IMG-LOGO

2025 දෙසැම්බර් මස 14 වන ඉරිදා


සතුන්වත්තේ සුදුනයා නැටවීම

19-Page-03-M-1

sudu-naya
 

දෙහිවල සතුන්වත්තේ සිටි සුදු නාගයෙක් පසුගිය 14 වැනිදා සිට ඌ සිටි කූඩුවෙන් අතුරුදහන් විය.

නාගයා රඳවා සිටි කූඩුව කිසිවකු විසින් විවෘතකර  ඒ තුළ සිටි නාගයා සොරාගෙන ගොස් තිබිණ.

සතුන්වත්තේ කූඩුවක සිටින සතෙක් පිටස්තර කෙනෙකුට ලෙහෙසියෙන් සොරාගෙන යාමට නොහැකි බව නම්  ඕනෑම අයකුට පෙනීයන කරුණකි.

යොදා ඇති ආරක්ෂක රැුකවල් නිසා පිටස්තර කෙනෙක් මෙය කළා විය නොහැකිය. පිටස්තර කෙනෙක් වුවත් මෙය කළා නම් ඇතුළේ අයකුගේ හෝ කිහිපදෙනෙකුගේ සහාය නොමැතිව නයෙක් තියා වෙනයම් හෝ සතෙක්වත් සොරාගෙන යන්නට ඉඩක් නොමැති බව නම් පැහැදිලිව කිවයුතුව ඇත.

වෙනත් සුදු නාගයන් සතුන්වත්තේ මහජන ප‍්‍රදර්ශනයට තබා ඇතත් අඩි දෙකක් පමණ වන මේ නාගයා මහජන ප‍්‍රදර්ශනයට තබා සිටි සතෙක් නොවේ.
සතුන්වත්තේ සේවකයන් අවසන් වරට මේ නාගයා දැක ඇත්තේ පසුගිය 11 වැනිදාය.

මෙදින සවස 3.00 ට පමණ මේ සුදු නාගයා කූඩුවේ සිටි අන්දම සේවකයන් දැක ඇති අතර ඌ අතුරුදහන්වී ඇත්තේ 14 වැනිදා සවස් කාලයේ බව පැවසුවේ සතුන්වත්තේ නිලධාරියෙකි.

නාගයා කිසිවකු විසින් සොරාගෙන ගොස් ඇති බව පෙනී ගිය නිසා සතුන්වත්තේ සත්ව පාලකවරයා මේ බව පොලිසියට පැමිණිලි කර ඇත.
අතුරුදහන්වූ සුදු නාගයා දමා සිටි කූඩුවට යාබද කූඩු ගණනාවක තවත් නාගයන් ඇතුලූ විවිධ උරගයන් කූඩුකර තබා තිබෙන අතර මේ කූඩුවල යතුරු එහි පෙට්ටියක බහා තිබී ඇත.

මෙහි ප‍්‍රධාන දොරටුව වසා එහි යතුර තවත් යතුරු ද සමග තබා ඇත්තේ සතුන්වත්තේ ඇති මුර කුටියකය.

දෙහිවල පොලිසිය කළ පරීක්ෂණවලින් මේ බව හෙළිවී ඇත.

මෙතනින් ගේට්ටුවේ යතුර සොරාගෙන ඊට පසුව නාගයා දමා සිටි කූඩුවේ යතුර සොරාගෙන ඌ සිටි කූඩුවේ දොර විවෘතකර ඇති බව පොලිස් පරීක්ෂණවලින් හෙළිවී තිබේ.

සත්වෝද්‍යානයේ සේවකයකු එතැනට පැමිණි අවස්ථාවක කිසියම් පුද්ගලයකු පැමිණ සුදු නාගයෙක් සොයා දෙන්නේ නම් ඒ වෙලාවේ රුපියල් ලක්ෂ 15ක් වුවත් ලබාදිය හැකි බව පවසා ඇති බව මේ සම්බන්ධව පරීක්ෂණ පවත්වන පොලිස් නිලධාරින්ට දැන ගැනීමට ලැබී ඇත.

දෙහිවල සත්වෝද්‍යානයේ අධ්‍යක්ෂ අනුර ද සිල්වා මහතාගෙන්  මේ සම්බන්ධයෙන් විමසීමක් කළ අතර ඔහු මෙසේ පැවසීය.

”සතුන්වත්තේ මහජන ප‍්‍රදර්ශනයට තබා නොමැති උරග සතුන් රඳවා තබා තිබෙන ස්ථානයක ඇති කුටියක රඳවා සිටි සුදු නාගයෙක් තමයි සොරාගෙන ගොස් තිබුණේ. පසුවදා එම සතා යළි ගෙනැවිත් දමා තිබුණා. මේ ස්ථානයට පැමිණෙන්නේ සතුන්වත්තේ ඉන්න විශේෂ අවසරලත් සේවකයන් පමණයි. අවසරලත් සේවකයන්ට හැරෙන්න වෙනත් සේවකයකුට ඔය පැත්තට යන්න බැහැ.

සුදු නාගයින් විකුණන්න ඉන්නවාද කියා විමසීම් කරමින් දුරකතන ඇමතුම් ලැබෙනවා. මගෙනුත් සුදු නාගයින් සල්ලිවලට ගන්න පුළුවන් ද කියා විමසීම්කර තිබෙනවා. සත්තු විකුණන්නේ නැහැ කියා මා පිළිතුරු දෙනවා.

