හත් වසරක කාලයක් පුරා සහනාධාර මිලට භූමිතෙල් සැපයීම වෙනුවෙන් තෙල් සංස්ථාවට ගෙවිය යුතු මුදල් භාණ්ඩාගාරයෙන් නිසි පරිදි ගෙවා නැති බව නොබෝදා වාර්තාවීය. ඒ අනුව 2014 සිට 2020 දක්වා සහනාධාර මිලට භූමිතෙල් සැපයීම වෙනුවෙන් භාණ්ඩාගාරය තවත් රුපියල් කෝටි 3513ක් තෙල් සංස්ථාවට ගෙවිය යුතුව තිබේ.
ආර්ථිකයක් තුළ සහනාධාර සැපයීමේ මූලික අරමුණ විය යුත්තේ ඒ මගින් ආර්ථිකය උත්තේජනය කිරීමයි. ආර්ථිකය තුළ තෝරාගත් එක් එක් ක්‍රියාකාරකම් සහනාධාර දීමෙන් ප්‍රවර්ධනය කිරීම ඔස්සේ ආර්ථිකය උත්තේජනය කිරීමේ බලාපොරොත්තුවෙන් සහනාධාර සැපයීම කෙරේ. සාමාන්‍යයෙන් ලෝකයේ රටවල ආණ්ඩු විසින් සහනාධාර දෙනු ලබන්නේ අංශ 5ක ක්‍රියාකාරකම් ප්‍රවර්ධනය උදෙසාය.
අපනයන, කෘෂිකාර්මික, තෙල්, නිවාස හා සෞඛ්‍ය යනු එම ක්ෂේත්‍රයෝය. (ආහාර සහනාධාර අයත් වන්නේ සෞඛ්‍ය හා කෘෂි ක්ෂේත්‍රවලටයි). මෙම ක්ෂේත්‍ර පහ සඳහා මහජනයාට හෝ පෞද්ගලික ආයතනවලට හෝ ආණ්ඩුව ලබා දෙන මූල්‍ය සහන සහනාධාර වෙයි. ඍජු සහ වක්‍ර ආකාරයෙන් සහනාධාර ලබාදෙනු ලබන අතර බදු සහන අයත් වන්නේද අඩු පොලියට ලබාදෙන නිවාස ණය අයත් වන්නේද සහනාධාර ගනයටමය.
අප රටේ නිදහස ලැබූ දා පටන් මේ දක්වා ඉහත කී සහනාධාර වර්ග පහම ක්‍රියාත්මක වී තිබේ. සහනාධාර දීමේ මූලික අරමුණ ඉහත කී ලෙස ආර්ථිකය උත්තේජනය කිරීම වුවද අප රටේ සහනාධාර දීමේ ප්‍රතිඵලය වී ඇත්තේ ආර්ථිකය වළපල්ලට යෑමය.
නිදහස ලැබූ දා පටන් සහනාධාර ඉල්ලීමේ හා සහනාධාර පිරිනැමීමේ සංස්කෘතියකට අපි හුරුවූයෙමු. ඡන්ද දායකයෝ සහනාධාර පිරිනමන්නාට ඡන්දය දුන් අතර දේශපාලකයෝ සහනාධාර පිරිනැමීමට මැතිවරණ පොරොන්දු දුන්හ.
සහනාධාර සැපයීම ඵලදායී වන්නට නම් තෝරාගත් ක්‍රියාකාරකම් උදෙසා තෝරාගත් පිරිසකට සහනාධාර පිරිනැමිය යුතු වුවද මැතිවරණ පොරොන්දු ඔස්සේ ඇති හැකි එකාටත් නැති බැරි එකාටත් පොදුවේ සහනාධාර පිරිනැමුණේ ඡන්ද ලබා ගැනීමේ වුවමනාවටය.
සහල් සහනාධාරය, ඛනිජතෙල් සහනාධාර, විදුලිය පරිභෝජනය උදෙසා සහනාධාර සැපයීම ඉන් කිහිපයකි. රජයෙන් සහනාධාර සැපයීමේදී ඒ සඳහා පිරිස් තෝරා ගැනුණේ නැති තරම්ය. බලයට පත්වුණ ආණ්ඩුවකින් ආර්ථිකයට දරාගත නොහැකි ආර්ථිකය උත්තේජනය නොවන සහනාධාර කපා හැරිය විට එහි ප්‍රතිඵලය වූයේ එකී පක්ෂයට ජනතාවගේ ඡන්දය නොලැබීමයි.
ඡන්ද දායකයාත්, දේශපාලකයාත් හවුලේ පවත්වාගෙන පැමිණි සහනාධාර සංස්කෘතියෙන් ඉවත්වීමට දැන් කාලය එළඹ තිබේ. ඉදිරියේදී සිදු කරන ප්‍රතිව්‍යුහගත කිරීම්වලදී ඉන් පහර වදින අඩු ආදායම් ලාභීන්ට අනිවාර්යයෙන්ම සහනාධාර ලැබිය යුතුවන අතර ඡන්ද ලැබීමේ අපේක්ෂාවෙන් පිරිනමන සහනාධාර ඉවත් කළ යුතුය.
ඵලදායී නොවන සහනාධාර ඉවත් කිරීම පිළිබඳව සලකා බැලීමේදී සහල් සහනාධාරය (හාල්පොත) පිළිබඳ ඉතිහාසයෙන් හා එය ඉවත් කිරීමේ ප්‍රතිඵලය විමසා බැලීමෙන් යම් පූර්වාදර්ශයක් ලබාගත හැකිය.
