IMG-LOGO

2025 නොවැම්බර් මස 09 වන ඉරිදා


වැටුප ලක්ෂය පැන්නාම බදු ගැසීම සාධාරණද?

මාසික ආදායම රුපියල් ලක්ෂයකට වැඩි නම් ඒ සෑම පුද්ගලයකුම මින් ඉදිරියට ආදායම් බදු ගෙවිය යුතුය. පුද්ගල ආදායම් බදු ගෙවිය යුතු සීමා රජය මගින් සංශෝධනය කිරීම හේතුවෙන් ඔක්තෝබර් 01 වැනිදා සිට ක්‍රියාත්මක වන පරිදි මේ නව ආදායම් බදු සීමාව ප්‍රකාශ වී තිබේ.

පුද්ගලයකු වාර්ෂිකව රුපියල් ලක්ෂ 30කට වැඩි ආදායමක් ලබන්නේ නම් ආදායම් බදු ගෙවිය යුතු බවට මෙතෙක් පැවති සීමාව අදාළ සංශෝධනයට අනුව රුපියල් ලක්ෂ 12 දක්වා අඩු කිරීමෙන් එකී බදු දැලට තෝරු මෝරුන් පමණක් නොව හාල්මැස්සන් ද මෙතැන් පටන් හසුවනු ඇත.

අපට ගැටලු‍ව ඇත්තේ තෝරුන් මෝරුන් පිළිබඳව නොවේ. හාල්මැස්සන් සම්බන්ධයෙනි. ආදායම අතින් හාල්මැස්සන් ගණයට වැටෙන පිරිස මේ දිනවල කොහොමත් ගත කරන්නේ දුෂ්කර ජීවිතයකි. පාන් ගෙඩිය රුපියල් 200ට ගොස් තිබෙන මේ කාලයේ රුපියල් ලක්ෂයේ සිට එක් ලක්ෂ හතළිස් එක්දාස් හයසිය හැට හතක් දක්වා ආදායමට සියයට 6ක බද්දක් වැටී තිබේ. ඒ අනුව කැපෙන මුදල රුපියල් 2500 කි. එය 183,333ක් දක්වා වැඩිවන විට රුපියල් 7500ක් කැපෙන අතර 225,000ක් වන විට රුපියල් 15,000ක් කැපී යයි. මාසික ආදායම මිලියනය දක්වා මෙසේ කැපෙන මුදල වැඩිවෙමින් යයි. මේ කෙටි සංඛ්‍යා ලේඛන සටහන අප උපුටා දැක්වූයේ ආදායම් බදු සංශෝධනය හේතුවෙන් මාසික වැටුපෙන් ජීවත්වෙන පිරිසට විඳින්නට සිදුවන ආර්ථික දුෂ්කරතා පිළිබඳ බැලූ බැල්මට කිසියම් අදහසක් ඇති කිරීම සඳහාය.

ලක්ෂ ගණනින් මාසික ආදායම් ලබන පිරිස වැඩිපුර ආදායම් බදු ගෙවීම සම්බන්ධයෙන් ගැටලු‍වක් නැත. එය එසේ සිදුවිය යුතුය. එහෙත් එක්ලක්ෂ හතළිස් එක්දාහක් මාසිකව උපයන අයකුට රුපියල් 2500ක් අහිමිවීම ඔවුන්ට නිසැකවම දරාගැනීමට අපහසු වනු ඇත. දරු පවුලක් නඩත්තු කරන මාසිකව ආදායම් ලබන අයකුට නම් ඔහු හෝ ඇය රුපියල් ලක්ෂ දෙකහමාරක් උපයන විට රුපියල් 25,000ක් කපාගැනීම ද එම පවුල ලොකු අවුලකට ඇද දැමීමකි.

සියලු‍ වියහියදම් ඉහළ ගොස් අතිරේක ආදායම් මාර්ග පවා ඇහිරී යන අවස්ථාවකදී මෙසේ අතට ලැබෙන වැටුපෙන් රුපියල් දහස් ගණනින් කපාගැනීම රටේ බහුතරයකට විශාල ගැටලු‍වක් වනු ඇත. 
මාසික ආදායමින් බදු ගැනීම වැරැද්දක් බව අප කියන්නේ නැත. බදු නොගෙන රටක් ඉදිරියට ගෙන යා නොහැකි බැවිනි. එහෙත් බදු අයකිරීම බදු ගෙවන්නාට දරාගත හැකි මට්ටමින් සිදුවිය යුතුය.

මාසික ආදායමක් ලබන අයකු ආදායම් බදු ගෙවීම සැලකෙන්නේ ඍජු බද්දක් වශයෙනි. මෙසේ ඍජු බදු කපාගැනීමෙන් ඔවුන්ගේ බදු ගෙවීම අවසන් වන්නේ නැත. අල ගෙඩියේ සිට පිටි ගෝනිය දක්වා වන සියලු‍ අත්‍යවශ්‍ය භාණ්ඩ මිලදී ගැනීමේදී තවත් වක්‍ර බදු ගෙවීමට සිදුවෙයි. විදුලි බලය, තෙල්, ඖෂධ, යටිතල පහසුකම් යන මේ සියල්ල සඳහා මුදල් වියදම් කිරීමේදීද වක්‍ර බදුවලට සියලු‍ දෙනා හසුවෙති. මෙසේ ඉවරයක් නැති බදු අතරට යන්තම් ලක්ෂ එකහමාරක් දෙකක් උපයන තැනැත්තාට තවත් ඍජු බද්දක් වැටීම බැලූ බැල්මටම අසාධාරණ බව පෙනී යයි.

