IMG-LOGO

2025 ඔක්තෝබර් මස 24 වන සිකුරාදා


වයඹ පළාත් පුෂ්පය - ඇට්ටේරියා

සින්සපා හෙවත් ඇට්ටේරියා මල වයඹ පළාත් පුෂ්පයයි. දේශීය ශාකයකි. පහතරට වියළි අතරමැදි සහ තෙත් කලාපයේද මුහුදු මට්ටමේ සිට මීටර් 1000 ක් දක්වා වැවේ. ඉන්දියාව, බුරුමය, ඉන්දුනීසියාව හා මලයාසියාව වැනි රටවලද දැකිය හැකියි. ඔරේන්ජ් ජැස්මින් ලෙස ඉංගී‍්‍රසියෙන් හැඳින්වේ. මුරායා පණික්‍යුලාටා උද්භිද විද්‍යාත්මක නාමයයි. කළුදාල හා සුරබියාපුර සංස්කෘත නම් වේ. මීටර පහක් පමණ උසට වැවේ. කඳ සුදු පැහැය ගනී. පත‍්‍ර අඳුරු පැහැති තද කොළ පැහැයෙන් යුක්තය. ඉලිප්සාකාර හැඩයක් ගනී. පොඩි කළ විට දැඩි සුවඳක් දැනේ. පෙති පහක මල පොකුරු වශයෙන් හටගනී. බෙහෙවින් සුවඳය. රාති‍්‍රයේ පිපී පසුදා සවස් වන තුරු සුවඳ පතුරුවයි. වසරේ  ඕනෑම කාලයක මෙහි මල් දැකිය හැකියි. ලී කැටයම් හා රුක් කලාව සඳහා දැව යොදාගැනේ අතර සුවඳ විළවුන් නිෂ්පාදනය සඳහා ගසේ පොතු ගනී, ඇට්ටේරියා පොතු ආමාශයට හිතකර ඖෂධයක් බව වෛද්‍යවරු කියති.



අදහස් (0)

වයඹ පළාත් පුෂ්පය - ඇට්ටේරියා

මැණිකේ Saturday, 07 September 2013 02:22 PM

මේ මලේ සුවද අපූරුයි. හොද තේරීමක් (නි)

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1328 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1246 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 457 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site