව හිටියානම් අපේ රටට මෙහෙම වෙන්නේ නැහැ. ඔය පොහොට්ටු නායකයෝ චන්දෙදි තෝරා ගත්තෙම වැඩි හරියක් හොර තක්කඩි පිරිසක්. ඒ ඔය කාලකන්නි නායකයන්ගේ ක්‍රමය. අපිට හොඳටම පේනවා ඔබ වගේ අයට වගකීම් නොදී අර තක්කඩින්ටමයි තැන ලැබුනේ. ඒ තත්වය තමයි මුලින්ම වෙනස් කල යුත්තේ.

:       0       2

NM Sunday, 31 July 2022 06:56 AM

ඔබ නියෝජනය කරන්නාවූ පොහොට්ටු පක්ෂයේම මන්ත්‍රී කණඩායම සහ ඔබගේ දේශපාලන නායකයා වූ මහින්ද රාජපක්ෂ පසුගියදා පැවති පාර්ලිමේන්තු ජනාධිපතිවරණයෙන් පොහොට්ටු පක්ෂයේම කෙනෙකු ( ඩලස් ) පත්කරගැනීම වෙනුවට පොහොට්ටු පක්ෂයේ නොවන ( එක්සත් ජාතික පස්ක්ෂයේ ) රනිල් පිලිබදව විස්වාසය තබා රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති ධුරයට පත්කළේය. බහුතරයක් ඔබ නියෝජනය කරනාවූ පොහොට්ටු පක්ෂයේම මන්ත්‍රී කණඩායම පොහොට්ටු පක්ෂයේ කිසිවකුට ආර්ථික අර්බුදයට විසදුම් නොමැති නිසා රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති ධුරයට පත්කර ගත්බව ඔවුන්ගේ මතය වේ.

:       1       2

NM Sunday, 31 July 2022 07:38 AM

වර්තමානයේ රටට අවශ්‍ය වන්නේ දේශපාලන ප්‍රතිසංස්කරණයක් නොව ප්‍රතිසංස්කරණ දේශපාලනයක් කළහැකි කණඩායමක් පළමුව පාර්ලිමේන්තුවට පත්කර ගැනීම වේ. වර්තමාන පාර්ලිමේන්තුවේ සිටින්නා වූ අති බහුතරයක් දේශපාලකයන් මේ වනවිට මහජනතාව ප්‍රතික්ෂේප කර තිබේ. එමනිසා ඔවුන් මොනයම් ආකාරයේ වැදගත් ප්‍රතිසංස්කරණ පාර්ලිමේන්තුවේ සම්මත කළද ජනතාව පිළිනොගනී. නායකයින් අසාර්ථක වනුයේ ඔවුන් ගන්නා දේශපාලනික තීන්දු, තීරණ පිළිබඳව සහ දක්ෂයන් වෙනුවට හිතවතුන් දුෂිත චෝදනා ලද පුද්ගලයින් පත්කර ගැනීම වේ. ජනතාවට කිසිඳු විශ්වාසනීයත්වයක් සහ තීරණ ක්‍රියාත්මක කිරීමේදී විනිවිද බවක් නොවීම නිසාවෙනි. ඔවුන් ගන්නා වූ තීන්දු තීරණ දේශපාලන නොවන ජනහිතකාමී තීන්දු බවට පත්කර ගැනීමට නම් එම තීන්දු ගැනීමට පෙර ජනතාව සමග සකච්ඡා කළ හැකිවන්නේ/ නොහැකිවන්නේ කුමක්ද කියා පැහැදිලි අවබෝධයක්/ සංවාදයක් ජනතාව තුළ ඇතිකරලීමෙන් පසුව වේ. තීන්දු ගැනීමේදී රජයට සහ ජනතාවට Win-Win solution ලබාගැනීමට හැකිවිය යුතුවේ. රටක පරිපාලනය එසේ විය යුතුම වේ. එසේ නොවන්නට කුඩා කණ්ඩායමකට වුවද මතයක් ගොඩනගා සමස්ත රටම අකර්මණ්‍ය කළ හැකිවේ. ලංකාවේ දේශපාලනය නවීකරණය විය යුතුවේ...!

