IMG-LOGO

2025 නොවැම්බර් මස 17 වන සඳුදා


බෙදන්නේ කවුද? ප්‍රේක්‍ෂකයාට අදාළම නැත

චිත්‍රපට බෙදාහැරීමේ අවුල තාම ඉවර නෑ. චිත්‍රපට සංස්ථාවට මේ වැඬේ පැවරුණා කියලා ලොකු සද්දයක් දාලා වැඬේ කරන්න පටන් ගත්තා විතරයි මෙන්න ඒ තීරණය ආපසු වෙනස් වෙලා. දැන් ආපහු කලින් ක්‍රමේට වැඬේ වෙන්නේ. අපි මුල ඉඳලම කිව්වෙ මේ වගේ පුංචි රටක මේ වගේ පොඩි කර්මාන්තයක් රණ්ඩු වෙවී ඉන්නෙ නැතුව කවුරුත් එකතුවෙලා සමගියෙන් හරියට කරගෙන යන්නේ  නැතුව මොකක්ද මේ එළහරකයි මී හරකයි කරත්තේ බැන්දා වගේ දෙපැත්තට ඇද ඇද දඟලන්නේ කියලා.

චිත්‍රපට බෙදාහරින්නේ සංස්ථාවද පුද්ගල අංශෙ කට්ටියද එහෙම නැතිනම් වෙනත් කවුරු හරිද කියන ඒවා සාමාන්‍ය චිත්‍රපටි ප්‍රේක්‍ෂකයන්ට අදාළම නෑ. ඒ මිනිස්සුන්ට ඕන හොඳ චිත්‍රපටියක් බලන්න අවස්ථාව. දැන් මේ කට්ටියගේ නඩු හබ, ගෝරි, දෙපැත්තට ඇදිලි හැම එකකින්ම වෙන්නේ ඉන්න සිනමා ප්‍රේක්‍ෂකයෝ ටිකත් චිත්‍රපටි හෝල්වලින් ඈත් වෙන එක. බලන්න හිතාගෙන යන චිත්‍රපටිය දැන් බලන්න හම්බවෙන්නෙ නෑ කියලා  සිනමා ප්‍රේක්‍ෂකයෝ නිතර නිතර කියන මැසිවිල්ලක්. හෝල් අයිතිකාරයො චිත්‍රපට බලන්න එන අය දිහා බලන්නේ හතුරො දිහා වගේ. එයාලා පෙන්නන චිත්‍රපටිය බලන්න කියලා බලහත්කාරයක් තමයි දැන් තියෙන්නේ. ප්‍රේක්ෂකයන් අඩු ගණනක් හිටියොත් පෙන්නන්නෙම නෑ. මේ වගේ නහුතයක් ප්‍රශ්න එක්ක ඇදි ඇදී යන අපේ සිනමාව චිත්‍රපට බෙදාහරින්න ගිහින් තවත් පඹ ගාලක පටලවනවා. අපිට මේ චිත්‍රපට බෙදාහරින්න, මරාගන්න සටන් පෙරමුණ දෙකටම කියන්න තියෙන්නේ එයාල ඔය සටන  දිගින් දිගට ඇදගෙන ඇදගෙන ගිහින් කවුරු දිනලා වැඬේ අතට ගත්තත් ඒ වෙනකොට චිත්‍රපටි බලන්න ප්‍රේක්ෂකයෝ සෑහෙන පිරිසක් අඩුවෙලා ඉඳීවි. මොකද දැන්  තියෙන තාක්ෂණයත්  එක්ක  නව මාධ්‍ය ප්‍රවණතා එක්ක චිත්‍රපට හෝල් කාරයින්ගේ කෙණෙහිලිකම් බල බල ඒවයි රස්තියාදු වෙන්න මිනිස්සුන්ට ඕන නෑ. හරියට හෝල් ටිකේ චිත්‍රපටි දුවන්න ක්‍රමයක් හදන්නෙ නැතුව සිනමාවෙන් ප්‍රේක්ෂකයෝ ඈත් වෙනවා කිය කියා ප්‍රේක්ෂකයින්ට දොස් කියලා වැඩක් නෑ.