ඇතමුන් සුදු නාගයින් නිදහස් කරන්න බාර හාර වෙනවා. ග‍්‍රහ දෝෂ, භූමි දෝෂවලටත් සුදු නාගයින් දේවාලවලට රැුගෙනගොස් මුදා හරිනවා. මේ වගේ දේවල්වලට සමහරු සුදු නාගයන් හොයන්නේ යැයිද සත්වෝද්‍යානයේ අධ්‍යක්ෂවරයා කීය.

සුදු නාගයින් දුර්ලභ සත්ව විශේෂයක් නොවන බව අවධාරණයෙන් පැවසිය යුතුයි. කිසිම වටිනාකමක් ද නැහැ. මේ සුදු නාගයන් බිහිවන්නේ ජානමය විකෘතිතාවයක් නිසයි. සුදු පැහැති නාගයෙක් හා සුදු පැහැති හැපින්නක් සංසර්ගයේ යෙදීමෙන් සුදු නාග පැටව් බිහි වෙනවා. සොරාගෙන ගොස් තිබූ මේ නාග පැටියා ද සුදු නාගයෙක් හා සුදු පාට හැපින්නක් සංසර්ගයේ යෙදීමට සළස්වා බිහිකර ගත්තා යැයිද සත්වෝද්‍යානයේ අධ්‍යක්ෂ අනුර ද සිල්වා මහතා පැවසීය.
ප‍්‍රකට උරග හා උභයජීවි විද්‍යාඥයකු වන ඇන්සලම් සිල්වා මහතා මේ සම්බන්ධව අදහස් දක්වමින් කීවේ මෙවැනි කතාවකි.

ලේවල ඇති අස්වාභාවික තත්ත්වයක් මත තමා සුදු නාගයන් බිහිවන්නේ. මෙය අප ඇලි තත්ත්වයක් ලෙස හඳුන්වනු ලබනවා. සුදු නාගයන් තරමක් දුර්ලභ සත්ව විශේෂයක් නොවන බව මමත් අවධාරණයකර පවසනවා. සුදු නාගයන්ගේ කිසිම වටිනාකමක් නැහැ.

සුදු නාගයන්ගේ හෝ වෙනත් කිසිම නාගයෙක්ට අමුතු බලවේග, ගුප්ත බලවේග නැහැ. මේවා තනිකරම මිත්‍යා විශ්වාස බව විශේෂයෙන්ම සඳහන් කළ යුතුයි. සුදු නාගයින් මුදාහැරියා යැයි කියා අපේ ජීවිතවලට ලැබෙන කිසිම සෙතක් නැහැ.

ගල්කිස්ස කොට්ඨාස බාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි රවින්ද්‍ර කරවිටගේ මහතාගේ උපදෙස් මත ගල්කිස්ස සහකාර පොලිස් අධිකාරි ජේ.එම්.පී. ජයලත් මහතාගේ මෙහෙයවීම යටතේ දෙහිවල පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක සුජීව සොයිසා මහතා ප‍්‍රධාන පොලිස් කණ්ඩායමක් මේ සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වූහ.

කිසිවෙක් සොරාගෙන ගොස් තිබූ සුදු නාගයා කොට්ට උරයක බහා සතුන්වත්තේ තැනක දමාගොස් තිබියදී පසුගිය 17 වැනිදා උදේ සේවකයකුට හමුවී ඇත.
නාගයා දමා ගොස් තිබුණේ සතුන්වත්තේ කුරුළු සංදර්ශන සඳහා පක්ෂීන් පුහුණුකරන පරිශ‍්‍රය ආසන්නයේය.
නාගයාගේ සිරුරේ සුළු තුවාලයක් දක්නට තිබූ නිසා පශුවෛද්‍යවරුන් එයට ප‍්‍රතිකාර කර ඇත.

සතුන්වත්තේම අයෙක් මෙම නාගයා කිසිවකුට විකිණීමේ අරමුණින් සොරාගෙන ගොස් පසුව නැවතත් ගෙනවිත් දමන්නට ඇති බව පොලිසිය කියයි.
සුදු නාගයා සොරාගෙන යාම සම්බන්ධයෙන් පොලිස් පරීක්ෂණ පැවැත්වෙන නිසා එයට බියවී මෙසේ නැවත ගෙනවිත් දමන්නට ඇති බව පොලිසියේ විශ්වාසයයි.

pujawa

තාප්පයෙන් නාගයා සහිත කොට්ට උරය සතුන්වත්ත ඇතුළට විසිකර දමා ඇති බව පොලිසියට පෙනීගොස් ඇත.

නාගයා හමුවුවත් මෙය සොරාගෙන ගිය අය අත්අඩංගුවට ගැනීමේ පොලිස් පරීක්ෂණ තවදුරටත් පවත්වාගෙන යයි.

නාගයා වැඩිදුර පරීක්ෂණ සඳහා පොලිස් බාරයට ගත් බවත් පසුව ඌ අධිකරණයට ඉදිරිපත් කළ බවත් පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතිඥ අජිත් රෝහණ මහතා පවසයි.

අධිකරණයේ නියෝග මත මේ සුදු නාගයා නැවතත් සතුන්වත්තට බාරදී ඇත.

කිසියම් දේව පූජාවක් පැවැත්වීමට සුදු නාගයාගෙන් ලේ ලබාගත් බවට ද ඇතැමුන් අතර මතයක් පවතින බව දැනගැනීමට ඇත. තුවාලය සිදුවන්නට ඇත්තේ ඒ නිසා බව ද කියති.

 

srinath

 



අදහස් (0)

සතුන්වත්තේ සුදුනයා නැටවීම

ලාල් පෙරේරා Tuesday, 22 July 2014 11:27 AM

මේ කාලේ සුදු අයට විශේෂත්වයක් තියනවනේ... (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 736 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 563 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 453 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site