IMG-LOGO

2025 නොවැම්බර් මස 02 වන ඉරිදා


වෙලේ සුදාගේ ගෝලයා කරපු වැඩ මෙන්න

SLD_20150308_A003-3 ddr  

 

මොහොමඞ් සුරාජ් අහමඞ් නමැත්තෙකු ගැන තොරතුරු රහස් පොලිසියට හෙළිකර තිබුණේ ජාත්‍යන්තර ජාලයේ මෙරට මත්ද්‍රව්‍ය ජාවාරම මෙහෙයවන ප‍්‍රධානියා ලෙස සැලකෙන වෙලේ සුදායි.

 


වෙලේ සුදාගේ මෙරට මත්ද්‍රව්‍ය ජාලය මෙහෙයවන්නා මෙන්ම ඔහුගේ ගිණුම් කටයුතු සිදුකළ බව කියන සුරාජ් අහමඞ් නමැත්තා බව රහස් පොලිසිය තොරතුරු හෙළිකර ගත්තේය.


සුරාජ් අහමඞ් සහ වෙලේ සුදා අතර මිතුදම ඇතිවී ඇත්තේ පාසල් යන කාලයේ සිටය.


පාසල් යන සිසුන්ව සිටියදී මොවුන් දෙදෙනා ගජ මිතුරන් වී සිට ඇති අතර කුඩා කාලයේ කෙළි සෙල්ලම් කර ඇත්තේ ද මේ දෙදෙනාය.

dasg
කොළඹ ප‍්‍රදේශයේ ප‍්‍රසිද්ධ විදුහලකින් හොඳ අධ්‍යාපනයක් පවා ලබා ඇති සුරාජ් අහමඞ් ඉංග‍්‍රීසි භාෂාවද හොඳින් හැසිරවීමට හැකියාව ඇත්තෙකි.


ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය ජාලයේ ලොකු ලොක්කන් එක්ක සමීප සම්බන්ධකම් ගොඩනගාගෙන මහා පරිමාණයෙන් මත්ද්‍රව්‍ය ජාවාරම ආරම්භ කිිරීමෙන් පසු  එම ජාවාරම්වලට සුරාජ් අහමඞ් නමැත්තා සම්බන්ධකර ගෙන ඇත්තේ ඔහුගේ පාසල් යන කාලයේ සිටම දන්නා හඳුනන ගජ මිතුරෙක්ව සිටි නිසාය. එපමණක් නොව අහමඞ් ඒ වනවිටත් වෙලේ සුදාගේ විශ්වාසවන්තයාව සිට ඇත.


හොඳ අධ්‍යාපනයක් ලබා තිබු නිසාත් ඉංග‍්‍රීසි භාෂාව මනා ලෙස හැසිරීමට හැකියාවක් තිබු නිසාත් ගිණුම් කටයුතු සම්බන්ධයෙන්ද මනා හැකියාවත් තිබූ නිසාත් වෙලේ සුදා ඔහුට තනතුරක් පිරිනමා මාස්පතා ලක්ෂ ගණනින් පඩි ද ගෙවා තිබේ.


මෙරට මත්ද්‍රව්‍ය ජාලය මෙහෙයවන්නා ලෙස සහ ගිණුම් කටයුතු සිදුකළ ප‍්‍රධාන ඒජන්තවරයෙකු වශයෙන් සුරාජ් අහමඞ් නමැති තම ගජ මිතුරාට වෙලේ සුදා පිරිනැමූ ඒ තනතුර වේ.