1953 හර්තාලයට හේතු වූයේ එවකට පැවැති රජය සහල් සහනාධාරය ඉවත්කොට හාල් සේරුව ශත හැත්තෑව දක්වා වැඩි කිරීමය. ඒ හේතුවෙන් 1953 ඔක් 12 වැනිදා අග්‍රාමාත්‍ය ඩඩ්ලි සේනානායකට ඉල්ලා අස්වන්නට සිදුවිය. 1953 ඔක්තෝබර් මාසයේම හාල් සේරුවක මිල ශත 55 දක්වා අඩු කෙරිණි.
1966 දෙසැම්බරයේ බුරුමයේ සහල් අස්වැන්න පහත වැටීම සහ ආසියාකරයේ සහල් ඉල්ලුම වැඩිවීමෙන් අපට මිලට ගන්නට අඩු මිලට සහල් නොතිබිණි. එවකට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ උපදෙස් පරිදි සහල් සහනාධාර ඉවත් කරන්නට ඩඩ්ලි සේනානායක අකමැති වූයේ හර්තාලයේ අතීත අත්දැකීම් නිසාය. එවකට රාජ්‍ය ඇමැතිව සිටි ජේ.ආර්. ජයවර්ධනගේ අදහස වූයේ සහල් සහනාධාරය කපා හැරීම බව අතීත තතු විමර්ශනයේදී පෙනේ. ඩඩ්ලි සේනානායක ඊට අකමැතිව එක් පුද්ගලයකුට හාල් සේරුව බැගින් නොමිලේ (නිකං) නිකුත් කළේය.
1977 බලයට පැමිණි ජේ.ආර්. 1977 නොවැම්බරයේදී හාල් පොත අහෝසි කළේය. මහවැලි ව්‍යාපාරය නිසා 1980 ගණන්වල අග භාගයේ මෙරට ඒක පුද්ගල සහල් පරිභෝජනය වූ කිලෝ ග්‍රෑම් 113 නිෂ්පාදනය කිරීමට අපි සමත්වීමු. (වෙන වචනවලින් කිවහොත් අපි සහලින් ස්වයංපෝෂණය වූයෙමු) ඉන්පසු හාල්පොත නිසා ආණ්ඩු පෙරලීම නැවතුණේය.
නුසුදුසු සහනාධාර ඉවත් කිරීමේ යහපත් ප්‍රතිඵල අප අත්වින්දේ සහල් සහනාධාරය ඉවත් කිරීම තුළිනි.
අප පවත්වාගත යුත්තේ ආර්ථිකය උත්තේජනයට තුඩු දෙන සහනාධාර මිස ආර්ථිකය වළපල්ලට යැවීමට තුඩු දෙන සහනාධාර නොවේ. නිසි පුද්ගලයන් තෝරා සහනාධාර දිය යුතුය.
නිසි ක්‍රියාකාරකම්වලට සහනාධාර දිය යුතුය. බදු සහන පිරිනැමිය යුත්තේද එසේමය. සහනාධාර සංස්කෘතිය දැන් නිමා කළ යුතුය. සහනාධාර පිරිනැමිය යුත්තේ විචාරශීලීව විනා දේශපාලන වාසි තකා නොවේ.
(***)
හැත්තෑව අසූව දශකවල සහ ඉන් ඔබ්බෙහි මෙරට ගීත සාහිත්‍යයෙහි සුපෝෂණය සඳහා අතිමහත් මෙහෙයක් ඉටු කළ ප්‍රවීණ ගීත පද රචක රඹුකන සිද්ධාර්ථ හිමියෝ වචනයේ පරිසමාප
මෙම ලිපිය 2019 අප්‍රේල් 21 වැනිදාට යෙදුණු පාස්කු ඉරිදා දිනයේදී මරාගෙන මැරෙන බෝම්බකරුවන් විසින් සිදු කරන ලද ප්‍රහාර මාලාව පිළිබඳ ත්‍රිත්වයේ තුන්වැනි සහ අ
වසර 2017 දී හඳුන්වා දෙන ලද පළාත් පාලන ආයතන සංශෝධන පනත යටතේ මෙවර පළාත් පාලන ආයතන ඡන්ද විමසීම පැවැත්විණි. ලංකාවේ මැතිවරණ ක්‍රමය වෙනස් විය යුතුය යන අදහස මුලි
සිද්ධාර්ථ ගෞතම චරිතය ලොවට දායාද වන්නේ ක්‍රිස්තු පූර්ව හය වැනි සියවසේදීය. එම අසිරිමත් උපත තත්කාලීන විවිධ ආගමික මතවාද ප්‍රකාශ කළ ෂඩ් ශාස්තෘවරුන්ට කිසි
අප ජීවත් වන්නේ නව තාක්ෂණික ලෝකයකය. ඒහි පස්සිකෝ සන්දිට්ඨිකෝ හෙවත් එන්න බලන්න ගුණය අත්විඳින්න යන ගුණාංග ඇති ආගමකට පැවැත්මක් තිබේ. කෙසේ වුවත් ලෝකය කෙතරම්
දෙදිනක් තිස්සේ ලෝවැසියන් දෑස් දල්වා සිටියේ නව පාප්තුමා තෝරා ගැනීමේ ඡන්ද විමසුම එසේත් නැතිනම් ‘කොන්ක්ලේව්’ කෙසේ සිදුවේවිදැයි යනුවෙනි. කාදිනල්වරුන්
ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
සුදුස්සාට-නුසුදුස්සාට සහනාධාර දිය යුතුද?