මේ අතරේ ඔන්න අද ජනාධිපති සිනමා සම්මාන උළෙළ තියනවා කියලත් ආරංචි වෙනවා. කොහොම හරි ඒක පවත්වන එක ලොකු දෙයක්. මොකද කාලයක් ඒවා නවත්තලා දාලා තිබුණෙ. සිනමා සම්මාන උළෙලක් තියෙන්නේ සිනමා කර්මාන්තයට ලැබෙන පොඩි තල්ලුවක්. කාලයක් නැවතිලා තිබිල පසුගිය අවුරුදුවලට අදාළව ඒක ආපහු පවත්වද්දි ක්‍ෂේත්‍රයේ අයත් මේ ගැන ප්‍රසාදයෙන් කතා කළා. ඒත් මේ සැරේ ප්‍රවීණ ශිල්පීන් කීප දෙනෙක්ම අපිත් එක්ක කිව්වෙ අඩුම තරමේ සම්මාන උළෙලට ආරාධනා පත්‍රයක්වත් මේ සැරේ නෑ කියලා. ප්‍රසිද්ධ සටන් නළුවෙක් කිව්වෙ සම්මාන උළෙලට යන්න චිත්‍රපටවල සටන් කරනවට වඩා සටනක් කරන්න වෙලා කියලා. චිත්‍රපට සම්මාන උළෙලකට ආරාධනා කරන්න ඕන ක්‍ෂේත්‍රයේ ශිල්පීන් කවුද කියලවත් තෝර බේර ගන්න බැරි සංවිධායකයෝ තමයි ඕවා කරන්නේ. ප්‍රවීණ සිනමා ශිල්පීන් නැතුවට  ටෙලියක දෙකක  වාටියේ ඉඳපු නිළි නංගිලාට එහෙම නම් උඩින්ම ආරාධනා කරල ඇති.

ඒ වගේම චිත්‍රපටි අධ්‍යක්‍ෂවරු කීප දෙනෙක්ම මේ ජනාධිපති සිනමා සම්මාන උළෙලට තමන්ගේ චිත්‍රපටි දාන්නේ නෑ කියලත් ආරංචියි. ඒකෙන් පේන්නේ සිනමාකරුවන්ට මේව ගැන තියෙන විශ්වාසය. කැමරා අධ්‍යක්‍ෂ ධනුෂ්ක ගුණතිලක එයාගේ ෆේස්බුක් පිටුවෙ දාලා තිබුණෙ ජනාධිපති සිනමා සම්මාන උළෙලට ලැබෙන ආරාධනය  ප්‍රතික්ෂේප කරනවා කියලා. ඒකට සහභාගී වෙන්න පවා මේ ශිල්පීන්ට එපා වෙලා තියෙන එක ඉඟි කරන්නෙ මේ සම්මාන උළෙලවල තත්ත්වය තමයි.

 චිත්‍රපටි කර්මාන්තයේ අට අනූවක් රෝගවලට බේත් අල්ලෙ තියාගෙන වගේ කතා කරන සංස්කෘතික  ඇමැති මේක ගොඩ දාන විදිය අපි විමසිල්ලෙන් බලාගෙන ඉඳිමු. මීට මාසෙකට දෙකකට උඩදී චිත්‍රපටි සංස්ථාවේ සභාපති ගෝකුල නෝනත් කිව්වේ ළඟදි පුදුම හිතෙන පෙරැළියක් සිනමාවේ කරනවා කියලා. අපිත්  බලාගෙන ඉන්නේ ඒ පෙරැළිය දිහා තමයි.

ප්‍රියන්ත කොඩිප්පිලි



අදහස් (2)

බෙදන්නේ කවුද? ප්‍රේක්‍ෂකයාට අදාළම නැත

himal Saturday, 27 July 2019 10:43 AM

ලංකාවේ අද ඉන්න ඔක්කොම කලා කරුවන්ට එන්න කියලා ආරාධනාපත් යවන්න නම් ක්‍රිකට් පිටියක තමයි උත්සවය තියන්න වෙන්නේ. අනික ඔය කියලා තියෙන කැමරා අධ්‍යක්ෂ ගියේ නෑ කියලා කාටවත් ප්‍රශ්නයක් නෑනේ. මොකද එයා ආරාධිත අමුත්තද? අනික ලංකාවේ චිත්‍රපටිවල සටන් නළුවට හරි තැනක් තිබිලද මේ වගේ කතා කියන්නේ? ලංකාවේ සටන් ජවනිකා වල තියෙන්නේ හඬ පරිපාලනය. ඩිෂූ, බුහාව්, තඩ් ඔන්න ඕවා තියෙන ගෝරිනේ තියෙන්නේ...

:       0       22

සදරුවන් Saturday, 22 January 2022 04:06 PM

මට දැනගන්න පුළුවන්ද ඔයාලගේ පත්තරේට කවි දාන්නේ කොහොමද කියලා...?

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 21 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 867 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2498 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

Our Group Site