වෙලේ සුදාගේ වැඩ කටයුතුවලට සහාය වෙමින් සුරාජ් අහමඞ් නමැත්තාද වැඩ කිරීම නිසා වැඩි කාලයක් යන්නට මත්තෙන් කෝටිපතියෙක් වී ඇත.
අහමඞ් නමැත්තා ලාබාල දැරියන්ව ඇසුරු කිරීමට දැඩි ලොල් බවක් දක්වන අයකු බවටද රහස් පොලිසිය කරුණු අනාවරණය කරගනු ලැබීය.
 රහස් පොලිස් කණ්ඩායමක් ගල්කිස්ස ප‍්‍රදේශයේ පිහිටි සුපිරි හෝටලයක් වටලනු ලැබුවේ සුරාජ් අහමඞ් නැමැත්තෙක් සමග හෝටලයේ කාමරයක සිටින බවට ලැබුණු තොරතුරක් මතය.

ghlghlv
හෝටලයේ දින කිහිපයක් ගතකර ඇති සැකකාර අහමඞ් නමැත්තා බාල වයස්කාර දැරියකද සමග හබරණ මොරගස්වැව ප‍්‍රදේශයේ හේනක වාඩියක සැඟව සිටින බවට රහස් පොලිසිය තොරතුරු අනාවරණය කරගත්තේය.


රහස් පොලිසියේ මූල්‍ය වංචා විමර්ශන අංශයේ ස්ථානාධිපති ප‍්‍රධාන පොලිස් පරීක්ෂක අයි.ඞී.එස්. වීරසිංහ මහතා ප‍්‍රධාන විශේෂ රහස් පොලිස් කණ්ඩායමක් ඉකුත් 1 වැනිදා හබරණ ප‍්‍රදේශය බලා පිටත්ව ගියේ අහමඞ් නමැත්තා සැඟව සිටින හේනේ පිහිටි වාඩිය වටලා ඔහු අල්ලා ගැනීමටය.


පොලොන්නරුව කොට්ඨාශ බාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ලක්සිරි විජේසේන හා සහකාර පොලිස් අධිකාරි අභයරාජ ගම්ලත් යන මහත්වරුන්ට තමන් පැමිණි කාරණය ගැන දැනුම්දුන් රහස් පොලිස් කණ්ඩායම වැටලීමට යාමට පොලිස් කණ්ඩායමක් ඉල්ලා ඇත.


හබරණ පොලිසියේ පාලන අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක තිලකරත්න මහතා ප‍්‍රධාන පොලිස් කණ්ඩායමක්ද සමග ගිය විශේෂ රහස් පොලිස් කණ්ඩායම ඉකුත් 1 වැනිදා මහ ? මොරගස්වැව ප‍්‍රදේශයේ පිහිටි හේන වටලනු ලැබූහ.


අක්කර පහකින් පමණ යුතු මෙම හේනේ වාඩියක සුරාජ් අහමඞ් 15 වියේ පමණ පසුවන බාලවයස්කාර දැරියක් සමග සුවබර නින්දක පසුවිය.
ඒ සුවබර නින්දට බාධා ඇතිවුයේ රහස් පොලිසිය වාඩිය වටලා ඔහුට යටත්වන ලෙස දැනුම්දීම නිසාය.


සුරාජ් අහමඞ් නමැති සැකකරු සමග සුවබර නින්දක සිටි බාල වයස්කාර දැරියද රහස් පොලිස් බාරයට ගෙන දෙදෙනාම කොළඹ රහස් පොලිස් මූලස්ථානය වෙත රැුගෙන ආවේ වැඩිදුර පරීක්ෂණ පැවැත්වීම සඳහාය.


සැකකාර සුරාජ් අහමඞ් නමැත්තා සන්තකයේ තිබී ජංගම දුරකතනයක්ද රහස් පොලිස් බාරයට ගෙන තිබේ.


ඒ ජංගම දුරකතනය පරීක්ෂාකර බැලීමේදී රහස් පොලිස් නිලධාරීන්ට දැනගැනීමට ලැබී ඇත්තේ සැකකරු මෙම බාල වයස්කාර දැරිය සමග යෙදුනු ලිංගික ක‍්‍රියාකාරකම් ජංගම දුරකතනය ආධාරයෙන් වීඩියෝ ගත කර ඇති බවය.


සැකකරු එම ලිංගික ක‍්‍රියාකාරකම් ඇතුළත් දර්ශන වරින්වර නැරඹීමට ඇබ්බැහි වී සිටි අයෙක් බවද දැනගැනීමට ඇත.


