IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


ශ්‍රී ලංකාවේ සමුපකාරයේ නිර්මාතෘ ශ්‍රීධර වින්සන්ට් සුබසිංහ

ශ්‍රීධර  වින්සන්ට්  සුබසිංහයන්ගේ 119වැනි ජන්ම දිනය අදට (29) යෙදේ. මේ ලිපිය ඒ නිමිත්තෙනි. 

මේ අසිරිමත් සිරිමතාණෝ නම් ශ්‍රී ලංකාවේ  සමුපකාර  ව්‍යාපාරයේ   පුරෝගාමී නායක සඳලංකාවේ ශ්‍රීධර වින්සන්ට් සුබසිංහ සමාජ සුධාරකයාණෝ ය.

  රජයේ ඉඩම් කච්චේරිවලින් වරින් වර  අක්කර සිය ගණනින් වගා කටයුතු පිණිස ඉඩම්  මිලදී ගෙන, පුත්තලම-තබ්බෝව, හිඟුරක්ගොඩ  හලාවත-බංගදෙනිය,නිකවැරටිය-විතිකුළිය වැනි දුරබැහැර ප්‍රදේශවලට සිය ගම් ප්‍රදේශයේ තරුණයින් කැටුව ගොස් සමුපකාර ගොවි ජනපද  ව්‍යාපාර ආරම්භ කළේ ය. මේ සියලු කටයුත්තේ සියලු වැයපස  වින්සන්ට් සුබසිංහයන්ගෙනි. එහිදී තරුණ පිරිස සමග එක්වී හෙතෙම ක්‍රියාකාරීව වෙහෙසව මහා ඝණ කැලෑ කපා බිම් සකසා වී, පොල් සහ වෙනත් අතුරු භෝග  වැවීය. ලැබූ සරු අස්වනු වෙහෙසවී වගා කටයුතුවල නියැළි, ඒ තරුණ  පිරිස අතරේ  සම සේ බෙදා දුන්නේ ය. පොල් වැවිල්ලේ ඵලදාව  ලැබෙන්නට වූ කල ගොවිජනපද ව්‍යාපාර ඉඩම්  බෙදා වෙන්කර ඔප්පු සකස් කර, එම සියලු වැවිලි  ඉඩම් කොටස් ඔවුන්ට ම සින්නක්කර වශයෙන් බෙදා දුන්නේ ය.

ඔහු  ආත්මාර්ථය තුනී කරමින් සැබෑ  සමුපකාර සේවාවට අඩිතාලම දමා ගම්බද  ගොවියාගේ, කම්කරුවාගේ සහ කුඩා පොල්වතු   හිමියාගේ දුක්බර ආර්ථික ඉරණම වෙනස්  කිරීමේ මං පෙත් සෙවුවේය.

 1940 දී සඳලංකාවේ පොල් නිෂ්පාදන සමුපකාර සමිතිය ආරම්භ කළේය. ක්‍රමයෙන්  මහා පරිමාණ පොල් මෝලක්  ස්ථාපනය කර, අනතුරුව ලාභ මුදලින් අංගසම්පූර්ණ සමුපකාර ආරෝග්‍යශාලාවක්, මධ්‍ය විද්‍යාලයක් සහ නවීන පහසුකම්වලින්  සමන්විත සමුපකාර සිනමා ශාලාවක් සඳලංකාවේ සමුපකාරය මගින් සඳලංකාවේ දී ඉදි කරවනු ලැබීය. ඔහු සමුපකාරය මගින් අත්‍් යන්ත්‍ර රෙදිපිළි නිෂ්පාදන කර්මාන්තයට විශාල වශයෙන් අත හිත දුන්නේය.

1942 දී ශ්‍රී ලංකාවේ සමුපකාර ඉතිහාසයේ පළමු වතාවට සමුපකාර “සිල්ලර කඩ වෙළෙඳසල්” සඳලංකාව කේන්ද්‍ර කරගෙන සත්කෝරළය පුරා ආරම්භ කිරීමට ඔහු විසින් කටයුතු කෙරිණි. පසුව ලංකාව පුරා මේ  සිල්ලර වෙළඳාමේ “සමුපකාර ප්‍රාදේශික” නමින්  හඳුන්වනු ලබන වෙළෙඳසල් විශේෂය ව්‍යාප්ත වූයේ සඳලංකාවේ විශිෂ්ට  විවිධ සේවා සමුපකාර සම්ප්‍රදාය ආදර්ශයට ගනිමිනි.

1957වර්ෂයේදී සතොස සභාපති ධුරයට සහ 1961වර්ෂයේදී මහජන බැංකුවේ ආරම්භක සභාපති ධුරයට කෙරුණු ආරාධනා පිළිගෙන ඒ ආයතන දියුණු කිරීමට ඔහු තම  සමුපකාර පිළිවෙත දැනුවත් අවබෝධයෙන් යොදාගත්තේ බහුතර දුගී දුප්පත් ජනතාවගේ  සහ සමුපකාරිකයාගේ ආර්ථිකය සමෘද්ධ කිරීමේ අදිටනිනි .  

 

ඔහු සමුපකාර ග්‍රාමීය බැංකු ක්‍රමය ආරම්භ   කළේ ය. බැංකු ඉතිහාසයේ ප්‍රථම වතාවට වින්සන්ට් සුබසිංහ මහතා සේවය කිරීමේදී ඔහු  විසින් දරන ලද මේ කිසිම තනතුරකට හිමි වැටුප ලබාගත්තේ නැත.

වින්සන්ට් සුබසිංහ මහතා සමුපකාර ව්‍යාපාරය උදෙසා සිය ජීවිතයම කැප කරමින්, වාසිය රැඳී ඇති මාවත නොව යුක්තිය රැඳී ඇති මාවතම නිරන්තරයෙන් තෝරාගෙන සිය මුළු ජීවිත කාලයම සමුපකාර සමාජ සේවාවෙහි නිරත කරවා, 1985අගෝස්තු මස 24 වැනිදා නියම සමුපකාරිකයකු සේ ම ඔහු ගේ පුරෝගාමීත්වයෙන් ඉදිකෙරුණු සඳලංකාව සමුපකාර රෝහලේ වාට්ටුවක ඇඳක් මතම අවසන් හුස්ම පිට කළේ ය.

මේ වන විට ශ්‍රීධර  වින්සන්ට් සුබසිංහ සමුපකාර සුළවතාණන්   අභාවප්‍රාප්ත වී දශක හතරකට ආසන්න  කාලයක් ගත වී තිබේ.

 

(***)
විශ්‍රාමික විදුහල්පති
සඳලංකාවේ තුසිත් සාගර

 



අදහස් (0)

ශ්‍රී ලංකාවේ සමුපකාරයේ නිර්මාතෘ ශ්‍රීධර වින්සන්ට් සුබසිංහ

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 205 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 167 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 967 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site