සින්සපා හෙවත් ඇට්ටේරියා මල වයඹ පළාත් පුෂ්පයයි. දේශීය ශාකයකි. පහතරට වියළි අතරමැදි සහ තෙත් කලාපයේද මුහුදු මට්ටමේ සිට මීටර් 1000 ක් දක්වා වැවේ. ඉන්දියාව, බුරුමය, ඉන්දුනීසියාව හා මලයාසියාව වැනි රටවලද දැකිය හැකියි. ඔරේන්ජ් ජැස්මින් ලෙස ඉංගී‍්‍රසියෙන් හැඳින්වේ. මුරායා පණික්‍යුලාටා උද්භිද විද්‍යාත්මක නාමයයි. කළුදාල හා සුරබියාපුර සංස්කෘත නම් වේ. මීටර පහක් පමණ උසට වැවේ. කඳ සුදු පැහැය ගනී. පත‍්‍ර අඳුරු පැහැති තද කොළ පැහැයෙන් යුක්තය. ඉලිප්සාකාර හැඩයක් ගනී. පොඩි කළ විට දැඩි සුවඳක් දැනේ. පෙති පහක මල පොකුරු වශයෙන් හටගනී. බෙහෙවින් සුවඳය. රාති‍්‍රයේ පිපී පසුදා සවස් වන තුරු සුවඳ පතුරුවයි. වසරේ ඕනෑම කාලයක මෙහි මල් දැකිය හැකියි.
ලී කැටයම් හා රුක් කලාව සඳහා දැව යොදාගැනේ අතර සුවඳ විළවුන් නිෂ්පාදනය සඳහා ගසේ පොතු ගනී, ඇට්ටේරියා පොතු ආමාශයට හිතකර ඖෂධයක් බව වෛද්‍යවරු කියති.
1
විපක්ෂයට වැඩ වැඩි කාලයක්
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ මලේ සුවද අපූරුයි. හොද තේරීමක් (නි)