වැඩිදුර විමර්ශන සඳහා මෙම ජංගම දුරකතනය මොරටුව විශ්වවිද්‍යාලයේ පරිගණක අංශය වෙත යොමුකර තිබේ.


සුරාජ් අහමඞ් නමැත්තා සමග හේනේ වාඩියේ සිටියදී රහස් පොලිස් බාරයට ගත් 15 හැවිරිදි වියේ පමණ පසුවන දැරිය කොළඹට නුදුරු ජාත්‍යන්තර පාසලක තවමත් ඉගෙනුම ලබමින් සිටින සිසුවියකි.


පියා මව අතහැර ගොස් සිටින ඇය පවුලේ වැඩිමලා වන්නීය.


ඇයට අවුරුදු 10ක පමණ සහෝදරයකු හා අවුරුදු 3ක පමණ සහෝදරියකද සිටින බව දැනගන්නට තිබේ.


මෙම දැරිය ජාත්‍යන්තර පාසලට යාමට අවශ්‍ය මුදල් පමණක් නොව පවුලේ නඩත්තුවද සුරාජ් අහමඞ් නැමැත්තා සපයා ඇති බවට තොරතුරු ලැබී ඇති බව රහස් පොලිස් ආරංචි මාර්ගවලින් දැන ගැනීමට ලැබිණි.


2013 වසරේ පමණ සිට සැකකරු මෙම දැරිය සමග සම්බන්ධකම් පවත්වා ඇති බවත් රහස් පොලිසිය පරීක්ෂණ පවත්වා හෙළිකර ගෙන ඇත.


සැකකරු අවශ්‍ය වූ විට දැරිය සුපිරි හෝටල්වලට රැගෙනගොස් නැවතත් ගෙදරට ගෙනගොස් ඇරලවීම සිදුකර තිබෙන බවද කියති.


දැරියගේ මව සැකකරුට ඇති බිය නිසා මේ බව මේතාක් කාලයක් පොලිසියට කීමට ගොස් නොමැත.


සුරාජ් අහමඞ් නමැති මෙම සැකකරු පාකිස්ථානයේ සිට ට‍්‍රැක්ටර්වල සඟවා ග‍්‍රිස් ටින්වල බෝල්ට් ඇණ ඇසුරුම් යන්ත‍්‍රවල බහා හෙරොයින් තොග වරින්වර මෙරට රැගෙන ඒමේ සිද්ධීන්වලට සම්බන්ධ අයෙක් යැයි පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නීතිඥ අජිත් රෝහණ මහතා පවසයි.


සැකකරුගෙන් ප‍්‍රශ්න කිරීමේදී සමන්ත කුමාර හෙවත් වෙලේ සුදාට අයත්  මාදිවෙල, පන්නිපිටිය හා හෝකන්දර ප‍්‍රදේශවල සුපිරි නිවාස ඇති බවට තොරතුරු හෙළි වූ බවත් පැවසූ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි අජිත් රෝහණ මහතා මුදල් විශුද්ධිකරන පනත යටතේ ඉදිරියේදී එම දේපොළ තහනම් කිරීමට පියවර ගන්නා බවත් කීය.


මොහු දෙහිවල රතනසාර ප‍්‍රදේශයේ පදිංචිකරුවෙකි.


සැකකාර සුරාජ් අහමඞ් නැමත්තා විසින් පරිහරණය කළ බව කියන මිලියන 2.8ක් පමණ වටිනා එලයිට් වර්ගයේ මෝටර් රථයක් දෙහිවල ප‍්‍රදේශයේ සඟවා තිබියදී සොයා ගැනීමටද රහස් පොලිසියට හැකිවිය.


මෙම සුඛෝපභෝගී මෝටර් රථය හෙරොයින් ජාවාරම්වලින් උපයාගත් මුදලින් මිලදී ගත් එකක් බව රහස් පොලිසිය කරුණු අනාවරණය කරගෙන ඇත.
වෙලේ සුදාගේ බිරියගේ නමින් ලබාගෙන තිබූ රුපියල් කෝටි 2ක් පමණ වටිනා සුඛෝපභෝගී බස් රථය මෙම සැකකරු විසින් ගාල්ල ප‍්‍රදේශයේ විහාරස්ථානයක සඟවා තිබියදී රහස් පොලිසිය සොයාගනු ලැබීය.