:       0       0

Dinesh Wellawa Sunday, 31 July 2022 08:33 PM

විවේචනාත්මක සාධක සාකච්ඡා කර නැත. වත්මන් ආණ්ඩුවේ සහ හිටපු ආණ්ඩුවල විනිවිදභාවය ප්‍රශ්නාර්ථයකි. ඔවුන්ගේ ප්‍රතිපත්ති නිසා රටට රුපියල් ට්‍රිලියන ගණනක පාඩුවක් සිදුවී ඇත. වෙනත් රටවල් (ඉන්දියාව සහ චීනය ආදිය) සමඟ වෙළඳාම් සහ ගනුදෙනු හරහා අපගේ ස්වෛරීත්වය විකුණා දැමුවා. එබැවින් මෙහි සඳහන් ප්‍රතිසංස්කරණ ලේඛනයක් පමණි. මේ රිපීට් ටේප් එක අපි අවුරුදු ගාණක ඉඳන් අහලා තියෙනවා. මුලින්ම මාස 6ක් ඇතුළත දේශපාලන ස්ථාවරත්වය මැතිවරණයකට පාර හදාගන්න. එහෙනම් සර්ව ජවසම්පන්න කරන්න.

:       0       2

ඔබේ අදහස් එවන්න

 

 
 

කිවිදා දැක්ම

කී දේ වෙනුවට නොකී දේ වරනැගීම
2025 මැයි මස 02 208 0

පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට ඇත්තේ තව දින හතරකි. වසර 03කට ආසන්න කාලයක් තිස්සේ කල් දමමින් තිබූ ප්‍රාදේශීය සභා, නගර සභා ඡන්දය පවත්වන්නට තීරණය කිරීම ඉතාම


ඉහළින් ගිලිහුණු උළෙල
2025 අප්‍රේල් මස 25 1012 5

මෙවර අලු‍ත් අවුරුදු උළෙල විශේෂයක් ගත්තේ ය. ඒ අන් කවරදාකවත් නොදුටු පරිදි රාජ්‍ය සහ මෙරට මහා සංස්කෘතික මංගල්‍ය අතර සම්බන්ධය ගිලිහී යාම ය. මෑත ඉතිහාසයේ සෑ


භාරත ආසියා මොඩලය
2025 අප්‍රේල් මස 18 254 0

සිංහල හා හින්දු අලුත් අවුරුදු උණුසුම තවමත් පහව ගොස් නැත. කුමන ආර්ථික ගැටලුකාරිත්වයක් තිබුණත් අපේ රටේ ජනතාව අලුත් අවුරුද්දට සූදානම් වූයේ ඒ සියලු අගහිඟ


පොරොන්දුවල අතරමං වූ ආණ්ඩුව
2025 අප්‍රේල් මස 04 955 5

ජනාධිපතිවරයා පළාත් පාලන ඡන්දය ඉලක්කගත කර සිදුකරන ලද කතා කීපයක් අසා සිටි මෙම ලියුම්කරුට හැඟී ගියේ ඔහුගේ හඬ ජවය දැන් දැන් දුර්වල වී ඇති බවයි. එහි විශ්වාස


ජනමතය උරගා බැලීමක්
2025 මාර්තු මස 28 324 0

මෙවර කිවිදා දැක්ම ලියන්නේ පළාත් පාලන මැතිවරණයට නාමයෝජනා භාර දී ඇති කාලයකය. පළාත් පාලන මැතිවරණය අවසාන වරට පැවැත්වුණේ 2018 වර්ෂයේදීය. ඒ පැවැත්වූයේත් නියම


හොරුන් ඇල්ලීමේ නාටක
2025 මාර්තු මස 21 407 1

අත්අඩංගුවට ගැනීම ම දඬුවමක් වන තැනට අද ලංකාවේ නීති පද්ධතිය පහත වැටී තිබීම අප බරපතළ ලෙස සැලකිල්ලට ගත යුතු කරුණකි. පුද්ගලයකු අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනා


මේවාටත් කැමතිවනු ඇති

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 488 1
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා. 2025 අප්‍රේල් මස 29 129 0
HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා.

අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 1148 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

Our Group Site