වර්තමානයේදී කෙතරම් මාසික ආදායමක් ලැබුවත් අත්‍යවශ්‍ය වියහියදම්වල හතර කොන ගැටගසා ගැනීම පවා ඉතා අපහසුය. එසේ තිබියදී බදු බරේ පීඩනය තවදුරටත් වැඩි කිරීම මුළු මහත් සමාජය තුළම දැඩි බලපෑමක් ඇති කිරීමට පවා හේතු වනු ඇත. එය ප්‍රබල සමාජ, ආර්ථික අසහනයක් දක්වා වර්ධනය වීමටද ඉඩ තිබේ.

රටේ පවතින බරපතළ ආර්ථික අර්බුදය හේතුවෙන් මෙවැනි දුෂ්කරතා ජනතාවට විඳ ගැනීමට සිදුවනු ඇතැයි රටේ නායකයෝ ප්‍රකාශ කරති. එහෙත් දුෂ්කරතා විඳිය යුත්තේ රටේ ආර්ථික පීඩනයේ සියලු‍ බර ඔසවන පොදු මහජනතාව පමණද? රටේ පාලනය භාරව ක්‍රියා කරන මැති ඇමැතින් ඒ සඳහා කරන කැපවීම් පෙනෙන්නට තිබෙනවාද? මේ ප්‍රශ්නවලටද පිළිතුරු ලැබිය යුතුය.

ආදායම් බදු සීමාව මේ තරම් පරිමාණයෙන් පහළට ගැනීම රටේ බහුතරයක් ජනතාවට විශාල ප්‍රශ්නයක් වීම නොවැළැක්විය හැකිය. රට වෙනුවෙන් හැමදේම නිහඬව ජනතාව විඳ දරාගනු ඇතැයි යන අදහස රටේ නායකයන් තුළ පවතී නම් එය මංමුළාවීමක් බව පෙන්වා දිය යුතුය.

මේ රටේ ඉහළ ආදායම් ලබන ඇතැම් මහා පරිමාණ ව්‍යාපාරිකයන්, දේශපාලන බලවතුන් සහ ඔවුන්ගේ ගජමිතුරන්ගේ සබඳතා හරහා ආදායම් බදු ගෙවීමෙන් වළකින බව මේ රටේ ප්‍රකට රහසකි. එසේ බිලියන ගණනින් බදු ගෙවීම් පැහැර හරින ඇතැම් පුද්ගලයන්ට දඬුවමක් ද නොලැබෙන විට අඩු ආදායම් ලබන පුද්ගලයන්ගෙන් දහස් ගණනින් බදු ගැසීමෙන් පෙනී යන්නේ අපේ රටේ බදු ප්‍රතිපත්තියේ කිසිදු සමානාත්මතාවක් ක්‍රියාත්මක නොවන බවය.

(***)



අදහස් (2)

වැටුප ලක්ෂය පැන්නාම බදු ගැසීම සාධාරණද?

මැක්ස් Monday, 17 October 2022 10:19 AM

ඍජුව ජනතාවට දැනෙන සේ බදු අඩු කරමින් වුවත්, තව දුරටත් විදේසවලට ණය නොවී, තිබෙන ණයත් ගෙවා දමන අතර තුර ගෝලීය වසංගතයකට සාර්ථක ව මුහුණ දෙමින් අපනයන ආදයම වැඩි කිරීමට කටයුතු කළ නායකයා, ලෝක ආර්ථික අවපාතයන් සහ ඔහුට ලැබුණු රාජ්‍ය භාණ්ඩාගාරය පිලිබඳ වගේ වගක් නැතිව ප්‍රජාතන්ත්‍රවාදී නොවන අයුරින් බලයෙන් පහ කිරීමට ඔය කියන "ලක්ෂයේ" වැටුප්කරුවන් ද මුලික විය. ඊට අමතරව IMF ගොස් ණයක් අරගෙන අපට "රට කෑම" කවපල්ලා යයි ද ඉල්ලා සිටියේ ඔවුන් ය. මේ, එහි අනිවාර්ය ප්‍රතිපලය ය. දැන් ඉතින් අපි සියලු දෙනා එය අත්විඳිමු.

:       21       15

Goraa Wednesday, 19 October 2022 12:02 PM

බොරු කතා මැක්සිගේ.. එයා හරියට කළාද? පොහොර නැති කළා. තව මැක්ස් කඩේ යනවා. හරියට රට කළා නම් මෙහෙම වෙන්නේ නැහැ. ඔක්කොම දේවල් හමුදා, වියත් මගේ... මුකුත් කළේ නැහැ.

:       2       10

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 380 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2168 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1647 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site