සුරාජ් අහමඞ් නමැත්තා විසින් ලබාගත් ධීවර බෝට්ටු හතරක් සම්බන්ධයෙන් කරුණු අනාවරණය කරගත් රහස් පොලිසිය ඒවා අන්සතු නොකරන ලෙස නියෝගයක් නිකුත් කරන්න යැයි කොළඹ ප‍්‍රධාන මහේස්ත‍්‍රාත් ගිහාන් පිලපිටිය මහතාගෙන් ඉල්ලා සිටියේය.


එම ඉල්ලීම සලකා බැලූ ප‍්‍රධාන මහේස්ත‍්‍රාත්වරයා එම ධීවර යාත‍්‍රා විකිනීම හා අන්සතු කිරීම තහනම් කරන ලෙස ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල්වරයාට නියෝග කෙළේය.


මැගසින් බන්ධනාගාරයේ රඳවා සිටින සුසෙයි නමැත්තාගෙන් ප‍්‍රශ්න කර ප‍්‍රකාශ සටහන් කර ගැනීමේදී ඔහු පවසා ඇත්තේ වෙලේ සුදාගෙන් ලබාගන්නා හෙරොයින් තොග සුරාජ් අහමඞ් නමැත්තාට මෙම සැකකරු ලබාදෙන බවය.


රහස් පොලිසිය මේ බවද අධිකරණයට දැනුම්දෙනු ලැබ ඇත.


බාල වයස්කාර දැරියක් දූෂණය කිරීම සම්බන්ධයෙන්ද අහමඞ් නමැත්තාට එරෙහිව අධිකරණයේ වෙනම නඩුවක් ගොනු කිරීමට රහස් පොලිසිය කටයුතු යොදාගෙන යයි.


රහස් පොලිසිය කළ ඉල්ලීමක් සලකා බැලූ කොළඹ ප‍්‍රධාන මහේස්ත‍්‍රාත් ගිහාන් පිලපිටිය මහතා සැකකරු දින 07ක් රඳවා තබාගෙන පරීක්ෂණ පැවැත්වීමට අවසර ලබා දුන්නේය.

 

Untitled-1



අදහස් (0)

වෙලේ සුදාගේ ගෝලයා කරපු වැඩ මෙන්න

මාපලගම පත්මා Wednesday, 11 March 2015 04:14 PM

කොහොම කොහොමහරි අහිංසක ගැහැණු දරුවෙක් අනාථ වුණා (නි)

:       0       0

සොපී Tuesday, 10 March 2015 12:11 PM

මේ ගැහැණු ළමයා ගැන දැඩි කම්පාවක් ඇතිවෙනවා. (නි)

:       0       0

සංජය Tuesday, 10 March 2015 12:38 PM

ඔක්කොම කුණු බෙරේ වැවට කිව්වලු (දිල්)

:       0       0

රිචි බාලසුරිය Tuesday, 10 March 2015 05:06 PM

ළමයාගේ අම්මා පොලිසිය දැනුවත් කළා නම් , මෙයා කලින්ම අල්ලන්න තිබුණා (නි)

:       0       0

ශාන සෞදි Wednesday, 11 March 2015 02:58 AM

අපේ රටේ නීතිය මුදලට විකිණීම නැවතෙනතුරු කවදාවත් රට යහමඟට ගන්න බැහැ (නි)

:       0       0

දුමින්ද Tuesday, 10 March 2015 07:50 AM

පාර්ලිමේන්තුවේ ඉන්න සුදාලා අල්ලනේ කවදද.? (ර)

:       0       0

ධම්ම Wednesday, 11 March 2015 12:16 PM

රටේ සිද්ධවුණු දේවල්වල හැටියට මෙයාලත් 'කන්ගැට්ටෝ' වෙයිද දන්නේ නැහැ. (අ)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1841 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1488 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 527 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site